ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම යනු ලෝකයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (20) පැවසීය.
2019 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ජාතික කණ්ඩායම මෙහෙයවීම ජාතික ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා ජය මෙන්ම පරාජයේ අවසන් ඉලක්කය විය යුත්තේ ජයග්‍රහණයේ කිරුළ ලබාගෙන ශ්‍රි ලංකාවට කීර්තිය ලබාදීම බව සඳහන් කළේය.
ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ පාසල් ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩකයින් සඳහා සුභ පැතීමේ අරමුණින් අරලියගහ මන්දිරයේ පැවැති තේ පැන් සංග්‍රහය අවස්ථාවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයෝ අගමැති හමුවෙති
නිරේෂ් Wednesday, 21 September 2016 05:49 AM
මෙතන අදහස් දාල තියන කට්ටිය නුවරට යන්නේ සුද්ද ගල විදපු නිසා. තාමත් යන්නේ සුද්දගේ රේල් පාරෙන්. කටෙන්ද කතා කරන්නේ (ම)
ධම්ම Wednesday, 21 September 2016 06:06 AM
ජනප්‍රියත්වය තියෙන තැන්වලට දේශපාලකයා කොහොම හරි හොට දාගන්න බලනවා. මේ තවත් එක අවස්ථාවක් (ම)
පිටිගල මිලානෝ Tuesday, 20 September 2016 07:13 PM
මේක මහත්වරුන්ගේ සෙල්ලමක් (නි)
අබය Tuesday, 20 September 2016 09:23 PM
එ්ක හොඳයි. අපිට ජාත්‍යන්තර වශයෙන් කරන්නට හැකි එකම ක්‍රීඩාව එය නිසා එතුමාගේ අනුශාසනාව අගය කරනවා. (නි)
රකිත් Wednesday, 21 September 2016 06:49 AM
දැන් එතකොට බුදු දහම අපට ලැබුනේ ඉන්දියාවෙන්. ථෙරවාද බුදු දහම තවමත් පවතින රටක් හැටියට අපට අනන්‍යතාවයක් තියෙනවා. ඒ වගේම අප ක්‍රිකට් ගහන හැටියෙන් අපට අනන්‍යතාවයක් ඇති කරගත හැකියි. 1996 දී එවැනි අනන්‍යතාවයක් තිබුණා. (නි)
රෝමි Wednesday, 21 September 2016 07:08 AM
හැම එකටම බනින එක තමා අපේ අයගේ වැඩේ (නි)
ශානක Wednesday, 21 September 2016 12:50 AM
ජය කෙසේවෙතත් පරාජයන් ලබන ආකාරය පිළිබඳ හොඳම උපදෙස් ලබාගන්න කෙනෙක් නම් ඉන්නවා (නි)
පෙරේරා Wednesday, 21 September 2016 01:35 AM
දේශපාලන ඇගිලි ගැසීම් නිසා ක්‍රීඩාවත් තියෙන්නේ විනාශ මුඛයේ. ක්‍රීඩාවට ඇති දේශපාලන ඇඟිලි ගැසීම් නවතමු (නි)
චාමර Wednesday, 21 September 2016 02:04 AM
ක්‍රිකට් වලින් කොහෙද ලාංකීය අනන්‍යතාවයක් ඇතිවෙන්නෙ. ක්‍රිකට් වලින් වෙන්නෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අනන්‍යතාවය වැඩිදියුණු වෙන එකයි. ලංකාවට තමන්ගෙ කියලා කියන්න හරියමන් ජාතික ක්‍රීඩාවක්වත් නැහැ. පුරාණයේ කළ ක්‍රීඩා වැඩිදියුණු කර තමන්ගේ කියලා ක්‍රීඩාවක් නොකර කොහෙද ලංකාවේ අනන්‍යතාවය ලෝකෙට කියන්නේ. (නි)
සුනිල් Wednesday, 21 September 2016 08:22 AM
ලංකාව ජාත්‍යන්තර මට්ටමෙන් ඉහළ තලයක ඉන්නේ ද ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන්නේද ක්‍රිකට්. පාපන්දු ක්‍රිකට් වැනි ක්‍රීඩා බ්‍රිතාන්‍යයෙන් ඇරඹුණාට ඒවා මගින් අනන්‍යතාව ගොඩ නගා ගත වෙනත් රටවල් ඉන්නවා වගේ අපි ක්‍රිකට් වලින් අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම වරදකුත් නෙමෙයි, දැනටමත් ක්‍රිකට් මෙරට සංස්කෘතියේ කාටසක් වෙලා. (ම)
අනුරාධ Wednesday, 21 September 2016 02:45 AM
ක්‍රීඩකයන්ගේ ආකල්පත් මේකට ගොඩක් තදින් බලපානවා නේද? (නි)
සෙනරත් Wednesday, 21 September 2016 03:12 AM
දේශපාලන අතපෙවීම් ක්‍රිකට් වලට නැහැ කිවුව දවසේ ඉඳලම මැච් පරදිනවා. එහෙම කියන්න කලින් ටෙස්ට් මැච් 3 ම දිනුවා නොහිතපු විදියට (නි)
සජීව Wednesday, 21 September 2016 03:08 AM
ඒක ඇත්ත. මොකද පරාජය ගැන එතුමාට වැඩිය කවුද දන්නේ? (නි)
කමල් Wednesday, 21 September 2016 03:12 AM
මෙතුමා දේශපාලන ක්‍රීඩාවෙන් අයින්වෙනවා නම් අපි කැමතියි (නි)
චන්ද්‍රා Wednesday, 21 September 2016 03:23 AM
දිනන්න කලින් පරාද වෙන්න පුරුදු වෙන්න. රටට ආදරේ නම් යහපත් පුරවැසියෝ වෙන්න ඕනෑ. වැරදි වැඩ කරන්න බැහැ. (නි)
සෙන්පති Wednesday, 21 September 2016 03:28 AM
හැමදාම අගමැතිතුමාගේ වැරදි ගැන කියනවා. බලමු මොකක්හරි ක්‍රීඩාවට කරයිද කියලා. (නි)
නිරුල් Wednesday, 21 September 2016 04:06 AM
පිටිගල මිලානෝ, එතකොට අපේ කොල්ලෝ කුරුට්ටෝ වෙල් එළියේ, පොල් වතු වල, රබර් වතු වල, මහපාරේ ගහන්නේ ක්‍රිකට් නොවෙයිද? (නි)
රාජු Wednesday, 21 September 2016 04:45 AM
අනන්‍යතාවයක් ගන්න චාමර වගේ අය සහභාගි කරගෙන ඡත්‍යාන්තරයට යමු... (නි)