ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි පාර්ශවයේ නායක කුමාර් ගුණරත්නම්ගේ බිරිය හා දරුවෝ අද සවස වනතුරු ද කටුනායක රඳවාගෙන රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබ සිටියහ. ගුණරත්නම් මහතාගේ බිරිය වෛද්‍ය චම්පා සෝමරත්න (45) දරු දෙදෙනා අද (02)අලුයම කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැ ඕස්ට්‍රේලියාවට යෑම සඳහා අද අලුයම 1.40 සිංගප්පූරු යානයකින් ගමනේ මුල් පියවර යෑමට ඔවුහු එහි ආහ. 1988 සහ 1989 මෙරට සිදු වූ භිෂණ ක්‍රියා සම්බන්ධයෙන් කුමාර් ගුණරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි නිසා ඔහු ගැන තොරතුරු සොයා මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් බව කියන මෙම පවුල මීට මාස හතරකට පමණ පෙර මෙරටට පැමිණ ඇත. කැරැලිකාර කණ්ඩායමට නායකත්වය සපයමින් ඔවුන් මෙහෙයවා ඇත්තේ කුමාර ගුණරත්නම් බව ද පැවැසේ. සෝමරත්න මහත්මිය ඕස්ට්‍රේලියාවේ රෝහලක වෛද්‍යවරියකි. දියණිය සහ පුත්‍රයා එරට අධ්‍යාපනය ලබති.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුමාර් සොයා බිරියගෙන් දිගටම ප්‍රශ්න කරයි
නාමල් Monday, 02 January 2012 03:36 PM
කුමාර් මොකටද ? අනිත් අය ඔක්කොම ඉන්නේ...
සුනිල් ක්‍රිෂාන් Monday, 02 January 2012 08:11 PM
ඒකාලේ ඒවා දැන්ද හොයන්නේ?
නිරෝෂ් Tuesday, 03 January 2012 12:55 PM
එතකොට ලංකාවෙ ඉන්න අයගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද?
ශාන්ත Tuesday, 03 January 2012 04:14 PM
88-99 ඇති වුණ මිනිස් ඝාතනවලට දැනට ඉන්න වගකියන්න ඕන අය පළමුව අත්අඩංගුවට ගන්න ඕනා