IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ක්‍රිකට් තහනම අවසන්

(යොහාන් භාසුර)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (11) පස්වරුවේ පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ඒ මහතා එවැනි ඉඟියක් කළ බවත් අයි.සී.සී. මීළඟ විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මස බැවින් ‘සූම්’ හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් එසේ වුවහොත් එය මෙරට විශාල පාඩුවක් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.   



අදහස් (12)

ක්‍රිකට් තහනම අවසන්

PATTA hora Thursday, 11 January 2024 02:50 PM

ඒ වුණාට ඔය හොර ක්‍රිකට් බෝඩ් එක විසුරුවනකල් අපි ක්‍රිකට් මැච් බලන්නේ නෑ... නෑ මයි.

:       10       76

SAMThursday, 11 January 2024 09:29 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ඉවත්වීමට නම් දුෂිත නොවන විනිවිදව කටයුතු කළහැකි ක්‍රීඩාව දියුණු කළහැකි පිරිසක් ක්‍රිකට් පරිපාලනය බාරගත යුතුවේ. දුෂිත චෝදනා ලද පිරිස් ආයතනය තුල සිටිනවා නම් පනවා ඇති තහනම ඉවත්වීමට / ඉවත් කිරීම සිදුවන්නේ නැත. ක්‍රිකට් යනු ශ්‍රීලංකාවට පමණක් සීමාවූ ක්‍රීඩාවක් නොවන නිසා ICC තීන්දු ගැනීමේදී ඔවුන්ගේ ආයතනයට කිසිදු හානියක් නොවන ආකාරයට සහ ක්‍රිකට් ක්‍රීඩාවට අදාල නිතින් අනුව ඔවුන් තීන්දු ගනු ඇත.

:       1       6

Amal Thursday, 11 January 2024 03:04 PM

තාත්තද එහෙම කිව්වේ? එතකොට, ක්‍රිකට් සල්ලි හොරකම් කරපු පාලක මණ්ඩලයට මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ ඔක්කෝම සහයෝගයෙන් දවසක්ම විවාද කරලා යෝජනාවකුත් සම්මත කර නේද? එදා දවසේ පාර්ලිමේන්තුවේ වියදමත් රටේ ජනතාවගේ බදු මුදලින් දුෂණයට කිසිම විසඳුමක් නැතිව...

:       9       64

අරවින්ද මොනරවිල Thursday, 11 January 2024 03:18 PM

"ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් එසේ වුවහොත් එය මෙරට විශාල පාඩුවක් බවත් " මේ වගේ ගොන් කතා කියන්න හරිම දක්ෂයි. හරියට අයි.සි.සි. සමුළුවට රටවල් සිය ගාණනින් සමාජිකයන් දහස් ගණනක් ඇවිල්ලා සති ගණනක් මෙහෙ තරු පහේ හෝටල්වල ගත කරනවා වගේ කතාව... ඕනෑම නම් දවස් තුනක් විතර තියයි, උපරිම සීයක් දෙසීයක් එයි. ඒ එන මිනිස්සුත් තමන්ගේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දෙන මුදල් වියදම් කරන නිසා අර පිරිමැස්මෙන් වැඩ කරයි. අපේ ක්‍රිකට් එකේ වගේ කාබාසිනියා පාලකයෝ ඒ රටවල නැති නිසා... එහෙව් එකේ මෙයා කියනවා විශාල පාඩුවක් වෙනවාලු. බැඳුම්කර වංචාවෙන්, සීනි බදු වංචාවෙන්, සුදු ළූණු වංචාවෙන්, බිලියන ගණන් වංවා කරනවිට මීක් නැතිව හිටියා...

:       12       55

සමන් Thursday, 11 January 2024 04:28 PM

මේ Cricket board එක ගෙදර යනකම් cricket තරග බැලිම වර්ජනය කරමු... පිටියට තරග බැලීමට නොයමු... සමාජ මාධ්‍ය හරහා මෙය promote කරමු..

:       7       54

Nadadawa withanage sisira kumara Thursday, 11 January 2024 06:48 PM

හොරු රජ වෙනවා...

:       3       23

fairoos Thursday, 11 January 2024 07:00 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා ක්‍රිකට් බෝඩ් එකට ඉල්ලා අස්වෙන්න කියන්න.

:       4       31

නිහාල් Thursday, 11 January 2024 07:15 PM

කවුද අනේ දැන් ඕවා බලන්නේ?

:       5       28

Kumara Thursday, 11 January 2024 11:45 PM

හොරුත් එක්ක ක්‍රිකට් එපා

:       0       10

Nalin Friday, 12 January 2024 02:28 AM

මේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්වෙන තුරු සියලුම තරග නැරඹීම වර්ජනය කරමු!

:       0       9

jayasekara Friday, 12 January 2024 09:21 AM

මෙක පුදුම රටක්නෙ...හොරු අල්ලන්න ආපු ඇමතිව එලෝල... එක කරොගන්න ICC එකෙන් ලංකාවෙ ක්‍රිකට් තහනම් කරොල.. පුදුම කාලකන් බෝඩ් එකක් තමා......

:       0       9

සොම්බි Friday, 12 January 2024 10:46 AM

කොහොමද අන්තිමට සගලලයි , රනිල් ලයි , හරින්ලයි එකතුවෙලා ක්‍රිකට් බෝඩ් එකේ හොරු ටික බේරගත්ත හැටි ?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site