(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය 2018 වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු-අප්‍රිකා ක්‍රිකට් සංචාරයේ අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු රුපියල් කෝටි තුනක මුදලක් අය කර නොගැනීම පිළිබඳව පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්)දැඩි දෝෂදර්ශනයට ලක්විය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත ලෙස කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරැදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැන්වීය. ඒ සඳහා නීතිපතිවරයාගේ සහයද ලබා ගත හැකි බව කාරක සභාවේ සභාපති මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනය‘‘
CHANDA Thursday, 08 April 2021 02:55 AM
බෝර්න් එගේන් හින්දා නොවෙයි එහෙනම්?
Akila Thursday, 08 April 2021 04:29 AM
මන් නම් හිතන්නේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධානම හේතුව දැනට අපේ ටීමේ එකේ ඉන්න වැඩබැරි ටාර්සන් ල සෙට් එක හින්ද කියල
Senaka ඉතාලිය Thursday, 08 April 2021 04:38 AM
හරි හරි එහෙනම් බුකි කාරයෝ ටික අත්අඩංගුවට ගමු. මුන් ටික එකතුවෙලා තමයි අපේ ක්‍රිකට් නැත්තටම නැති කලේ.
Perera Thursday, 08 April 2021 04:57 AM
රට වලපල්ලට යන්න හේතුවත් ඕකම තමයි
athula Thursday, 08 April 2021 07:09 AM
පරිපාලනය තමයි වෙනස් වෙන්න ඕනේ. නමුත් වෙන්නේ නැහැ. වෙනවා නම් මුලින්ම මෙල් කාරයා එලවන්න ඕනේ... ඉතින් එහෙම වේවිද?
Pradeep Thursday, 08 April 2021 07:18 AM
ක්‍රිකට් පමණක් නොවේ.. මුළු රටටම ඒකම තමයි.
de silva Thursday, 08 April 2021 07:51 AM
ක්‍රීඩා ඇමැති අසමත්...
විපරමා Thursday, 08 April 2021 08:50 AM
වැරදි පරිපාලනය හින්දා ක්‍රිකට් විතරක් නෙවෙයි මුලු රටම කඩා වැටිලා.ඉන්න තරමක් ඉන්නේ හොර දූෂිතයෝ ?
de silva Thursday, 08 April 2021 09:24 AM
අර්ජුන සහ රටේ ක්‍රිකට් ප්‍රවීණයන් පෙන්වා දුන් හරි මග යන්න ඔබට කිසිම අවශ්‍යතාවයක් නොමැති බව පෙනේ. ඔබත් කරන්නේ බුකී කාරයා විසින් නටවන රූකඩ.. ආරක්ෂා කිරීම පමණි. පළාත් සභා ඡන්දයේදී ජනතාව ඔබලාට කළගුණ සලකාවි.