IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘කොමිසම හොයන්නේ රක්නා සමාගම අවි විකිණූ හැටියි‘

ශ්‍රි ලංකා රජයේ ආයතනයක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම  අවි ආයුධ මිලදී  ගෙන විකිණිමේ සිද්ධිය ගැන සොයනවා මිස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැන නොසොයන බව බරපතල වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසමේ සහාපති විනිසුරු ප්‍රිතී පද්මන් සුරසේන  මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට  දැනුම් දුන්නේය.

ගාලු වරායේ තිබු  අවි නැව පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ වන විට රහස් පොලිසිය , මුල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස්  හෝ දුෂණ චෝදනා  විමර්ශන කොමිසම අවස්ථා  තුනකදී  ප්‍රශ්න කර  ඇති  හෙයින්  එම කරුණු  පිළිබඳව කොමිසම හමුවේදීත්  ප්‍රශ්න නොකරන ලෙස ඔහු වෙනුවෙන්  පෙනී සිටි  අනිල් සිල්වා  සහ ජනාධිපති නිතිඥ අලි  සබ්රි  යන මහත්වරුන්  ඉල්ලා සිටි  අවස්ථාවේදී  කොමිසමේ  සභාපති  විනිසුරුවරයා  මේ  බව දැනුම් දුන්නේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති  සුරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි,ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පි.ඒ.පද්මතිලක යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් මෙම පරික්ෂණ කොමිසම රැස් වු  අවස්ථාවේදී  එහි  සාක්කි විභාග කිරිමට  පෙර  කොමිසමේ  අධිකරණ බලය පිළිබඳ මුලික විරෝධතාවයක් එක්  කිරිමට  අවශ්‍ය බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි  නිතිඥවරු දැනුම් දුන්හ.

රක්නා  ලංකා  සමාගමේ  සිදු වී ඇතැයි කියන බරපතල වංචා සහ දුෂණ සිද්ධියට  අදාළ පැමිණිල්ල කැඳවනු  ලැබු  අතර  එහි  අධ්‍යක්ෂකවරයකු  ලෙස කටයුතු  කළ හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙනුවෙන් පෙනී  සිටි  ජනාධිපති  නිතිඥ අනිල්  සිල්වා  මහතා  කරුණු  ඉදිරිපත්  කරමින්  රක්නා  ලංකා  සහ ඇවන්ගාඩ් සමාගමේ තුවක්කු ප්‍රශ්නය පිළිබඳව රහස්  පොලිසිය පරික්ෂණයක්  පවත්වා  ශ්‍රේෂ්ඨාධිකරණයට  වාර්තා  කළ යුතු  බව නීතිපතිවරයාට  දැනුම් දී  ඇතැයි  කීවේය.

ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා  කරුණු ඉදිරිපත්  කරමින්  ගාලු  වරායේ  අවි නැව පිළිබඳව රහස්  පොලිසිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස්  හෝ දුෂණ චෝදනා  විමර්ශන කොමිසම වැනි  ආයතන තුනක් තම සේවාදායකයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇතැයි පැවසුවේය.

ආයුධ ගැන රහස්  පොලිසිය කළ පරික්ෂණ පිළීබඳව නිතිපතිවරයා තීරණය ගෙන ඇති හෙයින්  ඒ පිළිබඳව විමසිමට  කොමිසමට  බලයක්  නැතැයි ද එමෙන්ම හිටපු හමුදාපති  සරත් ෆොන්සේකා  මහතාට  එරෙහිව යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ

“ හයිකොප් ” ආයතනයෙන්  මිලදී ගෙන වංචා කරන ලදැයි  කියන සිද්ධියට  අදාළව යුදාධිකරණය හමුවේ  නඩු පවරා  ඒ චෝදනාවට   ඔහු  වරදකරු  කර  දඩුවම්  නියම කළ පසු  ඔහුට එරෙහිව චෝදනාව එකම මහාධීකරණය හමුවේ  නිතිපතිවරයා  විසින් නඩු  පවරනු ලැබු විට එය විභාග කළ හිටපු  මහාධීකරණ විනිසුරු  අනිල්  රාජපක්ෂ මහතා  එකම චෝදනාව යටතේ  එකම පුද්ගලයකුට එරෙහි අධිකරණ දෙකක නඩු පැවරිමට හැකියාවක් නැති බව පවසමින් මහාධිකරණය හමුවේ පවරනු ලැබු නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කළේය.

රජයේ  නීතිඥ ජනක බණ්ඩාර  මහතා කොමිසම අමතමින්  රක්නා ලංකා ආරක්ෂක අවි ආයුධ  මිලදී  ගෙන  විකුණුවේ කෙසේ දැයි පමණක් මෙම කොමිසම විමර්ශනය කරනු ලබන නමුත්  ඇවන්ගාඩ් පිළිබඳ සෙවිමට තමන්ට  අදහසක් නැතැයි කීවේය.

දෙපාර්ශවයෙන්ම කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල අධිකරණ බලය පිළිබඳ ඇති විරෝධතා  ලිඛිතව ඉදිරිපත් කරන ලෙස  දෙපාර්ශවයටම දැනුම් දුන්නේය.

IMG_2015966859

(විනිසුරු මඩුල්ල - වමේ සිට දකුණට : මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා, කොමිසමේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, විකුම් කළුආරච්චි මහතා, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ.පද්මතිලක මහතා, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා)

IMG_6889201596 IMG_6928201596 IMG_6949201596 IMG_6968201596



අදහස් (0)

‘කොමිසම හොයන්නේ රක්නා සමාගම අවි විකිණූ හැටියි‘

පහන් Sunday, 06 September 2015 03:45 PM

ජයන්ත ගණන්ගන්න එපා ගෝඨාභය කරපු වැඩ කොටස දන්නේ හමුදාවේ අපේ වීරයෝ .හමුදා සාමාජිකයෙක් ඉන්නන පවුලකින් අහන්න ගෝඨා කවුද කියල .යුද්දෙට සතපහකින් දායක නොවුන අය කියන ඒවා ගණන් ගන්න එපා.සපත්තු නිල ඇදුම් වැස්සට තෙමිලා කොල්ලන්ගේ කකුල් කුනුවෙනකොට කන්ටේනර් පෙට්ටි වල හීටර් හයි කරලා ඇදුම් වේලලා දුන්න මුළු සංග්‍රාම භූමියේම මේක කෙරුණා .හිටපු හමුදා නිලධාරියෙක් විදිහට සහ පරිපාලන නිලධාරියෙක් විදිහට එතුමා සම්බන්ධීකරන කටයුතු ඉතාම ඉහලින් කලා වැඩිය ඕනේ නැහැ සරත් ෆොන්සේකාව හමුදාපති කළෙත් මෙතුමනේ (බ)

:       0       0

විජිත Sunday, 06 September 2015 04:22 PM

ගාමිණී විජිත් දර්ශන රේණුක වගේ බොලද අදහස් ඇති අය නිසා තමා රටට රජයත් විපක්ෂයත් ඒකක් වුනේ නිකන් කාලය කන්න ලියන්න එපා (බ)

:       0       0

සොපී Sunday, 06 September 2015 05:08 PM

ගෝඨා ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්‍. අපහාස එපා (නි)

:       0       0

සම්පත්-ඩුබායි Monday, 07 September 2015 07:14 AM

සිංහල ශ්‍රේෂ්ඨ නායකයන්ව එකින් එක බිලිගන්නවා. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 06 September 2015 06:03 PM

මේ නඩුව හරියට සිදුවුණොත් ගෝඨාට කුමක් වේද? (නි)

:       0       0

පියල් Sunday, 06 September 2015 06:06 PM

මම හිතාහිටියේ මටයි පිස්සු කියලා. එහෙත් බලොගෙන යද්දී ජයන්තටයි, පහන්ටයි, මහීටයි තමයි පිස්සු (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 06 September 2015 06:16 PM

බලය පාවිච්චි කර අකටයුතුකම් කරන්න පුලුවන්ද?රට බේරාගත්තා කියලා බේරාගත්ත රට පවුලේ බුදලයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් කියලද ඔවුන්ට කඩේ යන අය කියන්නේ? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 06 September 2015 06:39 PM

රටක දියුණුවට නව කර්මාන්ත ආරම්භ කළයුතුයි.නමුත් නිසි ආකාරයෙන් එහි සම්පත් රට තුළට ගලා යායුතුයි.නමුත් මේවා ඇදී යන්නේ එකම පවුලක් හා එක රොත්තක් වටා පමණයි.එවිට කොහොමද රටේ සංවර්ධනයක් ඇතිවෙන්නේ?බලය අතේ තියාගෙන කරන ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන්න සාමාන්‍ය ජනයා බයයි.එමනිසා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න දී ජනතාව කට වහගෙන ඉන්නවා.එදා වුණේ එයයි.දැන් එම සේවකයන් විසින්ම රක්නා ලංකා සිදුවී තිබෙන දුෂණ හෙළිකර සිටියා.රටේ සංවර්ධනයක් ඇතිකර ගන්න ඕනෑ නම් මෙවැනි දුෂණ වළක්වා නැවත මේවා ඇති නොවීමට පියවර ගැනීම වරදක්ද? (නි)

:       0       0

රූපවතී Sunday, 06 September 2015 06:42 PM

පවුල්වාදියො කියල මඩ නෑවුවට සමහරු අපි අද පාරක බැහැලා යන්නේ මේ මනුස්සයට පින්සිදු වෙන්නයි කියන දේ කිසිවෙකු මෙනෙහි කළාද? අද කවුරු රජ කරනවාද කියන දේ නෙමෙයි වටින්නේ. මේ මිනිසා නිසා අප අනාගත පරම්පරාවට තැනක් ඉතිරිකළා කියලා අපි විඳින මානසික සැනසීම අද විඳින්නේ අපියි. එතනයි වටිනාකම තියෙන්නේ...! ඒ මේ මිනිසාගේ පරම වීර්යයයි (නි)

:       0       0

සාලිය වික්ස් Sunday, 06 September 2015 06:50 PM

අපේ සමහර අයට තේරෙන්නේ නැහැ කොච්චර කිවුවත්. කවදාහරි ලංකාවටත් ඇෆ්ඝනිස්තානයට මාලදිවයිනට වුණ දේ වුණාම තේරෙයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 06 September 2015 07:21 PM

ඩෙන්සිල්,මසුරන් කියමන. ප්‍රායෝගිකව වියයුත්තේත් ඒකම නේද? රට බේරාගත්තා කියන එක ඕනෑම වරදක් කළහැකියි කියලා දෙන සහතිකයක් නොවෙයිනේ (නි)

:       0       0

ඉසුරු Sunday, 06 September 2015 07:55 PM

මට නම් හිතාගන්න බැහැ ඔහු වරදක් කර ඇතැයි කියා (නි)

:       0       0

නිශාන්ත Sunday, 06 September 2015 07:55 PM

නමුත් ඔහුට රටම ගෞරව කරනවා. (නි)

:       0       0

රිෆ්දීන් Sunday, 06 September 2015 07:59 PM

මේ අවනඩු ඉක්මණින් හමාර වෙනවා නම් හොඳයි (නි)

:       0       0

උපාලි Sunday, 06 September 2015 08:25 PM

කළගුණ නොදත් අපේ අය ගැන දුකයි (නි)

:       0       0

මහේෂ් Sunday, 06 September 2015 08:59 PM

මේකෙ අදහස් දාලා තිබෙන සමහරු තමයි වාසියට ඕනෑම දෙයක් කරන්නේ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 06 September 2015 09:03 PM

පහන්,ඔහු තුළ යම් ආකාරයක අයෝමය හා ස්ථිරසාර චරිත ලක්ෂණයක් තිබුනා. ඔහු හමුදා සේවය තෝරා ගත්තෙත් ඒ නිසයි. නමුත් ඔහු අනුන්ගේ හිත් පිනවීම සඳහා වැඩ කරන්න ගොස් වරද්දා ගත්තා. කොළඹ නගරය ලස්සන කරන්න ඔහු යමක් කළා. නමුත් "උඩින් ඔපේ යටින් හපේ" කිව්වා වගේ රාජපක්ෂ පවුලේ අපරාධ මුල්‍ය වංචා ඉවත්කර නම සුද්ධකරන්න යමක් නොකිරීමේ විපාකයෙන් මුළු සනුහරේම අද දුක් විඳිනවා. මට ඇත්තටම ඔහු ගැන දුකයි. නමුත් ඔහු කරන ලද වැරදි ඔප්පු වුණොත් ඔහු සිරගෙට යා යුතුමයි. (නි)

:       0       0

පාල Sunday, 06 September 2015 11:23 PM

ඕනෑම තැනක යන යන තැන ගඳ ගස්වන උරුලෑවන් වැනි පිරිසක් ඇත. ඒ උරුලෑවන් ටික වෙන්කර සුදුසු තැනකට යැවිය යුතුය. එවිට ඒ ස්ථාන පිරිසිදු වනු ඇත. (නි)

:       0       0

නුවන් Monday, 07 September 2015 01:02 AM

අපි පාරේ බැහැලා යන්නේ සරත් ෆොන්සේකා මැතිතුමා වගේ රණවිරුවෝ නිසා මිස වෙන කවුරුත් නිසා නෙමෙයි (නි)

:       0       0

දිමුතු Monday, 07 September 2015 01:37 AM

මට කාටවත් චරිත සහතික දෙන්න බැහැ. ඇතැම්විට වැරදි කරලා ඇති. නමුත් සරත්,මහින්ද, ගෝඨාභයට කිසිවෙක් අත නොතැබියයුතු පුද්ගලයින් විදිහට රටේ 99% ක් විශ්වාස කරනවා. පෙර වැරදි ඇත්නම් සමාව දෙන්න. (නි)

:       0       0

නාමල් Monday, 07 September 2015 02:05 AM

දිමුතුට ඔලුව හොඳ නැද්ද? එහෙම අත නොතැබිය යුතු මිනිස්සු කියලා ජාතියක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නැහැ. අනෙක මේ හොරකම් කළේ ඔබේත් මගෙත් බදුමුදල්. සුදු වෑන් යවා මරාදැම්මේ අපේ රටේ පුරවැසියන්. අනෙක 99% ඔය කියන මතයේ නැහැ කියන එක ඡන්දෙදි ඔප්පුවුණා (නි)

:       0       0

සොයිසා Monday, 07 September 2015 02:47 AM

රක්නා ලංකා ආයුධ පිටරට ත්‍රස්‌ත කණ්ඩායම් වල‍ට වැඩි ගානට විකුණලාද කියන එක හොයන්න ඕනෑ. මේවා ආණ්ඩුවට අයිති දේවල්. (නි)

:       0       0

සුදේශ් Monday, 07 September 2015 03:48 AM

අනේ නාමල් ඔයා කියක් ගෙවලා තියෙනවද බදු හැටියට. (ම)

:       0       0

මහේන්ද්‍ර Monday, 07 September 2015 04:21 AM

ගෝඨාබය කියන්නේ රටට වැදගත් වටිනා සේවයක් කරපු සිංහල නායකයෙක්ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වුන අලංකාරම නගරය බවට කොළඹ පත්වීමේ ගෞරවය එතුමටයි හිමිවෙන්නේ මෙවන් රටට උදාර සේවයක් කළ සිංහල නායකයන්ට ගරහන මඩගහන මිනිස්සු වෙන්නෙත් සිංහලයමය් වැඩියෙන්ම අනුන්ගෙන විවේචනය කරන මෙවන් තිරිසන් ගති ඇති මිනිසුනේ හිතපල්ලා තමන් රටට මොකද්ද කරලා තියෙන්නේ කියල.තමන්ගේ වල තමන්ම කපාගන්න මෙවන් සිංහලයන් රටටත් ජාතියටත් ආගමටත් සාපයක්ම පමණි.සෝම හිමි අවසන් වරට කියූ දේවල් අමතක කරන්නෙපා...(බ)

:       0       0

ඩෙන්සිල් Sunday, 06 September 2015 12:47 PM

පුද්ගලයා වැදගත් නැහැ.වරද ගැන හොයන්න. (නි)

:       0       0

මයුර Monday, 07 September 2015 04:49 AM

ගෝටාට දොස් කියන මෝඩයෝ කොළඹ ගිහින් නැතුව ඇති (ම)

:       0       0

ජයන්ත Sunday, 06 September 2015 01:08 PM

ඩෙන්සිල්, ගෝඨාභය කියන්නේ නිකම්ම නිකම් පුද්ගලයෙක් නෙමෙයි. මේ රට බේරාගැනීමට දිවි හිමියෙන් කටයුතුකළ කෙනෙක්. නිකන් කට තිබුනට කතා කරන්න එපා. ගෝඨා සත පහක්වත් හොරකම් නොකරපු කෙනක්. රට වෙනුවෙන් අවංකවම වැඩ කරපු උතුම් මනුස්සයෙක්. (නි)

:       0       0

දිලිප් Monday, 07 September 2015 05:05 AM

මහජන විශ්වාසය දඩ කරගෙන රජයේ මුදල් හෝ දේපල වංචා කර ඇත්නම් නිසි දඩුවම් ලැබිය යුතුමයි. එය නිතිය කාටත් එක ලෙසටමය.(ම)

:       0       0

සේරා Monday, 07 September 2015 05:11 AM

ගෝඨා කියන්නේ උතුම් මිනිහෙක්. අපහාස කරන්න එපා (ම)

:       0       0

ඩෝසන් Monday, 07 September 2015 05:21 AM

බදු ගෙවලා තියන ප්‍රමාණය අසන සුදේශ් මැති තුමෙනි. ලක් පුරවසියන් ගෙවන සෑම රුපියලකින් ශත 70ක් බදු වශයෙන් රජයට ගෙවු බව නොදත් ඔබ බරපතල කෝමාවකින් පෙලෙන්නේ (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 05:23 AM

ජෙනරාල් තෙවරක් ජිවිත පරිත්‍යාගයෙන් දිනවපු රට එක පවුලකට විනාස කරන්න දෙන්න බැහැ.(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 05:25 AM

මම මේ කල්පනා කලේ අපරාදේ රටේ ඉන්න මේ වගේ අයගේ මොළ පාදන්න ගිහින් නිකන් දැන් ගෙඩියට බෙල්ල දුන්නනේ කියලයි.(ම)

:       0       0

දිමුතු Monday, 07 September 2015 05:35 AM

නාමල්, පසුගිය රජය ගැන ජනතාව කළකිරුණේ හේතු කීපයක් නිසා 1) දරාගත නොහැකි වූ ජීවන බර 2) මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ දුෂණ . මුළු රටම පාගාකරුවනට යටවීම 3) 18 වෙනි සංශෝධනය හා නීතියේ ආධිපත්‍ය බිඳවැටීම 4) රජ පවුලක් ලෙස කටයුතු කිරීමට උත්සහ කිරීම 5) සරත් මහතාට සැළකූ ආකාරය. හැබැයි මේ රටේ යුද්ධය අවසන් කිරීම පිළිබඳව කළගුණ ජනතාවගේ සිත්වලින් ඈත් වී නැහැ.ඒ නිසා මේ අය මොනම ආකාරයකවත් කරදරයකට ලක්වෙනවට 99% ක් කැමති නැහැ. ඒකයි ඇත්ත. (නි)

:       0       0

සත්‍යා Monday, 07 September 2015 05:42 AM

ගෝඨාබය කියන්නේ රටට වැදගත් වටිනා සේවයක් කරපු සිංහල නායකයෙක්. ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වුන අලංකාරම නගරය බවට කොළඹ පත්වීමේ ගෞරවය එතුමටයි හිමිවෙන්නේ මෙවන් රටට උදාර සේවයක් කළ සිංහල නායකයන්ට ගරහන මඩගහන මිනිස්සු වෙන්නෙත් සිංහලයමය් වැඩියෙන්ම අනුන්ගෙන විවේචනය කරන මෙවන් තිරිසන් ගති ඇති මිනිසුනේ හිතපල්ලා තමන් රටට මොකද්ද කරලා තියෙන්නේ කියල.තමන්ගේ වල තමන්ම කපාගන්න මෙවන් සිංහලයන් රටටත් ජාතියටත් ආගමටත් සාපයක්ම පමණි." මහේන්ද්‍ර, ඔබ හරියටම හරි. කුහක මිනිස්සු නිසා රටම ඉවරය. ගෝඨාබය, ඔබට තෙරුවන් සරණ සහ දෙවි රැකවරණ පතමු. (බ)

:       0       0

ගාමිණී Sunday, 06 September 2015 01:30 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

කල්ප Sunday, 06 September 2015 01:44 PM

ජයන්ත, ඔය කඩේ ගියා නම් ගන්න දෙයක් අරන් ගෙදර යන්න.රෙදි හෝදන්න එපා අනුන්ගේ. (නි)

:       0       0

විජිත් Sunday, 06 September 2015 01:50 PM

ජයන්ත ගෝඨාභය මහත්තයාගේ කවුද? (නි)

:       0       0

දර්ශන Sunday, 06 September 2015 01:58 PM

ජයන්ත ගෝඨාභයගේ කවුද එයාට චරිත සහතික දෙන්න? (නි)

:       0       0

ඉර්ෆාන් Monday, 07 September 2015 06:06 AM

ජයන්ත, ඔයාලා කියන්නේ ඔහු රට බේරගත්තා කියලා ඕනෑ කපටි වැඩක් කළාට කමක් නැහැ කියලද? ඔහු නොමිලේ රටට වෙඩක් කළේ නැහැනේ. පඩි ගත්තා. තවත් වරප්‍රසාද ගත්තා.හැම එකටම යුද්ධය හිලව් කරන්න එපා (නි)

:       0       0

යෙනුර Sunday, 06 September 2015 02:20 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

රේණුක Sunday, 06 September 2015 02:22 PM

ජයන්ත,රෙදි හෝදන්න එපා අනුන්ගේ.පුද්ගලයා වැදගත් නැහැ.වරද ගැන හොයන්න.වරද වරදමයි (නි)

:       0       0

පුෂ්ප Sunday, 06 September 2015 02:56 PM

ජයන්ත කළකිරෙන්න එපා. ඒ අපේ මිනිසුන්ගේ හැටි (නි)

:       0       0

මහී Sunday, 06 September 2015 03:24 PM

ඉටුකොට කළයුතු යුතුකම්... ලැබුනත් ලෝකෙන් ගැරහුම්... ඉවසන්නට පුලුවන් නම්... නුඹයි මගේ පුතා උතුම්.. (නි)

:       0       0

විමුක්ති Sunday, 06 September 2015 03:31 PM

අපිත් බලාඉන්නේ මොකක්ද වෙන්නේ කියලා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 543 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 554 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 121 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 787 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 178 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1042 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14556 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site