IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කිමිදුම්කරු විශ්‍රාම යවයි : මොරටු සරසවියේ තවත් හපන්කමක්

ගංගා   ඇතුළු  ජලාශයන්හි   වතුර   යට  සැරිසරමින්   වතුරේ  සහ  ස්වාභාවික  සම්පත් රහස්   සොයන  නියමු   රහිත  යාත්‍රාවක්   හදුන්වාදීමට   මොරටුව  විශ්ව  විද්‍යාලය  සමත්   වි   තිබෙන  බව  ඉලෙක්ට්‍රෝනික  සහ   විදුලි සංදේශ  ඉංජිනේරු   අංශයේ   මහාචාර්ය  රොහාන්   මුණසිංහ  මහතා   පැවසීය.

“ජලාශ  වේලි   තත්ත්වය  පිරික්සිමට ද  මෙම  යාත්‍රාව  සමත්   වෙයි.  වතුර  යට  විඩියෝ ඡායාරූප රැගෙන  විමටත්  හැකිය.”

“වතුරේ  පවතින  තත්ත්වය, ස්වභාවය  එහි   පී.එච්. අගය  ඇතුළු  වතුරේ  විවිධ  වෙනස්කම්   යනාදියයක්   මත්ස්‍ය   ග්‍රහණය  ඇතුළු   ජීවීන්ට    තොරතුරු   ස්වභාවික  සම්පත්   ඇතුළු  සෑම  දෙයක්   ගැනම   පැහැදිලි  සාර්ථක විශ්ලේෂණයක්   මෙමගින්   සිදු   කළ   හැකිය.”

“දැනට මෙම කර්තව්‍යයන්   සම්බන්ධ  යම්  තොරතුරක්   දැනගැනීමට   අවශ්‍ය   නම්   එය සිදුකරනුයේ   කිමිදුම්කරුවන්  යොදා  ගෙනය. මෙම  යාත්‍රාවෙන් හේතුවෙන්  එම  කර්තව්‍යය පහසුවෙන්  සිදු  කර   ගත  හැකිය.”

කොරල්පරවල  ස්වභාවය  දැනගැනීම සඳහා  ද  මුහුදේ   මෙම   යාත්‍රාව  අත්හදා   බැලිමට   නියමිතය.

“උපරිම  වශයෙන් මිටර්   පනහක  දුරක්  අඩි  දහයක  ගැඹුරකට   යාත්‍රාවට   ගමන් කළ හැකිය.” 

මඩපාත වින්ඩ්  රිච්  ලේක්  රිසෝට්  හෝටලයේ   පිහිනුම්   තටාකයේ   මෙහි   ප්‍රථම  අත්හදා   බැලිම  සිදු කළේය. එහි   සාර්ථකත්වය  හේතුවෙන්   බොල්ගොඩ   ගඟේ  කොස්පැලෑන පාලම  අසළදි  පුළුල්   ලෙස   අත්හදා   බැලීමක්   සිදු  කිරිමට   පොලිස්   නාවික  ඒකකය පහසුකම්   සලසා   දුන්නේය.

එහිදි   අනාවරණය  වුයේ   වතුර   කළුපැහැ ගැන්වීම නිසා අපැහැදිලි   තත්ත්වයක්   පවතින  බවයි. නියමු  රහිත යාත්‍රාවේ  මුලික  අදියරේ   පරික්ෂණ   බෙහෙවින් සාර්ථක වි ඇත.

“කිලෝ  ස්සක්  බර   යාත්‍රාව  අඩි   දෙකක  දිගකින්   යුක්තය. අර්ධ  ස්වයංක්‍රිය  පාලන  පද්ධතියකින්   හා   දුරස්ථ  පාලකයකින්  ක්‍රියාත්මක  වෙයි. සංඥා   නිකුත්  කිරිමට   වයරයකින්   සම්බන්ධිත  ඉපිලුමක්   යාත්‍රාවට   සම්බන්ධ  කර    ඇත.  එම  ඉපිලුම  වතුර   මත  පාවෙයි. ඉපිලුම  විදාන  ලැබෙන්නේ   දුරස්ථ පාලකයෙනි.”

මෙම  යාත්‍රාව නිර්මාණ  සඳහා   විශ්ව විද්‍යාලයේ   යාන්ත්‍රික  ඉංජිනේරු   අංශයේ   සහායද ලැබී   ඇත.

මහාචාර්ය රොහාන්   මුණසිංහ  මහතාගේ   මඟ පෙන්වීම  හා   අධික්ෂණය   යටතේ   ආචාර්‍ය විමල්සිරි   මහතාගේ  සහායෙන්   එදිරිසුරිය, ෆහිම්  ජලාල්ඩින්, දුමින්දු   කව්මදි   ධර්මදාස  සිසුහු  නියමු   රහිත  යාත්‍රාව  නිර්මාණය  කළහ.

photo_3[1] group photo_4[1] photo_5[1]



අදහස් (0)

කිමිදුම්කරු විශ්‍රාම යවයි : මොරටු සරසවියේ තවත් හපන්කමක්

ද සිල්වා Monday, 11 May 2015 06:38 AM

සචින් මේවා නව සොයාගැනීම් නොවේ. විශ්ව විද්‍යාල වලින් කරන්න ඕනේ නව සොයාගැනීම් මිසක් දැනට ලෝකයේ තිබෙන දේවල් නව නිර්මාණ ලෙස ඉදිරිපත් කිරීම නොවේ (නදී)

:       0       0

ප්‍රියානි වීරකෝන් Saturday, 09 May 2015 07:56 AM

ඉතා අගෙයි අනාගතයට සුබ පැතුම් (ම)

:       0       0

විමුක්ති Friday, 08 May 2015 10:43 AM

දායක වූ සැමට සුබපැතුම්, අනෙක් විශ්ව විද්‍යාලවල අයත් ස්ට්‍රයික් කරලා කාලකන්නි වෙන්නේ නැතුව මේ වගේ හොද වැඩ කරන්න කියල ඉල්ලා සිටිනවා.(හේ)

:       0       0

විජයබාහු Friday, 08 May 2015 11:04 AM

හොඳ නිර්මාණයක්. සුබපැතුම්. තව ගොඩක් දියුණු කරන්න වේවි. අඩි 10 ට වඩා අපි කිමිදුම් කරුවෝ කිමිදෙනවා (ම)

:       0       0

රුවන් Friday, 08 May 2015 11:24 AM

කෝ දැන් අර නියමුවන් රහිත යානය ළඟදීම විකුණනවා. ජාත්‍යන්තර වෙළඳ පලේ කීවේ ඒක විකුණලාද කියලා හොයලා බලන්න (නදී)

:       0       0

ෆ්‍රෑන්ක් Friday, 08 May 2015 01:04 PM

සුපිරි වැඩක්. ඉදිරියටම යාමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

හෙට්ටිගේ Friday, 08 May 2015 01:39 PM

ජය ශ්‍රී !(බ)

:       0       0

සචින් Friday, 08 May 2015 02:02 PM

මේ වගේ වැදගත් නිර්මාණ වලට අපේ රටේ පිළිගැනීමක් නැති එක ලොකු දුකක්. ඕවගේ දෙයක් අවශ්‍ය උන වෙලාවක පිට රටක හදපු ජරාවක් ගෙනල්ල ටීවී වලත් පෙන්නයි.(නදී)

:       0       0

හේමන්ග Friday, 08 May 2015 02:42 PM

හොඳ උත්සාහයක්. තව හුඟක් දුර යන්න ඕනේ වාණිජ වටිනාකමක් ගන්න (බ)

:       0       0

මාලි Saturday, 08 October 2016 02:49 PM

නදී, මේවා දැනට ලෝකයේ තියෙන දේවල් වුණාට මේ තාක්ෂණය ලංකාවේ නැහැ. අපි රටක් විදිහට ඒ දේවල් හොයාගන්න ඕනෑ. වෙන රටවල් වලිනුත් එයලාම පරීක්ෂණ කරනවා (නි)

:       0       0

වසන්ත Friday, 08 May 2015 10:14 PM

මොරටු සරසවියේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සන්දේශ අංශයට සුභ පැතුම්. මීට කලින් කේලමා කියල එකක් හැදුවා අහසේ යන. මේකට කේලමී කියලා නම් කරමුද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 885 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4013 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 691 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2441 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site