(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාර්ගයක් අවහිර වන සේ මෝටර් රථයක් නවතා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්ත උපසේවා පොලිස් පරික්ෂක වරයකු බව පොලීසිය කියයි.
සැකකරුගේ නිවසට ගමන් ගන්නා මාර්ගය අවහිර වන සේ මෝටර් රථයක් නවතා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 07 දා දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව එම පුද්ගලයාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී පහරදීමට තැත් කළ බව පවසා පැමිණිල්ලක් ලැබී තිබූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (08) දා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620 ක් සැකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අරණගලංවිල කඳවුර කියයි.
කිරින්ද ,අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කූව අසලදී වනඅලියෙකු පහරදීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .
උතුරු, උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ක්‍රිකට් ක්‍රීඩකයා පුද්ගලයකුට පහරදීලා
බකල ජයා Sunday, 09 March 2025 11:30 AM
පොලිස් පාට් අවභාවිතා කරන අයට අසුබ කාලයක් මේක. සෙත් සාන්තියක් කෙරුවා නම් මුලු පොලීසියේ මහත්තැන් හැමෝටම හොඳයි මයේ හිතේ.