එළඹෙන මහ කන්නයේ කුඹුරු ඉඩම් ලක්ෂ දෙදකට පමණ කාබනික පොහොර සකස් කර දීමට රජය පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් කීහ.
‘ග්ලයිෆොසේට් ඇතුළු තවත් ආසනික් ඇතුලත් කාෂී රසායනික බෙහෙත් ගෙන්වීම නතර කර තිබෙනවා. දැනට වගාවන් සඳහා යොදන ප්‍රමාණය සියයට අසූවකින් පමණ නතර කර තිබෙනවා. මේවා හොර පාරෙන් රටට එනවා ඇති කසිප්පු නතර කිරීමට බැරි වගේ මෙයත් සම්පුර්ණයෙන්ම නතර කරන්න අමාරුයි. ගැටළු තියනවා. එහෙත් ගොවි මහතුන් දැනුවත් කිරීම නිසා එය යෙදිම දැනටමත් සියයට අසූවකින් පමණ නතර කර තිබෙනවා.
පොහොර සහනාධාරය වෙනුවට ගොවියාට මුදල් ලබා දිමෙන් එම මුදලට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර මිළ දී ගැනිමට හැකියාව තිබෙනවා.අක්කරයකට කිලෝ 300 ක් පමණ ප්‍රමාණවත් වෙනවා. මේ සඳහා කාබණික පොහොර නීෂ්පාදනය කිරිමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.
වස විසනැති ආහාර සම්බන්දව අද සමාජයේ ලොකු උනන්දුවක් තියනවා. ඒවා සැපයිමට කටයුතු කිරීමෙන් ගොවියාට වෙළඳපොල ජය ගත හැකි වෙනවා.‘ යැයිද ඒ හිමියෝ පැවසූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කුඹුරු ලක්ෂ දෙකකට රජයෙන් කාබනික පොහොර‘
සෙන්සාන් Sunday, 04 September 2016 10:25 AM
මේ කටයුත්ත සාර්ථක වේවා! (නි)
සමීර Monday, 05 September 2016 02:15 AM
කාබනික පොහොර ටොන් ගණනාවක් නිපදවන්න ඒවායේ තත්වය පිළිබඳව සහතික කරන්න ලොකු වැඩසටහනක් ඕනෑ. තාම එහෙම සූදානමක් අපිට පෙනෙන්නේ නැහැ (නි)
පවනි Monday, 05 September 2016 03:14 AM
ඩයිපොසීන් කියන්නේ මොනවාද? මේ අළුත් එකක්ද? (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 04 September 2016 11:41 AM
මේ කරන්න හදන ශුද්ධ වූ කෘෂිකර්මය ඉතා අඩු ජනගහණයක් ඉන්නා බොහෝ වැවියහැකි ඉඩම් ඇති රටකට සුදුසුයි. දැන් කටවල් ගාණ වැඩිවෙන හැටියට මේ ක්‍රමය සම්පුර්ණයෙන් සාර්ථක කිරීම අපහසුයි නේද? (නි)
හිමාල් Monday, 05 September 2016 03:50 AM
වගා කරන්න ඕනෑ මිනිසුන්ට කන්න. එතකොට වස විස මිනිසුන්ට කවලා වැඩක් නැහැනේ. වස විස නැති වුණොත් ඵලදාව අඩුවෙනවා කියන්නේ රටින් වස විස ගෙන්වන සමාගම්වල ප්‍රචාරයක්. (නි)
සජිත් Monday, 05 September 2016 04:19 AM
කළොත් ඇත්තටම හොඳ වැඩක් මේ නිසා රටේ කුණු ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා (බ)
දුමින්ද Monday, 05 September 2016 05:18 AM
ජීවවායු නිපදවීමෙන් ඝණ කාබනික පොහොර, 20 ගුණයක් බලැති දියර කාබනික පොහොර මෙන්ම ගෝලීය උණුසුමද නැතිවනු ඇත (නි)