IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කුම්බලා මාළු කා විඳවයි

දේශපාලනික පත්වීම් ලැබ විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තානාපති හා මහ කොමසාරිස් ධූර දැරූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 57 දෙනකු ලබන පෙබරවාරි 28 වැනි දිනට පෙර කැඳවා ඇත.

විදේශ ලේකම් විසින් ලිඛිතව ඔවුනට දන්වා ඇත.

ඉකුත් කාලයේදී විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 54ට තානාපතිවරු හා මහ කොමසාරිස්වරුන් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයෙන් පත්වීම් ලැබුවේ 10කට අඩු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසකි. එම ධූරවලට නිලධාරීන් 57 දෙනකුම යවා තිබුණේ දේශපාලන හිතවත්කම් මතය.



අදහස් (0)

කුම්බලා මාළු කා විඳවයි

මර්ලින් Thursday, 22 January 2015 04:45 AM

මේ හැම ස්ථානයකම හරියට රාජකාරී වෙනවද බලනවනම් හොදයි (දිල්)

:       0       0

යෝනක Wednesday, 21 January 2015 03:40 PM

දින 100 තුළ මේ සිදුවන දේවල් හොඳටම ප්‍රමාණවත් (නි)

:       0       0

පුබුදු Friday, 23 January 2015 06:37 PM

සීෂෙල්ස් දූපතේ තානාපති හැටියටත් සුදුසු කෙනෙක් පත්කළ යුතුයි. (නි)

:       0       0

නජිත් Thursday, 22 January 2015 05:42 AM

කවුරු ආවත් කරන්නේ මේකම තමයි.දැන් ඔය අලුත් සභාපතිලව පත් කරන්නේ සුදුසුකම් බලලද?(දිල්)

:       0       0

විද්‍යා Wednesday, 21 January 2015 05:33 PM

උගත් බුද්ධිමත් ලංකාවේ සිවිල් සේවයේ නිලධාරීන් එවීමට කාලය එළඹ ඇත. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 21 January 2015 06:21 PM

මේ ගොල්ලන්ට කවන්න තියෙන්නේ කුම්බලාවෝ නෙමෙයි මඩකරියෝ (නි)

:       0       0

දේවා Thursday, 22 January 2015 12:32 PM

නිශේන් ඔයා අාවෙත් එහෙම හිතලද ? කොහොම නමුත් හොඳ අයත් ඉන්නවා. (නදී)

:       0       0

යහපාල Thursday, 22 January 2015 12:30 AM

ඒක හොඳ වැඩක්. දුන් පොරොන්දු ටික ඉටුකරන්න වෙනකොටනේ ප්‍රශ්න එන්නේ. (නි)

:       0       0

නිශේන් Thursday, 22 January 2015 12:45 AM

කරුණාකර ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල ගැනත් සොයා බලන්න. ඒවායේ සමහරු මෙහෙ පැමිණ සිටින්නේ වැඩ කරන්න නෙමෙයි. නුවරඑළිය කියලා හිතාගෙන නිවාඩු ගතකරන්න. (නි)

:       0       0

රුක්මාල් Thursday, 22 January 2015 01:28 AM

බන්දුල යහපාලගේ කාටහරි ආපසු එන්න කියලා ලියුමක් ගිහිල්ලා නැද්ද‍? (නි)

:       0       0

නාරද Thursday, 22 January 2015 01:57 AM

ඊළඟට යවන අයට කරුණාව, මෛත්‍රිය හා රට ගැන හිතනහැටි උගන්වා යවන්න (නි)

:       0       0

මොහොමඩ් Thursday, 22 January 2015 02:26 AM

කරුණාකරලා මෙවැනි නුසුදුස්සන් මේ සේවයෙන් නෙරපන්න. (නි)

:       0       0

යහපාල Thursday, 22 January 2015 02:26 AM

අපි නම් දන්නවා. බලන්නකෝ මාසයකින් ලිස්ට් එක අරගෙන... (නි)

:       0       0

ඉන්දික Wednesday, 21 January 2015 01:19 PM

අපි බලමු දැන් අලුතෙන් යන අය කුම්බලා මාළු නොකා ඉඳීවිද කියලා.(දිල්)

:       0       0

ගාමිණී Wednesday, 21 January 2015 01:28 PM

ගත් ක්‍රියාමාර්ග දිව්නුවට රුකුලක්. (ර)

:       0       0

දිලුම් Thursday, 22 January 2015 03:29 AM

මේ විභාග හරිම අමාරුයි. ප්‍රශ්න පත්‍ර 6ක්. මමත් මේ විභාගය සමත්වුණා. සම්මුඛ පරික්ෂණ 2 කට ගියා. මම හිටියේ තුන්වෙනියාට. අන්තිමට ලිස්ට් එකේ අපේ නම් තිබුණේ නැහැ (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 21 January 2015 02:09 PM

නියම වැඩක් හැබැයි (දිල්)

:       0       0

මාටින් Thursday, 22 January 2015 03:43 AM

ලංකාවේ විදේශ සේවයට ගන්නේ ඉහළම තරඟයකින්. ඔවුන් ඒ සඳහාම පුහුණු කරනවා. විශේෂයෙන් ඉංග්‍රීසි වැනි භාෂා නිපුණත්වයත් විශේෂයෙන් සළකා බලනවා. එනිසා ශ්‍රී ලංකා විදේශ සේවයේ අය විතරක් යවන්න, සිවිල් සේවය හෝ අනෙකුත් සේවා මේකට ගාවාගත්තොත් වෙන්නේ නැවතත් මේක පිරිහෙන එකයි. සිවිල් සේවය අද අන්තිමටම පිරිහිලා. දේශපාලනීකරණය වෙලා. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 21 January 2015 02:21 PM

හොඳ වැඩක් (නි)

:       0       0

කටුගස්තොට Wednesday, 21 January 2015 02:39 PM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 22 January 2015 04:16 AM

මේවා දේශපාලනීකරණයෙන් ඉවත්කර නැවත මේ දේවල් නොකරන්න නිලධාරීන් දැනුවත් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 328 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 21 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 518 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 226 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 413 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 804 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site