IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසට යළිත් වරෙන්තු

 

(පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අද (10)  නැවත වරෙන්තු නිකුත් කළේය.

කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා චෝදනා ලැබ සිටිති.

නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති මගින් කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත මහේස්ත්‍රාත්වරයා මෙලෙස අද (10) නැවත වරෙන්තු නිකුත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සමඟ නාගරික කොමසාරිස්, ප්‍රධාන නාගරික ඉංජිනේරු, අනවසර ඉදිකිරීම් ඉවත් කරන නිලධාරියා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ආර්.ඩී.කුලතුංග මහතා වෙත නියම කරන්නැයි මහේස්ත්‍රාත් වැඩබලන පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය ක්‍රියාත්මක කරවීම සඳහා එම නියෝගයේ පිටපත් වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත යවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් අධිකරණ නියෝගය පැහැර හරිමින් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අසමත් වීමෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වෙත නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න කළ තවත් ඉල්ලීමකට අනුව පොලිස් අත්අඩංගුවට පත් නොවී අධිකරණය මඟ හරිමින් සිටින කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස රටෙන් පිටවීම වළක්වාලමින් රජයේ ආගමන හා විගමන පාලකවරයාට ද මහේස්ත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය මඟින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදීත් ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගත හැකි නගරාධිපති ඇතුළු පිරිස මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලීසිය ඉතා නිර්දය ලෙස විවේචනයට ලක් කළේය.



අදහස් (8)

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසට යළිත් වරෙන්තු

සෑම් Monday, 10 August 2020 09:11 AM

උසාවියට අයිතියක් නෑ ඔය නඩුව අහන්න. කරපු වැඩේට ජනතා කැමැත්ත දීලා ඉවරයි. වෙන කෙනෙක් ගේ නඩුවක් අහන්න ඔය වෙලාවේ.

:       1       0

dilan Monday, 10 August 2020 09:39 AM

මම හිතන්නෙ පොලිසිය තාම කල්පනා කරනවා ඇති රෝම කූපයකටවත් අත නොතියා අත් අඩංගුවට ගන්න විදියක් ගැන. එක රටක් එක නීතියක්...ජය වේවා!

:       0       41

මෝ Monday, 10 August 2020 10:30 AM

ජනාදිපති තුමනි, සිදුවෙන්නේ මෙය නම් රටේ ජනතාවට නීතියේ හෝ පොලිසියෙන් පිලිසරනක් නැත. මේ ගැන සොයා බලන්න වහාම. මහ ඡන්දෙදි අඩුගානෙ ආසන 10ක් වත් ඔබට අහිමි කලා මේ සිද්දිය

:       0       7

Kamal. Monday, 10 August 2020 01:28 PM

පොලිසියේ වරද, ඇයි පොලිසියට මේ අය අත්අඩංගුවට ගන්න බැරි.

:       0       0

Keppetipola Monday, 10 August 2020 01:30 PM

නීතිපති දෙපාර්තමේන්තුව රටේ නීතිය අරක්ක්‍ෂා කරමින් කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක කිරීම​ රටේ ජනතාවගේ බලා පොරොත්තුවයි. නව පාර්ලිමෙන්තුවට නැවතත් පත්වූ තවමත් උසාවියේ නඩු තිබෙන දූෂිත මන්ත්‍රීවරුන්ට නීතිය හරිහැටි ක්‍රියාත්මක වනවාද කියා නීති ගරුක සියලු ජනයා ඉතා විමසිල්ලෙන් බලා සිටී.

:       0       0

Champa Monday, 10 August 2020 01:56 PM

අධිකරණයට පුළුවන් මේ විදිහට පොලිසිය සහ දේශපාලකයන් එකතු වෙලා නීතිය අවනීතිය වෙන එක නවත්තන්න. නගරාධිපතිව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබියදීත් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අධිකරණ නියෝගය නොසලකා හැර අධිකරණය අවමානයට ලක් කරනවා නම්, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාට ඊලඟට නියෝගයක් නිකුත් කරන්න පුළුවන් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව අත්අඩංගුවට ගන්න කියලා.

:       0       7

විජිත් Monday, 10 August 2020 02:32 PM

පොලිස්පතිතුමනි, ඔබ වැනි කොන්ද පණ නැති, ඒක පාක්ෂික බත් බැලයින්ට පඩි ගෙවන්නේ රටේ මහජනතාවගේ බදු මුදල්වලින් බව අහලා නැතිද? අහලා නැතිනම් දැන්වත් දැනගන්න. ඔබ ඔබ ගැන ලැජ්ජාවිය යුතුයි. ඔබේ පවුලේ සැම ඔබ ගැන ලජ්ජා වියයුතුයි. ආණ්ඩුවට කඩේගිය නරුමයින් අල්ලලා උසාවියට පමුණුවන්න බැරි ඔබේ කුරුණෑගල පොලිසියේත් සිටින්නේ සොක්කෝ ටිකක් පමණයි. දුප්පත් අහිංසකයින්ට උඩ පැනපැන තලන චණ්ඩි පොලිසිය නැට්ට කොහේදෝ ගහගෙනලු.. වෙන රටක නම් පොලිස්පති ඉල්ලලා අස්වෙලා. එ්ත් අපේ රටේ පොලිස්පති අස්වෙලා මොනවා කරන්නද..? පරණ රස්සාව හොරපොල් කඩන්න ගස් බඩගාන්න වේවි... ඒවා ඔබට හුරුපුරුදු වැඩ බව අපි දන්නවා. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේම සිටි දුර්වලම පොලිස්පතිනේ. ඔබ වැන්නන් සුදුසු බයියන්ට පමණයි..!!!

:       0       7

විජිත් Monday, 10 August 2020 02:44 PM

"ගරු ස්වාමීනි, මේ අය කරලා තියෙන්නේ ඉහළින් ආ අණක්, පිළිපැදීමක් පමණයි. මාලදිවයින්කාර අරක්කු මුදලාලි මේ අයට දැනුම් දීලා තියෙනවා. බුවනෙකබාහු රජතුමාගේ අන්තපුරය, රටේ ලොක්කෙකුගේ අන්තපුරය බවට පරිවර්තනය කොට ප්‍රතිසංස්කරණය කරන්න කියලා. ඉතින් ස්වාමීනි, දැන් ඒ වැඩ කටයුතු අවසන් වේගෙන යනවා. ඒ මිසක් මෙතන කිසි වැරැද්දක් වෙලා නැහැ..

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැස්බෑව ප්‍රා.සභා ඡන්දය වළකන්නැයි ඉල්ලූ පෙත්සම විසිවෙයි
2025 අප්‍රේල් මස 28 40 0

පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව


ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 74 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 231 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


උසස් පෙළ නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 148 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 1153 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 435 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 984 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 428 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site