IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති  ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී  අද (9)  පස්වරුවේ ඒකමතිකව  සම්මත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.

යෝජනාව ඊයේ  සවස සලකා  බැලූ අවස්ථාවේ  ජාතික ජන බලවේගයේ  මන්ත්‍රීවරු සභා  ගැබේ නොසිටීම විශේෂත්වයක් විය.

යෝජනාව සළකා බැලූණු  අවස්ථාවේදී
විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින්  දිගින් දිගටම  හඬ නැගුහ. මෙහිදී සභාව ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මතවූ බවයි.

යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින්  ඡන්ද විමසීමක්  අවශ්‍ය නොවන බවද  ඔහු  ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා  දිගින් දිගටම ඝෝෂා
කරනු දැකගත හැකිවිය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විවාදයේ පිළිතුරු කතාව කළේය.

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැමෝම එක හා සමානව අත්වැල් බැඳ ගෙන  සැමගේම එකඟතාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන හොර තක්කඩි අල්ලස් දූෂිතයන් ගෙදර යැවිය යුතු බව යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ප්‍රකාශ කළේය.

අධිකරණය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තමාට ඇති නමුත් පෙරේදා  දිනයේ මහ  ඛේදවාචයක් සිදුවූ බවද  ඔහු සඳහන් කළේය.

මෙම යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිලයට යොමු කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේදී  ඊයේ  සඳහන් කෙරිණ.



අදහස් (5)

ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි

ravin Thursday, 09 November 2023 07:12 PM

දැන් කරන්න තියන මූලික කාර්යය නම් පූර්ණ විගණනයයි. ඊළඟට පොදු දේපළ පනත යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි.

:       0       29

sachith Thursday, 09 November 2023 07:33 PM

කේක් ගෙඩියේ පිට අයිසින් එක ලස්සනට තිබ්බට, ඇතුළේ නම් කුණු ගඳ ගහන කේක් ගෙඩියක් වගේ පේන්නේ නම්...! 

:       4       8

සමන් විමල් Thursday, 09 November 2023 08:21 PM

විවාදයට ජාජබ නැහැ... ධම්මික, ටිරාන් වගේ සූදු ෂම්මිත් සහෝදරයින්ට කප්පම් දෙනවා ඇති...

:       5       28

මැක්ස් Thursday, 09 November 2023 08:39 PM

දූෂණයට එරෙහි කේවල බලවේගය තමන් යයි පාරම්බාන, එසේම දූෂණ කෙවිටෙන් තම දේශපාලන විරුද්ධ වාදීනට තිරශ්චීන ලෙස පහර දෙන ජවි පෙරමුණේ කයිවාරුකාරයින් මෙතැනින් පැනලා ගියේ ඇයි? ශම්මි සමග සිදු කරනු ලබන ව්‍යාපාරික ගනුදෙනු ජවිපෙටත් ඇති නිසා ද?

:       8       29

Rohana Friday, 10 November 2023 07:04 AM

මේ සම්බන්ධව NPF ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි. නැතිනම් ජනතාව ඉන්නේ වැරැදි මතයක...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 49 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1573 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 461 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2307 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site