IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන ශ්‍රී ලංකාවට ද? ඕස්ටේ‍්‍රලියාවට ද?

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජයග‍්‍රාහකයා තෝරා ගැනෙන අවසන් වටයේ අවසන් තරගය අද (08) ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය. තරග තුනකින් සමන්විත අවසන් වටයේ පැවැති තරග දෙකෙන් දෙරටම තරගය බැගින් ජය ලබමින් 1-1 ක් ලෙස සම තත්ත්වයේ සිටියි. අද තරගයෙන් ජය ලබන කණ්ඩායමට 2-1 ක් ලෙස ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ. දෙවැනි අවසන් තරගයේදී ශතකයක් රැුස්කළ  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් යළිත් පස්පිඬු පෙරළිමේ ආබාධයට ලක්වීම නිසා අද තරගයට සහභාගි නොවන බව වාර්තා වේ. එය අද තරගයේදී ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ඇති කරන බව ක‍්‍රිකට් විචාරකයන්ගේ අදහසයි. ඒ වෙනුවට ෂේන් වොට්සන් අද තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවන අතර ක්ලාක්ගේ ස්ථානයට ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන පීටර් ෆොරෙස්ට් ක‍්‍රීඩා කිරීමට නියමිතය. ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට සුවය ලබා සිටින බවත් අද තරගයේදී මැතිව්ස් ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ. මැතිව්ස් කණ්ඩායමට පැමිණිය හොත් දෙවැනි තරගයට සහභාගි වූ චාමර කපුගෙදරයට ස්ථානය අහිමිවේ. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසා තිබුණේ මැතිව්ස් සම්පූර්ණ සුවය ලබා ඇත්නම් පමණක් අද තරගයට සහභාගි වන බවත් ඔහු අද පෙරවරුවේදී ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්‍ෂණයකට පෙනී සිටීමට සූදානමින් සිටින බවත්ය. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග දෙවැනි අවසන් තරගයේ පන්දු යැවීමෙන් පසුව ඉකිළියේ ආබාධයකට ලක්ව ඇති බවත් එය බරපතළ තත්ත්වයක නොවන බවත් වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව මෙම තරගාවලියේ (වී. බී. කුසලාන) අවසන් වටයට 2006 වසරේ ද සුදුසුකම් ලබා තෙවැනි තරගයෙන් ජය ලැබූ  ඕස්ටේ‍්‍රලියාව 2-1 ක් ලෙස තරගාවලිය ජය ලැබීය. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ලසිත් මාලිංග, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, චානක වෙළගෙදර, චාමර කපුගෙදර ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතය: ෂේන් වොට්සන් (නායක), ඬේවිඞ් වෝනර්, ඩෙනිල් ක‍්‍රිස්ටියන්, සේවියර් ඩොහටි, පීටස් ෆොරෙස්ට්, බෙන් හිල්ෆිනස්, ජෝන් හෝලන්ඞ්, මයික් හසී, ඬේවිඞ් හසී, බ්‍රෙට් ලී, ක්ලින් මැකේ, මිචෙල් මාෂ්, රයන් හැරිස්, මැතිව් වේඞ්, ජේම්ස් පෙටින්සන්.



අදහස් (0)

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන ශ්‍රී ලංකාවට ද? ඕස්ටේ‍්‍රලියාවට ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 186 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 24 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 153 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 817 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 245 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 254 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 796 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site