IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොම්පඤ්ඤ වීදියේ පුංචි යුද්දයක්:පොලිසිය ගිනි තියන්න හදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ දකුණු කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට කොම්පඤ්ඤ වීදිය 57 වත්ත අසලදී  පහර දෙමින් පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් අහසට වෙඩි තබා පාලනය කර නව දෙනකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.

ඒ අතර කාන්තාවන් තිදෙනකු වන බව පොලිසිය කියයි.

එම සිද්ධිය අතරතුර අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් විලංගු සමග පලා ගොස් ඇත.

සැකකරුවන්ගෙන් පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

කොළඹ දකුණු කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් මහතා ඇතුළු කණ්ඩායමක්  ගංජා ග්‍රෑම් 50 ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අත් විලංගු දමා ඔවුන්ට ගංජා ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති සැකකරුවන් පිරිස පොලිස් නිලධාරීන්ට පහර දෙමින් ඔහුන් දෙසට පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කරමින් කෑ කෝ ගසමින් කලහ කාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි.

එම කලබලය මැඩපැවැත්වීම සඳහා පොලිස් පරීක්ෂකවරයා රාජකාරී ගිනි අවියෙන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කර ඇත.

අනතුරුව පොලිස් පරීක්ෂකවරයා ඒ බව කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් පැමිණ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

කොම්පඤ්ඤ වීදියේ පුංචි යුද්දයක්:පොලිසිය ගිනි තියන්න හදලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 253 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1742 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1117 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1365 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1487 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 430 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39574 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25762 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site