IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


'කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරනු'

පෙරටුගාමී සමාජවාදි  පක්ෂයේ  දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට  ලංකාවේ ජිවත්වීම සඳහාත් , දේශපාලන කටයුතු  කිරිම සඳහාත් ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා  දේශපාලන පක්ෂ , වෘත්තිය සමිති  බහුජන සංවිධාන සහ සමාජ  ක්‍රියාකාරින්  සහභාගී  වන මාධ්‍ය  සාකච්ජාවක්  අද (05) පෙරවරු 11 ට  මරදාන, ඩීන්ස්  පාරේ, සමාජ  හා සාමායික කේන්ද්‍රයේදී  පැවැත්විණි.

කුමාර් ගුණරත්නම්ගේ  පවුලේ  සාමාජිකයන් ද ඊට  සහභාගී වූහ.

කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාදෙන්නේ නම් ඔහුගේ ඕස්ට්‍රේලියා පුරවැසිභාවය ඉවත්කරගැනීමට සූදානම් බවද එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසීය.

(වීඩියෝ - අතුල දේවප්‍රිය)



අදහස් (0)

'කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරනු'

නිලන්ග Thursday, 05 November 2015 07:10 AM

අපි නම් කියන්නේ මෙහෙ තියාගන්න එපා කියලයි. අපි නම් කවදාවත් බඩගින්න්නේ මියගියත් අපි උපන් රට පාවාදෙන්නේ නැහැ. (නි)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ Thursday, 05 November 2015 02:06 PM

මේ අයගේ සිත්තුළ රටට ඇති ආදරය බලාගන්න තවත් සාක්ෂි කුමටද? (නි)

:       0       0

නුවන් Friday, 06 November 2015 03:53 AM

මට තවම තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ පුද්ගලයාව පිටුවහල් කරන්න එපා කියන්නෙ කියලා. ලංකාවේ ඉපදුනාට ලංකාවේ පුරවැසිභාවය ඉවත්කරගෙන ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරගෙන. තව ලංකාවට ඇවිල්ලා වීසා දීර්ඝකර නොගෙන වාසය කරලා. නීතිය අනුව කටයුතු කරන්න. ඒක දේශපාලනමය තීන්දුවක් නෙමෙයිනේ. අන්න නීතියට පිටින් පිටුවහල් කළොත් දේශපාලන ඇඟිලි ගැසීමක්. (නි)

:       0       0

සමන් Thursday, 05 November 2015 09:11 AM

මෙයාට විතරක් නීතිය කඩලා රටේ ඉන්න දෙනවා නම් ද්විත්ව පුරවැසිකම ගන්න අනෙක් අයටත් යම් සහනයක් තිබිය යුතුයි (නි)

:       0       0

බණ්ඩාර Thursday, 05 November 2015 05:20 PM

අපි නම් කියන්නේ ගිය රජයේ තීන්දුව අනුව කටයුතු කරන්න කියලයි (නි)

:       0       0

රන්දික Thursday, 05 November 2015 09:24 AM

ඒ දා ගිය රජය යටතේ රටින් පිටුවහල් කරද්දී දැ න් ඔය බෙරිහන් දෙන පිරිස් කෝ ,කෝ ,කෝ (ම)

:       0       0

ඉසුරු Thursday, 05 November 2015 09:52 AM

නීතිය සැමට එක හා සමාන වියයුතුයි. මොහුගේ ද්විත්ව පුරවැසිභාවය නොමැතිනම් නීතිය අකුරටම ඉටුකරන්න. (නි)

:       0       0

සුනිල් Thursday, 05 November 2015 05:25 AM

රටට ආදරේ නම් ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම අත හැරලා එනු. පිට රැටියන්ට අපේ රට ගැන තියෙන කැක්කුම මොකක්ද ? (ම)

:       0       0

ටිරෝන් Thursday, 05 November 2015 05:32 AM

අපි බලමු මේ ප්‍රශ්නෙට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ලුම්බිණි Thursday, 05 November 2015 05:34 AM

රටට ආදරේ වෙන්න තවත් රටක පුරවැසිකම අත්හැරිය යුතු නැහැ. දැන් ඔය ලංකාවේ විතරක් පුරවැසිකම තිබෙන අය කරන සමහර වැඩ දැක්කහම පේනවා රටට ආදරේද නැද්ද කියලා. මගේ අදහස නම් දේශපාලන හේතු මත මෙයා පිටුවහල් කරනවා නම් ඒක වැරදියි කියලයි. (නි)

:       0       0

සමන් කුමාර Thursday, 05 November 2015 05:33 AM

මෙයා ලංකාවේ තව හිටියොත් කැම්පස් ළමයි කී දෙනෙකුගේ ඔළුව පලාගන්න වේවිද දන්නේ නැහැ .(ම)

:       0       0

දිනේෂ් Thursday, 05 November 2015 05:35 AM

රටට ආදරේ නම් ඕස්ට්‍රේලියාවේ රුපවාහිනි වලින් ලංකාවට මඩ ගහන්නේ ඇයි. අනික ඒවායේදී මෙයා කියන්නේ නැහැ තමුන් හොර පාස්පෝර්ට් වලින් බොරු නම් වලින් ලංකාවට යන බව. ඔක්කොටම වඩා එහෙම ලංකාවට මඩ ගහපු කෙනා ආයිත් මොකටද ලංකාවට බොරු නමකින් ඇතුළු වුණේ (ම)

:       0       0

උපාලි Thursday, 05 November 2015 05:42 AM

ලංකාවේ උපන් මිනිසෙකුට ලංකාවේ ජීවත් වෙන්න බැරිද?අම්ම සිංහල කෙනෙක්.පාසල් ගියේ ලංකාවේ.කැම්පස් ගියේ ලංකාවේ.ඒ වුණත් ලංකාවේ දේශපාලනේ කරන්න ඉඩ දෙන්නේ නැත්තේ මොකද?ජේ වී පී විත් දේශපාලනය කරන්න පුළුවන් (ම)

:       0       0

සේන Thursday, 05 November 2015 05:58 AM

මෙයාව එලවන්න තියෙන්නේ - ශිෂ්‍ය සටන් බල්ලාට දැම්මේ මෙයා (බ)

:       0       0

සුනිල් Thursday, 05 November 2015 06:22 AM

රටක් පාලනය කරන්න ඉල්ලන අය මුලින්ම තමන් නීතියට ගරුකරන්න ඕනෑ. හොර පාස්පෝර්ට් එකකින් පැමිණෙන එක, වීසා නැතුව ඉන්න එක... මේවා ලොකු වැරදි. රටේ නීතිය සැමට සමාන වියයුුතුයි (නි)

:       0       0

කැප්පැටිපොළ Thursday, 05 November 2015 06:51 AM

මොහු ගිය සැරේ ලංකාවෙන් පිටුවහල් කලාම මොහු ජීවත්වන ඔස්ට්රලියාවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ලංකාවට දොස් කියමින් අපහාස කළා. (ම)

:       0       0

එස් ජයසිරි Thursday, 05 November 2015 06:54 AM

ලංකාවේ නිතිය අනුව කටයුතු කරන්න (ම)

:       0       0

ශාන සෞදි Thursday, 05 November 2015 07:06 AM

අපේ රටේ ඉන්න මේ වගේ අය නිසා තමා රට විනාස වෙන්නේ. මෙයාගෙන් මොකක්ද රටට වෙලා තියන හෝ වෙන්න පුළුවන් සෙත. රටේ පැවැත්මට වලකපන රජයන් අස්ථාවර කරන්න උත්සහ අයට ඕනේ යලි රටට තිබුන ව්‍යසනය ගේන්න. මොකද එයාලගේ බඩ පිරෙන්න එ්ක වෙන්න ඕනේ. එ්ක නිසා මේවා කරන්නේ. මේ කුමාර් අපේ රටේ පුරවැසියෙක් නොවේ. වහාම පිට කරන්න. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරින් වලට ඕනේ විදිහර රට පාලනය කරන්න බෑ. (ස)

:       0       0

ගයාන් Thursday, 05 November 2015 12:57 PM

අපි නම් කියන්නේ එයාව පි‍ටුවහල් කරන්න ඕනෑ කියලයි (නි)

:       0       0

ඇලෙක්ස් Thursday, 05 November 2015 07:11 AM

හොඳින් සිතා බලා තීරණයක් ගන්න එක හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4617 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 8 0


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 29 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 85 0


පස්සර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 60 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14920 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 245 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site