සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කැර අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ අයිතීය රකින ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක‍්‍රියාධරයෝ හීතලේ ගැහි ගැහී පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළහ.
ජර්කින්,අත්මේස් හා හිස් වැසුම් පැළැඳ ඔවුන් දෙපැයක් පැරීසියේ එළිමහනට වී උද්ඝෝෂණය පවත්වද්දී පැරීසියේ උෂ්ණත්වය සෘණ එකට බැස තිබිණි.
සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් ඊට සහභාගි වුහ. උද්ඝෝෂණයෙන් අනතුරුව පැරීසියේ විවිධ සංවිධාන ක්‍රියාකාරීහු ශ්‍රී ලංකා ජනපතිට යොමු කිරීම සඳහා වන පෙත්සමක්ද අත්සන් කළහ.එළියට බහින්නට බැරි දැඩි සීතල විඳ දරා ගනිමින් තම නායකයාගේ අයිතීය වෙනුවෙන් ඔවුහු මේ කැපවීම කළහ
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුමාර්ගේ දේශපාලන උණුසුමට පැරිස් සීතල නොදැනේ
නිර්මලා Sunday, 08 February 2015 04:33 PM
මෙතන පෙරටුගාමී පක්ෂයේ සියලු සාමාජිකයන් එක් වී ඇතැයි මම සිතනවා (නි)
රසිකා Sunday, 08 February 2015 04:56 PM
උස්සගෙන ඉන්න බෝර්ඩ් එකේ පැහැදිලිවම තියනවා "රාජපක්ෂ රෙජීම‘‘ කුමාර් ගේ දේශපාලන අයිතිය දෙනු" කියලා. මිනිස්සු ගොන්නු කියලද හිතාගෙන ඉන්නේ? (නදී)
කෝසල Sunday, 08 February 2015 08:18 PM
මේතරම් ඇඳුම් ඇඳගෙනත් සීතලේ ගැහි ගැහී ඉන්න හැටි? (නි)
නන්දලාල් Sunday, 08 February 2015 08:31 PM
ඇන්ටන්, ඉතින් 15ක් කියන්නෙත් සෙනඟක්නේ. තව එකක්. මෙහේ දැන් අවුරුද්දේ සීතලම කාලයනේ!මෙහෙ පෙළපාලි ගියාම වැටුප නැතිවෙනවා.ශ්‍රී ලංකාවේ වගේ හැමදාම මෙහේ පිකටින් කරලා රැකියා නැතිවුණාම මොනවද පවුලේ අයට යවන්නේ? (නි)
ලේසලි ලෝව් Sunday, 08 February 2015 10:05 PM
ලෝකයට මෙහෙම විහිලු සපයන්න එපා ලැජ්ජයි (නදී)
නවරත්ක දිසානායක Sunday, 08 February 2015 10:26 PM
පිස්සු වැඩ කරන්නේ නැතුව ඔය සහෝදරුවරු ඇත්ත තේරුම් ගන්න (නදී)
ලංකා තිලක් Sunday, 08 February 2015 10:36 PM
අයියෝ දේශපාලන අනාතයෝ ටිකක්.(නදී)
පි.එස්.කැටවල - මෙල්බන් Sunday, 08 February 2015 10:47 PM
කුමාර් ගුනරත්නම්ට මෙවැනි සුළු පිරිසක් හෝ පැරිසියෙන් සොයා ගැනීමට හැකි වුවත්,පුළුවන් නම්, ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට මෙවැනි පුද්ගලයන් පස්දෙනෙක් වත් සොයා ගෙන උද්ගෝෂණයක් කර පෙන්වන මෙන් මම අභියෝග කරමි.(නදී)
දුමින්ද Monday, 09 February 2015 02:37 AM
ඔලු ගැන නෙමෙයි වැදගත්. මතවාදය තමයි වැදගත් (නදී)
ගිහාන් Monday, 09 February 2015 04:11 AM
පුළුවන් නම් කුමාර් ගුණරත්නම්ට ටෝනි ඇබට්ගෙන් නාම යෝජනා ලබා ගන්නා ලෙස මම කියන්න කැමතියි. එහේ පුරවැසිකම තියෙනවා නම් එහෙට ලොකු සේවයක් ලබා දෙන්න (නදී)
දිලාන් Monday, 09 February 2015 04:44 AM
ඕස්ට්‍රේලියාවෙන් ගන්න පුළුවන් පුරවැසි දීමනා ආදියත් ගන්න ගමන් ලංකාවෙනුත් යමක් ගන්න බලනවාද මන්දා? (නි)
රණවක Monday, 09 February 2015 05:04 AM
මේ අය 87-89 කාලයේදී කරපු මිනිස් ඝාතන වහාම සොයා දඬුවම් දෙනු. ඔය ඔතන ඉන්න අයත් අතුරුදන් වෙච්ච අය වෙන්න ඇති. (නදී)
ධම්ම Sunday, 08 February 2015 11:26 AM
සූ ගාලා සෙනග.(නදී)
අතුල Sunday, 08 February 2015 11:36 AM
මරුනේ, පුදුම සෙනගක්. "සූ ගාලා" . කොහෙන් සොයා ගත්තද දන්නේ නැහැ. (නදී)
ගාමිනී Sunday, 08 February 2015 11:38 AM
මේකද විශාල සෙනග (නදී)
ගාමිණී Sunday, 08 February 2015 11:39 AM
මාර සෙනගක් නේ (නදී)
ටිශාන් Sunday, 08 February 2015 11:42 AM
අනේ, සූ ගාලා සෙනග. (නදී)
රමණි Monday, 09 February 2015 05:46 AM
අපි නොදන්නා සීතල. මේ මුහුණු වහ ගෙන කරන නාඩගමක්. අතුරුදන් වුනා යයි කියමින් හැංගිලා ඉන්න කට්ටියනේ.මේ ඉන්නේ කොටි සහ 87-89 ත්‍රස්තවාදී කට්ටියක්. (ස)
ඇන්ටන් Sunday, 08 February 2015 12:06 PM
මෙතන 15 දෙනෙක් වත් නැහැනේ (නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 09 February 2015 05:56 AM
ප්‍රංශයේ ගියත් මෝඩයන්ට නුවන නොලැබේ ? මොවුන් උද්ඝෝෂණ කරන්නේ වැරදි තානාපති කාර්යාලය ඉස්සරහ. ගුණරත්නම් ඔස්ට්‍රේලියා පුරවැසියෙක් නිසා ඔහුගේ ඉල්ලීම් ඉල්ලන්න ඕනේ ඔස්ට්‍රේලියා තානාපති කාර්යාලයෙන්. (ස)
කාංචන පෙරේරා Sunday, 08 February 2015 12:27 PM
ප්‍රංශයේ සිටින ඔබ, පසුගිය ජනපතිවරණ සමයේ ලංකාවේ මොහුගේ ක්‍රියාකලාපය දුටුවේ නම් සහ ඔබ රටට සැබවින්ම ආදරේ නම් මොහු වෙනුවෙන් මෙලෙස කටුක සීතල දරාගෙන සටන් නොකරනු ඇත. මෙවන් පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිට ඔවුන් "වංශ සහෝදරයා" මෙන් පුම්බා වීරයින් නොකරන්න. මව්බිමට ආදරය කරන්නෝ පන බේරන් රට නොපනිති. විදෙස් පුරවැසියන් වී සංචාරක වීසා ගෙන මෙහි පැමිණ දේශපාලන අයිතීය නොඉල්ලති. "ලක් මවගේ සුජාත පුතුන් මව්බිමේ නමින් මියගියද එය සැපතක් යයි සිතා මෙහිම රැදී නියම විරුවන් සේ මියෙති". උදාහරණ එමටය. මොහු එවැන්නකු නොවන බව ඔප්පු කර හමාරය. (නදී)
ජෙහාන් Sunday, 08 February 2015 12:31 PM
එයාට ප්‍රංශයෙත් පුරවැසිකම තියනවද දන්නේ නැහැ. අපි වගේ නෙවෙයිනේ කොයි රටෙනුත් යමක් කමක් කර ගන්න පුළුවන් පුද්ගලයෝනේ. (නදී)
ඇසළ Sunday, 08 February 2015 01:00 PM
සෙනඟ දැක්කහම අනේ පව් කියලා හිතෙනවා. (නි)
දිනේෂ් Monday, 09 February 2015 07:21 AM
රසිකා පෙන්වල තියෙනවා හරි. දැන් කොහෙද රාජපක්ෂ රෙජිමයක් තියෙන්නේ. සිල්වා කියන්නා වගේ වැරදි එම්බසිය ගාව කෑගහනවා මදිවට වැරදි ආණ්ඩුවක් ගැන කෑගහන්නේ. මොළේ කොහෙද මන්ද තියෙන්නේ. මෙතනට ලියල තියන ඔස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයන්ගෙන් අහන්න ගුණරත්නම් කොහොමද එහෙදී ලංකාව ගැන කතා කරන්නේ කියල. (බ)
දිනිඳු දයාද්‍රිසිංහ Sunday, 08 February 2015 01:15 PM
අර පැත්තෙන් බැලුවත්. මේ පැත්තෙන් බැලුවත් ඉන්නේ එකම කට්ටිය (නදී)
නිමල් Sunday, 08 February 2015 01:22 PM
දැන් ටික ටික බොහෝ දේ පැහැදිලි වෙනවා. (නි)
නිමල් Sunday, 08 February 2015 01:22 PM
පෙරටුගාමීන් කොටි සෙවනැල්ලක් කියන එක දැන් ටික ටික පැහැදිලි වෙනවා. මෙහෙය වීම සී.අයි.ඒ කියන එකත් මතක තියා ගන්න. (නදී)
සිසිර Monday, 09 February 2015 07:59 AM
ද සිල්වා බෙර්ලින් මහතාණෙනි, දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඔස්ට්‍රේලියාව එක්ක නෙවෙයිනේ. කුමාර් ගේ ශ්‍රී ලංකික පුරවැසිභාවය නැති වුනේ ලංකාවේ නීති රීති අනුව නේද ? ඕස්ට්‍රේලියාවෙන් එහි පුරවැසියන්ට මව් රටේ පුරවැසි බවත් තියාගෙන ද්විත්ව පුරවැසි භාවය ගන්න කිසිම අවහිරයක් නැහැ. (නදි)
රවී Sunday, 08 February 2015 02:06 PM
අනේ පවු කියලත් හිතෙනවා (නි)
ජොර්නා Sunday, 08 February 2015 03:38 PM
මේ අයට පිස්සු. (නදි)
ද සිල්වා බර්ලින් Sunday, 08 February 2015 03:40 PM
රටේ පුරවැසිභාවය අත හැර ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබු අයෙක් කොහොමද ලංකාවේ ඡන්දය ඉල්ලන්නේ. ඔලුව අල්ලලා බලන්න අන් ඇවිත්ද කියලා (නදී)
ද සිල්වා බර්ලින් Sunday, 08 February 2015 03:40 PM
රටේ පුරවැසිබාවය අතහැර ඕස්ට්‍රේලියාවේ පුරවැසිබව ලැබූ අයෙක් කොහොමද ලංකාවේ ඡන්දය ඉල්ලන්නේ? (නි)
රිචි බාලසුරිය Sunday, 08 February 2015 04:21 PM
මාර සෙනගක් නේ ඉන්නේ. මම ගොඩක් දන්නා අයත් ඉන්නවා. මෙහෙ ආවත් ඔලුවේ අමාරුව හොඳ කර ගෙන නැහැ. යුරෝපයේ ජිවත් උනත් මනස තාම දුර්වලයි (නදී)