අනියම් සැමියාද සමඟ එක්වී උපන් හැටියේ දරුවෙකු දින තුනක් තිස්සේ මාතර බ්‍රවුන්ස් හිල් ලඳු කැළැවක දැමු බව කියන තුන් දරුමවක ඌරුබොක්කේදි සැකපිට අත්අඩංගුවට ගත්බව ඌරුබොක්ක පොලිසිය කියයි. කූඹියන්ගේ දෂ්ඨ කිරීමට ලක්වු දරුවා දැන් සුවසේ මාතර රෝහලේ පසුවෙයි දරුවාගේ මව වෛද්‍ය පරීක්ෂණයකින් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවිමට නියමිතය
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කූඹි කැළේ බබාගේ මව අල්ලයි
රජන්ත Sunday, 01 April 2012 06:15 PM
ඔය වගේ අම්මලට සීනි දාලා වෙඩි තියන්න ඕනේ කූඹි කාලා මැරෙන්න.
ජයකොඩි Sunday, 01 April 2012 07:01 PM
කපන්න ඕනේ.
රංගා ශානි. Sunday, 01 April 2012 07:06 PM
අනේ මෙහෙමත් අම්මලා. දෙන්න එපා දරුවා අම්මට
නිස්සංක Sunday, 01 April 2012 07:38 PM
විවාහයෙන් පසු පමණයි බිරිදක් හෝ සැමියෙක් වන්නේ. තෙවැනි පාර්ශයක් ඇති වුවහොත් එය පීඩාවිදින දෙයක්.
චන්දවිමල හිමි. Sunday, 01 April 2012 07:39 PM
ඔය අම්මණ්ඩිගේ කිරිත් විස ඇති. මෙහෙමත් අම්මලා. ප්‍රේත වස්තුවට තවත් කතාවක් මේක. හරිම අප්‍රසන්නයි.
සෙනරත් යාපා Sunday, 01 April 2012 08:33 PM
ගහක බැදලා ලොකු දිමිගොට්ටක් දාන්න ඕනේ මේ ගෑණිට, කවදාවත් දරුවෝ නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
දළු බණ්ඩා Sunday, 01 April 2012 09:03 PM
ඒක එක කථාවක් විතරයි. තව කොයි තරම් අම්මලා දරුවෝ දාල යනවද ? මැරෙනවද ? ඇයි මේකට හේතුව ? විසදුම මොකක්ද ? රජයට බරයි.
මාලදිවයිනේ සිට, චූලරත්න Sunday, 01 April 2012 09:34 PM
ඔයවගේ ගෑණු ලංකාවෙන් තුරන් කරන්න ඕන. අපේ රටට ආදර්ශයක් වෙන්න ලංකාවේ කියන්නත් පිළිකුල්.
ජූඩ් -ජේ පැරිස් නුවර සිට Sunday, 01 April 2012 09:39 PM
දරුවාව මරන්න හිතක් අපු නැති එක්ක ,පුදුම වැඩක් ..මෙවන් දේවල් ඇසීමට නොලැබේව ..!!!!
උදයකාන්ත , ඇෆ්ගනිස්ථානයේ සිට Sunday, 01 April 2012 09:51 PM
එයා කළ අපරාධයට බුද්ධාගමේ හැටියට මේ ආත්මයේදීම පඩිසන් දෙනවා.
සමන් ඩුබායි. Sunday, 01 April 2012 09:52 PM
අම්මා බුද්ධියෙන් අඩු ඇති. දරුවා මෙළොවට බිහි කළ පින ඇයට තියෙනවා. එයා හොරෙන් හරි කිරි දෙන්නත් ඇති.
ඩිල්ශාන් Sunday, 01 April 2012 09:59 PM
මේ අපේ සමාජයේ දේශපාලනික වශයෙන් සිදුවන විනාශය පිළිබද විශාල චිත්‍රයයි. ජීවත් වන්න සල්ලි නැහැ. ජනතාවට මානසිකව සහ ආර්ථික වශයෙන් සුවදායී ජීවිතයකට රජයෙන් කිසිදු සහයෝගයක් නැත. අපේ මිනිසුන්ට සිදුවන්නේ මියයන්නට පමණි. මෙය ඉතාමත්ම කණගාටුදායක පුවතක්. නමුත් මේ එහි ප්‍රථම පුවතත් නොවේ.
ප්‍රේම් Sunday, 01 April 2012 10:21 PM
නිසි දඩුවම් දෙන්න ඕන, ඔය වෙගේ අය රටටම වදයක්.
මොහොමඩ නිසාම් Sunday, 01 April 2012 11:52 PM
.මෙවන් දේවල් ඇසීමට නොලැබේව ..!!!!
සාගා Monday, 02 April 2012 12:30 AM
ඩිල්ශාන් හරි.
මනෝෂ් Monday, 02 April 2012 12:35 AM
මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි.
සුරේකා Monday, 02 April 2012 12:58 AM
දෙන්නම පව්.
නලින් Monday, 02 April 2012 03:48 AM
මේ වගේ දේවල් වලට රජයට බැනලා වැඩක් නැහැනේ. මොකද රජය කියලා නැහැ අනියම් සම්බන්ධකම් හදාගෙන ළමයි බිහි කරන්න කියලා. සමහරුන්ට ප්‍රශ්නයක් හරියට තේරුම්ගන්නවත් බැරි බව තමයි මට නම් පේන්නේ. කොහොම වුනත් මේ වගේ ගෑණුන්ට නම් නිසි දඩුවම් ලැබෙන්න ඕනෑ.
ප්‍රභාත් Monday, 02 April 2012 04:26 AM
කතෝලික පල්ලියට බය නොවී ආණ්ඩුව ගබ්සාව නීති ගත කළොත් මේවා අඩු වේවි. ඉපදිලා දුක් විදිනවට වඩා හොදයි ගබ්සා කරන එක.
අජන්ත Monday, 02 April 2012 04:59 AM
ඩිල්ශාන්ට පිස්සු. මේක එහෙම එකක් නෙවෙයි. හොරකම වහගන්න කළ දෙයක්. සංස්කෘතියට පටහැනි නිසා.
සෝමා Monday, 02 April 2012 06:01 AM
දරුවගේ තාත්තට හෙන ගහලද ? ඒකා කොහේ ගිහින්ද ? ඒ කාලකණ්ණියාට දරු කැක්කුමක් නැද්ද ?
සමිත් Monday, 02 April 2012 06:06 AM
අම්මයි තාත්තයි දෙන්නම අල්ලලා නිසි දඩුවම් දිය යුතුයි.
රොශාන්ත Monday, 02 April 2012 07:06 AM
ඩිල්ශාන් ඔබ හරි. ඔබ සදහන් කල කරුණුත් මේවට බලපානවා.
සංජය දිසානායක Monday, 02 April 2012 07:21 AM
අම්මට මාර වැඩේ තමයි. දරුවගේ ලග තියාගත්තොත් අවජාතකයෙක් බිහිකරපු ගෑණි කියලා බැනලා දරුවව ඉස්කෝලෙකටවත් ගන්නේ නැතුව කොන් කරනවා. ඒකෙන් බේරෙන්න දරුවව ඈත් කලොත් යක්ෂ ගෑණි කියලා බණිනවා. මේ තත්වෙට පත්කරපු සමාජයට බනින්න කවුරුත් නැහැ.
තරිදු Monday, 02 April 2012 07:26 AM
මරන්නම ඕන කපල නෙවෙයි.
සසර Monday, 02 April 2012 08:18 AM
සංජය දිසානායක, ඔය කියන දේත් ඇත්තක් තියෙනවා. ඕකට සම්බන්ධ පුරුෂයාට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. මම නම් කියන්නේ හැම වැරදි ගැහැණියක් පිටිපස්සේ වැරදි පිරිමියෙකුත් ඉන්නවා.
හේවින් සුජිත Monday, 02 April 2012 08:20 AM
මෙතන වරදක් තියෙනවා තමයි. හැබැයි එම වැරැද්ද කරන්නත් හේතුවක් ඇති. මම අම්මා කරපු වැඩේ සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඒත් අම්මට බණින අය එයා දරුවා දාල ගිය හේතුව හොනවනම් තමයි හරි. මගේ ප්‍රතිපත්තිය මේ වගේ නිවුස් අහන්න නොලැබේවා කියන එකයි.
ඩබ්.ඒ.ප්‍රභාත් Monday, 02 April 2012 08:34 AM
කරන්න ඕන හොදම දේ තමයි අම්ට දරුවා හදාගන්න බැරිනම් හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න. පවු දරුවගේ අනාගතය.
චන්දු Monday, 02 April 2012 08:53 AM
යකෝ. දිල්ශාන්ට ආච්චි වැහිලද ? ළමයි හදලා කැලේ දාලා යන එකටත් රජය පලිද ? එහෙනම් හැම අම්මම දරුවෝ කැලේ දාලා යන්න ඔ්න ආර්තික ප්‍රශ්න කියලා. ඩිල්ශාන් හරි කියලා තියෙන්නේ ප්‍රශ්නේ මොක වුනත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න රනිල්ගේ එහෙයියෝ ටිකක්.
පිස්සා Tuesday, 03 April 2012 09:02 AM
මචං දිල්ෂාන්ට මොකුත් කියන්න එපා. මහේල අයිමත් කැප්ටන් උනනිසා දිල්ෂාන් ඉන්නෙ අප්සෙට් එකේ.. හික්ස්
Nirmala Tuesday, 03 April 2012 09:09 AM
ඩිල්ශාන්, සංජය දිසානායක, හේවින් සුජිත ඔයාලා හරි.