IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන්ගෙන් පැමිණිලි

 (පුෂ්පකුමාර ජයරත්න )
 
චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ⁣ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනක්  අද(26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ. 
 

වාරියපොළ සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක්  සහ 29 ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකු මෙසේ පැමිණිලි කර ඇත.
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ඉදිරියේ එම කාන්තාවන්ගේ පැමිණිලි සටහන් කර ගැනීම සිදුවිය.
 
තමන්  විවාහ වී කෙටි කාලයකදී ගැබ්ගෙන  කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පළමු දරුවා බිහි කිරීමේ  සිසේරියන් සැත්කම්වලින්  යළි  ගැබ් ගැනීමක් සිදු නොවූ  බව ඔවුන්ගේ පැමිණිලේ සඳහන්ය.
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී  තමන්ට සිසේරියන් සැත්කම් කළේ මේවනවිට වඳ සැත්කම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා වූ බැවින් තමන් නැවත ගැබ් ගැනීමකට ලක් නොවූයේ එම වෛද්‍යවරයා විසින්  සිසේරියන්  සැත්කමේදී තමන්ව වන්ධ්‍යකරණයකට ලක්කර ඇතැයි සැක කරන බව නම සඳහන් කිරීමට අකැමැති වූ එම කාන්තාවෝ දෙදෙනා ප්‍රකාශ කළහ.

එම පැමිණිලි බාර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනාගේම කැමැත්ත අනුව හෙට (27) ඔවුන් වන්ධ්‍යකරණයට ලක්ව ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (31)

කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන්ගෙන් පැමිණිලි

රජින්ද Sunday, 26 May 2019 07:37 AM

දත් දොස්තර රාජිත, රනිල්, මහින්ද, සිරිසේන ඇතුළු සියලුම දේශපාලකයන් මේ වනවිට රට තුල සිදුවන සියලුම විපත් සහ අපරාධයන්ගේ වගකීම බාරගත යුතුයි. මොවුන් මුලදී වැළැක්වීමට තිබූ සුළු ජාතික අන්තවාදය නොවළක්වා ඔවුන් හුරතල් කිරීමේ පාපය අසරණ අහිංසකයින් පිට පැටවී තිබේ. මේ සියලුම සිදුවීම් සිංහල ජාතිය වශයෙන් අප පිළිකුලෙන් යුතුව බාරගැනීමට සිදුවී ඇත. අපට ජාතියක් ලෙස විඳීමට සිදුවී ඇති මේ හිරිහැරයන්ට සියලුම සිංහලයන් එකම ප්‍රතිපත්තියකට පැමිණිය යුතුව තිබේ. සිංහල බෞද්ධ නායකයෙක් ඉතා තදින්ම අපට අවශ්‍යව තිබේ.

:       2218       3557

RaveendraSunday, 26 May 2019 10:11 AM

රජින්ද මයා වෙත, ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. මේ කිසිම පාප කර්මවලින් බේරීමට නොහැකි බව දන්වන්නෙමු. මේ " කාලකන්නි හැත්ත බලයේ රැඳීමට" තමන්ව මෙලොවට බිහිකළ ඒ ආදරණිය අම්මව වුනත් පාවාදෙන බව නම් 100%යි. එබැවින් තවත් මේ "මූසලයන් " කෙරෙහි ඇති විශ්වාසය කුමක්ද?

:       51       825

rasithaMonday, 27 May 2019 03:03 AM

අනුර කුමාරව අමතක වුනාද මන්දා, මේ ප්‍රශ්නය ගැන අඩි පොලවේ ගහලා කට උල් කරලා කතානායකට තග දැම්මේ හරියට කීයටවත් මෙහෙම වෙන්න බෑ කියලනේ, පසුගිය අවු. 4රේ ජේවීපී භූමිකාව හොයන්නත් කොමිසමක් දැම්මොත් හොදයි වගේ.

:       2       203

AnuraMonday, 27 May 2019 01:44 PM

සැත්කමක් කරනකොට නර්ස්ලා, ඩොක්ටර්ලා ගොඩක් වටවෙලා ඉන්නවා. එතන එක පුද්ගලයෙක්ට තනියෙන් දෙයක් කරන්න බැහැ. අනික 8000ක් කළා කිව්වට 16 යි නේ ඇවිල්ලා ඉන්නේ... ඒ ගොල්ලන්ගේ ඇත්තේ වෙන ප්‍රශ්නයක්...

:       124       51

සේන Sunday, 26 May 2019 08:15 AM

ලෝක ඉතිහාසයේම මෙවැනි ම්ලේච්ඡ දෙයක් සිදු වූ පළමු වතාව විය හැකියි. ඔහුට දඬුවම් දෙන්නට නීතියක්වත් තියේවිද?

:       3       735

DilanSunday, 26 May 2019 09:47 AM

ගින්නක් නොමැතිව දුමක් නොනගින බව පසක් කරමින් මුස්ලිම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඇතිවූ කටකතා කිසිවක් මේ දක්වා බොරු වී නොමැත. වඳපෙති, කාන්තා යටඇඳුම් වලට යෙදුවා යයි කියන විෂ සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිවෙමින් පවතී. සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය වාරණය කරමින් මෙවැනි තොරතුරු සමාජයට හෙළිකරන පුද්ගලයන් බොරු කටකතා පතුරුවන්නන් ලෙස හංවඩු ගසමින් මෙම අන්තවාදීන්ගේ ක්‍රියා ජනතාවගෙන් වසන් කිරීමට රජය විශාල උත්සාහයක් ගනිමින් සිටිනවා. මේ නිසා සිංහල ජනතාව දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව සිටිනවා. ත්‍රස්තවාදියා කවුද? අහිංසක ව්‍යාපාරිකයා කවුද යන්න කලින් හඳුනා ගැනීමට අපට හැකියාවක් නොමැති නිසා විශ්වාසනීය සිංහල ව්‍යාපාරිකයන්ගෙන් පමණක් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා ලෙස ඉල්ලමි... අපේ මුදල්වලින් අපි කැමති තැනකින් ගණුදෙනු කිරීමට අපට අයිතියක් ඇත. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට කළහැකි දෙයක් නොමැති අතර එය ජාතිවාදය පිළිබඳ ප්‍රශ්ණයක්ද නොවේ.

:       121       1288

RaveendraSunday, 26 May 2019 10:15 AM

සේන මයා වෙත, අපගේ මෙම අදහස්වලට වැඩිදෙනෙකු විරුද්ධ වනු ඇත. නමුත් මේ "ඉගෙනගත්ත වල් ඌරාට" 88/89 වකවානුවේ මෙන් කළ යුතුය. එය පවක් නොව පිනකි.

:       1       516

පාල ගාල්ලගෛ් Sunday, 26 May 2019 08:26 AM

හෙට අපිට කියන්නකෝ.. එතකල් වැඩිය කතා නොකර ඉන්නම්..

:       3       145

Nishantha Sunday, 26 May 2019 08:38 AM

එහෙම කළා නම් එයාට තනියම ඕක කරන්න බැහැ. මේකට උදව් කරපු අනෙක් අයත් අත්අඩංගුවට ගන්න ඕනේ.

:       11       268

Bandara - KandySunday, 26 May 2019 09:45 AM

දොස්තරලා කියන විදිහට එහෙම උදව් ඕනේ නැහැ. සිසේරියන් සැත්කම කරන අවස්ථාවේදීම සුළු තෙරපීමකින් පැලෝපීය නාලය අවහිර කරන්න පුළුවන්...

:       455       558

maheshikaSunday, 26 May 2019 01:53 PM

සුළු දේකින් කරන්න පුලුවන් නම් ඉතින් ....

:       0       13

Ahmad Sunday, 26 May 2019 08:48 AM

ඔය කිව්වට දොස්තර නිවැරදි ඇති...

:       544       20

Bandara - KandySunday, 26 May 2019 09:46 AM

ඔව් ඉතින්, දේශපාලන බලය යොදාගෙන ඔහු නිවැරදි කරන්නත් බැරි නැහැ ඉතින් අන්තිමට අර අම්මලා වැරදි වෙන්න ඉඩ තියෙනවා.

:       254       602

Devendra Sunday, 26 May 2019 10:19 AM

ඇයි උඹලා තව සුදු හුණු ගාන්නේ? පරීක්ෂණයේ ප්‍රතිඵල එන්න කලින්..

:       114       263

Cisco Sunday, 26 May 2019 08:58 AM

දැන්නම් හොඳින්ම දැනෙනවා මුහුණු පොතේ කොටන මල්ලිලාත් ඇත්ත ටිකක් හරි අපිට කලින් දන්නා බව...

:       457       683

rohan pereraSunday, 26 May 2019 09:41 AM

මොන ඇත්තද? මේවා බොරු මෝඩ කතා... සිදුවිය නොහැකියි.

:       707       706

CiscoSunday, 26 May 2019 12:00 PM

තේරෙනවා මෝඩ කවුද කියල

:       0       106

chamal Sunday, 26 May 2019 09:02 AM

කරුණාකර නොසඟවා මෙම කාන්තාවන් දෙදෙනාගේ පරීක්ෂනේ ප්‍රතිඵලය මාධ්‍යයට දෙන්න. ලංකාවේම අනාගතය තීරණය වන ප්‍රතිඵලයක්...

:       0       202

charith Sunday, 26 May 2019 09:19 AM

එහෙම දෙයක් කරල තිබ්බත් කියයි මේන් කියලා...

:       2       143

kule Sunday, 26 May 2019 09:49 AM

වෛද්‍යවරයෙක් තවත් වෛද්‍යවරයෙකුට විරුද්ධ වෙයිද? ඔහු සාධනීය පුද්ගලයෙකු වියයුතුයි.

:       1       238

Sharfan Sunday, 26 May 2019 10:03 AM

දරුවන් තිදෙනෙකු සිසේරියන් සැත්කම් මගින් ප්‍රසූත කළවිට එම ගර්භාෂය තවදුරටත් දරුවන් දැරීමට ශක්තිමත් නොවන නිසා තුන්වන සිසේරියන් සැත්කමෙන් අනතුරුව තවදුරටත් දරුවන් ඇතිවීම වැළැක්වීමට මවගේ පැලෝපීය නාල අවහිර වන සේ ගැටගසා දැමීම වෛද්‍ය විද්‍යාත්මකව පිළිගන්නා එකක්. එය සිදු කරන්නේ සැමියා හා බිරිඳගේ දැනුවත් භාවය මත හා Surgical Consent එකක් ලිඛිත අවසරයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. තවද සිසේරියන් සැත්කම් දෙකක් අවසානයේ වුවද එසේ සිදු කිරීම උපත් පාලන ක්‍රමයක් ලෙස ඇතැම් අඹු සැමියන්ගේ ඉල්ලීම මත සිදු කළ හැකියි. එහිදීද ලිඛිත අවසරයක් අවශ්‍ය වෙයි. කෙසේවෙතත් මෙය වෛද්‍යවරයාට අවශ්‍ය නම් රෝගියාට හොරෙන්ද සිදුකළ හැකිය. එහෙත් එය සිදු කිරීමේදී සිය සහයක ශල්‍ය වෛද්‍යවරයා හෝ හෙදියට රහසින් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් විය හැකිය. තව ද ශල්‍යාගාරයේ අනෙකුත් කාර්ය මණ්ඩලයද ඒ පිළිබඳව යමක් දැනගත යුතුය. එය සිදු කිරීම සහායකයාගේ හෝ හෙදියගේද සහය ලැබුයේ නම් තරමක් දුරට පහසුවෙන් කල හැකිය. සිසේරියන් සැත්කමක් යනු දරු ප්‍රසූතියක් සඳහා සිදුවන්නක් බැවින් මෙසේ වඳකරණය වූ මේ පවුල්වල අවම දරුවන් එක්කෙනෙකු හෝ සිටිය යුතුය.

:       1107       427

chathuri Sunday, 26 May 2019 10:08 AM

සිසේරියන් සැත්කම කියන්නේ කාගෙවත් ඇස්වහලා බොඩිපාට්ස් අරන් දමන්න බැහැ. මේ දොස්තර විතරක් නෙමේ, ඒ අවස්ථාවේදී සෑහෙන්න කට්ටියක් දොස්තරත් සමග වැඩ කරනවා. මේක පිළිගන්න බැහැ. අපේ රටේ නූගත්කම ලොවට කැපිලා පෙන්නේ මේ පරීක්ෂණයෙන් පසුවයි. නර්ස්ලාට මේදේ කරනකම් දන්නෙම නැත්ද? දොස්තර දරුවා ගන්න මොහොතේ ඔහුගේ අතින් කෙරෙන්නේ සුළු වැඩ කොටසක්... සේරම උදව්වට ඉන්න කට්ටිය කරන්නේ... යාපනේට ගිය බෝම්බ ලොරි වගේ තමයි මේකත්...

:       503       542

ඉන්දිකSunday, 26 May 2019 12:01 PM

ඇස් වහල කරන්න බැරි නිසාද සමහර දොස්තරලා අම්මලාගේ බඩේ කතුරු ගොස් තියලා මහලා තිබුනේ. චතුරි මම පලවෙනි දරුවා ගන්න වෙලාවේ තියටර් එකේ බිරිඳ ලග හිටියේ. එතන එකම යුද්ධයක් ඕවා බලන්න වෙලා නැහැ.

:       1       153

Bandara - KandySunday, 26 May 2019 12:57 PM

දොස්තරලා කියන විදිහට එහෙම උදව් ඕනේ නැහැ. සිසේරියන් සැත්කම කරන අවස්ථාවේදීම සුළු තෙරපීමකින් පැලෝපීය නාලය අවහිර කරන්න පුළුවන්...

:       2       173

anura Sunday, 26 May 2019 10:10 AM

අප්‍රේල් 21 ඝාතනය වුනේ 300කට ආසන්න සංඛ්‍යාවක්.. නමුත් මෙම පුද්ගලයා තනිවම 4000ක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉපදීමට සිටි දරුවන් වැළක්වීමත් එක්තරා ආකාරයක්... ඝාතනයක්.... මොහු හා එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මොහුට කෙලින් හා වක්‍ර ආකාරයෙන් සම්බන්ධ දේශපාලන පක්ෂ සියල්ල තහනම් කළ යුතුයි...

:       26       554

Raveendra Sunday, 26 May 2019 10:21 AM

දියවන්නාවේ සැවොම එකතුවෙලා ...// පුටුවේ ඉන්න හිවලුන්ගේ උදව් ගත්තානේ....// නැහැ නැහැ කීමට " එකෙකුටවත් " බැරුවානේ...// ඔක්කොම ජාතිය වැනසීමට උදව් කරානේ...//

:       0       198

සත්‍යා Sunday, 26 May 2019 10:22 AM

අදාල පරීක්ෂණය කරන දොස්තරලට කෝල් එනවා ඇති එකසිය ගාණට... මහත්වරුනි, සත්‍යය වෙනුවෙන් පෙනී සිට හෘද සාක්ෂිය දිනවන්න.

:       0       177

Perakum Sunday, 26 May 2019 10:56 AM

සිසේරියන් ශල්‍යකර්මයට කැමැත්ත දෙන ලේඛනයට ඉතා පහසුවෙන් වන්ධ්‍යාක්‍රමයත් ඇතුළත් කර අත්සන් ගත හැකිය. බොහෝදෙනෙක් අත්සන් කිරීමට පෙර එය වුවමනාවෙන් කියවන්නේ නැත. වෛද්‍යවරයා ගැන සැකයකින් තොරව අත්සන යොදයි...

:       0       248

Sarasi Sunday, 26 May 2019 11:34 AM

සිසේරියන් කරන්න ගිහින් අමාරුවේ වැටීම කෙසේ වෙතත් ලංකාවේ හැම පළාතකම කාන්තාවන් මද සරු භාවයෙන් පෙළෙනවා. මෑතකදී මේ තත්වය වැඩියි. මම දන්නා හඳුනන කාන්තාවන් කිහිප දෙනෙකුටම මේ ප්‍රශ්නය තිබෙනවා. හැබැයි ඉතින් කුරුණෑගල කාන්තාවන්ට අසාමාන්‍ය ලෙස මද සරු භාවය පවතී නම් සොයා බලන එක හොඳයි.

:       55       16

chandima Monday, 27 May 2019 04:56 AM

අපේ කාන්තාවෝ කොහොමටත් බයට ලැජ්ජාවට හැදුනු පිරිසක්. ඉතින් මේ පිළිබඳව සැකයක් ඇත්නම් පැමිණිලි කරන්න කිව්වට ඒ කවුරුවත්ම ඉදිරිපත් වෙන එකක් නැහැ. නමුත් ඒ වෛද්‍යවරයාට සැත්කම් කරවාගත් කාන්තාවන්ට කුරුණෑගල මහරෝහලට ඇවිත් නැවත පරික්ෂකරවගන්න කිව්වොත් නම් ඉදිරිපත් වෙයි. එතකොට පුළුවන් වෙයි ඇත්තටම මේ වඳ සැත්කම් කරලද කියල දැනගන්න.

:       2       16

Dayan Tuesday, 28 May 2019 05:37 AM

අපක්ෂපාති පරීක්ෂණයකින් පසුව මේ ගැන නීතිය අනුව කටයුතු කිරීම සීලාචාර රටක පිළිවෙත. අනවශ්‍ය විදියට පදනම් විරහිත කොමෙන්ට් දැමීම වැරදියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 200 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 360 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 381 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 609 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 675 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 463 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site