IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ක්‍රිකට් තහනමට ශම්මි දුන් ලිපිය මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

මෙම ලිපියේ චෝදනා හයක් ඇතුළත් වන බවත් ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගසන්නේ යැයි එහි සදහන් කර ඇති බවත් විපක්ෂනායකවරයා කීවේය.

මේ සියලු චෝදනා අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (22)

ක්‍රිකට් තහනමට ශම්මි දුන් ලිපිය මැතිසබයට

de silva Saturday, 18 November 2023 07:03 PM

සේරටම කළින් මේ ලිපියේ ඇත්ත නැත්ත පරීක්ෂා කරන්න ඕනේ මේ ලිපිය ඇත්ත නම් ක්‍රිකට්, පැත්තක තබලා මේ දේශ ද්‍රෝහී හොරුන් අල්ලලා හොඳවයින් දෙකක් දීලා ගෙනත් හිරේ දමන්න ඕනේ... මොවුන් යටිමඩි ගහපු විනාශ කරපු මුදල් නැවත ක්‍රිකට් මණ්ඩලේට දෙන්න ඕනේ... මොවුන් සියලු දෙනාම ප්‍රෙකා්ටිපතියෝ...

:       3       136

sathyapalaSunday, 19 November 2023 02:41 AM

අපි පොතට කලින් හැමදාමත් පිට කවරේම බැලුවේ...

:       2       2

ලංකාපුත්‍ර Saturday, 18 November 2023 07:34 PM

ජාත්‍යන්තරයේ රටට ද්‍රෝහියෙක් ලෙසට කටයුතු කිරීම වෙනුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීලා කටයුතු කළ යුතුයි...!

:       0       140

sathyapalaSunday, 19 November 2023 02:42 AM

පොලිසිය, රේගුව... වංචා, දූෂණ කොමිසම් අධිකරණ දේශීය ආදායම් ආගමන විගමන සියල්ල පාලනය ආණ්ඩුව යටතේ නම් ශම්මිගේ හොර අල්ලලා හෙළි කරන්න පුළුවන්... දැනටත් හොරා හොරා කියලා චෝදනා විතරයි. ඔප්පුකරලා හිරේ දාන්නකෝ... මේ දේශපාලකයෝ බලන්නේ ඩොලර් කන්දරාවක් ඇති ක්‍රිකට් එක තම අනසකට අරන් ඡන්දෙට ඒ සල්ලි වෙන වෙන වැඩට යොදවලා ඡන්ද ගන්න. ඒකයි මේ සටන... අපි පොතට කලින් හැමදාමත් පිට කවරේම බැලුවේ...

:       2       3

Prasanna Saturday, 18 November 2023 09:35 PM

ලංකාවේ ක්‍රිකට් විනාශ කළා.

:       0       0

Bamunuarachchi Sunday, 19 November 2023 12:24 AM

රජකාලේ නම් පුවක් ගස් දෙකක බැඳලා දෙකට ඉරා දමන්න හේතුවෙන වරදක්. ඒ විතරක් නොවෙයි වඩුග රජා ළමයින්ව වංගෙඩියේ දාලා කොටවන වරදක්. ඒත් මේ වැඩිගය මෙයාට සපෝර්ට්. මෙයාටත් හෙන ගහන්න ඕනේ... වඩිග පාලකයාටත් හෙන ගහන්න ඕනේ...!

:       0       1

Sal Sunday, 19 November 2023 01:05 AM

70 ගණන් වල ඉඳලා බොහෝම අමාරුවෙන්, කැප කිරීම් කරලා හදපු ක්‍රිකට් කාලා දාන්න ආපු මේ ධර්මදාසලා, ශම්මිලා යවන්න...!

:       0       4

Sidath Sunday, 19 November 2023 01:09 AM

බදුසල්ලි වලින් මොවුන්ට මිලියන් ගණන් වියදම් වන පොලිස් ආරක්ෂාව රජයේ අනුග්‍රහය ගන්න හොඳයි. කෝටි ගණන් ගහලා මාට්ටු වුණාම ඒවා හොයලා බලන එක නරකයි...

:       0       1

abaran Sunday, 19 November 2023 01:37 AM

රටෙන් 99%ක්ම මොවුන්ට යන්න කියනවා. ඒත් කූඩල්ලෝ වගේ මේකෙම එල්ලිලා ඉන්නවා.. එහෙම ඉන්න මොකක් හරි රහසක් ඇතිනේ. දැන් දූෂණ විරෝධී පනත බලාත්මක නිසා මොවුන්ගේ වත්කම් ගැන නඩු පිට නඩු දැමිය යුතුයි. හොරට උපයාගත් දේවල් ඇත්නම් අනිවාර්යයෙන්ම හිරේ දැමිය හැකියි. ඒ වගේම මොවුන්ට පාරේ බැහැලා යනකොට හූ කියන්න ඕනෑ (ශාරීරික හිංසා කරන්න හොඳ නැහැ). එතකොට මොවුන්ට ගෙවල් වලින් එළියට එන්නවත් බැරි වෙනවා. අන්න එදාට මානසිකව විඳවාවී අනේ අපිව අද සමාජයම පිළිකුල් කරනවා කියා...

:       0       5

පොඩිවිජේ Sunday, 19 November 2023 02:29 AM

මුදල් වෙනුවෙන් මුළු රටක් පාවදුන් දේශද්‍රෝහීන් මෙන්න. රටට ආදරේ ඇති පාලකයින් ඉන්නවා නම් මොවුන්ට සුදුසු දඬුවම් දෙයි. නැත්නම් මේ වගේ හොරුන්ට දඬුවම් දෙන්න සුදුසු නායකයෝ ජනතාව ඉදිරියේදී පත්කර ගනී. පාලකයෝත් හොරුනම් කාට කියම්ද මේ අවනඩුව...?

:       0       3

sathyapala Sunday, 19 November 2023 02:39 AM

ශම්මි වැරැදි නෑ. ක්‍රිකට් සංගමයට සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන ඩොලර් කන්දරාව තමන්ගේ මැතිවරණ අරමුණු වෙනුවෙන් දේශපාලකයින් විසින් බලහත්කාරෙන් තමන්ගේ අතට ගන්න හදනකොට ශම්මිට කියන්නට තිබෙන කළහැකි එකම දේ මේක තමයි. ඇයි දේශපාලකයින් ජිනීවා මානව හිමිකම් ගිහින් පැමිණිලි කරන්නේ...? එහෙනම් ඒවා ක්‍රිකට් වලට නොව මුළු රටටම බලපානවානේ. තමන් යටතේ ඇති සතොස ලංගම දුම්රිය තෙල් පොහොර විදුලිය සෞඛ්‍ය බිලියන ගණනින් වංචා වෙද්දී බැඳුම්කර වංචා පාස්කු ප්‍රහාර ගැන නොසොයා ක්‍රියාත්මක නොවී ක්‍රිකට් සංගමය සුපිරිසිදු එකක් කරන්න 225 ම එකතුවෙලා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිට කලෙත් එයමයි. එයා එළවලා විදුලි බිල දැන් කී සැරයක් වැඩි කළාද? තමන්ට පාලනය කළ නොහැකි ස්වාධීන කොමිසම් ඇතුළු සියල්ල දේශපාලකයින් අතට ගන්නට කරන උප්පරවැට්ටියට ජනතාවත් රැවටිලා. 225ට එරෙහිව අරගල කරපු ජනතාව දැන් 225 මෙහෙයවීමෙන් ක්‍රිකට් සංගමයට එරෙහි සටනේ. 225 දැන් හරි හොද අවංක හොර මැරකම් නැති අය. පොලීසිය, රේගුව, වංචා, දූෂණ, කොමිසම්, අධිකරණ, දේශීය ආදායම්, ආගමන විගමන... සියල්ල පාලනය ආණ්ඩුව යටතේ නම් ශම්මිගේ හොර අල්ලලා හෙළි කරන්න...

:       8       1

දේවප්‍රිය Sunday, 19 November 2023 06:48 AM

ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා රජය ඇඟිලි ගසනවා... කියලා ක්‍රිකට් තහනම් කරන්න. ඉල්ලීම ජාතිද්‍රෝහී ක්‍රියාවක් කියන්න පුළුවන්... මොකද සෑම අයවැයක් මගින්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කරනවා... (මෑතක සිට වියදම් කරන මුදල්වලින් ප්‍රයෝජනයක් නොගන්නා බවකුත් පේනවා) ඉතින් එහෙම කටයුතු කරද්දී අදාල ඇමැතිවරයාට වගේම පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා ජනතා මුදල් ගැන සොයාබලන්න... එම නිසා ඔය සිල්වා සහ සමාගමට හා ඔවුන්ට රැකවරණය සලසන කිසිවෙකුට ආණ්ඩුව වැරැදියි කියන්න කෙසේවත් අයිතියක් නැහැ. එනිසා නොපමාව පාර්ලිමේන්තුව රැස්කර ඔවුන්ට උපරිමයෙන් දඬුවම් කරන්න ඕනෑ...

:       0       12

Don Sunday, 19 November 2023 07:07 AM

රජය ඇඟිලි ගහන්නේ නැහැ කියලා සාක්කි දෙන්නේ විපක්ෂයේ නායක... ඇස් ඉදිරිපිට පේනවා ඡන්දයෙන් පත්වුණු නිලධාරින් එළවන්න දරන උත්සාහය සහ ඇමැතිවරයාගේ හිතවතුන් පත්කරගන්න දරන උත්සාහය... කෝප් කමිටුවේදී විශාල කාලයක් ගත කරලා ප්‍රශ්න කළ ක්‍රිකට් ආයතනයේ ලියුමකින් රට ගිහින් නැවතුණු පුද්ගලයෙක් ගැන. හැබැයි රට නියෝජනය කරන්න ගිහින් නැවතුණු ක්‍රීඩකයෝ සහ නිලධාරීන් ගැන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරනවා.. අපි කිසිදාක දැක නැහැ. ජනතා බදුමුදලින් විදේශ සංචාරවලට යන දේශපාලකයෝ සහ නිලධාරීන්ගේ වියදම් ගැන ප්‍රශ්න කරනවා අපි කිසිදාක දැක නැහැ. කවුරු කොහොම මොනවා කිව්වත් ශම්මි ක්‍රිකට් සභාපති වෙලා ඡන්දෙන්... ඇමැති හදන්නේ ඡන්දයෙන් පත්වුණු නිලධාරියෙක්ව එළවලා තමන්ගේ හිතවතෙක්ව නිකන්ම ඒ තනතුරට හිතුමතේ දාගන්න. ඉතින් ක්‍රිකට් තහනම් නොකළොත් තමයි පුදුමේ...

:       13       1

Shiranj Sunday, 19 November 2023 08:35 AM

ජාතික ජන බලවේගයේ නුගේගොඩ රැළිය රිපෝට් කරන්නේ නැතුව දැක්කේ නෑ වගේ යන්නේ බයවෙලාද...?

:       5       4

රනේ Sunday, 19 November 2023 08:47 AM

ලංකාව දුප්පත් වෙන්නේ මොවුන් නිසා..

:       0       9

Janahitha Sunday, 19 November 2023 09:02 AM

නාමල් කියනවා මේ ලිපෝමා බොරුවක් බව... නමුත් තහනම් කිරීමට කටයුතු කිරීම රටට කළ සේවයක්...

:       0       3

Shantha - Qatar Sunday, 19 November 2023 10:29 AM

මෙච්චර දූෂිත මිනිස්සු එළවාගන්න බැරිනම් ආණ්ඩුවට තවත් මොනවද කතා ...? ආණ්ඩුවෙත් භාගයක්ම මොවුන් එක්ක හොරාකාපු අය වෙන්න ඇති ඉන්නේ... ආණ්ඩුව නෙවෙයි..., පාණ්ඩුව...

:       0       17

amila Sunday, 19 November 2023 12:27 PM

ICC එක ක්‍රිකට් තහනම අයින් කරත් ආයේ මෙයාලාට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තියෙන අයිතිය අයින් කරන්න ඕනෑ. මෙයාලා පුද්ගලික සමාගමක් එහෙම සමාගමකට රටේ නම, කොඩිය, ජාතික ගීය නියෝජනය කරන්න, රටේ කීර්ති නාමය හෑල්ලුවට ලක්කරමින් 55 ට දැවී යන්න කිසිම අයිතියක් නෑ...

:       0       20

fairoos Sunday, 19 November 2023 01:02 PM

කාලකණ්ණි, ක්‍රිකට් එකත් කෑවා.

:       0       10

Rata Perata Sunday, 19 November 2023 01:06 PM

ඕක තමයි අපි මුල ඉඳලාම කිව්වේ පොහොට්ටුව සහ රනිල් කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා... මේ ඔක්කොම කරන්නේ හොරු, වංචාකාරයෝ, කුපාඩියෝ රකින එක විතරයි..

:       4       7

sathyapala Sunday, 19 November 2023 01:27 PM

අපි පොතට කලින් හැමදාමත් පිට කවරේම බැලුවේ... ශම්මි වැරැදි නෑ. ක්‍රිකට් සංගමයට සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්. ලැබෙන ඩොලර් කන්දරාව තමන්ගේ මැතිවරණ අරමුණු වෙනුවෙන් දේශපාලකයින් විසින් බලහත්කාරෙන් තමන්ගේ අතට ගන්න හදනකොට ශම්මිට කියන්නට තිබෙන කළහැකි එකම දෙය මේක ICC එකට කියන එක. ඇයි දේශපාලකයෝ ජිනීවා මානව හිමිකම් ගිහින් පැමිණිලි කරන්නේ? එහෙනම් ඒවා ක්‍රිකට්වලට නොව මුළු රටටම බලපානවානේ. තමන් යටතේ ඇති සතොස ලංගම දුම්රිය තෙල් පොහොර විදුලිය සෞඛ්‍ය බිලියන ගණනින් වංචා වෙද්දී බැඳුම්කර වංචා, පාස්කු ප්‍රහාර ගැන නොසොයා ක්‍රියාත්මක නොවී ක්‍රිකට් සංගමය සුපිරිසිදු එකක් කරන්න 225 ම එකතුවෙලා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිට කළෙත් එයමයි. එයා එළවලා විදුලිබිල දැන් කී සැරයක් වැඩි කළාද? තමන්ට පාලනය කළ නොහැකි ස්වාධීන කොමිසම් ඇතුළු සියල්ල දේශපාලකයින් අතට ගන්නට කරන උප්පරවැට්ටියට ජනතාවත් රැවටිලා. 225ට එරෙහිව අරගල කරපු ජනතාව දැන් 225 මෙහෙයවීමෙන් ක්‍රිකට් සංගමයට එරෙහි සටනේ. 225 දැන් හරී හොඳ, අවංක, හොර, මැරකම් නැති අය...

:       10       3

Shantha - Qatar Sunday, 19 November 2023 03:00 PM

අපි අහලා නැහැනේ සත්‍යාපාල ඇත්ත කියනවා. මේක තමයි කියන්න තියෙන්නේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1718 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1107 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1356 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1482 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 429 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39573 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25762 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site