IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘කිඹුලා බනිස් කන සුද්දන්ගෙන් අපට වැඩක් නෑ‘

2015 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් විසි පන් ලක්ෂයක් කැඳවා ගැනීම අරමුණ බව රජය කියන නමුත් දැන් එන සංචාරකයන් ‘චූන් පාන්‘ වාහනෙන් කිඹුලා බනිස් කන ජාතියේ සුද්දන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා අකුරැස්සේ මාරඹ රැස්වීමකදී පැවසීය.

රෑ දහයක් තරු පහේ හෝටලයක ගත කළ හැකි සංචාරකයන් අවශ්‍ය බවත්, එවැනි සංචාරකයකුට අඩු ගණනේ රියදුරකු, කෝකියකු, වේටර්වරයකු හා කාමර පිරිසිදු කරන්නකු අවශ්‍ය බවත්, රැකියා ජනනය කළ හැකි වනුයේ එවැනි සංචාරකයන්ගෙන් බවත්, චූන් පාන් සංචාරකයන්ගෙන් රටට වැඩක් නැති බවත්,  ඔහු කීවේය.

අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි වනුයේ සල්ලිකාරයන්ට යැයි ද, ගණිකා වෘත්තිය වැඩිවී ඇතැයි ද කී අමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ අද කළ යුතු මූලික දේ වනුයේ ගස් වැවීම හා කෘෂිකර්මය දියුණු කිරීම යැයි ද, කෘෂිකර්මය අද ලාභදායි නොවන කර්මාන්තයක් වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

‘කිඹුලා බනිස් කන සුද්දන්ගෙන් අපට වැඩක් නෑ‘

හේරත් Saturday, 09 February 2013 12:37 AM

නරකද කොස් පොළොස් කන සුද්දෝ අමරිකාවෙන් ගෙන්වා ගත්තොත්, අතීතය අමතක වෙලාද, ලෝකට පරකාසේ ගෙදරට මරගා‍තේ. (ස)

:       0       0

කෝලිත Saturday, 09 February 2013 01:24 AM

සුද්‍දෝ කිඹුලා බනිස් කන්නේ ණයටද? (නි)

:       0       0

තිසල් Saturday, 09 February 2013 01:31 AM

ජේ.වී.පී. යේ කතා බොහොමයක් වැඩකට නැති වුණත් මෙතැනදී නම් ගතයුත්තක් තිබෙනවා. (නි)

:       0       0

ජීව Saturday, 09 February 2013 02:00 AM

ඇයි ඔය මහා සමාජවාදී රුසියාවෙන් එන්න කියන්න බැරිද තරු පහේ හෝටල්වල නතරවෙන්න. (ස)

:       0       0

කුමාර Saturday, 09 February 2013 02:00 AM

විදේශිකයෝ මොන වගේ අය උණත් තමන් කැමති භාණ්ඩ හා සේවා ලබා ගැනීමට නිදහස තිබිය යුතුයි (ස)

:       0       0

දමිත් Saturday, 09 February 2013 09:11 PM

වැදගත් මිනිසුන් සිටින අපිට උදව් කරන රුසියාව ඕකට ගාවගන්න එපා..!(නු)

:       0       0

දෝහා Saturday, 09 February 2013 10:05 AM

ඔන්න ඔන්න ඉතිං ඒකටත් කටුව ගහන්නයි යන්නේ. (නි)

:       0       0

තුෂිත Saturday, 09 February 2013 10:44 AM

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නගාසිටුවන තුරු අනාගයක් නැහැ.(නදී)

:       0       0

නාත් Saturday, 09 February 2013 11:50 AM

කතාව ඇත්ත, අනිත් රටවල ඩොලර් 100 පැකේජ් ගන්නේ . අපේ රටේ ඩොලර් 30, 40 පැකේජ් ගන්න පොරු ටුවරිසම් වැඩක් නැහැ තමයි.(නදී)

:       0       0

හේරත් එස් Saturday, 09 February 2013 12:03 PM

කිඹුලා කට ඇරියාම ඇහැ පේන්නෙ නැහැ.!(නු)

:       0       0

ෂා Saturday, 09 February 2013 12:20 PM

අනේ මොනවා හරි ලෙඩ ඇදගෙනම ඉන්න.(නදී)

:       0       0

අනුර Friday, 08 February 2013 03:58 PM

කිඹුලා බනිස් හරි කන්න සුද්දෝ එන එකත් වටිනවා. ජරා කතා කියන්න එපා. ජේ.වී.ඵී එකක් දැන් නැහැ කියලා අපි දන්නවා.(නදී)

:       0       0

සදුනි Friday, 08 February 2013 03:59 PM

දැන් අතීතය අමතකද? ඔබ තුමාගේ සහෝදරියත් මේකට වග කිව යුතුයි.(නදී)

:       0       0

ජානක Friday, 08 February 2013 04:02 PM

කවදටද මේවා වෙන්නේ. අපි බලාගෙන ඉන්නේ.(නදී)

:       0       0

සදරුවන් Friday, 08 February 2013 04:06 PM

සුද්දෝ යන්නේ ත්‍රීරෝද රථවල, මහා හිසරදයක්. තහනම් කරන්න.(නදී)

:       0       0

රන්ජන් Saturday, 09 February 2013 12:49 PM

වැදගත් විදියට කථා කරන්න. ඒක වටිනවා. (ස)

:       0       0

කුරුවිට Friday, 08 February 2013 06:26 PM

මෙයාලා ආණ්ඩුවට කිට්ටුවෙන්න වගේ හදන්නෙ..!(නු)

:       0       0

ගාමිණී Friday, 08 February 2013 06:40 PM

සංචාරකයෝ ජේ.විපී එකේ අය වගේ ධනවත් පන්තියේ අය නෙමෙයි.. ඒ අය නිර්ධන පන්තියෙ අය..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Friday, 08 February 2013 07:06 PM

එහෙනම් මෙයාලට ඕන ගල් බනිස් කන සංචාරකයන්ද? පහු ගිය කාලෙ දාපු තුණ්ඩු කෑලි නිසා තමයි ආව සංචාරකයොත් නතර උනේ..!(නු)

:       0       0

ෂාමල් Friday, 08 February 2013 07:07 PM

නිකරුනේ රජයට දොස් කියන්න එපා (නු)

:       0       0

සෝමවංස Friday, 08 February 2013 07:17 PM

ජනතා විමුක්ති පෙරමුණ කවදත් කියන්නේ මේ වගේ කථාවක් තමයි.සැම විදේශිකයෙක්ම සල්ලිකාරයෝ නොවේ සැවොම බලන්නේ අඩුවේන් වියදම් කරලා වැඩි ප්‍රයෝඡනයක් ගන්න විදේශිකයෙක් අවේ නැත්නම් ඒ පාඩුව අපිට මිස ඔහුට නෙවේ. රජය බැහැ සල්ලිකාර විදේශිකයන් විතරක් ගෙන්වන්න. මේවගේ කථා කියන දේශපාලකයන් ඉන්න කන්නම් රට ගොඩගන්න බැහැ. (නු)

:       0       0

රුසෙල් Friday, 08 February 2013 07:19 PM

සංචාරකයන් ලංකාවට එන්නේ බර්ගර් කන්න නෙවෙයි අමරසිංහ මහත්තයෝ..!(නු)

:       0       0

ධම්මි Friday, 08 February 2013 07:21 PM

ඔයාලාගේ වැඩකටයුතු අපට තාම හොදට මතකයි..!(නු)

:       0       0

ඩයස් Sunday, 10 February 2013 05:19 AM

මට පේන හැටියට නම් සුද්දෝ කෙසේ වෙතත් අපේ රටේ කට්ටිය නම් කිඹුලා බනිස් වලට ආසයි වගේ. මොකද කිඹුලා බනිස් වල ඉස්සරහා පස්ස කියලා වෙනසක් නැහැ, ‍සමහරුන්ගේ ප්‍රතිපත්ති වගේ.

:       0       0

ලලිත් Saturday, 09 February 2013 01:49 PM

කියන්න කියන්න අහගෙන ඉන්නේ. (ස)

:       0       0

එරංග Monday, 11 February 2013 12:27 PM

දැන් ඉන්න සුද්දෝ ඒ කාලේ අය වගේ නෙමෙයි. එයාලා ගූගල් කාලා බලලා හොයලා තමයි මෙහේට එන්නේ. (නි)

:       0       0

කමල් Friday, 08 February 2013 07:50 PM

ඇයි ළගදී පත්තෑයෙක් දාලා නව නිෂ්පාදනයක් කරලා තිබුණේ? (නි)

:       0       0

ඩේවිඩ් Friday, 08 February 2013 07:51 PM

සුද්දා ලංකාවට ඇවිත් බනිස් කන්නේ වීසා වලට සල්ලි ගෙවලා ඇවිත් මිසක් නිකන් ණයට නෙමෙයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 09 February 2013 02:22 PM

ලංකාවේ ආර්ථිකය නගාසිටුවන්න පුළුවන් කෘෂිකර්මානත්යෙන් විතරයි. මම ලංකාවට ආවම ඒ සදහා දායකත්වයක් ලබා දෙනවා.(නදී)

:       0       0

කුසල් Friday, 08 February 2013 08:22 PM

එහෙනම් දැං ඕන හැම් බේකන් කන අයද?(නු)

:       0       0

කුමාර Friday, 08 February 2013 08:22 PM

එහෙනම් හැම් බේකන් කන සංචාරකයොද ඕන.. අනේ තවත් රටේ ජනතාවට විහිළු සපයන්නෙ නැතිව ඇත්ත වාමාංශික සංවිධානයක් දැංවත් පටන්ගත්තොත් හොදයි නේද? (නු)

:       0       0

ටිකිරි Sunday, 10 February 2013 09:10 AM

සෝමවංශගේ කතාව හරි. පිටකොටුවේ දුම්රිය ස්ථානය ලග පැයක් හිටගෙන හිටියනම් බලාගන්න තිබුනා අපේ රටට එන විදේශිකයින්ගේ තරම.(නදී)

:       0       0

අනුර Friday, 08 February 2013 08:48 PM

ත්‍රීවීල්වල යන එක දුකනම්.. ලක්සරි කාර් එකක් දෙන්නකෝ..(ස)

:       0       0

කීර්ති දිසානායක Friday, 08 February 2013 08:48 PM

කිඹුලා බනිස් ගෙඩියක් හරි වැඩියෙන් විකිනෙනවානෙ.ඒකත් ලොකු දෙයක්. (ස)

:       0       0

මහවැලි Friday, 08 February 2013 08:53 PM

සෝමදාස මහත්තයාට 89කරපුවා අමතකවෙලා වගේ.. (නු)

:       0       0

කුරුවිට Saturday, 09 February 2013 03:17 PM

අමතක වුනාද 1988, 1989 කාලේ කිඹුලා බනිස් නෙමෙයි රෝස් පාන් කන්නවත් සංචාරකයෝ හිටියද?(නු)

:       0       0

ඉෂන්ත Saturday, 09 February 2013 03:26 PM

කථාව සමාජවාදෙ ගැන කත් අදින්නේ දනපතිවාදයට (ස)

:       0       0

උපුල් Friday, 08 February 2013 09:26 PM

මේවා ජනතාවගේ අත්පොලසන් බලාගෙන චූන් කරන්න කියන කතා. සංචාරකයන් සංඛ්‍යාව අමතක කරන්න. රටට ලැබිලා තියෙන ආදායම සන්සන්දනය කරන්න.(නදී)

:       0       0

තුෂිත Friday, 08 February 2013 09:28 PM

දෙපිටකාට්ටු කතා. සල්ලිකාර සංචාරකයින් ඕනලු. අදි වේගී මාර්ගය හදලා තියෙන්නේ සල්ලිකාරයින්ට විතරලු.(නදී)

:       0       0

ඊ එම්ඩී Friday, 08 February 2013 09:28 PM

ධනපති පංතිය බංගවේවා කිවිව නිසා ධනපතියෝ අඩුවෙලා වෙන්න ඇති.(ස)

:       0       0

අජිත් Sunday, 10 February 2013 10:16 AM

එහෙම කියන්න එපා අනේ. පනස්දහස් වෙනියා, ලක්ෂෙ වෙනියා ලෙස ලංකාවට එනකොට ඒ ගොල්ලන්ව පිලිගන්න බෙර ගහලා නටලා පිනුම් ගහලා ලක්ෂ ගනන් වියදමි කරන්නේ.(නදී)

:       0       0

මංගල Saturday, 09 February 2013 04:20 PM

අමරසිංහ මහත්තයෝ, සුද්දෝ ආවොත් සුද්ද කරන එක අපි බලාගන්නම්.(නදී)

:       0       0

ලාල් Friday, 08 February 2013 10:15 PM

මෙ කතා හරිම අප්‍රියයි නේද ?(ස)

:       0       0

දිලිඳු Friday, 08 February 2013 10:21 PM

කිඹුලා බනිස් කාලා ත්‍රීවිලර් එකේ යනකොට අපේ බේකරි හිමියන්ට සහ ත්‍රීවිල් හිමියන්ටයි තමයි වාසි...(ස)

:       0       0

පුෂ්පා Saturday, 09 February 2013 04:54 PM

මොන සොමවංශ අමරසිංහද මේ කතා කරන්නෙ? ඇහුවට තරහ වෙන්න එපා, මම එහෙම ඇහුවෙ මේ හාදයට මුහුණු කීපයක් තියෙන නිසා!(නදී)

:       0       0

ජයා Friday, 08 February 2013 10:24 PM

පවතින රජයක් කරපු එක වැඩක් හොඳයි කියා තමුන්ලා කියල තියෙනවනම් පෙන්නලා දෙන්නකෝ.මුල් අවදියේනම් ජේ.වී.පි එකේ කිසියම් ගතයුත්තක් තිබුන.දැන්නම් කුහක දේශපාලනය කරන අංක එකේ පක්ෂය වෙලා.සංචරකයින් වැඩි වශයෙන් එන එකත් දරාගෙන ඉන්න බැරිවට කියන කතානේ.රටට හොඳක් වෙනවා දකින්න අකමැති දේශපාලකයොත් එක්කනේ අපට මේ ගමන යන්න වෙලා තියෙන්නේ.(නු)

:       0       0

තිලකගේ Friday, 08 February 2013 10:41 PM

විදේශිකයෝ දැං හොදටම සුද්ද වෙලා ඉවරයි.. එහෙ ජීවිත ගැටගහ ගන්න බැරිවයි මෙහෙ ඉන්නෙ.. ලංකාව සංචාරක කර්මාන්තය හරියට කාන්තාවන් රට යවලා සල්ලි ගේනකං බලඉන්නවා වගේ වැඩක්.. රටේ ආදායම වැඩිකරගන්න.. රට දියුණු කරන්න ලේසියි වැඩකරන අය වැඩි කළොත්..!(නු)

:       0       0

ජානක වෙනීසිය Friday, 08 February 2013 10:42 PM

ජවිපෙ ඇදුම් ඇදගෙනද කතාකරන්නේ කියලා බලන්න..!(නු)

:       0       0

ලාරා කෑගල්ල Friday, 08 February 2013 11:28 PM

ඔබතුමාලගේ කාලෙ කිඹුලා බනිස් තියා ගල් බනිස්වත් කන්න සංචාරකයන් ආවාද? ඉස්සර වගේ නෙමෙයි දැං බුද්ධිමත් ජනතාවක් ඉන්නේ කියලා මතක තියාගන්න..!(නු)

:       0       0

දාස Friday, 08 February 2013 11:40 PM

ඒ කියන්නේ දානපතියන් හොඳයි. හිඟන්නෝ නරකයි. හොඳයි හොඳයි ඔහොම යන්..(ස)

:       0       0

chandra (usa) Friday, 08 February 2013 11:41 PM

halo, kebulabanis keyanney wathaya wage nomiley pariharanaya karanadeyakkda?.......... modachuun kata...

:       0       0

දේවානන්ද හිමි Saturday, 09 February 2013 12:12 AM

කිඹුලා බනිස් කන්න හරි විදේශිකයන් අප මාතෘභූමියට පැමිණෙන ඒක ලොකු දෙයක්. මන්දයත් කලක් විදේශිකයන් ලංකාව දෙස හැරී නොබලපු වකවානුවක් තිබුණානේ .ඒ තමයි යුද්ධය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 690 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 527 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1609 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1357 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site