IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කි‍්‍රකට් ආයතනය කටයුතු නවතයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ සියලූම කටයුතු වහාම නවතා දමන ලෙස කි‍්‍රකට් ආයතනයේ ඉහළම නිලධාරියෙක් ඊයේ (1 වැනිදා) නියෝග කර තිබේ. මෙම නියෝගයට හේතුව වී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවයේ නියුතු දිස්ති‍්‍රක් සහ පළාත් පුහුණුකරුවන් 40 කට වැඩි දෙනෙක් ඇතුළු 100 කට වැඩි පිරිසක් මේ මස 31 වැනිදා සිට සේවයෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වත්මන් පාලනය තීරණය කර තිබීම බව කි‍්‍රකට් අයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අයතනය වසර ගණනාවක් පාලනය කළ කි‍්‍රකට් අතුරු කමිටුව මේ වන විට විසුරුවා හැර නිලවරණයක් කැඳවීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා කටයුතු කර තිබේ. කි‍්‍රකට් ආයතනය මේවන විට පාලනය වන්නේ කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ‘නිසි බලධාරියකු’ යටතේ වන අතර ඒ සඳහා පත්කර ඇත්තේ කී‍්‍රඩා අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා වන උයද සෙනෙවිරත්න මහතාය. කෙසේ වෙතත් මෙම සේවක කප්පාදුව අමාත්‍යංශ ලේකම්වරයාගෙ තීරණයක් නොව, ඊට පරිබාහිර කිසිවකුගේ උපදෙස් මත සිදුවන්නක් බවද කි‍්‍රකට් ආයතන සේවකයෝ කියා සිටිති. මේ පුහුණුවීම් නතර කර දැමූ එකනම් අන්තිම වැරදියි. මොන දේ නැති කළත් කි‍්‍රකට් කී‍්‍රඩාව ඉදිරියට ගලාගෙන යන්න  ඕනෑ” වියදම් වැඩි නම්, පඩි ගෙවන්න බැරිනම්, නතර කළ යුත්තේ කි‍්‍රකට් පුහුණුවීම් නොවෙයි, කි‍්‍රකට් ආයතනයට කිසිම ඵල ප‍්‍රයෝජනයක් නැති කළමණාකරුවන්” යයි දැනටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළම තනතුරක් හොබවන නිලධාරියෙක් පැවසීය. මේ අතර පුහුණු කටයුතු නවතා දැමීමට සිදුවූ තවත් හේතුවක් වන්නේ පුහුණු කටයුතු වලදී අවශ්‍ය වතුර බෝතල මිලදී ගැනීමටත්, ප‍්‍රාදේශීය පුහුණු කටයුතු සඳහා පුහුණුකරුවන්ට අවශ්‍ය නවාතැන් සහ ප‍්‍රවාහන පහසුකම් සැපයීම සඳහාත් අවශ්‍ය මුදල් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සතුව නොතිබීමත් බවද දැනගන්නට ඇත. පුහුණු කටයුතුවලට අමතරව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ එදිනෙදා කටයුතුද ඊයේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට තිබූ බවත් සේවකයන්ට ‘කැමතිනම් වැඩට එන්න, නැත්නම් ගෙදරට වෙලා ඉන්න’ යයි උසස් නිලධාරීන් එළිපිටම කියන බවත් සේවකයෝ පවසති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටි රුපියල් බිලියන එකක් හෙවත් මිලියන 1000 ක මුදලින් අනුමත වී ඇත්තේ රුපියල් මිලියන 50 ක් පමණි. මෙම මුදල සේවකයන්ගේ මාස දෙකක පඩි ගෙවීමටවත් ප‍්‍රමාණවත් නොවන බව සේවකයෝම කියති. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවකයන්ට මාසිකව වැටුප් සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක පමණ මුදලක් වැයවන බවද කී‍්‍රඩා ඇමතිවරයා විසින් රජයේ ඉහළම තැන්වලට පෙන්වා දී ඇතත් කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුමත වී ඇත්තේ රුපියල් මිලියන 50 ක් හෙවත් කෝටි 5 ක මුදලක් පමණි. මෙම මුදලින් පසුගිය මාර්තු මාසයේ සිට ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වැටුප් ගෙවිය යුතු වන අතර ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 20 ක් සඳහා රුපියල් ලක්‍ෂ 104 ක් ඊයේ ගෙවන ලදි. සේවකයන්ගේ නොවැම්බර් මස වැටුප ගෙවීම දෙසැම්බර් 10 වැනිදාට කල්දමමින්, කී‍්‍රඩා සමාජ වෙත මුදල් ගෙවීමට තීරණය කර ඇත්තේ අමාත්‍යංශ උපදේශ මත බවත් වාර්තාවේ. නොවැම්බර් මස 30 වැනිදාට පෙර එම මුදල් නොලැබුණහොත් ප‍්‍රධානතම තරගාවලිය වර්ජනය කිරීමට කී‍්‍රඩා සමාජ සූදානම් වී සිටියහ. කි‍්‍රකට් ආයතනයේ සේවක කප්පාදුව සඳහා ගොදුරු වන්නේ විධායක ශ්‍රේණිය සහ ඊට පහළ මට්ටමේ නිලධාරීන් වන අතර කිසිම අංශයක කළමණාකරුවකු ඉවත් නොකරන ලෙස උපදෙස් දී ඇතැයිද වාර්තාවේ. එහෙත් මේ මස 31 වැනිදා සේවයෙන් ඉවත්ව යා යුතු යයි ලිඛිතව දැනුම් දී තිබියදීත් ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලිය හෙට (3 වැනිදා) සිට ආරම්භ වන බැවින් එම තරගාවලියේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය දෙදෙනකු තවදුරටත් රඳවාගැනීමට කි‍්‍රකට් බලධාරීන් තීරණය කළ බවද දැනගන්නට ඇත. තත්ත්වය මෙසේ තිබියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන සේවකයන් අතර ඇතිවී තිබෙන නොසන්සුන්තාව එන්න එන්නම වර්ධනය වන අතර කොයි මොහොතේ හෝ එය පුපුරා යා හැකි සේවකයෝම කියති. එක්දින තරගාවලිය හෙට සිට අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩා සමාජවලට අවශ්‍ය මුදල් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඊයේ (1 වැනිදා) ගෙවන ලද බව කි‍්‍රකට් නිලධාරීහු කියති. ඒ අනුව අන්තර් කී‍්‍රඩා සමාජ ‘බී’ කොටසේ එක්දින තරගාවලිය හෙට (3 වැනිදා) ආරම්භ වන අතර ‘ඒ’ කොටසේ එක්දින තරගාවලිය අනිද්දා (4) ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

කි‍්‍රකට් ආයතනය කටයුතු නවතයි

සුරංග Friday, 02 December 2011 01:18 PM

අනේ පව් ලංකාවේ ක්‍රිකට්

:       0       0

අස්මීර් Friday, 02 December 2011 01:13 PM

අර්ජුනගේ වටිනාකම දැන්වත් තේරෙනවද ????

:       0       0

සිසිර Saturday, 03 December 2011 01:28 PM

කොහොමට තිබුණු තැනක්ද මේ......

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 13 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 14 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3336 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2473 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3070 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5889 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18718 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site