කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම කුමාර් ගුණරතනම් රටින් පිටුවහල් කරන්නේ නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ කුමාර් ගුණරතනම් මහතාගේ සිර දඩුවම් කාලය ලබන 9 වැනිදා අවසන්වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ගුණරතන්ම් මහතා පැහැරගෙන ගියේ පසුගිය රජය බවත් ඔවුන් දැන් කිඹුල් කඳුළු හෙලන බවත්ය.
මේ අතර ප්‍රභාකරන් වෙනුවෙන් මියගිය සටන්කරුවන් සැමරීම කිසිවෙකුත් ප්‍රශ්නයක් කරගත යුතු නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බිය විය යුත්තේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ඇතිවීමට යන සන්නද්ධ අරගලවලට බව කී මන්ත්‍රීවරයා ඒකීය රාජ්‍යය රැක ගනිමින් සංහිඳියාව ඇති කළ යුතු බවද සඳහන් කළේය.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කුමාර් ගුණරත්නම් ගැන පාර්ලිමේන්තුවේ කථාවෙයි
ක්‍රිස්ටීන් Thursday, 01 December 2016 09:06 AM
කුමාර් ගුණරත්නම්ගේ පාරම්පරික පුරවැසි බාවය දැන්වත් පිලිගත යුතුයි.(හේ)
යටවත්ත Thursday, 01 December 2016 08:28 AM
අපිට නම් දැන් මේ කතා ඇතිවෙලා (නි)