ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාව සංශෝධනය කිරීමට ඇමෙරිකාව ගෙන ඇති තීරණය සඳහා ඉන්දියාවේ සහය ලබානොදෙන ලෙස ඉන්දීය ඩී.එම්.කේ පක්ෂය එරට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා යෝජනාවට සහය පළ කළ අමෙරිකාව මේ වන විට ඒ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් කළ යුතු බවට ප්‍රකාශ කර ඇති බව ඩී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇතැයි ඉන්දීය පි.ටී.අයි පුවත් සේවය අද(9) වාර්තා කළේය.
එම තීරණය ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට අමෙරිකාව මීට පෙර දැරූ ස්ථාවරයට පටහැනි බව ඔහු පවසා තිබේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අමෙරිකා ස්ථාවරය සඳහා ඉන්දියාවේ සහාය ඉල්ලා සිටිය හැකි බව කරුණානිධි යොමු කළ ලිපියේ සඳහන්ය.
එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාවට ඉන්දියාව සිය සහයෝගය ලබාදිය යුතු බව කරුණානිධි නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 14 වැනිදා ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කරුණානිධිගෙන් යළිත් බාල්දියක්
රොහාන් Wednesday, 09 September 2015 02:11 PM
නාමල්,කරුණු හොයලා බලලා කතාකරන්න (නි)
සිල්වා Wednesday, 09 September 2015 03:56 PM
හිටපු ජනපති මහින්දනේ පොරොන්දු වුණේ මානව හිමිකමට සියලු වර්තා ඉදිරපත් කරන බවට බෑන්කි මුන්ට එකක් කියලා රටතුල සිංහලෙන් ජාතිවාදය ගොඩනැගුවා එතුළින් තමයි මහින්ද ජාත්‍යාන්තරය තුළ කොන් වුණේ බොරුවට ලෝකෙන් තැනක් නැහැ ලංකාව තුල ජනතාව බොරුවෙන් අන්දන්න පුළුවන් එක තමයි මුලික දේ.(අ)
දුමින්ද Wednesday, 09 September 2015 09:38 AM
එල් එල් ආර් සී නිර්දේශ නිසි කල ක්‍රියාත්මක නොකළ වරද (බ)
ප්‍රනාන්දු Wednesday, 09 September 2015 06:57 PM
සිල්වා වගේ අය ලංකාවේ සිටිනතුරු ලංකාව දියුණුව කරා ගමන් නොකරයි. (නි)
නාමල් Wednesday, 09 September 2015 11:03 AM
යුද්ධය ඉවර වෙලා අවුරුදු 5 ඉන්නෙ නැතිව උගත් පාඩම් කොමිසමේ වාර්තා ක්‍රියාත්මක කාළා මානව හිමිකම් කැඩූ හමුදාවල සුලු පිරිසට දඩුවම් දීලා උතුරේ ජනතාවගෙන් අල්ලාගෙන ඉන්න ඉඩම් ආපහු දීලා ඒ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කළා නම් මේ අයට කෑගහන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ (අ)
සදීප Thursday, 10 September 2015 02:19 AM
හැමෝටම පුදුම අමාරුවක්නේ ලංකාව ගැන තියෙන්නේ. (නි)