උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'අද' පුවත්පතේ අමිත් මධුරංග මාධ්‍යවේදියාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමේ සිද්ධිය හෙළා දකිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කළේය.
තම හිතවතෙකුට කැළණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා නිකුත් කළ ලිපියක් ගැන දුරකතනයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී එම මාධ්‍යවේදියාට බැණ වැදුණු බව එම නිවේදනයේ කියයි.
තමාට ලැබුණු ප්‍රවෘත්තිය ගැන අනෙක් පාර්ශවයෙන් විමසමින් සමබර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට බැණ වැදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් කරයි.
කිරිඇල්ල මහතා එම ලිපියෙන් කියා ඇත්තේ අදාල තනතුර පිරිනැමීමේදී එම පුද්ගලයාගේ සුදුසුකම් සැලකිල්ලට ගන්නා ලෙසය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිරිඇල්ලගේ ක්‍රියාව හෙළා දකී
බමුණු ආරච්චි Tuesday, 01 March 2016 11:49 PM
හැබැයි මේගොල්ලෝ හැසිරෙන්නේ ශාන්ත දාන්ත මිනිස්සු වගේ. මේගොල්ලොත් එක්ක වැඩට බභින්න ඕනෑ කියන අසභ්‍ය වචන බලන්න. (නි)
ජනහිත Wednesday, 02 March 2016 12:32 AM
ලොක්කට පුලුවන් නම් පොඩ්ඩට බැරි මොකද? අවුරුදු 20 කට පස්සේ ආ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් ඕනෑනේ. (නි)
මුණසිංහ Wednesday, 02 March 2016 12:47 AM
එයා එහෙම කතා කියන්න හරි දක්ෂ බව 2009 ඉඳලම පෙන්වා තියෙන බව මතක නැද්ද? මෙහෙම අයට හොඳම ඇමතිකම මහාමාර්ග විතරයි. මොකද පාරේ තොටේ රස්තියාදුකාරයෝ කියන කතානේ කියන්නේ. විශ්ව විද්‍යාල නම කියන්නවත් එපා මින් මතුවටවත්. (නි)
පිටබැද්දර ජයා Wednesday, 02 March 2016 01:06 AM
මතක තියාගත්තොත් හොඳයි. මීටවඩා කුණුහරප කී අය අගෝස්තු 17 සහ ජනවාරි 09 වෙනිදා ගෙදරම ඇරියා හොඳේ ! ජනබලයට ඔය කොයි බලයත් යටයි (නි)
ජයන්ත Wednesday, 02 March 2016 01:30 AM
මෙයා ගැන ඉතින් අපිට කියන්න එපා. මේවගේ කටවල් බොහොම සුළුතරයක් තමයි තියෙන්නේ. දන්නා වචන ටික ඉතින් කියලා දාන්න ඇති. (නි)
කළ්‍යාණි Wednesday, 02 March 2016 01:40 AM
අමාත්‍යවරයෙක් විදියට හැසිරෙන්නේ නැත්නම් ජනතාව ඔබ ගැන තීරණයක් ගනීවි (නි)
ප්‍රසන්න Wednesday, 02 March 2016 01:33 AM
කලබල වෙන්න එපා. මේ යහපාලනය නොවැ (නි)
කලණි විතානගේ Wednesday, 02 March 2016 01:37 AM
හිටපු කණ්ඩායම ගෙදර යවලා යහපාලනය තෝරාගත්තේ කුණුහරුප අහන්න නෙමෙයි. (නි)
නිහාල් Wednesday, 02 March 2016 07:27 AM
කලබල වෙන්න එපා මල්ලිලා.ඕන කෙනෙකුට ඕනෑ දෙයක් කින්නත් පුළුවන් (ම)
අානන්ද Wednesday, 02 March 2016 02:46 AM
එක් වැරැද්දක් වසා ගන්නට ගොස් වැරදි දෙකක් සාදා ගත්තා කිව්වලු (නි)
රකිත් Wednesday, 02 March 2016 02:51 AM
මොනවා කියලද බැන්නෙ? (නි)
දුමින්ද Wednesday, 02 March 2016 03:08 AM
යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි දැන් අපිට පෙනෙනවා (නි)
අසංක Wednesday, 02 March 2016 03:16 AM
අපිත් හෙළා දකිනවා (නි)
සකුන්තලා Wednesday, 02 March 2016 03:27 AM
අජිත් රණසිංහ මහත්මයා කිරි ඇල්ල ඇමතිතුමාගේ හෙන්චයියෙක් පාටයි. නියම ජනමාධ්‍ය කරුවන්ගේ වගේකීම දූෂිත දේශපාලඥයින් ආරක්ෂා කිරීමවත්, ඔවුනට ගොට්ට අැල්ලිමවත් නොව අමිත් මධුරංග මාධ්‍යවේදියා සිදුකළ ආකාරයට විචාර බුද්ධියෙන් කරුණු සොයා බලා, මහජනතාව වෙත ඇත්ත ඇතිසැටියෙන් දැනගැනීමට සැලසීමයි.අමිත් මධුරංග මාධ්‍යවේදියා ඔබට තුති. (බ)
ඉෂාන් සංජීව Wednesday, 02 March 2016 03:51 AM
කොහෙවත් ඉන්න කබ්බෝ ෆෝම් කළාම ඔහොම තමයි...මහලොකු යහපාලනය...(බ)
නාලක Wednesday, 02 March 2016 04:15 AM
යහ පාලනය රෙද්ද පල්ලෙන් බේරෙන එකට දුමින්දට සතුටු ඇති. කොහොම වුනත් මේ වගේ මුසල මන්ත්‍රීවරුන් නිසා තමයි ආන්ඩු එපා වෙන්නේ මිනිසුන්ට (බ)
නලීන් Wednesday, 02 March 2016 09:31 AM
ඕනෑ කෙනෙකුට පත්කිරීම් කරන්නත් පුළුවන්නේ (නි)
රංග Wednesday, 02 March 2016 04:55 AM
නොමග නොයන් පුතේ නුඹට පාමංකඩ , තොප්පිගල වනාන්තර ඇතේ (බ)
නිලූ Tuesday, 01 March 2016 04:03 PM
අපේ එස් බී ඇමතිතුමා තව හොඳයි කියලා හිතුනා මේක ඇහුවට පස්සේ. (නි)
චතුර Tuesday, 01 March 2016 04:05 PM
නියම අධ්‍යාපන ඇමති! (නි)
අන්තෝනි Tuesday, 01 March 2016 04:25 PM
මේ වගේ අයට අධ්‍යාපන ඇමතිකමක් දීමත් වැරදි වැඩක්. එතකොට පොඩි අයත් කුණුහරප කියන්න ගනීවි (නි)
අජිත් රණසිංහ Tuesday, 01 March 2016 05:08 PM
මේකෙන් පැහැදිලිවෙන ප්‍රධානම කරුණ නම් තම වෘත්තිය, විෂය හෝ රාජකාරිය පිළිබඳ හරි අවබෝධයක් නොමැතිකම. සියලුම දන්තයන් සොයා නොගෙන කුමක් හෝ කම් නැත යන පහත මට්ටමක සිට කටයුතු කිරීම. සියලුම තරුණ ජනමාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් සහ ආයතන සංග්‍රහ පනතක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කර විශේෂ විශ්ව විද්‍යාලයක සහතිකයක් හෝ අමාත්‍යංශ විශේෂ බලපත්‍රයක් මඟින් ක්‍රියාකිරීමේ කාලින අවශ්‍යතාවයක් තිබෙන බව පෙනේ (නි)
මහින්ද සෞදි Wednesday, 02 March 2016 05:30 AM
කතා කරනකොට කිසිම චාරයක් නැහැ (නි)
ගිහාන් කාංචන Tuesday, 01 March 2016 06:51 PM
නොමඟම යන් පුතේ, නුඹට රටක් නැතේ. (නි)
ඩිලාන් Tuesday, 01 March 2016 08:59 PM
අපිත් හෙළා දකිනවා (නි)
ශානක Tuesday, 01 March 2016 09:50 PM
මම ලොකුවට යහපාලනය වෙනුවෙන් කතාකරන මිනිස්සු යහපාලනය වෙනුවෙන් කරන දේවල් තමයි මේ (නි)