IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කුරුණෑගල විදුහල්පතිට ඇප

කුරූණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති  සමන් ඉන්ද්‍රරත්න රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.

පාසලේ ශිෂ්‍යාවක වන වෙනුෂා ඉමන්දි බණ්ඩාර  ෆේස්බුක් වෙබ් අඩවියේ පාසල් නිල ඇඳුමෙන් පෙනී සිටි ඡායාරූපයක් නිසා විදුහල්පතිගේ තරවටුවෙන් පසුව සියදිවි නසා ගත්තැයි කියන සිද්ධියත් ඇය විසින් ලියන ලදැයි කියන ලිපියකුත් සම්බව්ධයෙන් පරීක්ෂණ පැවැත්වු ළමා හා කාන්තා කාර්යාංශය විදුහල්පති අධිකරණයට ඉදිරිපත් කළේය.

දෙපාර්ශවය වෙනුවෙන්ම නීතීඥවරු පෙනී සිටියහ.

දැරියගේ ලිපිය සම්බන්ධයෙන් විදුහල්පති අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව විදුහල්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියහ.

 පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස විදුහල්පතිට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් එසේ වුවහොත් ඇප අවලංගු කැර රිමාන්ඩ් කිරීමට සිදු වෙතියි ප්‍රකාශ කළේය.මාර්තු තුන්වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කැරිණී.

විදුහල්පතිට පක්ෂව හා විපක්ෂව කුරුණෑගල අදත් උද්ඝෝෂණ පැවැත්විණි.

(විදුහල්පතිට පක්ෂ වු පිරිස උද්ඝෝෂණයේ නියැලෙන අයුරු)

(විදුහල්පතිවරයාට විපක්ෂ පිරිස උද්ඝෝෂණයේ නියැලෙන අයුරු)



අදහස් (0)

කුරුණෑගල විදුහල්පතිට ඇප

ශාන් Thursday, 20 February 2014 10:29 AM

ළමයෙකුට අවවාදයක් දෙන පිළිවෙලක් තියනවා. විදුහල්පති ඒ විදිහට අවවාද කරනම් අදත් ඒ ළමය ඉන්නවා. (ත)

:       0       0

මංජු Wednesday, 19 February 2014 03:06 PM

සදරණය ජයගන්නවා විදුහල්පතිතුමනි.අපි ඔබ සමගි. (අ)

:       0       0

චතුර අබේවර්ධන Thursday, 20 February 2014 10:41 AM

විදුහල්පතිට දැරියගේ විනය හෝ වෙනත් දෙයක් සම්බන්ධව ගැටලුවක් තිබේනම් කළයුතුව තිබුනේ ඇයට ප්‍රසිද්ධියේ අපහාස නොකොට ඇයගේ දෙමව්පියන් කැදවා මේ සම්බන්ධව දැනුම් දීමයි. (ත)

:       0       0

සඳුනි Wednesday, 19 February 2014 03:36 PM

පැමිණිල්ලට බලපෑම් කරන්නේ විදුහල්පතිට ආවඬන අය (අ)

:       0       0

කුමාර Thursday, 20 February 2014 11:18 AM

වෙනුෂ ට කලින් මේ විදුහල්පති ගේ චරිතය ගැන කවුරුත් හොයා බැලුවොත් හොදයි (අ)

:       0       0

අසෝකා Wednesday, 19 February 2014 04:35 PM

බොහෝ මිනිසුන්ගේ මතුපිටින් පෙනේනේ සද්භාවය ඇතුලත නොතිබීම අපේ අවාසනාවයි! නුබලටත් දරුවන් සිටිනම් දෙවරක් සිතා බලන්න, ඔබේ දරුවටත් මෙවන් විපතක් උනානම් ඔබට දරාගත හැකිද කියා?? (අ)

:       0       0

ටීෂා Wednesday, 19 February 2014 04:36 PM

මම විදුහල්පති වැරදි නෑ. ඔහු කළේ අවවාදයක් දීම පමණයි. (අ)

:       0       0

සාරම් Wednesday, 19 February 2014 04:40 PM

ඕනෙම කෙනෙකුට යම් පිරිසක් ඉන්නවා . එයාගෙන් යම්යම් වාසි තියෙන කම් පිරිසත් ඉන්නවා .(අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 19 February 2014 05:20 PM

විදුහල්පතිවරයෙකු තරවටු කඝ පමණින් සිසුවෙකු සියදිවි නසාගන්නවා නම් එයට විදුහල්පතිවරයා කුමක් කරන්නද ? දැන් රටේ ඕනෑම නිවසක දෙමව්පියන් ළමුයින්ට තරවටු කරනවා. එහෙම තරවටු කළ පළියට දූපුතුන් සියදිවි හානිකරනවා නම් පියාව අත් අඩංගුවට ගන්නවාද? (දිල්)

:       0       0

දුමින්ද Wednesday, 19 February 2014 05:56 PM

විදුහල්පතිතුමාට ලොකු අසාධාරණයක් වෙනවා (දිල්)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 19 February 2014 06:33 PM

දරුවාට අවවාද දුන් ආකාරය හරිද කියල . දෙනෝ දාහක් ඉදිරිපිට පරුෂ වචනෙන් අපහාස කිරීමක් අවවාදයක් වෙනවද? මේක බොහොම වැරදි ආදර්ශයක් විදුහල්පති කෙනකුට තරම් නොවන ආකාරයට හැසිරීම මේ අවාසනාවට එකම හේතුව විය හැක. දරුවන්ට කලින් ගුරුවරුනට මනා පුහුණුවක් ශික්ෂණයක් ලැබිය යුත්තේ මේ නිසාය. (අ)

:       0       0

කල්පනී Wednesday, 19 February 2014 07:01 PM

කට පරිස්සම් කරගන්න දන්නේ නැති විදුහල්පති අපේ විදුහලට එපා.. (අ)

:       0       0

කුමාර Thursday, 20 February 2014 01:59 PM

විදුහල්පතිට දඬුවම් දීමෙන් දරුවන් හැදෙනවානම් ඒක හොදයි. එත් මේ කරන දෙයින් දරුවන්ට දෙන්නේ වැරදි ආදර්ශයක්. (අ)

:       0       0

ගුරුසිංහ Wednesday, 19 February 2014 07:19 PM

දරුවන්ට අවවාද කරන්න බැරි යුහයක්..(අ)

:       0       0

කඩවත හේමසාර හිමි Wednesday, 19 February 2014 07:24 PM

අනේ මංදන්න නැ මෙහෙම ගියොත් කොහොමද ළමයෙක් හදාගන්නේ .? (අ)

:       0       0

සිත්තරා මුතුමාලි Wednesday, 19 February 2014 07:58 PM

මෙතනින්ම පේනවා හරි කවුද වැරදි කවුද කියලා. (අ)

:       0       0

කොස්තා Wednesday, 19 February 2014 08:02 PM

මාපියන් දරුවන් ගැන මිට වඩා හිතන්න හොයල බලන්න මේ දියණියට තම අවුරුදු 15යි මොන පෙස්බූක් ද ගුරුවරයෙක් අවවාද කළා කියල මෙවන් තීරණයන් ගන්න තරම් (අ)

:       0       0

හේමන්ත Wednesday, 19 February 2014 08:12 PM

දරුවකුගේ නරක දෙයක් දුටුවිට විශේශයෙන්ම ගැහුණු දරුවකුට අවවාද කිරීමට පෙර ගුරුවරයකු ඒ ළමයාගේ දෙමාපියන්ව දැනුවත් කිරීම මුලින්ම කළ යුතුය. (දිල්)

:       0       0

තිලක් එදිරිසිංහ Wednesday, 19 February 2014 08:15 PM

සිසුවෙකුට වැරැද්දකට දඩුවම් දෙන්න විදුහල්පතිට අයිතියක් තියෙනවා . එකට විදුහල්පතිට නඩු දන්නා ගියාම එක සමාජයට වැරදි ආදර්ශයක් . මොකද හැම ළමයෙක්ම මේ දේ පුරුද්දකට ගන්න පුළුවන්. (දිල්)

:       0       0

උපුල් Wednesday, 19 February 2014 08:16 PM

හැමවිටම දරුවන්ට ආදරෙන් කටයුතු කරන්න ඕන (දිල්)

:       0       0

දීනුමා Thursday, 20 February 2014 03:35 PM

අවවාද කරලා තියෙන වදිහ අන්තිම කැතයි (දී)

:       0       0

රවිදු Thursday, 20 February 2014 04:37 PM

විදුහල්පතිට දඩුවන් දන්න

:       0       0

හේරත් Wednesday, 19 February 2014 08:55 PM

මේ දැරිවියගේ දෙමව්පියන් මීට වඩා තම දරුවා ගැන සැලකිලිමත් වූවේ නම් මේ විපත සිදු නොවනු ඇත​.විදුහල්පතිවරයාට පමනක් දෝෂෘරෝපනය කිරීමෙන් ඔවුනට ගැලවිය නොහැක​.(දිල්)

:       0       0

බණ්ඩාර Wednesday, 19 February 2014 09:05 PM

මෙයාගේ මුණ දැක්කම පේනවා අවවාද කරන්න ඇත්තේ කොහොමද කියල? (අ)

:       0       0

සුමිත් Wednesday, 19 February 2014 09:07 PM

ගුරුවරයකු දරුවකුට දඩුවම් කළා කියල මෙහෙම තීරණ ගන්න හොඳද (අ)

:       0       0

සරත් Wednesday, 19 February 2014 09:08 PM

දරුවන් සම්බන්ද කටයුතු වලදී හැමෝම මීටවඩා බුද්දීමත්ව කටයුත් කරමු ඉල්ලීමකි (අ)

:       0       0

වීරසිංග Thursday, 20 February 2014 05:01 PM

දැන් මොනවා කියලත් කරලත් වැඩක් නැහැ කොහොමත් දැන් ගුරුවරු ඕනවට වැඩි අලි ඔලුවන් ජිවත් වන්නේ එයාලගේ දරුවෝ මල් අනිත් දරුවෝ දරුවෝ නමේ (දී)

:       0       0

ඉන්දික Wednesday, 19 February 2014 09:21 PM

මේක විදුහල්පතිගේ වැරැද්ද නෙමේ වැරද්දක් හදාගන්න උපදෙස් දුන්නම එක මැරෙන්න හේතුවක් නෙමේ මේ ළමයි අවුරුදු 16 වෙනකන් ඉගෙන තියෙන්නේ මොනවද කියල සැකයක් එනවා මෙවැනි සිද්දි නිසා විදුහල්පතිතුමනි ඔබ වැරදි නැ සද අපි ඔබ සමගයි (අ)

:       0       0

උපුල් Wednesday, 19 February 2014 09:25 PM

විදුහල් පති තුමා හරි..අවවාද දෙන්න තම ඒ ගොල්ලෝ ඉන්නේ.අනිත් ළමයි ටික හරි එතුමාට හදා ගන්න ඉඩහරින්න (අ)

:       0       0

ගමගේ Wednesday, 19 February 2014 09:40 PM

ළමයා යනු ළාමක මනසක් සහිත අයෙකි. විශාල පිරිසක් ඉදිරියේ ළමයාට බැන වැදීම, සහ දෙමාපියන්ද පාසැලට ගෙන්වා ළමයාට එරෙහිව පියවර ගැනීමට උත්සාහ කිරීම නිසා ළමයාට බලවත් මානසික පීඩනයක් එල්ල කර ඇත. එම නිසා ළමයා මෙම තීරණය ගෙන ඇති බව පෙනේ.සිය දිවි නසා ගන්නා ආකාර පිළිබදව මාධ්‍ය මගින් රාත්‍රී ප්‍රවෟත්ති විකාෂණ වලදී රටටම හොදට කියා දෙන අතර ළමයින්ගේ මනසට මේ මගින් නරක සංඥාවක් යයි. මෙහිදී විදුහල් පතිගේ රාජකාරිය ඉක්මවා කටයුතු කර ඇති බව පැහැදිලිය.ළමයින්ගේ පුද්ගළික ජීවිත වළට දෙමාපියන් හැරෙන්න පිටස්තරයින් ඇගිලි නොගැසිය යුතුය. (අ)

:       0       0

ටිකිරි Wednesday, 19 February 2014 09:53 PM

සිසුන්ගේ විනය විරෝධි වැඩ ගැන ගුරුවරුන් සෙවිල්ලෙන් සිටිය යුතුයි . දරුවන් පාසල් යැවීමේ මුලික අරමුණ විය යුත්තේ අධ්‍යයාපනය පමණක් නොව සදාචාර සම්පන්න පුරවැසියකු බිහිකිරීමයි . මේ අකාරයෙන් සිසුන්ගේ වැරදි වලට දඬුවම් කරන ගුරුවරුන්ට විරුද්දව අපරාධ නීතිය ක්‍රියාත්මක කළොත් , පාසල් වෙනුවට සිර ගෙවල් සැදීමට සිදුවනු ඇත . රටට දෙයියන්ගේම පිහිටයි . (අ)

:       0       0

මුදිත Thursday, 20 February 2014 06:02 PM

අදහස් දක්වන සමහර අය, මේ සම්බන්දයෙන් සියලු ඇත්ත තොරතුරු දන්නේ නැතිවයි කටයුතු කරන්නේ, ඇත්ත සොයාබල වගකීමෙන් කටුතු කරන්න (දී)

:       0       0

බිනුක Thursday, 20 February 2014 06:11 PM

අත්ටටම මේ ප්‍රශ්නෙදි ඇගිල්ල දික් කරන්න ඕනේ කාටද? (දී)

:       0       0

අර්ජුනසිරි Wednesday, 19 February 2014 10:31 PM

හොඳයි

:       0       0

චමී Wednesday, 19 February 2014 10:41 PM

අනේ මන්දා, ඇතුවත් බැරි, නැතුවත් බැරි ෆේස් බුක් (අ)

:       0       0

ගාමිණි Thursday, 20 February 2014 07:00 PM

පාසල් දරුවන්ට අවවාද දෙන්න ඕනේ අනිත් අයට නොදැනෙන ලෙසට ඉතාම පෞද්ගලිකව (දී)

:       0       0

පියුමි Wednesday, 19 February 2014 11:20 PM

මමත් මේ ස්කොලේ.විදුහල්පති ළමයින්ට නරක විදියට බනිනවා.එදත් වුණේ එකමයි.පව්.(අ)

:       0       0

ධනුෂ්ක Wednesday, 19 February 2014 11:33 PM

විදුහල්පති පස්සේ පන්නන්නේ නැතුව මේ වැඩේ කළේ කව්ද කියල හොයා බැලුවොත් නරකද (අ)

:       0       0

දිසානායක Thursday, 20 February 2014 12:01 AM

රුවාට අවවාද දුන් ආකාරය හරිද කියල . දෙනෝ දාහක් ඉදිරිපිට පරුෂ වචනෙන් අපහාස කිරීමක් අවවාදයක් වෙනවද? මේක බොහොම වැරදි ආදර්ශයක් විදුහල්පති කෙනකුට තරම් නොවන ආකාරයට හැසිරීම මේ අවාසනාවට එකම හේතුව විය හැක. දරුවන්ට කලින් ගුරුවරුනට මනා පුහුණුවක් ශික්ෂණයක් ලැබිය යුත්තේ මේ නිසාය. (අ)

:       0       0

සිරි ජිනානන්ද හිමි Thursday, 20 February 2014 01:28 AM

විදුහල් පති වරයකු,ගුරුවරයකු,දෙමව්පියන්,වැඩිහිටියන් දරුවකුගේ වරදකට අවවාද කිරීම,දෝෂාරෝපනය කිරීම.සාමාන්‍යයි.එය දරාගන්නට මානසික ශක්තියක් නොතිබීම දුර්වල කමක්.වෙනුෂා දියණිය ඉබාගාතේ හැදෙන්නට ඉඩ දී ජීවිතය වරද්දා ගත්තාම ,දුක නමුත් වරද දෙමව්පියන්ගේමය.දෙරණ නාලිකාවේ සුපර් ස්ටාර් තරග වලට යවා ලජ්ජා බය නැති කොට ජීවිතය නැති කරගන්නා තැනට මග සැලසුවේ විදුහල්පති නොව දෙමාපියන්මය.මෙම සිද්ධියෙහි වරද තම අත තියාගෙන විදුහල්පති වරයාට දඩුවම් කරන්නට උත්සාහ කිරීමෙන් දෙමාපියන් වෙනුෂාව නැවත ඝාතනය කරනවා වැනි වැඩකි.(අ)

:       0       0

අසංක Thursday, 20 February 2014 10:26 PM

විදුහල්පති වැරදි නෑ. ඔහු කළේ අවවාදයක් දීම පමණයි (ත)

:       0       0

බන්දු Thursday, 20 February 2014 07:20 AM

ගුරුතුමනි මින්මතු අවවාද දීම ගැන හිතන්නවත් එපා පේස්බුක් නොවෙයි අන්තර්ජාලයේ මොනවා බැලුවත් අපට කමක් නැත. පේස්බුක් එකේ ළමයාගේ පොටෝ එක තියන එක මේ අම්මලට මහා ලොකු දෙයක් . පේස්බුක් එක නිසා මිනිසුන්ට උන දේවල් මේ ගොන් අම්මල තාත්තල කියව නැහැ. (අ)

:       0       0

ලයනල් Thursday, 20 February 2014 07:37 AM

නැවත මෙවන් ඛේධවාවහක නැහැ එකමයි හොද (දී)

:       0       0

පෙරේරා Thursday, 20 February 2014 07:46 AM

ලංකාවට ගියකළ (දී)

:       0       0

ප්‍රසන්න Friday, 21 February 2014 04:09 AM

මේ ළමයා සීමාව ඉක්මවා නිදහස භුක්ති විඳපු බවක් පේනවා. ඇත්තටම එය පාලනය කල යුත්තේ දෙමවුපියන්. නමුත් අම්මා ළමයා එක්ක කතා නොකරන බවත් පියාට ළමයා ගොඩක් ආදරේ බවත් ලියුමෙන් පෙනුනා.තාවකාලික ප්‍රේම සම්බන්ද මේ වයසට ඇතිවෙනවා.විදුහල්පති අවවාද කලාට කමක් නැහැ. නමුත් තිත්ත කුණුහරපෙන් ළමයින්ට බනින්න එයාට බැහැ. ගුරුවරු ළමයින්ට කතාකළ යුතු වන්නේ ශීලාචාර වචන.මැදහත් සිතින් බැලුවහම,මේ සිද්දියේදී දෙගොල්ලගෙම වැරදි තියන බව පේනවා. (අ)

:       0       0

අස්මිත් Friday, 21 February 2014 08:32 AM

ඔය විදුහල්පතිට සහයෝගය පලකරන අයගේ ෆේස්බුක් අඩවි තිබෙනවද කියා හොයල බලන්න. එම අඩවියේ ඔවුන්ගේ පින්තුරයකට හෝ පවුලේ කෙනෙකුගේ පින්තුරයකට නොහොබිනා පින්තුරයක් තාක්ෂණය මගින් ටැග් කර පල කෙරුවොත්,එය පිළිබදව නීතිය තදින් ක්‍රියාත්මක කර නොහොබිනා ලෙස හැසිරී ප්‍රචාරය වුනොත් එම පුද්ගලයා දරන මානසිකත්වය කුමක්ද කියා ඔවුන් තේරුම් ගත යුතුයි. පළමු වැරැද්ද එම ශිෂ්‍යයාවගේ පිතුරයට වැරදි පින්තුරයක් ආදේශ කරපු පුද්ගලයා අත්අඩංගුවට නොගැනීමයි. ඔහු මේ දරුවාගේ දිවි නසාගැනීමට මුලික වරදකරු වෙනවා. දෙවනුව එම දරුවා නොකරපු වැරැද්දකට දරුණු කැත වචන භාවිතා කර බැන්වදීමට විදුහල්පති ගේ පිළිවෙතයි. ඔතන විදුහල්පත්ගේ සහාය කරුවන් හිතන්න ඕනේ මගේ දරුවට මේ දේ වුණානම් කියලයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5058 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 102 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 57 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 867 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1441 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3140 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16023 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site