IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


කෑමෙහි පමණ නොදන්නෝ

රූප ආදි අරමුණු සුබ ලෙස                      තකන කම්මැළි නොදන්නා කෑමෙහි පමණ        ගැන වීරිය හීනයන් මැඬහෙළයිමරු                 අණ සුළඟබල ගස් මැඩ හෙළන                 විලසින ( කුඩා කළුමහ කළුහිමිවරුන් වෙනුවෙනි)

සඳැස් ගය- තිලක් නවරත්න
01. යමක වග්ගෝ 07. සුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියෙසු අසංවුතංභොජනම්හි ච අමත්තඤ්ඤූුං කුසීතංහීනවිරියංතං වෙ පසහති මාරො වාතො රුක්කංචදුබ්බලං 06. නිදාන කතාව බිරියන් අට දෙනකුට වැරැදුණු හැටි සේතව්ය නුවර දනවත් වෙළෙඳ පවුලක් හිටියා. මහ කළු,මද්දුම කළු,කුඩා කළු යැයි තුන් සෝවුරන් දැහැමින් වෙළෙදාම් කළා. කුඩා කළුහෙවත් චුල්ලකාලට බිරියන් දෙදෙනායි. මද්දුම කළුට බිරියන් හතර දෙනයි. මහ කළුට බිරියන් අට දෙනයි. මහකළුසොවුරාණන් බිරියන් අට දෙනකු සමඟ වාසය කළත් හරි ම දැහැමියි. පවු කම්හි බියයි. වෙළෙදාමෙහි සැවැත් නුවර ආ වරක දහම් අසා පැවිද්දට කැමති වුණා. මල්ලී ගෙන් පෙරැත්තයෙන් අවසර ලබා පැවිදි වුණා. කුඩා කළු මල්ලී ද පැවිදි වුණා. ඒ ‘කවර දා හෝ අයියා සිවුරු හරවා ගෙදර කැටුව යනවා නැතිනම් අපේ වෙළඳාමට මහ පාඩුවක්’යන යටි අරමුණ ඇතිව යි. කුඩා කළු හිමියන් ගේ හිත ගෙදරයි බිරියන් ළඟ යි. මෙනෙහි වන්නේ විඳි කම් සුව යි. වෙළෙදාම යි. බිරියන් ගැන ඉසි සිත යි. සැක සිත යි. ඒ කල සේතව්ය නුවර වැසියන් ගේ ඇරියුමින් බුදුරජාණන් වහන්සේ පන්සියයක් සඟ පිරිස ද සමඟ ඇට්ටේරිය වනයට වැඩමකළා. මහකළු, සුළු කළු දෙ නමත් ඒ අතර වැඩසිටියා. ඒ දෙනම ගේ ගිහි කල බිරියන් ඒ වග දැනැගත්තා. සුළුකළුබිරිය නිවට සැමියා ගෙදරට කැඳවා සිවුරු හරවා ගිහි ඇඳුමට බැස්සුවා. ඒ දුටු මහකළුබිරියන් අටදෙනා ද මහකළු හිමියන් ගෙදරට වඩම්මා වටකැරැ ගත්තා. ඒත් ඔවුනට ඒ රහත් වතට අත තබන්න වත් ඉඩ ලැබුණේ නෑ. මහකළු රහතන් වහන්සේ ඉදුහයෙන් වහල විවර කැරැගෙන අහසින් වැඩමකළා. බිරියන් අට දෙනා ලැජ්ජාවට පත්වුණා. දුබලයන් කෙලස් මරු වසඟ ව පිරිහෙන සැටිත් බලැතියන් කෙලෙස් මරු පරයා දිනන සැටියත් සිරිමුවින් ගැයුණා.



අදහස් (0)

කෑමෙහි පමණ නොදන්නෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 17 777 0

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්


යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා
2024 දෙසැම්බර් මස 17 744 0

මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය


නව කතානායකට පක්ෂ විපක්ෂ සුබ පැතුම්
2024 දෙසැම්බර් මස 17 422 0

නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු


නව කථානායක ජගත් වික්‍රමරත්න
2024 දෙසැම්බර් මස 17 1320 0

නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.


නව මන්ත්‍රීවරු හතරක් දිවුරති
2024 දෙසැම්බර් මස 17 715 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවු


අද හෙට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නෙ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 17 358 0

පාර්ලිමේන්තුව අද (17) රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම්


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 222 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 217 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site