IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට නියමිතය.
අද්දරආරච්චි මහතා සමග පාර්ශව කිහිපයක් ඉදිරි මහ මැතිවරණය සඳහා උවිඳු විජේවීර මහතා නායකත්වය දරන   දෙවැනි පරපුර යටතේ තරඟ වැදීමට අද (9) ගිවිසුම්  ගතවූහ.

අනුර  කුමාරට ජනපතිවරයාට  බහුතර ආණ්ඩුවක් හදා දේවි යැයි  තමා විශ්වාස කරන හෙයින්  වැරදි පෙන්වා දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම මේ අවස්ථාවේදී  ඉතා වැදගත් බව   කමල් අද්දර ආරච්චි මහතා එහිදී සඳහන් කළේය. 



අදහස් (11)

කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට

ජිල්බු Wednesday, 09 October 2024 08:04 PM

බලාගෙන ගියාම මං විතරයි ඡන්දෙ ඉල්ලන්නේ නැත්තෙ. අදම හදනවා පක්ෂයක්...!

:       4       80

බකල ජයා Wednesday, 09 October 2024 08:08 PM

අනෙක් පවුල් දේශපාලක පුතාලා වගේම උවිඳු විජේවීරත් පෝසත් තාත්තෙක්ගේ දුප්පත් පුතෙක් වගේ පේනවා..!

:       5       55

යෝගා Wednesday, 09 October 2024 08:24 PM

මේ වගේ අටවා ගන්න පක්‍ෂ ඊළඟට කරන්නේ මහ පක්‍ෂයක් එක්ක සන්ධාන ගතවීමයි. කොන්දේසිය තමයි දිනුවොත් රාජ්‍ය ඇමැතිකමක් බැරිනම් මොකක් හරි තනතුරක් ලබා ගැනීම. මේ රටේ බලය වෙනුවෙන් උන්මත්තකයින් විශාල පිරිසක් බිහිවේගන යනවා...!

:       3       64

Bandula Herath Wednesday, 09 October 2024 08:47 PM

මම හිතනවා හොඳ තීරණයක්... මමත් NPP එකට දුන්නා නමුත් පාර්ලිමේන්තු ඡන්දයට දෙන්නේ උවිඳුගේ පක්ෂයට...

:       1       0

සෙනෙවිරත්න Wednesday, 09 October 2024 08:54 PM

කමල් අද්දර ආරච්චි එකත් එකටම එන්.පී.පියෙන් පාර්ලිමේන්තුවට රිංගන අදහස ඉටු නොවෙච්චි නිසා මේ වගේ ප්‍රකාශයක් කරලා, කැඳත්, රැවුලත් දෙකම බේරාගන්න ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා හිතෙන්නේ මට විතරයිද...?

:       0       1

බද්රානි Wednesday, 09 October 2024 10:00 PM

ලංකාවේ නළු නිළියන්ට මොකක්ද මේ හැදිලා තියන පිස්සුව..? ඇඟිල්ලේ තරම දැනගෙන ඉදිමෙන්න... මෝඩ නළු බට්ටනේ..? රැවුලයි, කොන්ඩෙයි වවාගෙන තාත්තාගේ ප්‍රතිපත්තියට තනිකරම පටහැනි, ඒකාධිපති රජ පාලකයින්ට ආවඩමින් ඉඳලා මෙතැන නළුවෙක් සමග නිහීන රංගනයක දෙන්නද මේ දඟලන්නේ..? හිතාගෙන ඉන්නේ රැවුලයි කොන්ඩෙයි වවාගෙන කැප් තොප්පිය ද ගත්තාම චේගුවේරා කියලාද..? අනේ ඔබලාට පව් කියලා තමයි කියන්න තියෙන්නේ..

:       0       1

Gamini Ranasinghe Thursday, 10 October 2024 05:20 AM

කමල් අද්දර ආරච්චි දක්ශ රංගන ශිල්පියෙක්. ඒ ගැන වාදයක් නෑ. එහෙත් ඔහු හොඳ මිනිහෙක් නම් නොවේ. සෑම අතින්ම ඉතාම නරක මිනිහෙක්. ඔහුගේ කාලයේ මිනිසුන්ට මතකයි ඔහු රමනී බතෝලමියුස් නමැති තරුනිය මරා දැමූ බව. ඔහු තාක්ශනික කරුනු මත බේරුනා, එහෙත් හැමෝම දන්නව ඔහු ඇය මැරුව කියල. ඊට පස්සෙත් මොහුට ස්ත්‍රී දූශන නඩුවක් තිබිල නිදහ්ස් වුනා. ඒ ගැනත් නොයෙකුත් කට කතා තිබුන. එහෙත් හැමෝම දන්නව රමනිව මැරුවෙ මෙයා කියල. අනුරල එතරම් මෝඩ නෑ මේ වගේ තක්කඩියෙක් ඇතුලට ගන්න.

:       2       16

maalaka Thursday, 10 October 2024 05:37 AM

හිතන්න එපා උවිඳුට අවශ්‍ය තාත්තාගේ දේශපාලනය කියලා .කමල් හ්ම් ..හොඳ රඟපෑමක් .ඔහොම යන්

:       0       5

සෙනෙවිරත්න Thursday, 10 October 2024 06:49 AM

යෝගා , මෙයාලට 2.5% ක් වත් නොගත්තොත් මන්ත්‍රී දූර ලැබෙන්නෙ නැහැ, එතකොට මොන සන්දානද? සමහරවිට සජිත් මහත්මයා නම් මේ වගේ බෝඩ් ලෑලි එක්ක ගිවිසුම් ගහන්න පුලුවන් .

:       2       9

පොඩිඑකා Thursday, 10 October 2024 07:44 AM

අලි මදිවට හරක් කිව්වලු..., තවත් පුතානෝ කෙනෙක්....!

:       0       18

පිටිගල මිලානෝ Thursday, 10 October 2024 08:53 AM

ජාතික ජන බලවේගයට මෙයාව පළාතෙ ගන්නේ නැහැ. කමල් කරගෙන යන තායි ස්පා එක කමල් ඇතුලෙ ඉන්න වෙලාවක නාරහේන්පිටදී පොලිසිය ඇල්ලුවාම අනුර සේනානායක ( හිටපු ‍පොලිස්පති - මාගේ කිරිල්ලී) තමා බේරල දුන්නේ. මෙයාගෙ ජල්තර බිස්නස් ටික කරගෙන යන්න තමා මේ මහළු වයසේත් බලය ඉල්ලන්නේ.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 3 0

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 595 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1206 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 799 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 922 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1694 3

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site