IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කමිසයත් නැතිව උසාවියට

මාදම්පාවිල අභයභූයේ ඉඩමක් අනවසරයෙන්  ගොඩ කරතියි ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීවී නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කරමින් ඔවුන්ට පහර දුන්නැයි සැකපිට අම්බලන්ගොඩ ඩෙන්සිල් වැල්ලගේ ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

වැල්ලගේ ඔහුගේ නිවසින් අත්අඩංගුවට ගත් ආකාරයෙන්ම උසාවියට ඉදිරිපත් කැරිණි.

hemanta hemanta.jpg1



අදහස් (0)

කමිසයත් නැතිව උසාවියට

ලක්විදු Thursday, 14 August 2014 09:55 AM

රාළහාමිලාට ගහපු ඇමති පුත්තුත් උසාවි අරන් ආවේ ඔහොම වෙන්න්න ඇති නේද? (දී)

:       0       0

අරුණ Thursday, 14 August 2014 10:06 AM

මෙයාට මෙහෙම උනාට එක රැයට ටිපර් වලින් අනවසර ගොඩකිරීම් කරන අයත් ඉන්නවා, පස්සෙ ගෙවල් හදල රජයෙන් අනුමත කරලා ජල විදුලියත් ගත්ත අය ඉන්නවා, අවශ්‍ය මුදල් පමණි, (දී)

:       0       0

ජනිස් Thursday, 14 August 2014 10:15 AM

ආයුද පෙන්වන්න ගෙනියනවද (දී)

:       0       0

සරත් Thursday, 14 August 2014 10:21 AM

වන ජීවී අඑකේ කට්ටියක් කාර්යාලය ඇතුලෙම මුව මස් උයලා ඇහුන නේද ඒ ගොල්ල්ලන් වත් මේවගේ ගෙනියන්න (දී)

:       0       0

සෑම් Thursday, 14 August 2014 10:34 AM

මෙයා උප නගරාධිපති කෙනෙකුගේ සහෝදරයෙක් කියලා මම වෙබ් අඩවියකින් කියෙව්වා. (නදී)

:       0       0

හේමානන්ද Thursday, 14 August 2014 08:34 PM

අහිංසක මිනිසෙකුගේ වේදනාව වැඩි වූ කල එම වේදනාව ඉන්පසු තරහක් බවට පත්වේ (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 10:56 AM

මී පැටවු වගේ දැන් ඔහොම හිටියට ඒ වෙලාවට හරි ලොකු චණ්ඩි තමයි. (නි)

:       0       0

දේශප්‍රිය Thursday, 14 August 2014 11:06 AM

නිලධාරී මහතුනි, කළ කාර්යය ඉතාමත් අගනේය! (නි)

:       0       0

දමිත Thursday, 14 August 2014 11:15 AM

අපරාදේ! ලබන වාරයට ඡන්දය ඉල්ලන්න හිටි සුදුස්සෙක් අඩු වුණා.. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 11:18 AM

මහේස්ත්‍රාත් තුමා අපිට වඩා නිතිය දන්නා නිසා ඔන්න මමනම් මොකුත් කියන්නේ නැහැ ! (දී)

:       0       0

පියල් Friday, 15 August 2014 01:55 AM

මේ නිලධාරීන් විල්පත්තුවේ ගියානම් පොදි ගණන් අල්ලාගෙන එන්න පුළුවන්. අනේ , මිටි තැනින් වතුර ගලන හැටි (නදී)

:       0       0

සුපුන් Thursday, 14 August 2014 11:44 AM

වනජීවී නිලධාරීන් මුව මස් හට්ටියකුත් සමඟ වනජීවී ඇමතිතුමාට ඊයේ හසු වූ හැටි අපි දැක්කා.මෙවන් නිලධාරින් රාජකාරි ඉටු කරන විදිහ කදිමයි නේද? (නි)

:       0       0

මාලිකා Thursday, 14 August 2014 11:55 AM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

මාලනී Thursday, 14 August 2014 11:55 AM

පේනවා නේද මිනිසුන්ගේ බය නැතිකම? (නි)

:       0       0

සිංහ Friday, 15 August 2014 03:54 AM

මේකේ අදහස් දාල තියෙන පිනා සහ අබිලික් කියන දේවල් දැක්කම මේ රටේ දැන් බහුතරයක් ඉන්නේ පිනාලයි අබිලික්ලයි කියල තේරෙනවා. නැත්නම් මෙච්චර රටට හෙන ගහල තියෙද්දිත් පිනාල - අබිලික්ල වගේ ඉඳියිද මිනිස්සු? රනිල් වගේ උගත් , වැදගත් නායකයෙකුගෙන් රටට අවශ්‍ය සේවය ගන්න දන්නේ නැති හරක් රැලක්. (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Thursday, 14 August 2014 12:14 PM

කරපු වැඩේ වැරදි වුනත් මිනිහා ෆිට් (නදී)

:       0       0

කර්තිනි Friday, 15 August 2014 04:28 AM

ඉඩම ගොඩ කරන්න ඇත්තේ වගාවකට වෙන්න ඇති. බලපත්‍රයක් දුන්න නම් (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 14 August 2014 12:27 PM

කමිසය නැතුව කියන්නේ සිරුරෙන් අඩක් නිරුවත්. එවන් කෙනෙක් උසාවියට ඉදිරිපත් කිරීමේදී උසාවියට අපහාස කිරීමේ චෝදනාවට යටත් වෙනවා නේද නිලධාරීන්.(නදී)

:       0       0

නලීන් Thursday, 14 August 2014 12:44 PM

මේ මනුස්සයා දැක්කහම නම් පෙනෙන්නේ ඉන්න තැනක් නැතිකමට ගෙයක් හදාගන්න කළ වැඩක් වෙන්න ඇති කියලා. ඒ වුණාට ඉඩම් ගොඩකරලා හෝටල් හදන අයට කිසි ප්‍රශ්නයක් නැහැනේ.... (නි)

:       0       0

රෝජර් Thursday, 14 August 2014 12:50 PM

වනජීවී නිලධාරීන් මුව මස් හට්ටියකුත් සමඟ වනජීවී ඇමතිතුමාට ඊයේ හසු වූ හැටි අපි දැක්කාකා තමයි. පුතා ඡන්දෙ ඉල්ලන නිසා ලකුණු දාගන්න තමයි ඇමතිතුමා මේ වගේ වැඩ කරන්නේ කියලයි අපිටනම් හිතෙන්නේ. (නදී)

:       0       0

පද්මිනී Friday, 15 August 2014 05:17 AM

හොඳ වෙලාවට මේ පුද්ගලයා කලිසමක් ඇදල හිටිය. නාන ගමන් ඇල්ලුවා නම්. (නදී)

:       0       0

බුද්ධි Thursday, 14 August 2014 12:58 PM

කුඹුරෙදි අත් අඩංගුවට අරගෙන අමුඩේ උඩින් පොඩි රෙදි කෑල්ලක් අැඳගෙන ආව සැකකාරයෙක් ගැන මට මතකයට එනවා (නදී)

:       0       0

සහන Thursday, 14 August 2014 07:17 AM

හෙට අනිද්දා ඇඳුම් නැතිවම ගෙනෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

කළුපෙරුම Thursday, 14 August 2014 07:28 AM

මේ වැඩේ වැරදි නේද. එයා කරපු වැඩේ නම් ගොඩක් වැරදි, එත් මිනි මරුවන්ගේ මුහුණු තමන්ගේ හිස් අවර්නයෙන් වහන පිරිස් ඉන්න තැන් වල මේ මනුස්සය කමිසයක් වත් නැතුව අරන් ආපු එක!(දී)

:       0       0

ජානකී Thursday, 14 August 2014 01:20 PM

වන ජීවී එකේ අයට මුව මස් උයන් කන්න පුළුවන්... හැම දෙයක්ම පොඩි මිනිහට තමයි (නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 14 August 2014 07:32 AM

මානව හිමිකම් කඩ කිරීමක් වෙයිද? (දී)

:       0       0

මී හරකා Thursday, 14 August 2014 01:34 PM

කව්රු කරත් වැරද්ද වැරද්ද තමයි. එ්ත් මූ හාල් මැස්සෙක් නැත්නම් පොලිසිය ඔච්චර වැඩ පෙන්නන්නේ නැහැ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 14 August 2014 01:42 PM

රක්ෂිත වනානාන්තර සුද්ද කරලා හෝටල් හදන අයට දෙන දඩුවම මොකක්ද? (නදී)

:       0       0

නැනී Thursday, 14 August 2014 01:42 PM

කළුපෙරුම සොහොයුරා බොහොම හරි. අර වාස් ලයි බාස් ලයි අල්ලාගෙන ආපු විදියටමද උසාවි ගෙනාවෙත්. මේ මනුස්සයාගේ මුහුණ වහන්න කෙනෙක් ඔතන නැතුව ඇති මගේ හිතේ (නදී)

:       0       0

අනුරශාන්ත Thursday, 14 August 2014 07:37 AM

මෝරෙක් අසු උනානම් මේ වගේ ගෙනියන එකක් නැහැ නේද?(දී)

:       0       0

නුවන් Thursday, 14 August 2014 01:56 PM

පහල තැනින් කියනවනේ වතුර ගලන්නේ. අවුලක් නෑ මේක ආසියාවේ අාස්චර්යනේ. වැලිකඩ නම් ලොකුවට ගහල තියෙනවා හිර කරුවෝත් මනුස්සයෝය කියලා නම් (නදී)

:       0       0

ප්‍රශාන්ත Thursday, 14 August 2014 07:43 AM

ජනපති හමුවෙන්න චාන්ස් එකක් වගේ ,,(දී)

:       0       0

පාල. Thursday, 14 August 2014 02:27 PM

ලොකු මිනුස්සු අක්කර සියගණන් ගොඩකරලා හෝටල් හදනවා ආවට වනජීවී එකෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ අලි මරවා. (අ)

:       0       0

පහන්දී Thursday, 14 August 2014 02:35 PM

මටත් මේ වැඩේට නම් හොදටම කේන්තියි, මිනීමරුවෝ ටයි කෝට් දාල ගේන්නේ,මේ මනුස්සය අත් අඩංගුවට ගන්න වෙලාවේ කමිසයක් දා ගන්න කියන්න තිබුන නේද...? ''පහත් තැනින් යයි ගලා ජලේ'' (අ)

:       0       0

පියුමි Thursday, 14 August 2014 07:45 AM

මේත් ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක්ද?(දී)

:       0       0

ඩයස් Thursday, 14 August 2014 07:51 AM

රටේ නීතිය මිනිස්සු අතේ. අපරාද කාරයින්ට කිසිම සමාවක් දෙන්ඩ එපා. නැත්නම් මුළු රටේම මිනිසුන් අනතුරේ. (දී)

:       0       0

රජින්ද Thursday, 14 August 2014 08:05 AM

ඔය වගේ කට්ටිය තමයි ලේසියෙන්ම අපරාධකාරයින් වෙන්නෙත්. ඊට කලින් අර සත්තුන්ව ගාල් කරනවා වගේ හිරේම තියෙන එක සමාජේ අනිත් මිනිස්සුන්ට ශරීරෙට හොදයි.!(දී)

:       0       0

සමීර Thursday, 14 August 2014 08:08 AM

පහත් තැනින් වතුර ගලා යන අපුරුව දකිමි. රුවන්වැලි සෑයවල් එක කටට ගිල දමන මෝරුන් සිටින රටක අග්ගලාවක් ගිල්ල හල්මස්සෙකුට මේ නිලදාරීන් දක්වන නීතියේ රශ්නය මුවගට සිනා ගෙනෙදේ.(දී)

:       0       0

චතුර Thursday, 14 August 2014 08:17 AM

තෝරු මෝරු අතරේ සෙල්ලම් දාන්න බැරි මෙයාලට තිත්ති පැටියෙක් හම්බ උනාම එකට දෙන්නන තියෙන දෙතිස් වදේම දෙනවා. (දී)

:       0       0

මධු Thursday, 14 August 2014 08:24 AM

හැමෝම මෙහෙම එන්න ගනීද දන්නේ නැහැ (දී)

:       0       0

නලින් Thursday, 14 August 2014 08:24 AM

අනේ මන්දා මොනවද මේ වෙන්නේ (දී)

:       0       0

නෙහාරා Thursday, 14 August 2014 08:24 AM

කමිසය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි (දී)

:       0       0

නුවන් Thursday, 14 August 2014 08:24 AM

ලොකු ලොකු අපරාධ කාරයෝ ඇතිවෙන්නේ මේවගෙන් තමයි (දී)

:       0       0

සඳුන් Thursday, 14 August 2014 08:25 AM

මේ ලඟදි විල්පත්තුව අක්කර ගණනින් විනාශ කරනකොට මේ වගේ අත්අඩංගුවට ගත්තේ නැනේ. (දී)

:       0       0

නිරං සෞදි Thursday, 14 August 2014 08:32 AM

මේ විදිහට ක්‍රියාකිරීම වැරදියි ඔහුට නිසි ඇදුමක් දීමට තිබුනා මේවගේ දේවලින් දරුණු අපරාද කරුවන් ඇතිවීමට මගක් ඇතිවීමට පුළුවන් මීට වඩා බුද්ධිමත්ව බලදරියෝ රාජකාරි කල යුතුයි (දී)

:       0       0

නිහාල් විතානගේ Thursday, 14 August 2014 08:48 AM

කමිසයක් ඇඳගන්න වෙලාවක් තිබිලා නැද්ද? (නි)

:       0       0

ජගත් Thursday, 14 August 2014 08:49 AM

මේවා දකිද්දී කලකිරෙනවා (දී)

:       0       0

කුමාර Thursday, 14 August 2014 08:54 AM

නීතියට ගරු කරන්න (දී)

:       0       0

ලයනල් Thursday, 14 August 2014 08:58 AM

කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 14 August 2014 09:04 AM

නිලධාරීන් හරියට රාජකාරි කිරීම රටට ආඩම්බරයකි,ඔබ සැමට ප්‍රණාමය, (දී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 14 August 2014 09:09 AM

ආහාරගනිමින් සිටි අපරාදකරුවෙක් අල්ලපු අවස්‍තාවක ඔහු එය නිමකරනතුරු බලාසිටි පොලිස්නිලදාරින් සිටිකාලයක් තිබුනා.උසාවිය වරදිකරුවෙක් කරනතාක් ඔහු නිවරදි කරුවෙක්. පොලිසියමීට වඩා ශිෂ්ට සම්පන්න වියයුතුයි (දී).

:       0       0

කනිෂ්ක Thursday, 14 August 2014 09:17 AM

උසාවියට අපහාසයක් කලා වගේ මට නම් හිතෙන්නේ (දී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Thursday, 14 August 2014 04:05 PM

තවත් වරක් පොලිසිය නීතිය අතට අරන් වගේ .මානව හිමිකම් කඩකිරීමක් .(අ)

:       0       0

රවින්ද්‍ර Thursday, 14 August 2014 09:30 AM

කමිසයක් අන්දලා උසාවි ඉදිරිපත් කළා නම් තමයි වටින්නේ...... (දී)

:       0       0

රවී Thursday, 14 August 2014 05:16 PM

උසාවියට කමිසයක් නැතුව ඇතුළුවෙන්න දෙනවද? (නි)

:       0       0

උඩුමලගල ගමගේ Thursday, 14 August 2014 09:42 AM

මෙන්න ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය. තංගල්ලේ සභාපති මාධ්‍ය වේදීන්ටවත් ලං වෙන්න නොදී ගිනියපු විදිය මතකයි නේද ?. මේ මනුස්සයා ඔය ඉඩම ගොඩ කරන්න ඇත්තේ ජීවත් වෙන්න ගෙයක් හදන්න නැත්නම් ගොවිතැනක් කරන්න. මේ මනුස්සයා හිරේ ගිහින් ඉන්නේ මුළු සමාජයටම වෛර කරමින්. "අපරාද කරුවන් සහජයෙන් බිහි නොවේ. කුසගින්නත්, දිළිඳු කමත්, සමාජ අසාදාරනයත් අපරාද කරුවන් බිහි කරනු ලබයි," (දී)

:       0       0

ධම්ම Thursday, 14 August 2014 09:41 AM

පහුගිය දවස්වල අප දුටුවා ස්ත්‍රී දුෂකයෝ, මිනීමරුවෝ ටයි කෝට් දාලා උසාවි ගේනවා. ඉතින් මේ මනුස්සයාට කමිසයක්වත් අන්දාගෙන ආවා නම් නේද හොඳ. (දී)

:       0       0

මෙවන් Thursday, 14 August 2014 09:43 AM

මට නම් පේන්නෙ අර පූසෙක් මී පැටියෙක් අල්ලාගෙන සෙල්ලම් කරන දර්ශනයක් වගේ. (දී)

:       0       0

රුවන් Thursday, 14 August 2014 09:41 AM

සඳුන්ගේ කතාව 100%ක් ඇත්ත. තවද කමිසයේ උඩ බොත්තම දාන්න අමතකඋනත් උසාවියට අපහාසකලා කියල රුපියල් 500ක් දඩ ගහනවනේ,මෙවනි දේ වලින් උසාවියට අපහාසයක් නොවේද?ලොකුඅපරාධ කාරයන් ටයි .කෝට්,දාල මගුල් ගෙවල්වල යන්න වගේ උසාවියට එන්නේ. (දී)

:       0       0

අබේරත්න Thursday, 14 August 2014 05:56 PM

කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Thursday, 14 August 2014 06:02 PM

සැකකරුවකු වැරදිකරුවකු වනතුරු නීතියෙන් ඔහුට මානුෂික අන්දමින් සැළකිය යුතුය (නි)

:       0       0

රූපවතී Thursday, 14 August 2014 06:08 PM

ඇයි මේ අසරණයා වැරදිකරුවෙක් වුවත් ඒ ආකාරයට ඔහුට කය වසාගන්නා තුරු නොසිටියේ ..? (නි)

:       0       0

සුනිල් Thursday, 14 August 2014 06:10 PM

වැරැද්ද දුටුතැන දඩුවම්දීමයි කළයුත්තේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2441 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1716 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5067 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3401 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3755 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site