IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොමිසමේ බලය ගත් පොලිස්පති පොලිස් අධිකාරීගේ වැඩ තහනම් කරයි

තරිඳු ජයවර්ධන
 
වසරක වැඩ තහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත  සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 
පොලිස් කොමිෂන් සභාව මගින් සේවයේ පිහිටුවා දින 20ක් පමණ රාජකාරි කිරීමෙන් පසු පොලිස්පතිවරයා විසින් මෙලෙස වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නොවන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි මුල් වරට අත්හිටවනු ලැබුවේ 2017 වසරේ දීය. වසරකට ආසන්න කාලයක් තිස්සේ වැඩ තහනම් කර ඇතත් චෝදනාපත්‍රයක් හෝ ලබා දී නැතැයි කියමින් ඒ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ අභියාචනයක් අනුව 2018 ජනවාරි 18 වැනි දා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා යළි සේවයේ පිහිටුවීමට තීරණය කළේය. ඒ බව 2018 පෙබරවාරි දෙවැනි දා   නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට හා පොලිස්පතිට ලිඛිතව දැන්වූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය.
 
පොලිස්පතිවරයා කොමිෂන් සභා තීරණය ක්‍රියාත්මක නොකර ඇතැයි කියමින් එම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් එස් දිසානායක මහතා අප්‍රේල් නව වැනි දා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට හා පොලිස්පතිවරයට දෙවැනි වරටත් ලිඛිතව දැනුම් දීමෙන් පසු මැයි මාසයේ දී ප්‍රියදර්ශන හේරත් මහතා රාජකාරියේ පිහිටුවා ඇත.  
 
2009 සැප්තැම්බර් මස නව වැනි දා ප්‍රියදර්ශන හේරත් මහතා සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යළිත් වරක් ඒ මහතාගේ වැඩ තහනම් කර එම නියෝගය නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා තිබේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් 2016 වසරේ දී එවකට විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් අධිකාරීවරයාට අවවාද පත්‍රියාවක් ලබා දී තිබිය දී මෙම වැඩ තහනම් කිරිම සිදු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ  සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරියකුගේ වැඩ තහනම් කළ යුත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව වුවත් තම කොමිෂන් සභාව එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.  පොලිස්පතිවරයා මෙලස වැඩ තහනම් කිරීම ගැන එම පොලිස් අධිකාරීවරයා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ බව ද එම නිලධාරියා කීවේය.
මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථන විය. 



අදහස් (20)

කොමිසමේ බලය ගත් පොලිස්පති පොලිස් අධිකාරීගේ වැඩ තහනම් කරයි

gunarathna Monday, 04 June 2018 01:54 PM

පොලිස්පති කෙනෙක් මොකටද? කොමිසමට පුළුවන්නේ මේ සේරම කරන්න.

:       427       69

HafeelTuesday, 05 June 2018 08:48 AM

මෙතන පොලීස් කොමිසමත් නැත්නම්, මේ පොලීස්පති දරුණු විදියට හැසිරනවා. හොරුන්, දුෂිතයන් නිදැල්ලේ හැසිරනවා.

:       0       0

lal suranjith Monday, 04 June 2018 02:23 PM

එයා නීතිය නවන හැටි පොලිස් කොමිසමට උගන්වනවා වගෙයි. මේ වගේ අය මේ යහපාලනයටම හොඳයි. දැන් රට පාලනය කරන්නේ නැහැ. සවයංක්‍රීයව පාලනය වෙනවා.. කාට කියන්නද? යහපාලනයත් දෝරේ ගලනවනේ..

:       585       1122

frank Monday, 04 June 2018 02:34 PM

පූජිත මහත්තයා අනාගන්න වගෙයි හදන්නේ නේද?

:       153       262

nimal levukeMonday, 04 June 2018 04:07 PM

අනාගන්න නොවෙයි. දැනටමත් අනාගෙන

:       123       457

jaya Monday, 04 June 2018 02:53 PM

මම නම් හිතන්නේ මේ කොමිෂන් වලට, මරණාධාර සමිතියකට තරම්වත් බලයක් නැහැ.

:       154       278

සමන්ත Monday, 04 June 2018 03:04 PM

රටේ නීතියට පටහැනිව, අත්තනෝමතික විදියට කටයුතු කරන්නේ නම් පොලිස්පති තනතුරෙන් ඔහු ඉවත්කර දඬුවම් පැමිණවිය යුතුයි. එහෙම කරන්න ඔහුට ජනතාව විසින් බලයක් දීලා නැහැ. මේ තමයි කළ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. බැරිනම් වහාම ඉල්ලා අස්වී ගෙදර යන්න.

:       311       841

faizerMonday, 04 June 2018 05:33 PM

පිස්සුද? තව මාස දාහතක් තියනවා...

:       0       7

සතයපාල Monday, 04 June 2018 04:22 PM

මෙතනදී පොලිස් කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පොලිස් කොමිසමේ මහත්වරු තමන්ගේ වගකීම් හා රාජකාරිය හරියට තේරුම් ගෙන කටයුතු කලයුතුයි. එහෙම බැරිනම් නම්බු පිටින් ඉල්ලා අස්වී ගෙදර යායුතුයී. එහෙම නැතිව පොලිස්පතිවරයා හෝ ඇමතිවරයාට ඕන ඕන ආකාරයට පොලිසිය හසුරුවන්න නම් මොකටද පොලිස් කොමිසමක්.

:       460       620

sanathMonday, 04 June 2018 06:18 PM

පොලිස් කොමිසමට කරන්න පුළුවන් නියෝග කරන්න විතරයි. ඒවා ක්‍රියාත්මක කලයුන්නේ පොලිස් පති විසින්. පොලිස් පති කොමිසමට පටහැනි තීරණ ගන්නවානම් නීතිය හා සාමය පිලිබඳ ඇමති පොලිස් පතිට අවවාද කලයුතුයි.

:       0       4

Samathasena A Aluthgama Monday, 04 June 2018 04:37 PM

මේ කොමිසම් දැමිල්ලෙන් පොලිස් සේවයේ තත්වය පිරිහෙනවා. පඩි නඩි සඳහා තවත් අමතර මුදලක බර පීඩා විඳින ජනයාගේ හිස මත වැටෙනවා. පොලිස්පතිතුමාට ඉහළින් තිබිය යුතුවන්නේ අධිකරණයයි. කොමිසම නොවෙයි. පොලිස්පතිගෙන් සාධාරණය ඉටුනොවන්නේ නම් අධිකරණයෙන් සාධාරණය ඉටුකොටගත් නිලධාරීන් සිටිනවා. ඒ නිසා මේ පොලිස් කොමිසම නිසා රටේ සිටින පොලිස්පතිවරයා බාල්දු වෙනවා. පොලිස්පති වැරදිනම් ඔහු අධිකරණයට පැමිණවීම එම තනතුරට කෙරෙන හානියක් වෙන්නේ නැහැ. පසුගිය කාලේ සිදුවූ ජාතිවාදී අරගලවලදී පොලිස් කොමිසම නිදා සිටි අයුරු අපට මතකයි. මේ විදිහට ගියොත්, ත්‍රිවිධ හමුදාවටම කොමිසන් පත් කරන්න වේවි ඉදිරියේදී. එතකොට යුද්ධය දන්නා හමුදාපතිවරුන්ට වැඩ කරන්න වෙන්නේ කොමිසම කියන විදිහටයි. පොලිස්පතිට වෙලා තියෙන්නෙත් තමා මෙන් ප්‍රායෝගිකව පොලීසිය නොදත් කොමිසමට යටවී වැඩ කරන්නයි. එය රටක සිදු නොවිය යුතු දෙයක්...

:       0       36

Bamunuarachchi Monday, 04 June 2018 05:12 PM

අපි මෙතන මොනවා කීවත් ලීවත් පොලිස්පති තමන් කරන්නේ මොකක් දැයි නොදැන කරනවා නොවෙයි කියා මට හැඟෙනවා

:       0       0

සෙනෙවි Monday, 04 June 2018 05:27 PM

මේකයි ‍නිගමනය ,? කොච්චර සාක්ෂරතාවය ගැනත් 2500 ක ඉතිහාසය ගැනත් කැගහැවට බහුතරයක් නූගතුන්, කොමිශන් සභා වගේ ප්‍රජාතන්ත්‍රවාදී දියුණු ලොකයේ වැදගත් සිරිත් මෙවුනට තේරෙන්නෙ නැහැ. මෙනතරම් නීති තිබුණත් නීතියට හිස නවන්නෙ නැත්නම් වැඩක් නැහැ .

:       0       3

hewawitharana Monday, 04 June 2018 06:00 PM

පොලිස් කොමිසම - පොලිස්පති එකාට එකා නැහැ............. ඉතින් කොහොමද රටේ නීතිය රකින්නේ එහෙමත් නැත්නම් නීතිය නවන්නේ

:       0       2

hewawitharan,a Monday, 04 June 2018 06:05 PM

පොලිස් පති විතරක් නෙමේ මුළු පාලන තන්ත්‍රයම

:       2       10

Chanak Los angeles Monday, 04 June 2018 09:38 PM

ඉහළ නිලධාරීන් ඕනෙම විරෝධී වැඩක් කර සේවය තහනම් වූ පසු බලපුළුවන්කාර කම් දේශපාලන හැඳුනුම් කම් මත නැවත සේවයට රින්ගගන්නවා . පොලිස්පති ගෙන තිබෙන හරියට හරි තීරණයක්

:       3       0

lgj dharmaratna Tuesday, 05 June 2018 12:31 AM

අතීතයේ පොලිස්පති වරු මොහු තරම් විවෘතව ජනතාව අතරට අදහස් පළ කිරීමට පැමිණියෙත් නැහැ. අධාකාරි වරු ස්ථානාධිපත් වරු වැනි අයත් තම රාජකාරි කුම්ද කියා හදුනා නොගෙන මෙසේ කරලියට පැමිණියහොත් කුමක් සිදුවේ ද?

:       2       0

ලුම්බිණි Tuesday, 05 June 2018 12:54 AM

මෙතන තිබෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක්. කාටද අවසාන තීරණය ගන්න පුළුවන් කොමිසමටද නැත්නම් පොලිස් පතිටද?

:       0       0

Unknown Tuesday, 05 June 2018 03:25 AM

මෙම පුද්ගලයා මෙම තනතුර සඳහා සුදුසු නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන්, මම ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් ගැන දැඩි ලෙස කලකිරීමට පත්වෙමි. මේ ආකාරයේ නීති විරෝධී දේවල් සිදු කරන්නේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ අනාගතය කුමක්ද?

:       0       31

ashan Tuesday, 05 June 2018 07:23 AM

මෙයා අර අහිංසකයට ලිෆ්ට් එකේදි ගහපු එකට දඩුවම් නොකල වරද. මෙයා හිතන් ඉන්නෙ පොලිස්පති කියන්නෙ ඕන දෙයක් කරන්ඩ නිදහස තියන තනතුරක් කියල. ඕකට කියන්නෙ නූගත්කම .

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 23 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 99 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 207 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 160 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 112 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 215 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site