IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කි‍්‍රකට් කී‍්‍රඩකයන් 10 දෙනකුගේ භාර්යාවන්ට රුපියල් ලක්‍ෂ 41 ක වියදමක්

ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගියදා නිරත වූ  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කී‍්‍රඩකයන් 10 දෙනෙකුගේ භාර්යාවන්ගේ ගුවන් ගමන් වෙනුවෙන් රුපියල් හතලිස් එක් ලක්ෂ හතලිස් නවදාහක (41,49,000.00 ක්) මුදලක් වැය කර තිබේ.

මෙම මුදල ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එක් අයෙකුට රුපියල් 3,93,000.00 ක් බැගින් වනසේ සිංගප්පූරුව හරහා ඔස්ටේ‍්‍රලියාවට යාමට ගුවන් ප‍්‍රවේශපත් සඳහාද, ඉතිරිය ඔවුන්ගේ වීසා ලබාගැනීම සඳහාද වියදම් කර ඇති බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් වීසා ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දරා ඇති වියදම කී‍්‍රඩකයින් විසින් ආපසු කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලැබීමට නියමිතය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩකයින් සමග දැනට බැඳී සිටින  කොන්ත‍්‍රාත්තුවට අනුව කි‍්‍රකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරන සෑම කී‍්‍රඩකයෙකුගේ බිරිදකටම වසරකට එක් වතාවක් බැගින් තමන්ගේ සැමියා සමග විදේශ සංචාරයකට එක්වීම සඳහා ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ලබාදිය යුතුය.

යෙහාලි සංගක්කාර, ක‍්‍රිස්ටිනා ජයවර්ධන, ටානියා වහලතන්ත‍්‍රී, සේනානි රම්ඹඩගේ, වැනේසා මෙන්ඩිස්, දිනූෂා වත්තගේ, සවිත‍්‍රී වෙළගෙදර, ජීවනී කළුපහන, ඩෝනා සිල්වා සහ මංජුලා මීගහවත්ත යන අයට  ඕස්ටේ‍්‍රලියාවට යාම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන තිබේ.

පසුගිය සතියේ පැවති විධායක කමිටු රැුස්වීමකදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙතෙක් කී‍්‍රඩකයන්ට ලබාදුන් මෙම පහසුකම අවලංගු කිරීමට තීරණය කර තිබේ. තවද මින් ඉදිරියේදී අන්තර් ජාතික කි‍්‍රකට් සභාව මගින් පවත්වන තරග වලින් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබෙන මුදලින් කී‍්‍රඩකයින්ගේ කොටස නොගෙවා සිටීමටද ඔවුන් තීරණය කර තිබේ.

දැනට පවතින කී‍්‍රඩකයින්ගේ කොන්ත‍්‍රාත්තුවට අනුව අන්තර් ජාතික කි‍්‍රකට් සභාවෙන් ලැබෙන මුදලින් 25% ක් පමණ ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයින් 15 දෙනා වෙනුවෙන් වෙන් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනට සිදුවී තිබේ. එසේ වුවත් අනිකුත් රටවල් එලෙස නොකරන බවද දැනගන්නට ඇත.

 



අදහස් (0)

කි‍්‍රකට් කී‍්‍රඩකයන් 10 දෙනකුගේ භාර්යාවන්ට රුපියල් ලක්‍ෂ 41 ක වියදමක්

දිනේෂ් Saturday, 16 February 2013 08:41 PM

හාරි මාවතක යන ලකුණු (ස)

:       0       0

සංජීව තුෂාර ගමගේ Saturday, 16 February 2013 09:28 PM

බැරිද ඔය නීතිය පාර්ලිමේන්තුවටත් ගේන්න. මැති ඇමතිවරුන්ට (ස)

:       0       0

සුජීව Saturday, 16 February 2013 09:42 PM

එදා වේල හොයාගෙන කන්න නැතිව කී දෙනක් ලංකාවේ ඉන්නවද ? ඒ අයට දීමනාවක් දන්නනම් මීට වඩා පින් සල්ලි කන්නන ලංකාව නියම රටක්. (ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 16 February 2013 11:03 PM

ඕවා අපිට තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

රෝහිත Saturday, 16 February 2013 11:19 PM

මේක හොදයි. මම හිතනවා ක්‍රීඩකයෝ සතුටු වෙලා හොදට සෙල්ලම් කරයි. නිලධාරීන්ටත් මේක වලංගුද?(නදී)

:       0       0

පෙරේරා Saturday, 16 February 2013 11:59 PM

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්යෑ? මේක ලංකාවනේ. (නි)

:       0       0

සෙනරත් Sunday, 17 February 2013 12:54 AM

නීතිය එහෙමනම් මොනවා කරන්නද? මේ දේවල් ක්‍රීඩකයන් දිරිමත් කරන්න වැදගත් කරුණු. අනික් රටවල මීට පඩා පහසුකම් දෙනවා ඇති. මේවා විය යුතු දේවල්.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 17 February 2013 03:30 PM

පාකිස්තානය මෙන් අපි ද ක්‍රිකටි ලංකාවේ වර්ජනය කරමු.(නදී)

:       0       0

සිසිර Sunday, 17 February 2013 01:05 AM

මැච් දිනුවත්, පැරදුනත් එයාලා විනෝද වෙනවා. මැච් බලන අපි ඕවා බලලා හිතින් දුක්වෙනවා.(නදී)

:       0       0

සෑම් Sunday, 17 February 2013 04:49 PM

මැති ඇමතිවරුන්ටත් බැරිද ඔයවගේ නීතියක් පනවන්න?(නදී)

:       0       0

සෑම් Sunday, 17 February 2013 04:52 PM

අපි හළාල් වලට අවුරුද්දකට රුපියල් කෝටි 900ක් ගෙවන එකේ ඕක මොකද්ද?(නදී)

:       0       0

යොහාන් Sunday, 17 February 2013 07:15 AM

කතාකරනවිට සුද්දවන්තයෝ. ආදායම දෝරේ ගලනවා. නොනගේ ට්කට් අපෙන්.(නදී)

:       0       0

පාලිත Sunday, 17 February 2013 07:56 AM

මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔවුන්ට අපි පහසුකම් සැපයිය යුතුයි. (නි)

:       0       0

සිසිර Sunday, 17 February 2013 08:00 AM

අනේ මන්දා, මේවා අහද්දී අපිටම අපි ගැන දුකයි. (නි)

:       0       0

පන්ඩුල Sunday, 17 February 2013 05:34 PM

අපේ පවි දුප්පත් ක්‍රිකට් ක්‍රීඩකයෝ. දේශපාල‍්ඥයින්ව ආදර්ශයට අරන්.(නදී)

:       0       0

මාධි Sunday, 17 February 2013 05:36 PM

මහත්වරුන්ගේ ක්‍රීඩාව (දී)

:       0       0

සමන් Sunday, 17 February 2013 08:15 AM

මේවා අපි දියයුතු දේවල්.(නදී)

:       0       0

නලින් Sunday, 17 February 2013 08:43 AM

එදා වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නාවාද (දී)

:       0       0

නීලා Sunday, 17 February 2013 08:51 AM

පාර්ලිමේන්තුවේ කාබාසීනියා කරන සල්ලි ගැන කව්රුත් කතාකරන්නේ නැහැ. මේ ක්‍රීඩකයෝ රටට කීර්තියක් ගෙනාපු අය. ඒ වියදම් ගැන කාටවත් ප්‍රශ්න තියෙන්න බැහැනේ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Sunday, 17 February 2013 06:53 PM

අවුරුද්දකට එක වතාවක් ඒ වගේ අවස්ථාවක් දීම වැදගත්.(නදී)

:       0       0

ලලිත් Sunday, 17 February 2013 06:57 PM

මතක තියා ගන්න අපේ සල්ලි (දී)

:       0       0

බුද්ධික Sunday, 17 February 2013 09:08 AM

අපිට පව් මේවා අහන්න ලැබෙනවාට (දී)

:       0       0

නාලක Sunday, 17 February 2013 09:07 AM

මේවා හෙලි කරනවාට මාධ්‍යට ස්තුති (දී)

:       0       0

යොහාන් Sunday, 17 February 2013 09:25 AM

තනිකඩව ඉන්න තරුණ කොල්ලන්ට මොනවද ගෙවන්නේ?(නදී)

:       0       0

ඩයස් Sunday, 17 February 2013 09:46 AM

ඇයි ක්‍රිකට් විතරක්. අනිත් ක්‍රීඩා කරන අයගේ නෝනලා නැද්ද ගිනියන්නේ.(නදී)

:       0       0

සදරුවන් Sunday, 17 February 2013 10:02 AM

මම ඒ අයගේ කව්රුවත් නෙමෙයි. මේවා දිය යුතුයි. ජාතික කණ්ඩායමනේ.(නදී)

:       0       0

චන්දන Sunday, 17 February 2013 10:11 AM

ඔවුන් නිසා උපයන මුදලින් ඔය පරිපාලකයෝ කොච්චරනම් රට යනවද? දේසපාලන නායකයන් යද්දී පනහක් විතර ගෙනියනවා. මාලිංගට අංචි අදිනවා, අපහස කරනවා, ක්‍රීඩකයන් වට්ටලා ක්‍රිකටුත් වට්ටලා දේසපාලන මැදිහත්වීම් කිරීම හෙලා දකිමු. (නදී)

:       0       0

සමන් Sunday, 17 February 2013 09:43 PM

මේක හොදයි. මම හිතනවා ක්‍රීඩකයෝ සතුටු වෙලා හොදට සෙල්ලම් කරයි.(නදී)

:       0       0

කුමාර Sunday, 17 February 2013 10:04 PM

ලංකාවේ කි දාහක් ඉන්නවද කන්න බොන්න නැතිව (දී)

:       0       0

අනුර Saturday, 16 February 2013 07:19 PM

මාර වැඩක්නේ. අපේ සල්ලිවලින් ගෑණුන්ව ගෙනියන එක හරි නැහැ. මොකද එයාලට සල්ලි නැතිනම් කමක් නැහැ. (ස)

:       0       0

කුමාර Saturday, 16 February 2013 07:22 PM

අනේ අපෝ (ස)

:       0       0

අෂාන් Sunday, 17 February 2013 12:45 PM

සිසිරගේ කතාව හරි. මෙයාලා ඇවිල්ලා සෙල්ලම් කරපු හැටියට ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි ලොකු ලැජ්ජාවකට පත්වුනා. සංගා විතරයි වගකීමෙන් සෙල්ලම් කලේ. විනෝද චාරිකා නවත්තන එකනම් හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 35 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1266 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 573 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 965 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 279 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 384 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site