IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කුමාරයාගේ වාර්තාවට ලංකා ප්‍රතිචාර හොඳයි

මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප‍්‍රතිචාරය දිරිගන්වන සුලු බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මූන් සඳහන් කරයි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා(17) දෛනික මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටි බව ඒ.ඒ.පී පුවත් සේවය වාර්තා කර සිටී.

බැන් කී මූන් පෙන්වා දුන්නේ අදාළ වාර්තාවට ශ්‍රී ලංකා රජය දැක්වූ ප‍්‍රතිචාර මෙන්ම ඒ සඳහා පළ කර ඇති කැපවීම අතිශය ප‍්‍රශංසනීය බවය.විශේෂයෙන්ම අර්ථවත් ක‍්‍රියාවලියක් සඳහා සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීමට රජය කටයුතු කිරීම අගය කළ යුතු බවද හෙතෙම ප‍්‍රකාශ කොට ඇත.

එමෙන්ම ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව විශ්වසනීයත්වයකින් යුතු සැබෑ වගවීමේ සහ සංහිඳියා ක‍්‍රියාවලියක් ශ්‍රී ලංකා රජය විසින් ක‍්‍රියාවට නංවනු ඇති බවට තමා අපේක්ෂා කරන බවය.

වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මඟින් දිගුකාලීන සාමයක් සහ ස්ථාවරයක් පවත්වා ගෙන යාමට, මානව හිමිකම් වලට ගරු කිරීමට, වගවීමේ ක‍්‍රියාවලියට සහ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට උපකාරී වනු ඇති බවද එක්සත් ජාතීන් ගේ මහලේකම්වරයා කියා සීටී. ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ලැබී ඇති අවස්ථාවක පවතින ධනාත්මක තත්ත්වය ඉදිරියට ගෙන කටයුතු කරන්නැයි හෙතෙම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා විසින් ඉදිරිපත් කළ පිටු 300 කින් සමන්විත වාර්තාව මඟින් මෙරට තුළ මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවීම ඇතුළු නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබිණි. ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත‍්‍රණයක් ලබන ජනවාරියේ සිට මාස 18 ක සිට ක‍්‍රියාත්මක කරන බව කීය.

 

 



අදහස් (0)

කුමාරයාගේ වාර්තාවට ලංකා ප්‍රතිචාර හොඳයි

ද සිල්වා බර්ලින් Saturday, 19 September 2015 12:30 AM

සෞදි අරාබියේ මානව හිමිකම් තත්ත්වය ගැන කුමාරයා මොකද කියන්නේ? (නි)

:       0       0

ඉන්දික Saturday, 19 September 2015 01:25 AM

ද සිල්වා, මේකට අදහස් දාන කෙනෙක් කියන විදියට නම් මැදපෙරදිග අනිත් රටවල් වලට වඩා හොඳයි (නි)

:       0       0

සිම්සන් Friday, 18 September 2015 03:14 PM

සීනි බොලේ වගේ මුන්ගේ ආදරේ. ඔයාල මේවට අහුවෙන්න එපා. හොඳට අතගාලා වෙලාවට ඔලුව පැලෙන්න එකක් දෙයි. (බ)

:       0       0

මොහොමඩ් Saturday, 19 September 2015 04:42 AM

ඉන්දික එක ඇත්ත මැදපෙරදිග හොදයි අනිත් රටවල් වලට වඩා (අ)

:       0       0

ටේෂන් Friday, 18 September 2015 03:36 PM

ඔය කුමාරයව යවන්න බැරිද ඇෆ්ගන්ස්තන්, පාකිස්තාන් වාගේ වැඩ බලාගන්න (අ)

:       0       0

දුමින්ද Saturday, 19 September 2015 05:08 AM

රාජ්‍ය තාන්ත්‍රික හැකියාව ගැන පරීක්ෂණයක් (ම)

:       0       0

අශාන් Friday, 18 September 2015 06:08 PM

හැම අභියෝගයක්ම ජයගත් එකේ අපිට මේකත් අමාරුවෙන එකක් නැහැ (නි)

:       0       0

ෆර්සාන් Friday, 18 September 2015 09:33 PM

ටේෂන්, ඔයාට පිස්සුද? හිතුවද ලංකාව වගේ සාමකාමී රටවල් කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 93 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 289 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 68 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 443 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 144 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 768 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14551 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 132 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site