වීසා බලපත් කාලය ඉක්මවා හය මාසයක් පමණ අනවසරයෙන් ශ‍්‍රී ලංකාවේ රැදී සිටි මුදලිගේ නොයෙල් (පේ‍්‍රමකුමාර් ගුණරත්නම්) ආගමණ විගමණ නිලධරයන් විසින් ශ‍්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයට ඊයේ උදේ බාරදෙනු ලැබීමෙන් පසුව ඕස්ට්‍රේලියා රජයේ නියෝජිතයෙක් සමග මලයාසියාවේ ක්වාලලම්පූර් බලා පිටත්ව ගියේය. ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ඔහු වීසා කාලය ඉක්මවීමේ වරදට ගෙවිය යුතු දඩය අයකර නොගත් බවත්, එම දඩය පසුව ගෙවා යළි ඕනෑම දවසක ඔහුට ලංකාවට පැමිණිය හැකි බවත් ආගමන විගමන ආරංචි කියයි. ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන නැත. ඔහු පිටුවහල් කළ බවක් ආගමන විගමන නිලධරයෝ නොපවසති. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු වූ පේ‍්‍රමකුමාර් ගුණරත්නම්, මුදලිගේ නොයෙල්, දස්කොන් වන්නිආරච්චි සහ දයාලාල් රත්නායක යන නම්වලින්ද හැදින්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ‘එසැණට’ පැවසීය. විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ මෙරට ආරක්ෂක අංශ ප‍්‍රධානීන් කිහිපදෙනෙකු සහ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සමග ඊයේ අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි මොහුගේ ගුවන් ගමන් බලපත‍්‍රයේ නොයෙල් මුදලිගේ යන නම සඳහන්ව තිබූ බවත් මොහු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 314 දරණ ගුවන්යානයෙන් පෙරවරු 7.40ට ක්වාලාලම්පූර් බලා පිටත්ව ගිය බවත් ගුවන්තොටුපොළ නිලධාරියෙක් පැවසීය. මොහු ගුවන්යානයට ඇරලවීම සඳහා ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු ගුවන්යානය දක්වා ගිය බවත් ඉන් එක් නියෝජිතයකු මොහු සමග ඕස්ට්‍රේලියා බලා ගිය බවත් දැනගන්නට ඇත. 1965 නොවැමිබර් 18 වැනිදා කෑගල්ලේදී උපන් පේ‍්‍රමකුමාර ගුණරත්නමි කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන් සහ පින්නවල මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා ඇති මොහු 1988 වසරේ රජයේ ආරක්ෂක හමුදා විසින් මොහුගේ සහෝදරයා වන රංජිතමි ගුණරත්නමි ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් විය. පසුව අධ්‍යාපනය අතහැර දමා 1989 වර්ෂයේදී බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට පැන ගොස් එහිදී සිංහල වෛද්‍යවරියක වූ චමිපා සෝමරත්න මහත්මිය සමග විවාහ වී ඇති අතර එතැන් සිට නොයෙල් මුදලිගේ යන නමින් එරට පුරවැසිභාවය ලබාගෙන ඇත. මොහුගේ සහෝදරයා වන රංජිතමි ගුණරත්නමි 1987 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තර් ශිෂ්‍ය සංගමයේ කැඳවුමිකරු විය. එකල රජයේ හමුදා විසින් ඔහුව ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ කාර්යභාරය මොහු වසින් දිගටම කරගෙන ගොස් ඇත. පසුගිය වසරේ දෙසැමිබර් 02 වැනිදා ඔහුගේ බිරිඳ වන වෛද්‍ය චමිපා සෝමරත්න සහ දරු දෙදෙනා ඕස්ට්‍රේලියා බලා යාමට කටුනායකට පැමිණ සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළේය. කුමාර් ගුණරත්නමි නැමැති අයෙකු සමග තමා විවාහ වී නැති බව ගුවන්තොටේදී ඇය පැවැසූ නිසා මුදා හැරිණි. 1988 සහ 1989 වසර වල මෙරට සිදුවූ භීෂණ ක‍්‍රියා වලට ජනතා විමුක්ති පෙරමුණේ කුමාර ගුණරත්නමි සම්බන්ධදැයි සෙවීමට ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඇත.ඇය ඕස්ට්‍රේලියාවේ රෝහලක වෛද්‍යවරියකි. ඔවුන්ගේ දියිණිය සහ පුත‍්‍රයා එරට අධ්‍යාපනය ලබති. පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙකු වූ කුමාර ගුණරත්නමි 1988- 89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයෙකු ලෙස ත‍්‍රිකුනාමලය ප‍්‍රදේශයේ කටයුතු කර ඇත. 1988 වසරේ පල්ලේ කැලේ යුද හමුදා කඳවුරට පහරදීමේ මහ මොලකාරයාද ඔහු විය. ඉන්දියා සාමසාධක හමුදාවට බිම්බෝම්බ ඇටවීමට මුල්වූ අය අතර ඔහුද වෙතියි හමුදාව කියයි. මොහු අන්තර්ජාලය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ සමග දිගටම සමිබන්ධකමි පවත්වාගෙන ගොස් ඇත. 1990 වසරේ සිට 2006 වසර දක්වා වරින් වර ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘කුමාර්ට දඩ ගැහුවෙත් නෑ‘
අන්මා Tuesday, 10 April 2012 03:21 PM
නම් තුනකින් පෙනී සිටීම වැරදි වැඩක්
ඉන්ද්‍රජිත් Tuesday, 10 April 2012 03:23 PM
මෙම කරුණට අදාලව රජයට අයත් විවිධ අංශ විසින් කරනු ලබන ප්‍රකාශ වල හැටියට, ආගමන විගමන නීතිය බරපතල ලෙස උල්ලංඝනය කල කෙනෙක් කිසිදු දඬුවමකින් හෝ පරීක්ෂණයකින් තොරව මෙසේ රටින් පිටකර යැවීම රටේ නීතිය අමුඅමුවේ උල්ලංඝනයක් නොවේද? අපි මෙහෙම කරලා අහුවුනා නම් නවාතැන් දුන්න කෙනා දක්වා පොලිස් ප්‍රශ්නකිරීම් වලට බඳුන් වී බන්ධනාගාර ගතවීමටත් සිදු නොවේද? නීතිය ඉදිරියේ සියල්ලම් සමානය යන කියමන මෙතනදී සත්‍ය නොවේද?