IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


‘කැමරන් ඉරක යුද රහස් වහයි’

පසුගිය 11 වෙනි දින ප්‍රසිද්ධ කරන ලද වාර්තාවක " බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉරාක ආක්‍රමණය පිලිබඳ සමීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කිරීම අවහිර කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු එසේ කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අකටයුතු නීති විරෝධී යුද්ධයකට පැටලවීම සඳහා රහසේ කුමන්ත්‍රණය කළ බව සනාත වන නිසා " බවත් දක්වා ඇත.

ඉරාක යුද්ධයේදී ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා යුද අපරාධ සිදුකරන ලද බවට චෝදනා එල්ලවී ඇතී බැවින් මෙම කතා බහ එළිදැක්වීම තුලින් දෙරටේ නායකයින්ද එම අපරාධයන්ට හවුල්කරුවන් වුබවට ඔප්පුකලහැකි සාක්ෂි මතුවිය හැකි නිසා ඒවා නිකුත්කිරීම නවතා දැමීමට කැමරන් අගමැතිව කටයුතු කර ඇතී බව එහි සඳහන් වෙයි.

ඉරාකයට එරෙහිව සිදුකළ යුද්ධය සාධාරණද යන වගත් එම කාල වකවානුවේ සිදුවූ සියලුම වාර්තාගත යුධ අපරාධ පිළිබඳවත් විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත්කළ රාජාධිකරණ විනිශ්චය කරුවන්ගෙන් සැදුම්ලත් චිල්කොට් පරීක්ෂණ කමිටුව පත්කරන ලද්දේ 2009 අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් විසිනි. 

වසර දෙකකින් වාර්තාව නිකුත්කිරීමේ පොරොන්දුව මත ආරම්භකල සමීක්ෂණ කටයුතු මේ දක්වා නිමවී නොමැති අතර දැනට වාර්තාව නිකුත් කිරීමේ දිනය දී ඇත්තේ 2014 ලෙසය.

යුද සමයේ සහ එයට පෙරාතුව බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමඟ හුවමාරුවුන අදාළ ලිපි ලේඛන, දුරකථන ඇමතුම් සහ අනෙකුත් තොරතුරු විමර්ශන කමිටුව වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් මේදක්වා එම ඉල්ලීම් සඳහා ඉඩ දීම බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩල ලේකම් ශ්‍රීමත් ජෙරමි හේවුඩ් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව උක්ත වාර්තාව පෙන්වා දෙයි.

වර්තමානයේ මැදපෙරදිග සාම දුත මෙහෙවරක යෙදෙන හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මෙම තොරතුරු එළිදරව් නොකිරීම සඳහා වත්මන් අගමැති කැමරන් පොළඹවාගෙන ඇති බවට පෙනීයන බවද එම වාර්තාව කියයි. 

"අති විශාල නස්පැත්තියක් සිදුකල හැකි වර්ගයේ යුධ අවි සදාම් හුසේන් සතුව තිබීම ඉරාකයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමේ හේතුව ලෙස ඒ කාලයේ ප්‍රකාශ විය. එසේනම් දෙරට නායකයින් අතර එවකට හුවමාරුවුන කතා බහ එළිදැක්වීමෙන් ඉරාක යුද්ධයට කේන්ද්‍ර වුන මෙවන් භයානක ආයුධ ඇත්තටම ඉරාකය සතුව තිබුන බවට නිශ්චිත සාක්ෂි ඔවුන්වෙත ලබි තිබුනාද යන්න සනාත කර ගත හැකිවන බව"  කියන එම වාර්තාව "එම තොරතුරු හෙළි කිරීම වළක්වන්නේ එමඟින් යුද්ධය අසාධාරණ එකක් බවට හෙළිවීමට ඉඩ අති නිසා" බවද පවසයි.

 

 



අදහස් (0)

‘කැමරන් ඉරක යුද රහස් වහයි’

ඉලංගකෝන් Wednesday, 20 November 2013 11:52 AM

වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහනවා කිව්වේ මේකට වෙන්න ඇති... මේ විතරක්ද බ්‍රිත්‍යන තමයි වහල් වෙලදාමේ කේන්ද්‍රස්ථානය.. අපේ රටේ සියලු දන සම්පත් කොල්ලකෑම, යුද්ධයේදී අහිංසක ගම් බිම් පිටින් ගිනි තැමීබ්, දූෂණ, මේවාටත් බ්‍රිතාන්‍යයන් වග කියන්න ඕනා. වන්දි ගෙවන්න ඕනා. මිනී මරු ම්ලේච්ඡ බ්‍රිතන්‍යයද මේ අනුන්ගේ මානව හිමිකම් ගැන කිඹුල් කදුලු හෙලන්නේ?(නදී)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 11:57 AM

“ඔවා දෙනු පරහට ...... තමා සම්මතෙහි පිහිටා සිට“ කියලා කැමරන්ට කියලා දෙන්න කවුරුත් නැද්ද??? තව කෙනෙකුට ඇඟිල්ල දික් කරද්දි තමන්ගෙ අතේම අඟිලි හතරක් තමන්ට විරුද්ධයි කියලා කැමරන් මහත්තයා අවබෝධ කර ගත යුතුයි. (ස)

:       0       0

අමිල - කටුනායක Wednesday, 20 November 2013 11:58 AM

ඕකට අපේ ජනාධිපති තුමා නියමට කීවා. (ස)

:       0       0

ෂෙහාන් Wednesday, 20 November 2013 12:05 PM

නිකන් ද අපේ ජනාදිපතිතුමා කිව්වේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා...දැන් ඉතින් අපේ ජනදිපතිතුමටත් තියෙන්නේ යු. එන්. එකේදී මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න... (ස)

:       0       0

සුරංග Wednesday, 20 November 2013 09:21 PM

මෙතන සුද්දාගේ තිබෙන වටිනාම හරය පෙනෙනවා. (නි)

:       0       0

වර්ණ-බීරූට් Wednesday, 20 November 2013 04:49 PM

මෙන්න බෝට්ටුව එගොඩට පිහිනනවා නම්. අපේ අයට තියෙන්නේ මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.(නදී).

:       0       0

ඉන්දික Wednesday, 20 November 2013 12:13 PM

කෝ මේවට ජාත්‍යන්තර පරීක්ෂණ? අනුන්ගේ කුණු හොයන්න ඉස්සෙල්ල තමන්ගේ වත්ත බලා ගත්ත නම් තමයි හොඳ! (ස)

:       0       0

අබ්දුල් Wednesday, 20 November 2013 12:15 PM

චැනල් ෆෝ එකේ කට්ටියට මේවා පේන්නේ නැද්ද දන්නේ නෑ. (ස)

:       0       0

සිරානි Wednesday, 20 November 2013 12:23 PM

සාමයෙන් සමාදානයෙන් හිටපු ඉරාකය (සාපෙක්ෂකව) දැන් හැමදාම මිනි මැරෙන රටක්. ඒ වගේම හොඳට තිබුණු ලිබියාවට මේ අය කළේ ඒක. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියල ලිබියාවට කළ දෙයට මේ අයගෙන් වන්දි ගන්න ඕන. මේවා තමයි නියම යුධ අපරාධ. (ස)

:       0       0

රොෂාන් Wednesday, 20 November 2013 12:54 PM

ඉරාකයේ යුධ අපරාධ චෝදනා සමහර ඒවට දඩුවම් දුන්නානේ. ඔයගොලෝ නිව්ස් බලන්නේ නැතිද? ප්‍රසිද්ධියේ පෙන්නුවානේ. (ස)

:       0       0

ධම්ම Wednesday, 20 November 2013 12:57 PM

කුමාරි, සම්මතය "බ්‍රිටිෂ් ස්ටෑන්ඩර්ඩ්". කන්න කට ලඟට ඇඟිලි පහ යනකොට එක මට්ටමට එනවා. ඔය සම්මතය තේරුම් ගන්න තවම බැරි උනාද? (ස)

:       0       0

ඉන්දික Wednesday, 20 November 2013 01:10 PM

සිරානි, ඔයා හරි. ඉස්සර 10ක් මරුනා නම් දැන් 100 විතර මැරෙනවා. ඒ රට විනාශ කරලා ඒගොල්ලෝ අකුලාගෙන ගියා. දැන් මැරෙන අයට ඔය කියන මානව හිමිකම් නැද්ද? ඒගොල්ලෝ ගියා හැම රටකටම උනේ ඒක තමයි. (ස)

:       0       0

දයාරත්න - ඕස්ට්‍රේලියා Wednesday, 20 November 2013 01:12 PM

ඕකට තමා කියන්නේ යටහත් විජිතබාවය කියලා. මිනිස්සුන්ට කවදා තේරේද මන්දා. (ස)

:       0       0

අජිත් Wednesday, 20 November 2013 01:37 PM

අපේ ජනාධිපතිතුමා නියමෙට උත්තරය දුන්න ඔහුට. ඔවුන් හිතන්නේ අපි තවම පොඩි ජාතියක් කියල නේ. (නදී)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 01:38 PM

අපේ ජනාධිපතිතුමත් මුරලිත් වටහලා දුන්නනේ. ඕකට තමයි කන්න හිතෙනකොට කබරගොයත් තල ගොයා වගේ වෙනවා කියන්නේ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 November 2013 01:53 PM

පළමු ලෝක යුද්ධය අවසානයේ 1920දි 'ජාතික ලීගය' මගින් පැරිසියේ හෝටල් කාමරයක දී තම රටවලට අයත් කොටස් බෙදා ගත්තා. ඉන් බ්‍රිතාන්‍යය, 'ඔට්ටෝමාන්' අධිරාජ්‍යට අයත්ව තිබුණු 'මිසපොටෙමියාව' නම් ප්‍රදේශයේ කොටසක මායිම් ලකුණු කර ඉරාකය නමින් දේශයක් වෙන් කර ගත්තා. බ්‍රිතාන්‍යට හිතවත් ධනවත් පවුලක් 'රාජකීය' තත්වයට පත් කර එය ඔවුන්ට බාර දුන්නා. බ්‍රිතාන්‍යට හිතවත් ධනවත් යුදෙව්වන්ට වූ පොරොන්දුවක් ඉටු කරන්න බ්‍රිතාන්‍යය පලස්තීනයෙන්ද කොටසක් මායිම් ලකුණු කර 'ඊශ්‍රායලය' කියා දේශයක් පිහිටුවා එය යුදෙව්වන්ට බාර දුන්නා. අපේ රටේද කොහේ හෝ සිට කවුරු හෝ 'ඊලම' ලෙස මායිම් සකස් කරපු කොටසක් කාට හෝ ලබා දෙන්න බ්‍රිතාන්‍යය මුලිකව රටවල් කීපයක් උත්සාහ කරනවා. (නදී)

:       0       0

නාග්ෂ් Wednesday, 20 November 2013 02:33 PM

පිස්සු කථා කරන්න ඒපා පිටිගල ඔයා මිලානෝ වල ඉන්නේ දන්නා දෙයක් නැහැ.(නදී)

:       0       0

කසුන් Wednesday, 20 November 2013 02:40 PM

බ්‍රිතාන්‍යය දණ ගස්සවන්න දැවැන්ත මානුෂික මෙහෙයුමක් කරන්න කාලය ඇවිල්ලා. මේකට රටේ සියලු දෙනාම එකට ඉන්න වෙයි. අපේ ජනාධිපතිතුමා ඒක හරියට කරයි. පොදු රාජ්‍ය මණ්ලයත් විසිරුවලා බ්‍රිතාන්‍යට තියෙන හයිය නැති කරලා මුන්ගේ ඔළුව බස්සන්න ඕනෑ. සභාපතිකම ලැබුණු නිසා මේ දේවල් වඩාත් හොඳින් දැන් කරන්න පුළුවන් උපක්‍රමශීලි වුණොත්.(නදී)

:       0       0

අල්විස්(පැරිස්) Wednesday, 20 November 2013 02:41 PM

ඔය මනුස්සයා, ලංකාවට ඇවිත් සෙල්ලම් ටිකක් දාල ගියේ ලෝකයට පේන්න. ඒ අයගේ අත්වල තාම ලේ, අපි ගැන කතා කරන්න තියා විලි ලැජ්ජාවක් තියේනම් කටක් අරින්න බෑ. අන්තර්ජාතික පරීක්ෂණයක් අපිට තියන්න ඕනෙමනම්, ඔය බෙරිහන් දෙන අයත් එක්ක එකට තියල බලමු. අපි යුද්ධ කලේ රට බේරන්න, උන් ලෝකෙම මිනී මරන්නේ, යුද්ධ ඇති කරවන්නේ රටේ හම්බ කරන් කන්න. සිරියාවේ විතරක් 120 000 මැරෙව්වා (42 495 සිවිල් ) පුටින් නැත්තන් තවත් මරනවා! (ස)

:       0       0

රිෂාන්ත Wednesday, 20 November 2013 03:17 PM

මේ වගේ දේවල් දැන් කතා කරලා තියෙන පලේ මොකක්ද. අපේ මිනිස්සු හැමදාම කරන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන එක .චෝග්ම් එක අතරේ මේ වගේ ප්‍රශ්න චැනල් 4 කට්ටියගෙන් වත් කැමරන් ගෙන් වත් අහන්න කිසිම සූදානමක් තිබ්බේ නැහැ. අඩු ගානේ LTTE කරපු දේවල් ගැන පෙන්නන්න එක්ෂිබිෂන් එකක් වත් තිබ්බ නම් අපේ පණිවිඩේ ලෝකෙට පෙන්නන්න අවස්ථාවක් තිබ්බ . (අ)

:       0       0

බෙනෙටන් Wednesday, 20 November 2013 03:27 PM

දැනට ගණන් බලා ඇති අන්දමට ඉරාක සිවිල් වැසියන් දාහතර ලක්ෂයක් ඝාතනය වෙලා. ෆල්ලුජා නගරයට දැමූ විස හිරෝෂිමාවට වඩා 17 ගුණයකින් වැඩි බව එළිවෙලා. විකෘති ළමා උපත් විශාලයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රතිකාරවලට එහා ගිය මීගලෑව රෝහල
2024 ඔක්තෝබර් මස 21 256 0

රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අම


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 1520 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින්
2024 ඔක්තෝබර් මස 21 130 0

සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයී


මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි
2024 ඔක්තෝබර් මස 21 221 0

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි


මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි
2024 ඔක්තෝබර් මස 21 376 0

මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍


හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 21 1462 0

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 740 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 530 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site