IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කිරිකැටියා පාරේ දමා ගිහින්

නම හා උපන්දිනය ලියූ ලිපියක් ද සමඟ වත්තල නායකකන්ද යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකාගාරය ඉදිරිපිට අතරමංකළ තුං හැවිරිදි දැරිය පානදුර ප්‍රජාපති ළදරු නිවසට බාර දෙන ලෙස වත්තල මහේස්ත්‍රාත් නියෝග කළේය.

මෙම දැරියගේ භාරකාරත්වය ගැන මෙතෙක් තොරතුරු ලැබී නැතැයි කියන පොලිසිය තොරතුරක් දන්නා අයකු වෙතොත් 011 29 30 222 හෝ 011 29 32222 අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලයි.

SCAN0000



අදහස් (0)

කිරිකැටියා පාරේ දමා ගිහින්

ටෙනිසන් Thursday, 10 December 2015 05:47 PM

සමහරු අහනවා මොන හිතකින් දාලා ගියාද කියලා. සහතික ඇත්ත. නමුත් මම නම් හිතන්නේ එම දෙමාපියන් හෝ එක් අයෙකු ඇය දමාගියේ යහපත් සිතින්. තමන්ට ඇය පෝෂණය කළ නොහැකි නම්, තවත් කෙනෙකු හට බාරදීමට නීතිය අනවශ්‍ය ලෙස හරස් වේ නම්, වෙන කුමක් කරන්නද? දියණියේ, ඔබට යහපත් අනාගතයක් සදාදීමට යහපත් අයෙකු හෝ යුවලක් හමුවේවා කියා පතමි. (නි)

:       0       0

මනෝරි Friday, 11 December 2015 05:07 AM

හදා ගන්න බැහැ කියල ළමා නිවාස වලට තමන්ගේ දරුවෝ දෙන්න බැරුව ඇති. එකය් මෙහෙම කරලා තියෙන්නේ. ඒ ගැන සමාවක් දෙන්න පුළුවන් (ම)

:       0       0

රංජිත් අතුකෝරල Friday, 11 December 2015 05:17 AM

මෙච්චර ලොකු කරලා දාලා යන්නේ හදාගන්න බැරි නිසයි. මේ අම්මා හොයලා එයාට දෙන්න එපා. නිවාසෙකට දෙන එක හොඳයි. මරන්නේ නැතුව දාලා ගිය එක හොදයි.(හේ)

:       0       0

ගයනා Thursday, 10 December 2015 06:23 PM

පුංචි දුවගේ මිලියන ගණනක් වටිනා සිනහව දැක්කම පපුව පත්තුවුණා. මේ වගේ දරු පැටියෙක් දාලා ගියේ ඒ අම්මා හිතකින් නම් වෙන්න බැහැ. මොනවාහරි අපහසුතාවයක් නිසා වෙන්න ඇති. තෙරුවන් සරණයි පුංචි දුවේ! දූ පැටියාට ආදරේ කරන රත්තරන් දෙමාපියන් දෙදෙනෙක් ලැබේවා! (නි)

:       0       0

අසේල සුරවීර Friday, 11 December 2015 05:42 AM

අහිංසක ළමයි දෙමාපියන්ගේ වැරදි (ම)

:       0       0

ලලීන්ද්‍ර Thursday, 10 December 2015 07:31 PM

මුහුණ දැක්කහම පපුව පිච්චිලා ගියා (නි)

:       0       0

චාමර ශ්‍රී Thursday, 10 December 2015 08:26 PM

තමන්ට ඇත්තටම හදාගන්න බැරි නම් කෙළින්ම කියලා නිසි තැනකට බාරදෙන ක්‍රමයක් ඇතිකළොත් නරකද , පස්සේ අනේ අපොයි කියනවට වඩා...... (නි)

:       0       0

සමන් Thursday, 10 December 2015 08:32 PM

අපිට දරුවෝ නැතුව අපි කොච්චර සල්ලි වියදම් කළාද? අනේ අපිට දරුවෙක් ලබන්න පින් නැතිවුණා. (නි)

:       0       0

වසන්ජය Thursday, 10 December 2015 10:11 PM

කිරිසප්පයට මොකුත්ම තේරෙන්නේ නැහැ .මීට පෙරත් එසැණ පුවත් සේවය දරුවන් අතැහර දමාගිය පුවත් වාර්තා කළා. ඇතැම් මවුපියන්ට දරුවන් හදාවඩා ගැනීම අපහසු විට, උදවු කිරීමට රජය මැදිහත් වෙනවා නම්, අසරණ දරුවන් මෙසේ අනාථ නොවනු ඇත. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 10 December 2015 10:10 PM

අනේ චූටි දුවේ, ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. මම ඉන්නේ පිටරට. කවදා හෝ මම ඔයා බලන්න එනවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 10 December 2015 10:29 PM

පිටබැද්දර ජයා, අපි දන්නා දන්නා උදවිය එකතුවෙලා මේ වගේ දරුවන්ට පිහිට වෙන්න අරමුදලක් හදනවා නම් මටත් මා ඉන්නා රටේ සිට මගේ විශ්‍රාමික දීමනාවෙන් මුදලක් පරිත්‍යාග කරන්න පුළුවන් (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 10 December 2015 10:51 PM

මේ දරුවා හදා වඩාගන්න ප්‍රශ්නයක් ඇති. නැත්නම් අම්මෙක් මේතරම් නපුරුවෙන එකක් නැහැ. බබාගේ නමයි, උපන් දිනයයි තියෙනවා නම් සියලුම කච්චේරි වල අවුරුදු 3ක් ඇතුළත පොත් පරීක්ෂා කළාම සියලු විස්තර හොයාගන්න පුළුවන්. ආපසු අම්මාට දෙන්න එපා. ළමා නිවාසය හොඳයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 10 December 2015 10:47 PM

ලංකාදීප පුවත්පත මෙවැනි සිත සළිතකරවන පුවත් ගැන අප දැනුවත් කරනවා. පාඨකයන් ලෙස අපිට බැරිද එකමුතු වී අගනා සමාජ මෙහෙවරක යෙදෙන්න? අපට දිය හැකි පමණින් ආධාර කරන්න පුළුවන්නේ.මම හිතනවා පිටබැද්දර ජයා වැනි අය මූලිකත්වය ගෙන ක්‍රියාකළොත් අපට හැකි අයුරින් අපි ආධාර කරන්නම්. (නි)

:       0       0

අජිත් Thursday, 10 December 2015 11:55 PM

පුලුන්වන් නම් මට දෙන්න හදාගන්න.අසරණ දරු පැටියා. (නි)

:       0       0

චමින්ද Friday, 11 December 2015 08:07 AM

මේ බබා මට හදාගන්න ගන්නේ කොහොමද? (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 December 2015 12:30 PM

අනේ මේ වගේ කිරිකැටියෙක් මොන හිතකින් දාලා ගියාද මන්දා? (නි)

:       0       0

ඉනෝකා Thursday, 10 December 2015 12:40 PM

කිරිකැටි සිනාව රටක් වටී මයේ පුංචි පැටියෝ....ඔයාට සැබෑ ආදරය කරුණාව දක්වන දෙමාපියන් යුවලක් හමුවේවා....!.(බ)

:       0       0

ඉනෝකා Thursday, 10 December 2015 01:00 PM

මේ දරුවාගේ ටිකිරි හිනාව දකිනකොට නම් මට හිතෙන්නේ මේ දරුවා වාසනාවන්ත දරුවෙක් කියලයි. මොකුත් අනතුරක් නොකර මෙහෙමවත් ආරක්ෂාකාරී තැනක දාලා ගිය එක ගැන සතුටු වියයුතුයි. කවුද දන්නේ හදාගන්න වත්කමක් නැතුව දාලා ගියාද කියලා. (නි)

:       0       0

රජින්ද Thursday, 10 December 2015 01:00 PM

පව් දෙවියනේ අහිංසක දරුවා. කාටවත් බැනලා වැඩකුත් නැහැ. රටේ අනාගතය මීටත් වඩා භයානක වියහැකියි. (නි)

:       0       0

ප්‍රියනන්ද Thursday, 10 December 2015 01:03 PM

අනේ පවු අහිංසක පොඩි දරුවා! (නි)

:       0       0

විරාජ් Thursday, 10 December 2015 01:08 PM

අනේ පව් දෙයියනේ! ළමා නිවාසෙකටවත් භාරදෙන එක හොඳයි (නි)

:       0       0

සංජීව Thursday, 10 December 2015 01:09 PM

අනේ පවු පොඩි එකී. මෙහෙම හරි දාලා ගිය එක ලොකු දෙයක් ගඟකට මුහුදට දාන්නේ නැතුව. (නි)

:       0       0

අනුර Thursday, 10 December 2015 01:29 PM

දරිද්‍රතාවය නිසා ලංකාවේ කාන්තාවන් දැඩි මානසික අවපාතයකට ලක්වෙලා. කොටසක් විශාල මුදල් උපයමින් දේශපාලනයේ, රජයේ රැකියාවල නියැලෙන අතර අනෙකුත් ජනතාව අපාදුක් විඳිනවා. (නි)

:       0       0

සුමිත් Friday, 11 December 2015 02:51 AM

චන්ද්‍රා වීරසිංහගේ අදහස ගොඩක් හොඳයි (නි)

:       0       0

බුද්ධික Friday, 11 December 2015 02:57 AM

ඇසට කඳුළුත් අාවා (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 11 December 2015 03:03 AM

ලංකාවේ අහිංසක ගැහැණුන්ට දරුවන්ට කන්න දෙන්න බැරි බව තමා මෙයින් පෙනෙන්නේ. (නි)

:       0       0

පතිරණ Thursday, 10 December 2015 02:02 PM

මොන හිතකින් මේවා කරනවද? (නි)

:       0       0

ආරියසේන Friday, 11 December 2015 03:33 AM

අහිංසක දරුවන්ට කරදරයක් නොකරපු එක හොදයි...සමහරු කරන්නේ හිත් පිත් නැති වාවන්නේ නැති දේවල් ..අනික රජයෙන් දරුවකු හදා ගන්න බැරි අයට විශේෂ වැඩපිළීවෙළක් හැදිය යුතුයි.(ම)

:       0       0

රකීත් Friday, 11 December 2015 03:37 AM

අවුරුදු තුනේ දැරියට උප්පැන්න සහතිකයක් තාම නැතුව ඇති. හරිනම්, වසරක් ඇතුලත ලියා පදිංචි කළ යුතුය.(ම)

:       0       0

සුසන්ත Friday, 11 December 2015 03:39 AM

මට දුන්නොත් හදාගන්නවා (ම)

:       0       0

සිතුම් Friday, 11 December 2015 04:01 AM

මේ ළමයාව හරියට හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න හොයලා බලලා ආදරෙන් හදා ගන්න (ම)

:       0       0

ටෙරන්ස් Thursday, 10 December 2015 02:44 PM

පව් අහිංසක ලස්සන දරුවෙක්. මොන හිතකින් මේ දරුවාව දාලා ගියාද මන්දා (නි)

:       0       0

උදය Thursday, 10 December 2015 03:10 PM

මොන හිතකින් දාලා ගියාද? (නි)

:       0       0

යාපා Thursday, 10 December 2015 03:06 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Thursday, 10 December 2015 04:35 PM

ඇළේ දොළේ දාන්නේ නැතුව ළමා නිවාසයක් ළඟ දාලා ගිහින් තියෙන්නේ ආදරේ නැතුව නෙමෙයි. මෙච්චර කල් රැකබලාගෙන තියෙනවානේ (නි)

:       0       0

මලිත් Thursday, 10 December 2015 05:03 PM

මේ දරුවාගේ දෙමාපියන්ට බැනීමෙන් ඇති වැඩක් නැහැ. ඒක ඒ දරුවාගේ ලැබීම (නි)

:       0       0

සැම් Friday, 11 December 2015 04:38 AM

මේ දරුවා හොයල බලල දරුවන් නැති යුවලකට පවරන්න. ළමා නිවාස කියන්නෙත් එච්චර ආරක්‍ෂිත තැනක් නෙවෙයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 615 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4110 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2540 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1318 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1435 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27685 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site