IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘කුම්බලාවෝ කෑවා නම් විඳවපන් බළලෝ‘

ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය හෙළි කළ පැනමා පත්‍රිකාවල සඳහන් ලංකාවේ පුද්ගලයන්ගේ ලිපිනවලට ලියුම් යවා නිදහසට කරුණු විමසන බවත්, දින 14ක් ඇතුළත පිළිතුරු නොලැබුණහොත් හෝ සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔවුනට විරුද්ධව කටයුතු කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව මේ ගැන සෙවීමට කමිටුවක් පත් කර ඇති බව ද ඔහු පවසයි.

කරුණානායක මහතා මේ බව කීවේ මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමිනි.

මේ අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කළ දශකයේදී ඩොලර් බිලියන 20ක් (රුපියල් කෝටි 2000)  පමණ රටින් පිට කර ඇති බවයි.

එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ 2011 වසරේ බවත් එය ඩොලර් බිලියන 4.6ක් (රුපියල් කෝටි 466) බවට ගණන් බලා ඇති බවත් රණවක මහතා කීවේය.

ටියුනීසියාවේ බෙන් අලි රටින් පැන්නූ වත්කම්වලින් මේ වන විට සොයා ගෙන ඇත්තේ සියයට එකක් පමණ බවත්, රටින් පැන්නූ වත්කම් සොයා ගැනීම ලේසි පහසු නොවන බවත් රණවක මහතා පැවසීය.



අදහස් (0)

‘කුම්බලාවෝ කෑවා නම් විඳවපන් බළලෝ‘

මංගල වේලාරත්න Thursday, 12 May 2016 01:30 AM

කාගෙ කව්රු වුණත් පරීක්ෂණ කිරීමට බාධා නොකළ යුතුය. බොරුකාරයන් දැන් කටපියාගෙන තමාගේ එකාව සුද්දකරන්න හදනවා නම් ඒවාට ඉඩනොදීමට නීතිය කටයුතු කරන්න (නි)

:       0       0

කමල් Thursday, 12 May 2016 08:31 AM

රකිත් ඔබ නිවැරදිය. (හේ)

:       0       0

ඇන්තෝනි Thursday, 12 May 2016 01:58 AM

මොවුන්ගේ අම්මාගේ අප්පාගේ දේපොළද මේවා? අපේ රටේ මාස් පඩිකාරයා ගෙවපු බදු සල්ලි නේද හොරකම් කරලා තියෙන්නේ! අනිවාර්යෙන්ම සෙවිය යුතුයි මේ හොරකම්. (නි)

:       0       0

අමල් Wednesday, 11 May 2016 01:05 PM

දැන් ඉතින් ලියල එවයි හොරකන් කරා කියලා :(අ)

:       0       0

උපතිස්ස Thursday, 12 May 2016 02:21 AM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

සහාන් Wednesday, 11 May 2016 01:24 PM

මේ මම නම් බටහිර රටක ඉන්න ගමන් ඒ රටේ රස්සෙවෙන් බදුත් ගෙවල ඉතුරු සල්ලි මුල්‍ය ආයෝජක සමාගමක් හරහා ඔය විදිහට ආයෝජනය කරනවා. ඔහොම ගිහින් ඒවටත් නිදහසට කරුණු අහවිද දන්නේ නැහැ තවම ලංකාවේ ද්විත්ව පුරවැසිකම තියන් ඉන්න නිසා.හැබැයි අපි ඉතුරු කරලා ලංකාවට සල්ලි එවනකොට නම් ඔක්කොම හොඳයි. (අ)

:       0       0

සොපි Thursday, 12 May 2016 09:18 AM

ඇල්ලුවට හපන්න පුලුවන්ද ....? (බ)

:       0       0

ගම්පොළගෙදර Thursday, 12 May 2016 03:06 AM

තම උදර පෝෂණය ගැන පමණක් සිතා ඕනෑම ජඩ දේශපාලනයක් වෙනුවෙන් පෙනීසිටින, බහුතරක් මෝඩ ආත්මාර්ථකාමී ජනතාව සිටින රටක එම ජනතාව තමා කළ පව් ගෙවන්නේ මේ විදිහට තමයි. (නි)

:       0       0

පසීර් Wednesday, 11 May 2016 02:05 PM

සල්ලි හොයපු විදිහ නීති ගරුක නම්, සල්ලි කොච්චර හෙව්වත් භය වෙන්න දෙයක් නැහැ,. මොකද ඒවා හොයපු ක්‍රමේ පෙන්නන්න ඕන තරම් ලිකිත ශාක්ෂි තියෙන නිසා. (සෑම සාධාරණ ගනු දෙනුවක්ම සිද්ධ වෙන්නේ ලිකිත ශාක්ෂි මත) හැබයි, එහෙම නැතුව නම් ටිකක් භය උනාට කමක් නැහැ. (ර)

:       0       0

උපාලි Wednesday, 11 May 2016 03:40 PM

සහාන්, ඔබ බය වෙන්නේ ඇයි? සහීර් කියන දේ හරි, නීති විරෝධී අයුරින් මුදල් තැන්පත් කළා නම් බයවුනාට කමක් නැහැ. පැනමා ගනුදෙනු කළු සල්ලි සුදු කිරීම් නිසා ඒ කට්ටිය නම් බය වුනාට කමක් නැහැ. (ර)

:       0       0

රකිත් Thursday, 12 May 2016 05:23 AM

ඩොලර් බිලියන 20ක් කියන්නේ ඇමරිකානු ඩොලර් නම් රුපියල් බිලියන 2900ක් විතර. රුපියල් කෝටි 290,000 වගේ විශාල මුදලක් නේද? (නි)

:       0       0

සිසිර Wednesday, 11 May 2016 04:51 PM

මේ සියලු දෙනා ගැනම වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කල යුතුය. (ර)

:       0       0

වින්සන්ට් Wednesday, 11 May 2016 06:00 PM

කුම්බලා මාළු කාපු බළලෙක් විඳවනවා ශ්‍රී ලංකාවේ නම් අපට තවමත් දකින්නට නැත. බාගෙට කාලා තේ දල්ල නෙළන කම්කරුවාත්, දරුවන් දමා විදේශ සේවයේ යෙදෙන අපේ අම්මලාත්, රටේ ඉන්න පීඩිත පන්තියත් නිතරම අගේට විඳවනවා නම් දකින්නට ඇත. (නි)

:       0       0

නන්ද Wednesday, 11 May 2016 06:03 PM

ජාතිය ආගම ඉස්සරහට දාගෙන තමයි සමහරු අපරාධ, නීතිවිරෝධී වැඩ කරන්නේ. මුළු ලෝකෙම රැවැට්ටුවත්, තමන්ට තමන් රවට්ටන්න බැරි බව ඒ අය දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ලක්විදු Wednesday, 11 May 2016 06:25 PM

එතනෝල් වලටත් කිව්වේ ඕකම තමයි. මේ ගොල්ලන්ට ඇමතිකම් හම්බවෙන්නත් බැරිකමක් නැහැ මේ රටේ වෙන දේවල් බලනකොට (නි)

:       0       0

අනිල් Thursday, 12 May 2016 07:07 AM

දැන් ඔය පරීක්ෂණ ඔය ලයිස්තුවේ ඉන්න දේශපාලකයින්ට සම්බන්ද අය ගැනත් කෙරෙනවද? (ර)

:       0       0

මුණසිංහ Thursday, 12 May 2016 07:10 AM

නිකන් ෂෝ එකක්. මේ කරුණු ඔප්පු කරන්න බැරි බව කවුරුත් දන්නවා. (ර)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 11 May 2016 10:33 PM

මේ සියලුදෙනා ගැනම වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කළයුතුය. ඊටපස්සේ ජනතාව මොනවා කරන්නද? (නි)

:       0       0

කෝනාර Wednesday, 11 May 2016 10:45 PM

සල්ලි අහසින් වැටෙන්නේ නැහැ. හොයපු හැටි කියන්න හැකි වියයුතුයි. එහෙම බැහැ කියන්නේ අයථා ක්‍රම වලට මුදල් හෙවූ අය විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 212 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 300 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 271 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 262 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 179 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38513 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site