IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


කොමර්ෂල් බැංකුව වෙළෙඳ සේවා සත් සාමාජික හොකී ශූරතාව දිනයි

වෙළෙඳ සේවා හොකී සංගමය 35 වැනි වරට සංවිධානය කළ වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව දිනා ගැනීමට කොමර්ෂල් බැංකු ක‍්‍රීඩකයෝ සමත්වුහ. කොමර්ෂල් බැංකුව මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් හත්වැනි අවස්ථාව මෙය වේ. සමාගම් සහ ආයතන කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් ඒ, බී, සී, ඞී සහ ඊ යන කාණ්ඩ පහකින් මෙම තරගාවලිය බොරැල්ල පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ඊයේ (23) නිමාවිය. ‘ඒ’ කොටසේ අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු ‘ඒ’ පිල පරදවා කොමර්ෂල් බැංකු පිල ගෝල 3-1 ක ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ගෝල 1-1 ක් ලෙස දෙපිලම සමව සිටි අතර දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් ලබාගත් කොමර්ෂල් බැංකු පිල ජය ලැබීය. ජයග‍්‍රාහී කොමර්ෂල් බැංකු පිලේ මිලාන් ආරියවංශ, නායක නවීන් පද්මසිරි සහ අංජු හේවගේ ගෝලය බැගින් ලැබුහ. හැටන් නැෂනල් බැංකු පිල වෙනුවෙන් එම්. එම්. ගසාලි ගෝලය වර්තා කළේය. වර්ෂාව මධ්‍යයේ පැවැති අවසන් තරගයේ අවසාන විනාඩි කිහිපයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ගැටුමක් ද හට ගත්තේය. කෙසේ වෙතත් විනිසුරුවරුන් හා සංවිධායකවරුන් එක්ව ගැටුම සමතයකට පත් කිරීමට කටයුතු කළහ. කොමර්ෂල් බැංකු පිලේ මිලාන් ආරියවංශ ‘ඒ’ කොටසේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. වසරේ දක්‍ෂතම යොවුන් කී‍්‍රඩකයා ලෙස කොමර්ෂල් බැංකු පිලේ ජනිත විතාරනගේ තේරීපත්විය. සෙසු අවසන් තරග ප‍්‍රතිඵල: ‘බී’ කාණ්ඩය: යුනිලිවර් සමාගම් පිල විසින් කොමර්ෂල් බැංකු ‘බී’ පිල පරාජය කරන ලදී. (දඬුවම් පහර 1-0) ‘සී’ කාණ්ඩය: බ‍්‍රවුන්ස් සමාගම් පිල විසින් ඒ. ඩබ්. ඞී. සමාගම් පිල පරාජය කරන ලදී. (1-0) ‘ඞී’ කාණ්ඩය: අවිවා එන්. ඞී. බී. බැංකුව විසින් හේලීස් සමාගම් පිල පරාජය කරන ලදී. (3-1) ‘ඊ’ කාණ්ඩය: ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුව විසින් ගැලැක්සෝ ස්මිත් ක්ලයින් පරාජය කරන ලදී.(දඬුවම් පහර 3-2)  ශූරතාව දිනාගත් කොමර්ෂල් බැංකු පිල... කොමර්ෂල් බැංකු පිල සහ හැටන් නැෂනල් බැංකු පිල අතර අවසන් තරගයේ අවස්ථාවක්....  



අදහස් (0)

කොමර්ෂල් බැංකුව වෙළෙඳ සේවා සත් සාමාජික හොකී ශූරතාව දිනයි

අසංක Wednesday, 23 November 2011 08:53 PM

ඇත්තටම මමත් කැමති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක්
2025 අප්‍රේල් මස 19 270 0

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.


අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 176 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 538 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 298 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 592 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1453 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site