IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කුරුටු ගෑ කෙල්ලට ජනපති සමාව

සිගිරි කැටපත් පවුර කොණ්ඩ කටුවකින් කුරුටු ගා සිර දඩුවම් නියම වු නැගෙනහිර උදේනි නම් තරුණියට නියම වු වසර දෙකක සිර දඬුවම සම්බන්දයෙන් පොදු සමාවක් දීමේ ලියවිලි වලට  ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.

ඇයට සමාව දෙන ලෙස  පොදු සංවිධාන රැසක්ම රජයෙන් ඉල්ලා තිබිණි.

 



අදහස් (0)

කුරුටු ගෑ කෙල්ලට ජනපති සමාව

නෙත් Thursday, 02 April 2015 07:46 AM

මේක නම් ඉතාම හොඳ තීරණයක් (නි)

:       0       0

නලීන් Thursday, 02 April 2015 07:51 AM

ඒ වුණත් මෙහෙම වුණාම වැරදි කරන්න තිබෙන බය නැතිවෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 02 April 2015 08:06 AM

අනේ මන්දා අපේ රටේ සිංහල මිනිසුන්ගේ අදහස්... ? මුරලි ලංකාවට සෙල්ලම් කරනකොට හොඳයි, හැබැයි දෙමළ ළමයාට සමාව දුන් එක ලොකු වරදක් වගේ කතාව..... (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 02 April 2015 08:17 AM

කොච්චර බෝඩ් ලෑලි ගැහුවත් වැඩක් නැහැ ඒ තැන්වල නියමිත ආරක්ෂක වැඩපිළිවෙලක් නැත්තම්. අපේ මිනිස්සු විනෝදෙට යන ගමන්බිමන් වලදී මොන අවවාද අනුශාසනා ලියලා බෝඩ් ලෑලි එල්ලුවත් ඕවා කියවන කියෙන් කීදෙනාද ඉන්නේ.අනික සමහරු කරන්න එපා කියන වැඩේමනේ කරන්න බලන්නේ. මේ තුළින් හැමෝටම ගතයුතු පාඩමක් තියේවි ඉස්සරහට. (නි)

:       0       0

ගොඩගේ Thursday, 02 April 2015 08:22 AM

ඔබගේ තීරණයට අපේ ආශිර්වාදය! (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 02 April 2015 08:25 AM

එතුමා දන්නවා කරන්න ඕනෑ මොකක්ද කියලා (නි)

:       0       0

දයාරත්න Thursday, 02 April 2015 08:42 AM

අනිවාර්යෙන්ම ඇය නිදහස් කළ යුතුයි.ලංකාවට තියෙන්නේ ඔය පුරාවස්තුව පමණද?නිදන් හොරු කටුගෙය සහ අනෙක් පුරාවස්තු සොරුන් නිදැල්ලේ සිටියදී මැයට දඩුවම් දුන්නේ දුප්පත් අහිංසකවූ නිසාද?මැය අකුරු ලියනතෙක් ආරක්ෂක නිලධාරීන් මොනවාද කළේ?රාජකාරිය පැහැර හැරි නිලධාරීන්ට දුන් දඩුවම් මොනවාද?වගකිවයුත්තෝ ලජ්ජා විය යුතුයි. මෙවන් නිවට කටයුතු ගැන.පිළිකුල් සහගත මේ සිද්ධිය වරද කරුවෝ කවුරුන්ද?(දිල්)

:       0       0

දමිත් Thursday, 02 April 2015 08:46 AM

මෝඩ මිනිසුනේ මෙතන තියෙන්නේ සිංහලද දෙමළද ප්‍රශ්නයක් නෙමෙයි , නොදැනුවත්ව කරපු වරදකට අවරුදු 2 ක් හිරේ දැමීම අසදාරනය යන පොදු පිළිගැනීම. මේ සිංහල දෙමළ කතාව අහනකොටත් තිත්තයි. මමත් පස් පවින් වැළකිලා ජීවත් වෙන කෙනෙක්. හැබැයි සිංහල බෞධයෝ කියල අපි අනිත් ජාතීන්ට ගරහන්න යන්නේ නැහැ . මේ ජාතිවාදී කතා අද සමාජයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ .ආච්චිලා සීයල වගේ ඔය ජාතිවාදී කතා ලියන්න එපා. (ස)

:       0       0

චන්දන Thursday, 02 April 2015 08:52 AM

මනුස්සයෝ වාගේ හිතලා හොඳ දේවල් කරන්න හිතට ගන්න.(ම)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 09:23 AM

මේ රාජිතයි ඔහුගේ පුතයි කරලා තියෙන දේවල්වලට වහා දඬුවම් දිය යුතුයි. (ස)

:       0       0

හෆීල් Thursday, 02 April 2015 10:16 AM

හිටපු ජනපතිනං මිනීමරුවන්ට තමයි සමාව දුන්නේ. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 10:00 PM

සහතික ඇත්ත ඉන්දික. අපි ඉතින් දෙවැනි පන්තියේ පුරවැසියෝ නිසා අපිට අඩුගානේ කුඩම්මාවත් සළකන්නේ නැහැ. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 10:16 PM

දමිත්, නීතියේ තිබෙන මූලික සිද්ධාන්තයක් තමයි නීතිය නොදැනීම නිදහසට කාරණයක් නොවේය යන්න. ඉතින් ඔහොම ගියොත් මිනියක් මරලත් නොදැනයි කළේ කියන්න පුලුවන්නේ. මේ පුරාවස්තු අමිලයි. ඈ කළ හානිය පිළියම් නොකළහැකි දෙයක්. අනික ඇත්තටම නොදැන කළා වෙන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. මෙහෙම පූර්වාදර්ශ ලැබුණාම වැරදි කිරීමට බිය නැතිවෙනවා. (නි)

:       0       0

සමන් Thursday, 02 April 2015 11:06 AM

නෆ්හන් ,එතකොට ඔයාලගේ පල්ලියක මෙයා කුරුටු ගැවානම් සමාව දෙනවද? (ස)

:       0       0

ප්‍රකාශ් Friday, 03 April 2015 10:10 AM

ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

රේණුකා Friday, 03 April 2015 10:16 AM

සුමුදුහේවා කියන කතාව ඇත්ත .අපිට කුඩම්මාගේ සැළකීමවත් නැහැ.මේ පාලකයින්ගේ වැඩ නිසා අපිට මොන පන්තියක්වත් නැහැ.නඩුයි,බඩුයි,හොරුයි මෙයාලගේ තමයි.(දිල්)

:       0       0

දිල්ෂාන් Thursday, 02 April 2015 12:06 PM

එහෙනම් දැන් හැමෝම ගිහින් කුරුටු ගාවි. (ර)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 05:13 AM

කලින් සමාන වැරදි කල අයටත් -ලැබේනම් වැදගත් සහනයක්. (ස)

:       0       0

විපුල Thursday, 02 April 2015 05:25 AM

කුරුටු ගාල හිරේ ගිය ඔක්කොටම සමාව ලැබෙන්න ඕනේ. (ස)

:       0       0

මොහාන් Thursday, 02 April 2015 05:33 AM

කලින් මේ වගේ වැරදි කරපු අයවත් නිදහස් කරන්නලු. කලින් මේ වගේ වැරදි කරලා හිරේ ගියේ නැහැ කවුරුවත්.(ම)

:       0       0

ජානක Thursday, 02 April 2015 05:35 AM

බොහොම හොඳ වැඩක් ගෙදර අය සතුටු ඇති .....ඉන්න කම්බ ඇමති හොරු ටික හිරේ දාන්ඩ ඕන පළමුව. (ස)

:       0       0

ඉන්දික Thursday, 02 April 2015 05:40 AM

දැන් දෙමළ ජාතිකයෙක් වීම නීතියෙන් බේරීමට හොඳම සුදුසුකමක්! මුහුදු කොටි නායිකාවට ඇප, කොටි නායකයින්ට රැකවරණය දුන්න NGO කාන්තාවට ඇප, දැන් ලෝක උරුමයක් වූ සීගිරිය කුරුටු ගෑ එක්කෙනාටත් ඇප. හැබැයි, ගොඨාභයට නඩු, කරන්නාගොඩට නඩු, රොෂාන් ගුණතිලකට නඩු, මහින්දට නඩු! මාර යහ පාලනය! (ස)

:       0       0

නෆ්හන් Thursday, 02 April 2015 05:48 AM

උපන් කාලය පටන යුද්ධයක් තිබු ප්‍රදේශයක ජීවත්වූ අයෙකි. වහලක් නැති ගෙවල්වල බිත්ති හතරේ ලියු පුරුද්ද. මෙය පළමු වැරැද්ද නම් සමාවදීම අගය කරමි. (ස)

:       0       0

රංජිත් Thursday, 02 April 2015 05:49 AM

දඩුවමක නියම අර්ථය වැරදි හදා ගැනීම. මේ ළමයා දැන් තේරුම් ගනීවි. ඒ වගේම අනිත් කාටත් හොඳ පාඩමක් වේවි. (ස)

:       0       0

ප්‍රකාශ් Friday, 03 April 2015 03:33 AM

මේ පොදු අපේක්ෂකයා මොනවාද කරන්නේ. සංස්කෘතික,ඉතිහාසික වටිනාකම් දන්නේ නැත්ද? රට විනාශයට ගෙනයාමේ පාලනයක්.වටිනාකම් හෑල්ලුවට ගන්න කෙනෙක්. (ස)

:       0       0

ජනහිත Thursday, 02 April 2015 05:52 AM

කාටත් එක හා සමානව , ජාති බේද නොමැතිව කටයුතු කලොත් තමයි වැඩේ වටින්නේ. ඉස්සරහ අය ඔය දේ කලොත් තද දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 06:15 AM

අපි පව් කියලා හිතලා සමාව දුන්නට අනිත් අය වැරදි පුර්වාදර්ශ ගන්නවා අඩුම ගාණේ වන්දියක් වත් ඉල්ලන්න ඕනේ...(ම)

:       0       0

අතුල Thursday, 02 April 2015 06:18 AM

නොදැන කල වරදට සමාවදීම උතුම් ක්‍රියාවක්. නමුත් හිතාමතාම රාජ්‍ය මුදල් සහ දේපල කොල්ලකාපුවුන්ට තවමත් යෙහෙන් වැජබීමට ඉඩදීම මොන වර්ගයේ ක්‍රියාවක්ද? (ම)

:       0       0

සුනිල් Thursday, 02 April 2015 06:33 AM

ඉස්සරනම් මෙහෙම සමාව දුන්නේ කාටද කියල රටම දන්නවා. දැන් නම් මේ අහිංසක දැරිවියකට. (ම)

:       0       0

සමන්තලාල් Thursday, 02 April 2015 06:37 AM

ඇය නොදැනුවත්කමින් තමයි මේ අනතුර වුනේ. ඇයට දඬුවම වගේම සමාවත් හිමිවිය යුතුය. මෙතන දෙමළ සිංහල ප්‍රශ්නයක් නැහැ. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 02 April 2015 06:56 AM

ඉස්සර සමාව දුන්නේ මිනී මරපු ඇමති බිරිඳලටනේ. (ස)

:       0       0

බිංගෝ Thursday, 02 April 2015 06:56 AM

කරපු දේ හොෙඳ නරක තීරණය වෙන්නේ පරමාර්ථය අනුව. (ස)

:       0       0

උදය Thursday, 02 April 2015 06:58 AM

ළමය දෙමළනෙ ඉක්මනට සමාව දෙන්න. සුදු මහත්තුරුට කේන්ති යයි. (ස)

:       0       0

නෆ්හන් Friday, 03 April 2015 04:33 PM

සමන්, ඕනෑම පල්ලියකට ඔයාව සාදරයෙන් පිලිගන්නවා. පල්ලියකට ඇවිත් බලන්න, කියනදේ අහන්ඩ. හරිදේ අවබෝද කරගන්න. කුරුටුගෑම කෙසේවෙතත් නොදැනුවත්ව කල වැරැද්දකට ඔබට සමාව ඉහලින්ම ලැබෙනු ඇත.පල්ලිය කෙසේවෙතත් අප ලාංකීය සමාජය එසේය. (ස)

:       0       0

ඉමේෂ් Thursday, 02 April 2015 07:31 AM

ඇයි මේ වැරදි කරන්න ඉඩ තියන්නේ? ලංකාවේ තියෙන්නේ හොරා පොලිස් වැඩනේ ඉතින්. හොරකම කරනතුරු බලාඉඳලා අල්ලනවා. ඕක ඉස්සරහින් වීදුරු ආවරණයක් දැම්මා නම් කාටවත් ලියන්න බැහැනේ (නි)

:       0       0

නුවන් Thursday, 02 April 2015 07:34 AM

ඇත්ත. මේ කැටපත් පවුරට සුදුසු ආරක්ෂක විධිවිධාන යෙදීම ඉක්මණින්ම කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 109 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 812 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1689 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1089 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 456 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 280 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site