IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


"කොමිස් ගත් බව ඔප්පු කළොත් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා"

වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට මහා පරිමාණ වී මෝල් හිමියකුවන ඩඩ්ලි සිරිසේන නැගූ චෝදනාව ඔප්පු කළහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී පාර්ලිමේන්තුවෙන් ද ඉවත්වන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ සහල් මිල වැඩිවීමත් සමග ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (ජනවාරි 03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

සිය සොහොයුරන්ට උපකාර කරන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගෙන් ඉල්ලා නොමැති බවත් ඔහු සඳහන් කළේය.

සහල් ආනයනය කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැඳවා ඇති බව කී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා සති දෙකක කාලයක් ඇතුළත විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට හැකිවනු ඇති බවත් පැවසීය.

ඒ හරහා සහල් මිල අඩු කර ගත හැකි වනු ඇති බවත් සහල් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(උපුටා ගැනීම බීබීසී සිංහල වෙබ් අඩවියෙනි.)



අදහස් (0)

"කොමිස් ගත් බව ඔප්පු කළොත් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා"

ගුණසිරි Tuesday, 03 January 2017 05:36 PM

ඔප්පුවෙන විදියට කවුද කොමිස් ගන්නේ? (නි)

:       0       0

ලලිත් Tuesday, 03 January 2017 08:44 PM

එහෙම ඔප්පු නොකොළොත් අස්වෙන්නේ නැහැ නේද? වෙන ආණ්ඩුවක් ආවොත් එ් පැත්තට මාරුවෙලා හරි ඉන්නවා නේද? (නි)

:       0       0

සිරි Tuesday, 03 January 2017 09:03 PM

මහත්තයෝ, බොරු බයිලා නැතුව තියෙන ප්‍රශ්නයට විසඳුම් හොයන එක නේද හොඳ? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 03 January 2017 10:14 PM

ඔප්පු කරන්න කොමිස් ගන්නකොට ඔබතුමාලා රිසිට් දෙන්නේ නැහැනේ. බොරු බණ අපිට වැඩක් නැත. සහල් මිල අඩු කරන්න බැරි නම් ගෙදර යන්න. ඉස්සර රාජපක්ෂ පවුල අපිව සූරාකෑවා. දැන් අනිත් අය අපේ බත්පතත් උදුරා ගන්න හදනවා (නි)

:       0       0

අලුගොල්ල Tuesday, 03 January 2017 10:42 PM

දේශපාලකයන් හොඳට තෙම්පරාදුවෙලා ඉන්නෙ. අහුවෙන්න කොමිස් ගන්නවද කවුරුවත්? (නි)

:       0       0

රුවන් Tuesday, 03 January 2017 11:44 PM

නඩුවක් දාන්න. එතකොට ඔක්කොම එළිවේවි! නිකම් බොරු එපා (නි)

:       0       0

බිමල් Wednesday, 04 January 2017 12:20 AM

හරි විදිහ නම් චෝදනාවක් එල්ලවුණාම ඇමතිකමෙන් අයින්වෙලා මධ්‍යස්ථ පරීක්ෂණයකින් පස්සේ නිදොස් කියලා ඔප්පු වුණොත් අායෙත් ඇමතිකම බාරගන්න එක. (නි)

:       0       0

සරා Wednesday, 04 January 2017 01:12 AM

බිල් දාලම වෙන්න ඇති ගන්න ඇත්තේ කොමිස් (නි)

:       0       0

ගුණරත්න Wednesday, 04 January 2017 01:15 AM

ඕකනේ මහත්තෙයා් කරන්න බැරි. ඔබතුමාලා රාජපක්ෂලා හොරකම් කෙරුවා කිවුවට ඔප්පු කරගන්න බැහැනේ. (නි)

:       0       0

නන්ද Wednesday, 04 January 2017 02:03 AM

"අහුවෙන්න, එහෙමත් නැත්නම් ඔප්පු කරන්න පුළුවන් තාලෙට කිසිම වරදක්, දුෂණයක්, වංචාවක් අපේ දේශපාලකයන් කරලා නැත" කියලයි ඡන්දදායකයෝ නම් කියන්නේ. (නි)

:       0       0

වෙදගේ Wednesday, 04 January 2017 03:16 AM

ඔප්පු කරන්න බැරිවෙන්න වැඩේ දෙන්න ඇති (නි)

:       0       0

වෙදගේ Wednesday, 04 January 2017 03:19 AM

නත්තලට අඩුකරන්න බැරිවුණ සහල් මිල පසුව අඩු කරන්නේ කොහොමද (නි)

:       0       0

සෙනරත් Wednesday, 04 January 2017 03:20 AM

පසුගිය කන්නයේ වී බියර් හදන්න විකිණුවේ කිලෝව රුපියල් 29 ගණනේ. එහෙම වෙළඳපොළේ මිලට අඩුවෙන් හොඳ වී විකුණුවේ කොමිස් නැතුවද? (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 04 January 2017 03:31 AM

මහින්දට හොරා කියපු සමහර අය දැන් ඇත්තටම හොරාකනවා (නි)

:       0       0

පද්මිණි Wednesday, 04 January 2017 06:39 AM

අහිංසක ජනතාව හිග නොකා හිගා කනවා. පම්පෝරිය නෙවෙයි මොන දෙයක් හරි කරලා අහිංසකයින්ට තුන්වේල කන බත් පංගුව හරිගස්සන්න. (ර)

:       0       0

චානක Wednesday, 04 January 2017 06:38 AM

මේවා ඔප්පු කරන්න ඕනේ නැහැ අපිට මේ ප්‍රශ්නෙට විසදුමක් ලැබුනොත් ඇති. (ර)

:       0       0

චාමික Tuesday, 03 January 2017 03:31 PM

ලංකාවේ ක්‍රමය අනුව ඔප්පු නොකරන කාරනා සම්පුර්ණයෙන් බොරුත් නොවෙයි. ඔප්පුකරන කාරණා සම්පුර්ණයෙන් ඇත්තත් නොවෙයි. (නි)

:       0       0

පාලිත Tuesday, 03 January 2017 03:55 PM

ඇමතිතුමනි, විකාර කියවන්නෙ නැතුව සහල් මිල අඩුකරන්න (නි)

:       0       0

සරත් Tuesday, 03 January 2017 04:37 PM

ඕවා ඔප්පු වෙන්න කරන දේවල්ද? (නි)

:       0       0

ජනහිත Tuesday, 03 January 2017 04:38 PM

මොන එකකටද තිබුන වී ටික සත්ව ආහාර වලට විකුණුවේ. මොනවටද ඔප්පු කරන්නේ? එහෙම කරලා නැත්නම් මේ සහල් අර්බුදයක් නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 360 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 798 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 125 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 585 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6752 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2215 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site