(රෝෂන් තුෂාර)
ජනතා මුදල් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල "රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්" (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
"R3F" පිරමීඩාකාර සමාගමේ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ සමාගමේ ප්‍රධාන විධායක අධ්යක්ෂ මධුසංක අත්තනායක, ඩී.පී රෝහිනි ,හා ඩබ්ලිව් එම් නිමල් ශාන්ත සැකකරුවන්ට මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර කුරුණෑගල, හෝරමාගම,කුලියාපිටිය මොරගොල්ලාගම, නාගොල්ලාගමඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක 5500කට අධික ජනතාව ගිණුම් තිස්එක්දාහක්හ රහා මෙම වංචාවට හසුව ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
ජනතාව තැන්පත් කරන මුදල් ජාත්‍යන්තර බයිනෑන්ස් සමාගම,ක්‍රිස්ටෝ කරන්සි සහ ජාත්‍යන්තර විද්‍යුත් වේදිකා හරහා විදේශයන්හි ආයෝජනය කර මාස 18ක් ඇතුළත හතර ගුණයක ප්රතිලාභ ඩොලර් වලින් ලබා දෙන බවට පවසමින් මෙම පිරමීඩාකාර මූල්‍ය වංචාව සිදුකර ඇති බව කරුණු ඉදිරිපත් කෙරිණ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුණෑගල පිරමීඩ සිද්ධියට තුනක් රිමාන්ඩ්
Rohana Wednesday, 24 July 2024 03:34 PM
මෙවැනි මුදල් වංචාකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි.
නිරෝෂ් Wednesday, 24 July 2024 06:30 PM
ඔය කුරුණෑගල පැත්තේ සිදුවුණු රුපියල් මිලියන 30 කට අධික මුදල් වංචාවක් පිළිබඳව ලිඛිතව පොලිස්පතිතුමාට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූවා.. ලිඛිත සාක්ෂි එක්කම දැන්වූවා. පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ පිළිතුර වූයේ එය මුදල් සීමාව අප කටයුතු කරකන මුදල් සීමාවට අයත් නැහැ කියන එක ඒක කියලා ඇඟ බේරාගත්තා... ඒ නිලධාරින් හැබැයි එතන සම්පුර්ණ මුදල මිලියන 30ක් කියන එක ගණනකටවත් ගත්තේ නැහැ. එකෙන්ම රටේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරක් ලබා දුන්නත් ක්‍රියාත්මක විය හැකි තත්වය මට වැටහුණා.. පොලිස්පතිතුමාට යවපු ලිපිය අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට යැව්වාට පස්සේ මම ගෙන්නලා කටඋත්තරයක් ගත්තා. එකට තව සාක්ෂිත් අරන් ගියා. ඒ අයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා කියලා තියෙනවා.. අපි ඒකට වැඩ කරන්නේ නැහැ... පෙත්සම් ගහලා වැඩක් නැහැ කියලා... ඒ නිලධාරියාත් වෙලා තියෙන අපරාධය දිහා විමර්ෂණය කරේ නැහැ.. මං කටඋත්තරයක් දීලා ආවා... අපරාදේ මෙවැනි නිලදාරින් මහජන මුදලින් නඩත්තු කරලා පෙන්ෂන් එක දෙන එකත්... ඔවුන් තව හිටියත් රටේ ආරක්ෂාවටත් වෙන දේ හිතාගන්න පුළුවන්. මේ සත්‍ය අත්දැකිමක්... ටිකක් හරි පරීක්ෂණය යන්නේ මහ බැංකු නිලධාරින් විතරයි...