IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කූරගල මුත්තාට වයස 16,000යි

කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් සොයාගත් මානව අස්ථි කොටස් අදින් වසර 16,000ට පෙර විසූ මානවයකුගේ බව විද්‍යාත්මක කාලනිර්ණයට අනුව තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි. මේ බව තහවුරු කරගෙන ඇත්තේ එංගලන්තයේ කේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයන්හි දී කරන ලද බීටා ඇනලටික් නම් කාලනිර්ණ ක්‍රමයෙනි. 2013 වර්ෂයේ මැයි මාසයේ දී කරන ලද කැණීමක දී මේ මානව සාධක හමුවී තිබිණි.

පහතරට වියළි කලාපයට හා තෙත් කලාපයට මැදින් පිහිටි අතර මැදි කලාපයට අයත්වන කූරගල ආසන්න බෙල්ලන්බැඳිපැලැස්සෙන් ද ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවී තිබිණි. බෙල්ලන්බැඳිපැලැස්සේ දී හමුවූ මානව අවශේෂ කාල නිර්ණය කිරීමේ දී ඒ මානවයා වසර 13,000ක් පැරණි බව තහවුරු විය. ඒ අනුව කූරගලින් හමුවූ ප්‍රාග් ඓතිහාසික මානව සාධක ඊටත් වඩා වසර 3000ක් අතීතයට දිව යයි.

05 05-1



අදහස් (0)

කූරගල මුත්තාට වයස 16,000යි

මහින්ද Monday, 12 September 2016 06:53 AM

මෙම සොයාගැනීම් වලින් තහවුරු වන්නේ අවස්ථාවාදවත්, ජාතිවාදයවත්, පටු පවිටු දේශපාලනයවත් නොව මේ භූමිය තුළ එදා ජීවත්වූ මිනිස් කොට්ඨාශයක් ගැනයි. (නි)

:       0       0

ගාමිණී Friday, 12 September 2014 09:38 AM

මම ලංකාවට ගීය වෙලාවේ කුරගල මෙම ඇට සැකිල්ල බලන්න ඕන . (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 11 September 2014 07:13 PM

මේ අතීතය නේද සමහරු වළලන්න හැදුවේ? (නි)

:       0       0

යශෝද් Thursday, 11 September 2014 08:11 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

සමන්ති Thursday, 11 September 2014 11:41 PM

කුරගල මුත්තා නම් රාවනා දැකලා ඇති (නදී)

:       0       0

කොසල Saturday, 13 September 2014 02:36 PM

රහතන් වහන්සේ නමකගේ හෝ භික්ෂූන් වහන්සේ නමකගේ වෙන්න බැරිද. එහෙම වුණානම් ආදාහනය කෙරෙනවා හැබැයි. මුත්තා කියන එක ටිකක් නම්බු මදි. පිළිවෙලට වලදාපු වැදගත් කෙනෙක්. (නදී)

:       0       0

මහේෂ් Friday, 12 September 2014 02:31 AM

අතීතයේ අපේ රට ලෝකයේ ප්‍රබලම රටක් වෙලා තියෙන්න ඇති (නි)

:       0       0

නිලන්ග Friday, 12 September 2014 02:31 AM

මේ හමුවන්නේ අපේ වැළලී ගිය අභිමානයයි (නි)

:       0       0

මාලි Friday, 12 September 2014 02:34 AM

ප්‍රශ්ණයක් තමයි (නදී)

:       0       0

අමිත Friday, 12 September 2014 02:42 AM

විජයට ආවඩන අයට කට උත්තර නැහැ කියනවද (නදී)

:       0       0

නාලක Friday, 12 September 2014 02:45 AM

කුරගල, බෙල්ලන්බැඳිපැලැස්ස, පාහියන් ගල , බලන්ගොඩ බටදොඹ ලෙන ආදී විවිධ ස්ථාන වලින් හමුවූ අවුරුදු දහස් ගණනක් පැරණි අස්ථි වලින් අපේ ශ්‍රී ලංකාද්වීපයේ ඉතිහාස කතාව ගලපා ලියා ලෝකයට අභිමානයෙන් පෙන්වන්න පුළුවන් පරපුරක් දැන් බිහිවිය යුතුයි. වංශය කබල් ගාලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

කෙනත් Monday, 15 September 2014 05:52 PM

බුදුවරු පහළවන්නේ දඹදිවයි, ඒ ගැන තිපිටක සුත්‍ර දේශනා අධ්‍යයනයෙන් පැහැදිලිව පෙනෙනවා. බුදුන් උපන් ලුම්බිණියේ මෑතක කල කැනීම් වලින් හමුවුන පුරාවිද්‍යා සාධක මෙය තවත් තහවුරු කරනවා. සුත්‍ර දේශනා සැම එකක්ම එය දෙසු තැන බොහොම නිවැරදිව දක්වා තිබෙනවා. ඒවා ලංකාවේ තැන නොවන බව කුඩා දරුවෙකුට පවා පෙනෙනවා. බුදුවරු ලංකාවේ පහල නොවන්නේ මෙය ඉතා කුඩා රටක් නිසයි. බුද්ධ භුමිය දඹදිව මධ්‍ය මණ්ඩලයයි. නමුත් පිරිසිදු දහම රැකෙන්නේ මේ ලංකාවේ බව දුටු බුදුරදුන් අන් කිසිම රටකට නොවැඩියත් මේ ලක් පොලවට තෙවරක්ම වැඩි සේක. මේවා දන්නේ නැති අනුවන දනන් කව්රුහරි මෝඩ කතාවක් කිව්වම එකේම එල්ලිලා බොරු ඉතිහාස ගොඩ නගනවා. ඒ පට්ටපල් බේගල් වලට බාදා වෙන ත්‍රිපිටකය, හෙළ මහා වංශය, දීප වංශය ආදී ඓතිහාසික ලේඛන පවා බොරු කියමින් සිහින ලොවක් ගොඩ නගනවා. බුදුවරු සතරනමක් ලංකාවට වැඩමකළ බවත්, උන්වහන්සේලාගේ බෝධි අංකුර වැඩ සිටවූ තැනුත් හෙළිකළේ මහා මිහිදු මහරහතුන්ය. මේ ඉතිහාසය විකෘති කරන්නේ මාර අවේශයෙන් පැටලවිලි ඇතිකරන්න හදන අනුවන පිරිසකුයි. (ස)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 12 September 2014 02:55 AM

අපට හැඟෙන අන්දමට ලංකාද්වීපයේ භෞතික හා ජෛව අනන්‍යතාවය අවුරුදු ලක්ෂ ගණනක සුවිශේෂීතාවයක් සමඟ ඉන්දියානු අර්ධද්වීපයෙන් වෙන්ව පැවතගෙන ආ බවයි සිතෙන්නේ. අපට ඉන්දියානු සම්භවයක් ඇතැයි පැරණි ඉතිහාසකරුවන් විශ්වාස කරන්න ඇත්තේ උතුරු ඉන්දීය ආගමික හා සංස්කෘතික බලපෑම නිසා විය යුතුයි. නමුත් සිංහලයා සතු ජාන ශක්තිය ඉන්දියානු ඥාතිත්වයකින් ආ දෙයක් නොව මේ භුමිය ජනාවාස කොටගෙන, මෙහි පරිසරයට ඉතාමත් සාර්ථකව අනුගතවූ මනුෂ්‍ය කොට්ඨාශයකින් අපට උරුමවූ දෙයක් බව පිළිගත හැකි සාධක දිනෙන් දින මතුවීම සිංහලයාගේ අනන්‍යතාවය වෙත එල්ල කරන ලද ආලෝකයක් කියා කිව හැකියි. (නි)

:       0       0

සිල්වා Saturday, 13 September 2014 04:49 PM

ශ්‍රී ලංකවේ අතීතය හරිම වෙනස්. දැන් අපි කර තියාගෙන ඉන්නේ ඉන්දියාවේ බමුණු ලියපු බොරු. මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි. මෙම පරම සත්‍ය වටහා ගැනීමට පිරිසිදු සිව් හෙලයේ ලේ ඇති අපට හැකි වුවද භාරත සම්භවයකින් පැවතෙන බොහෝ සිංහලයන්ට නොහැකිය. අදට පවතින ඉතිහාසය යනුවෙන් පිළිගනු ලබන කෘතීම ඉතිහාසය බුද්ධඝෝෂ හා මහනාම යන භාරතයෙන් පැමිණි දුෂිත බමුණන් දෙදෙනා නිවැරදි හෙළ දීපවංශය සහ මහා වංශය යට ගසා ලියන ලද්දක් ඇසුරෙන් ජෝර්ජ් ටර්නර් නැමැති සුද්දා 1900 ගණන් වල ලියූවකි. මේ දේවල් ජනතාව තේරුම් ගන්න ඕනි. තවත් වැදගත් කරුණක් වන්නේ හෙළබිම පූර්ව බ්‍රග්මීය සෙල්ලිපි 1200 ට අධික ගණනක් තිබියදී (පිටපත් කල) ඉන්දියාවේ ඇත්තේ 32ක් පමණි. (නදී)

:       0       0

සුරංග Saturday, 13 September 2014 04:47 PM

වහල් මානසිකත්වයකින් යුතු සමහරු සිංහලයා පැවතෙනුයේ විජය නැමැති දාමරිකයාගෙන් බව කිසිඳු හිරි කිතයකින් තොරව පිළිගනිති. එයිනුදු නොනැවතී එම මිත්‍යාව සනාථ කරනු වස් ඔවුනගේ ගුරුවරු (පර සුද්දන්) මෑත යුගයේ ලියා දුන් මෝඩ ඉතිහාසය වෙනුවෙන් වාද විවාද පවා කරති. සිව් හෙළය ගැන අබමල් රේනුවක්වත් නොදත් මොවුන් අපගේම වන තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ සිව් හෙළයේ කරදිය වළල්ලෙන් ඉන්දියාවට තල්ලු කර දැමීමට තැත් කිරීම කවර පුදුමයක්ද? (නදී)

:       0       0

කෙනත් Monday, 15 September 2014 06:04 PM

විජය යනු දාමරිකයෙක් නොවයි, ඔහු තරුණකමට දේශාන්තර සොයා ගිය ආර්ය රජකුමරෙක්. විජය සහ පිරිවර පැමිණීමත් සමග අපේ හෙළයන් සහ සුර්ය වංශිකයන් අතර බල අරගල ඇති වුනා. නමුත් පණ්ඩුකාභය රජු මේ සියල්ල එකතු කොට සිංහ - හෙළ ජාතියක් ගොඩනැගුව. සිංහල ජාතියේ නිර්මාතෘ පණ්ඩුකාභය රජුයි. හරියට ක්‍රි. ව . 1000 දී අර්තෙර් රජු ඇන්ග්ලෝ සක්සෝන් සහ රෝමානු ගෝත්‍ර එකතු කොට ඉංග්‍රීසි ජාතිය ගොඩනැගුව වගේ. සිංහල ජාතිය ශිෂ්ඨාචාරයක් ලෙස යලි සැකසුනේ මිහිදු මාහිමිගෙන් ලද මහා දායාදය සමගයි. අප අද කතාකරන සිංහල බස ඉන්දු ආර්ය බසක් වෙන්නේ මේ සම්භවය නිසයි, නමුත් එය පාලි, මගදී බසට වඩා වෙනස් වෙන්නේ හෙළ බස මිශ්‍ර වීම නිසයි. මේවා නොදත් සුළු පිරිසක් අද ඉතිහාසය වෙනස් කරමින් විකාරයක් ගොඩනගන්න ළදරු උත්සහයක් දරනවා. මහාවංශයටත්, සෙල් ලිපි වලටත්, ධර්මයටත් , ත්‍රිපිටකයටත් නිර්ධය ලෙස පහර ගහමින් මිත්‍යාවක් පතුරවමින් ඉන්නවා. රාවණ මිත්‍යාව නම් ඉන්දියානු බමුණන් ඉන්දියානුවන් තුල බුදුදහම සුරකින ලංකාව කෙරෙහි දැඩි වෛරයක් ඇති කිරීමට ලියපු රාමායනය නම් ප්‍රබන්ධය (කාව්‍ය) සරණ ගිය මෝඩ ජනයා තම උරුමයටම පහර ගහමින් සිටිති. (ස)

:       0       0

දිල්ෂාන් Friday, 12 September 2014 03:31 AM

මේක මහා ලෝක පුදුමයක් නොවේ ලෝකේ හැම රටේම මෙවැනි දේ හෑරුවොත් ලැබේවි (නදී)

:       0       0

පසන් Friday, 12 September 2014 03:39 AM

ඉතා හොඳ සොයා ගැනීමක්. විජය ලංකාවට එන්න පෙර ජීවත් වූ කෙනෙක්ද? (නදී)

:       0       0

බැලට් බොක්ස් Friday, 12 September 2014 03:45 AM

විද්වත් සාකච්ඡා සඳහා මුහුනු පොතේ (ෆේස්බුක්) ඉඩකඩ බැලට් බොක්ස් - ඔබේ මතයට ඉඩක්. https://www.facebook.com/groups/ballotbox/ ඔබේ අදහස් නිදහසේ කියන්න. අදම එකතු වෙන්න. (නදී)

:       0       0

අපොන්සු Friday, 12 September 2014 04:05 AM

ලෝකේ වටේ හිඟා කකා යමින් වන්සේ කබල් ගාන හැටි බලන්න අපුරුයි. (නදී)

:       0       0

අපොන්සු Friday, 12 September 2014 04:12 AM

නෑ, නෑ දිල්ෂාන්, ලංකාවේ විතරයි ආදි වාසීන් ඉඳලා තියෙන්නේ. (නදී)

:       0       0

ශාන් Friday, 12 September 2014 04:17 AM

මේ ගොල්ලන්ට වෙන වැඩ නැද්ද (නදී)

:       0       0

මරදාන ගමගේ මහින්දපාල Friday, 12 September 2014 04:38 AM

මේ හමුවන මූලාශ්‍ර එම කාලවකවානුවල අප භූමිය තුල මිනිස් කොට්ටාසයක් වාසය කල බවයි. ඹවුන් සිංහල යැයි එකවරම  කිව නොහැක.   ඒත් ඒ අපේ මුතුන් මිත්තන් බව නිසැකයි. එහෙත් මෙය අප අභිමානයට විනා   ජාතියක් පහත් නොකට තැකිය යුතුයි (නදී)

:       0       0

හේතුක සෙනවිරත්න Friday, 12 September 2014 05:04 AM

වහාම අපගේ ඉතිහාසය වෙනස් කරන්න අදාල බලධාරීන් කටයුතු කළ යුතුයි (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 05:20 AM

හමුවූ වසර 13000 ක පැරණි අස්ථි කොටස් සුරක්ෂිතව තබා ගැනීමට වගබලා ගතයුතුයි. නිදා සිටින දරුවන් උස්සන කාලයේ වැඩි මිලකට වෙනත් රටවලට ඔය ටිකත් විකුණාවි (නදී)

:       0       0

රනිල් මානවයා Thursday, 18 September 2014 05:02 AM

ඉතිහාසය ලිඛිත සාධක පදනම් කරගෙනයි සාකච්චා කරන්නේ.පුරාවිදයාවීදී ඊට වැඩි සාධක යොදා ගන්නවා. මේ සාධක වලින් පුළුවන් ඉතිහාසයේ නොලියවුණු,නොකියවුණු කතාවක් සාක්ෂි සහිතව හොයාගන්න.ඉතිහාස පොත් වල ලියවෙලා තියෙන සමහර කරුණු නිවැරදි නොවන වග පුරාවිද්‍යා පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. (ස)

:       0       0

අනුෂ්කා Saturday, 13 September 2014 05:08 AM

ලංකාවට මීට වඩා අතීතයක් තියෙනවා. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 16 September 2014 10:15 PM

මේවා කියෙව්වට පස්සේ මාව කරකවලා අතහැරියා වගේනේ. ආයෙත් මට පාසල් යන්න හිතෙනවා (නි)

:       0       0

ගමගේ Friday, 12 September 2014 05:58 AM

මරදාන ගමගේ, ඔබ කිවුව දේ හරි (නි)

:       0       0

ශෙවෝන් Friday, 12 September 2014 06:04 AM

තම ඉතින් කාල නීර්ණය කරන්න එංගලන්තයට යව යව ඉන්නවා මිසක්, කොයි කාලේ කාල නීර්ණ යන්ත්‍රයක් ලංකාවේ හදයි ද දන්නේ නැහැ. (අ)

:       0       0

අසී Friday, 12 September 2014 06:22 AM

ඔයිට වැඩිය ඉතිහාසයක් ලංකාවට තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනාකල බව කවුරුත් දන්නවද ,,, මීට පෙර වැඩ සිටි කකුසඳ,, කෝණාගමන ,, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා මෙම භූමියට වැඩම කල බව උන් වහන්සේ දේශනා කලා ඉතින් අවුරුදු 13000 16000ක් කියන්නේ බොහොම මෑතනේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මීට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙරනේ (අ)

:       0       0

රොකී Friday, 12 September 2014 02:59 PM

අසිට, අවුරුදු ප්‍රකෝටි ගණනකට පෙර මනුෂ්‍ය වර්ගයා සිටි බවක් ඔබ ඉගෙන ගත්තේ කාගෙන්ද? කකුසඳ, කෝනාගම, කාශ්‍යපලා මෙම භූමියට වැඩම කල බවක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන සූත්‍රයේද? බුදුන්වහන්සේට අපහාස කරන්න එපා.මෝඩ කතා කියන්න එපා. පාශානිභූත මිනිස් සරීර මීට වඩා බොහොම පැරණි ඒවා තවත් රටවල හම්බ වෙලා තියනවා. ඔවාගෙන් අපේ ඉතිහාසයක් කොහොමටවත් හෙලිවෙන්නේ නැහැ. මේ පුවතට ප්‍රතිචාර දක්වලා තියන සමහරු ඉතිහාසය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැ වගෙයි. තව ඒ මදිවට ඕවා පරෙස්සම් කරන විදිහ ගැන නිලධාරීන්ට තරවටු කරනවා (නදී)

:       0       0

යසිත් Friday, 12 September 2014 06:44 AM

සමහර අදහස් දැක්කහම දුකයි (නි)

:       0       0

මංජුල Friday, 12 September 2014 08:37 AM

කූරගල බේරාගනු! (නි)

:       0       0

කලුපෙරුම Friday, 12 September 2014 08:50 AM

ලෝකයේ අනෙකුත් රටවල් වල මෙවැනි දේවල් සොයාගෙන තියනවා. ඒවා අවරුදු මිලියන ගානක් පැරණියි ඔවුනුත් කියනවා. මේකෙන් කියන්ඩ පුළුවන් අනෙකුත් රටවල් වගේම ලංකාවේ සංස්කෘතියත්, තාක්ෂණයත් ඉතිහාසයත් පොහොසත් රටක් කියලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 104 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 802 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1665 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1085 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 452 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 275 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site