IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘කුරාණයට අපහාස කරලා‘

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක දී ශුද්ධ වූ කුරාණයට අපහාස කළ බව තම අදහස යැයි සංස්කෘතික අමාත්‍යංශයේ මුස්ලිම් ආගමික අංශ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

ඔහු එසේ කියනුයේ ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටය සම්බන්ධයෙන් වාර්තාවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඉදිරිපත් කරමිනි.

කොම්පඤ්ඤවීදියේ නූර්දීන් මොහොමඩ් මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව ඥානසාර හිමියනට එරෙහිව මේ විභාගය පැවැත්වේ.



අදහස් (0)

‘කුරාණයට අපහාස කරලා‘

ශිරාන් මෙන්ඩිස් Tuesday, 08 July 2014 04:59 PM

සඳුනි සහ උත්තරා බණ්ඩාර යන දෙපලගේ අදහස් මා පුද්ගලිකව ඉතා අගය කරමි. (දී)

:       0       0

ගයාන් බණ්ඩාර Wednesday, 09 July 2014 06:18 AM

සුදත් ශ්‍රී කියන දේ සමඟ මම 100%ක්ම එකඟ වෙනවා. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 09 July 2014 06:21 AM

තමන්ගේ වැඩේ තමන් කරන්න.කුරාන ග්‍රන්ථය හදාරන්න. නමුත් විවේචනය නොකරන්න (නි)

:       0       0

රාජු Tuesday, 08 July 2014 05:25 PM

මොකක්ද? නොසන්සිදෙ කියනවා නේද? (දී)

:       0       0

රූපසිංහ Tuesday, 08 July 2014 06:05 PM

එතකොට සවුදිවල රැකියාවට ගියපු අයට බුද්ධ ප්‍රතිමා තබාගැනීම තහනම් කියල කිව කතාව බොරු වෙන්ඩ ඇතිනේ. (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 08 July 2014 06:13 PM

දිකිරට බළලුත් සාක්කි , කිවලු .....ඔහොමයන් බලන්න , (අ)

:       0       0

සමත් Wednesday, 09 July 2014 06:49 AM

අරාබි රටකට ගිහින් නඩු දාන්න. (ස)

:       0       0

අසංග Tuesday, 08 July 2014 06:24 PM

මේ අය දැන් මොනවටද එන්න හදන්නේ. (අ)

:       0       0

නිසාර් Wednesday, 09 July 2014 07:00 AM

දැඩි දඩුවම් ලබා දිය යුතුයි (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 08 July 2014 06:47 PM

සැලෙන්න එපා හාමුදුරුවනේ. කොන්ද පනතියන වැදූ අම්මට ආදරය කරන සිංහලයෝ ඔබ වහන්සේසමග ඉන්නව (අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 09 July 2014 07:11 AM

හාමුදුරුවනේ, තම ආගම රැකගන්න, තම ආගමේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. ඒ හොදටම ඇති. නමුත් අන් ආගම් වලට නිගරු කරලා ජාතිවාදයක් ඇති කරන්න එපා. එ්ක විශාල පාපයක්. සිවුරේ ගරුත්වය රැකෙන පරිදි හැසිරෙන්න. අන් ආගමේ කෙනෙක් අපේ බුදු දහමට නිගරු කලොත් අපිටත් තරහක් කේන්තියක් එනවා නේද ? ඒ අනුව රටේ මිනිසුන් අතර ප්‍රශ්ණ ඇතිවෙනවා නේද ? (නදී)

:       0       0

හරිස්චන්ද්‍ර Tuesday, 08 July 2014 07:15 PM

අපේ බෞද්ධ ජනතාව දැන්වත් අවදිවන්න. පෙනෙනව නේද අපට රටේ තිබෙන තත්වය.(නදී)

:       0       0

අශෝක Tuesday, 08 July 2014 08:06 PM

හාමුදුරුවනේ, සදාකාලිකවම අපි ඔබ සමඟයි (නි)

:       0       0

හසන් Tuesday, 08 July 2014 08:15 PM

මිත්‍රවරුනි, ධර්මය, ධර්මයෙහි හැසිරෙන්නා සුරැකීම සඳහාමය කියන උතුම් උපදේශය අප සිහියට ගතහොත්, අපි එකිනෙකාගේ ආගම් වලට අපහාස කරගැනීම කිසිවිටෙකත් නොවේවි. (නි)

:       0       0

අනුර Tuesday, 08 July 2014 08:37 PM

මෙහෙම දේවල් නොවෙන්න වගබලා ගන්නවා නම් තමයි හොඳ (නි)

:       0       0

රේණුක Tuesday, 08 July 2014 08:54 PM

සමහරු අදහස් දාන්නේ මේ ලෝකයේ ඉන්න අය වගේ නෙමෙයි (නි)

:       0       0

දයාල් Tuesday, 08 July 2014 08:56 PM

සමහර අදහස් දැක්කහමත් පුදුමයි (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 08 July 2014 08:58 PM

ළඟකදි ඉඳලා සිද්ධවෙන දේවල් නම් එච්චර ‍හොඳ මදි (නි)

:       0       0

එරංග Tuesday, 08 July 2014 09:00 PM

සියලු ආගම් වලින් පැවසෙන්නේ සමාන දෙයක්. අපි සියලු ආගම් වලටම ගරු කළ යුතුයි (නි)

:       0       0

රනිල් Wednesday, 09 July 2014 07:35 AM

ඉවසීමක් නැති නුගත් පරපුරක් (නදී)

:       0       0

ගාලු සමරේ Tuesday, 08 July 2014 09:20 PM

බුදුහාමුදුරුවො දේශනා කළ වදාළ දසරාජ ධර්මයෙන් රටක් පාලනය කරන ක්‍රමය ක්‍රියාත්මක කරන්න හොදම අවස්තාව මෙික තමයි. (නදී)

:       0       0

ලලිත් Tuesday, 08 July 2014 09:21 PM

කිසිම ආගමකට අපහාස කරන්න කිසිම කෙනෙකුට අයිතියක් ඇත්තෙම නැහැ (නදී)

:       0       0

මාලන් Wednesday, 09 July 2014 07:43 AM

මේ වගේ අවිචාර හැකර කටවල් නිසා ලංකාවේ අපේ අයට පිටරටකට ගිහින් පාරක තොටක නිදහසේ ඇවිදින්නවත් බැරි වෙන හැඩයි. කටක් ඇරලා අපි බෞද්ධයෝ කියල කියන්න ලැබෙන එකක් නැහැ මේ ආත්මෙදි. මකර කටින් ලෝකෙටම ගිනි තියන්නයි හදන්නේ. (නදී)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 08 July 2014 09:35 PM

ඇයි මෙහෙම අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නේ? (නි)

:       0       0

එමානුවෙල් Wednesday, 09 July 2014 07:50 AM

ඇයි අපිට සෑම ආගමක් සමඟම සහයෝගයෙන් ඉන්න බැරි? (නි)

:       0       0

විජයබා Wednesday, 09 July 2014 07:50 AM

අද තියෙන ලෝක තත්වය තුළ, ඕනෑම ආගමික නායකයෙක් හෝ පූජකයෙක් දේශපාලනයට ගියොත් කුමන්ත්‍රණකාරී ස්වභාවයකට හසුවීමට ඇති ඉඩ බොහොම වැඩියි. (නි)

:       0       0

විජයබා Wednesday, 09 July 2014 07:51 AM

ආගමක් මිනිසුන් අතර බලවත් වී ප්‍රචාරය වීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් ඇත. 1. ආර්ථික සහ දේශපාලන බලය ආගමට ලැබෙන ප්‍රමාණය 2. ආගමක් කොතරම් දුරට විද්‍යාත්මක සත්‍යයට ගැළපෙනවාද යන්න සහ දුගී මිනිසාගේ අසරණකමට ලැබෙන මානසික සහනය. (නි)

:       0       0

රොෂාන් Wednesday, 09 July 2014 07:52 AM

ආගම් දහම කවදාවත් වැරදි මඟට මිනිසුන් යොමුකරන්නේ නැත. (නි)

:       0       0

පද්මිණි Wednesday, 09 July 2014 07:55 AM

ආගම බිහිවෙන්නේ එකිනෙකා අතර සහජීවනයට මඟක් කියාදෙමින්. දැන් වෙන්නේ ආගම නිසාම බේදබින්න වීම නේද? බුදුන් වදාළ ලෙස ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි. (නි)

:       0       0

ප්‍රියකුමාර Tuesday, 08 July 2014 11:09 PM

අදහස් දමන අයත් ටිකක් හිතා බලා අදහස් දමන්න (නි)

:       0       0

මහරුෆ් Tuesday, 08 July 2014 11:11 PM

මෙවන් ප්‍රශ්නයකට පැටලීම ඉතාම කණගාටුදායක දෙයක්. අන්‍ය ආගම් වලට ගරුකිරීම උතුම් දෙයක් (නි)

:       0       0

එරංග Tuesday, 08 July 2014 11:30 PM

මෙහෙම ප්‍රශ්න ඇතිවෙනවට මම නම් කැමති නැහැ (නි)

:       0       0

කුමාරන Tuesday, 08 July 2014 11:30 PM

මේ ප්‍රශ්නය දෙස බුද්ධිමත්ම බැලිය යුතුයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 09 July 2014 12:09 AM

කුරාණයට අපහාස වෙන විදියට කතා කළා නම් එය වැරදි බව තමයි මටත් හිතෙන්නේ. (නි)

:       0       0

සමන් Wednesday, 09 July 2014 12:17 AM

එසේ අපහාස කර ඇත්නම් එය දඩුවම් ලැබිය යුතු වරදකි. කිසිදු ආගමකට අගෞරව නොකළ යුතුය යන්න බුදු දහමේද ඉගැන්වීමකි. (නි)

:       0       0

එමානුවෙල් Wednesday, 09 July 2014 08:11 AM

කිසිවෙකුගේ ආගමකට අපහාස කිරීමට අපිට අයිතියක් නැත (නි)

:       0       0

දයාල් Wednesday, 09 July 2014 08:12 AM

එහෙම කළා නම් ඉතින් වැරැද්දක් කියලා පිළිගන්න වෙනවා (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 09 July 2014 12:38 AM

මොනවා බලපොරොත්තු වෙන්නද මෙහෙම කරලා? (නි)

:       0       0

තිලක් Wednesday, 09 July 2014 08:12 AM

මාලන් මල්ලි, ඔයා පිටරට ගිහින් ඇවිදිනකොට අනෙක් අය වගේ සාමාන්‍ය විදියට හැසිරෙන්න. යන රටකින් ඔය අමාරුවටත් බේතක් ගන්න. (නි)

:       0       0

නිමල් Wednesday, 09 July 2014 08:13 AM

එහෙම කළා‍ නම් වැරදියි (නි)

:       0       0

දීපිකා Wednesday, 09 July 2014 12:47 AM

මේවා නම් වැරදියි කියලා මමත් කියනවා (නි)

:       0       0

ශිහාඩ් Wednesday, 09 July 2014 08:19 AM

අවවාදයට වැඩිය ආදර්ශය උතුම්. ආගමික පුජකවරුන් යනු එම ආගමේ මාර්ගෝපදේශකයන්ය. ඔවුන් යන මඟ පැහැදිලි විය යුතුය (නි)

:       0       0

ශිහඩ් Wednesday, 09 July 2014 08:22 AM

තමන් අදහන ආගම හරි හෝ වැරදි හෝ තමන්ට එය වටිනවා. තමන්ට කැමති ආගමක් අදහන්න ස්වාදීන අයිතියක් තියෙනවා ඕන මිනිහෙකුට. එය වලක් වන්න කාටවත් බැහැ. වලක්වනවා නම් තව ටික දිනකින් මිනිස්සු තමන්ගේ ආගම ඇදහීමේ අයිතියට බාදා කලා යැයි මානව හිමිකම් එකේ නඩු දාන්න පටන් ගනියි (නදී)

:       0       0

සුරාජ් Wednesday, 09 July 2014 01:40 AM

මේක ඇත්තක් නම් ඇත්තෙන්ම කණගාටුයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 09 July 2014 01:42 AM

සඳුනි, කිිසම ආගමක කතාවක්වත් බෞද්ධ දර්ශනයට අදාළ වන්නේ නැහැ. බෞද්ධ දර්ශනය යනු ලොව වටා පැතිරෙන හිංසාව, භීෂණය, මෝහය, ද්වේශය, වෛරය නමැති අන්ධකාරය දුරුකරමින් නැ‍ඟෙන හිරු මඬලක් සේ ලොවම එළිය කරන්නක්. අපි අන්ධකාරයට දොස් පවරනවා වෙනුවට ආලෝකය පිහිට කොටගෙන යථාර්තය ඒ ලෙසින් දැකීමට පුරුදු වෙමු. (නි)

:       0       0

ඇසළ Wednesday, 09 July 2014 01:47 AM

පටු දේශපාලන අදහස් ඉවත දමා එකාමෙන් නැඟී සිටිමු. (නි)

:       0       0

රොකී Wednesday, 09 July 2014 02:00 AM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 09 July 2014 02:18 AM

ලංකා තිලක් හරි (නි)

:       0       0

හිමාල් Wednesday, 09 July 2014 02:25 AM

මේ කතාව මට නම් පිළිගන්නත් අමාරුයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 09 July 2014 09:19 AM

කිසිවෙක් කිසිවෙකුට වෛර නොකලයුතුයි. ඒ වගේම තම තමන් අදහන ආගමකට එකිනෙකා ගෞරව දැක්විය යුතුයි. (ස)

:       0       0

ගජමන් Wednesday, 09 July 2014 09:25 AM

කා ගැනද රනිල් ඔය කියන්නේ සිංහල බෞද්ධයා ගැනද? දැන් ඉතින් බෞද්ධයා ගැන අදහසක් දැම්මත් එක පල කරන්න බයයි. ඔහොම ජීවත්වෙනවට වඩා හොඳයි මැරෙන එක. (ස)

:       0       0

ලලිත් Wednesday, 09 July 2014 02:33 AM

පුර්ණ අවබෝධයකින් තම තමන්ගේ ආගම අදහනවා නම් මේ ප්‍රශ්න නැහැ. (නි)

:       0       0

හිමාලි Wednesday, 09 July 2014 09:29 AM

උප්පත්තියේ වරද තමයි. ඒ පවට කර ගහන්න වෙන්නෙත් බෞද්ධ අපිට තමයි. (ස)

:       0       0

ලංකා තිලක් Wednesday, 09 July 2014 09:45 AM

මාලන් මල්ලි..ඔයා පිට රට ගිහින් ඇවිදින කොට සිංහල බෞද්ධයෙක් කියල පිටේ ගහන් ඇවිදින්න එපා..අනෙක් අය වගේ සාමාන්‍ය විදියට හැසිරෙන්න.යන රටකින් ඔය අමාරුවටත් බේතක් ගන්න.ලෝකේ ගිනි තියන හැටි ගිනි ගන්න හැටි බලන්න ඉරාකේ සිරියාව ලිබියාව නයිජීරියාව වගේ රටවල් දිහා බලන්න. දැකල නැත්නම්..ඒ ගිනි ගන්නේ බෞද්ධ අන්තාවදයකින් නෙමෙයි. මේ හාමදුරුවන්ගේ මකර කට හින්ද නෙමෙයි. අන්න ඉරාකේ කුරානේ විතරක් නෙමෙයි පල්ලි ඉදන් පුපුරවල ඩෝසර් කරලා දානවාලු...ඔයා සිංහල බෞද්ධයෙක් කියල ගහගෙන නෙමෙයි තොප්පියක් දාගෙන වටරැක හාමදුරුවෝ කර ගත්ත එකත් කරගෙන ගියත් ඒ රටකට ගියානම් ඔයාටත් ගැලවීමක් නැහැ.මේ රටත් එහෙම රටක් කර ගන්න අපිට අවශ්‍ය නැහැ.ඔයාට මේක මකර කටක් උනාට අපිට මේක ජාතිය ආගම අවධි කරන එඩිතර හඩක්..නියම සිංහ ගර්ජනාවක්.ඔයාට අහගෙන ඉන්න බැරිනම් කන් දෙකේ ඇගිලි ගහ ගන්න. (ස)

:       0       0

ශංක Wednesday, 09 July 2014 03:01 AM

සඳුනි කිව්ව කතාව හරි. ඒක හැම ආගමකටම පොදුයි. බෞද්ධ රටක් ජීවත් වන අප අනිත් ආගම් වලට ගෞරව කළ යුතුයි (නදී)

:       0       0

අරුණ Wednesday, 09 July 2014 03:06 AM

නොපෙනෙන බලවේග සහ නොදැකු දෙවිවරු පසුපස යාම් නවතා, තම තමන්ගේ ආගමික විශ්වාශයන් තම තමන්ට පමණක් සීමා කරගෙන සහයෝගයෙන් අවුරුදු 60 - 70 තරම් මේ කුඩා කාලයෙන් රටට මතු පරපුරට මිනිස් ප්‍රජාවට සේවයක් කරන්න (නදී)

:       0       0

තරිඳු Wednesday, 09 July 2014 10:07 AM

ඔය කෑගහන මිනිස්සු සල්මන් රශ්දී කුරානයට අපහාස වෙන පොතක් ලිව්වාම කටවල් වහගෙන හිටියේ ඇයි? එම පොතේ ඇත්ත ලියා තිබුන නිසා. ඥානසාර හාමුදුරුවන්ට ඔය තරම් වෛර කරන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬක් නගන නිසා. (ස)

:       0       0

මිනුදී Tuesday, 08 July 2014 01:10 PM

මේවා තවතවත් වයිරය වගාකරන දේවල් (දී)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 08 July 2014 01:12 PM

හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගෙ වැඩක්නෙ. ගෝලීයකරනය හා විශ්ව ගම්මාන යුගයේ ඉදිරියේදී සිංහල බෞද්ධ පදනමට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවේවි. කවුරු කෙසේ කීවත් බුද්ධාගමේ අභිවෘද්ධියට ප්‍රතිපත්ති මෙන්ම ආමිස පූජාවත් වැදගත්. ආමිස පූජාව භෞතික දෙයින් පමණක් නෙමේ නිර්මාණකරණයෙනුත් කල හැකියි. තම සහජ හැකියාවට අනුව, බුදු ගුණ ගීත ලිවීම, ඒවාට සංගීතය සැපයීම, ගායනය, බෞද්ධ නාට්‍ය හා සිනමාකරණය පවා,බෞද්ධ පොතපත හා කවි ලිවීම පවා ආමිස පූජාවන් ලෙසයි මට හිතෙන්නේ. තව කෙනෙකුට ප්‍රතිපත්ථි පූජාවට සුදුසු පරිසරයක් සකසා දීමත් මහඟු පින්කමක්. එය කල හැක්කේ ආමිස පූජාවෙන් පමණයි. ඒ වගේම ප්‍රතිපත්ථි පූජාවේ කෙසේ වෙතත් ආමිස පූජාවේ නම් කිසියම් පරාර්ථකාමීත්වයක් ගැබ් වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. අපේ හාමුදුරුවරු කියන්නේ ඇඟේ හයියට කාටවත් පහර දෙන්න නෙමේ. උන් වහන්සේලා ටිකක් සැරට කතා කලාට කලබල විය යුතු නැහැ. සැරට කීවෙ නැත්නම් ගනන් ගන්නෙ නැති එක අපේ හැටියක්. එයට ආවේගශීලී නොවී තමන්ට හැකි අයුරින්, බුද්ධාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් තාම තමන්ගේ හැකියාවෙන් අනුග්‍රහය දැක්වීමයි කල යුත්තේ. (දී)

:       0       0

කුමාර Wednesday, 09 July 2014 03:20 AM

ඇයි බුදු දහමට නිගා දෙන දේවල් ගැන කියන කොට නිකම් ඉන්නේ (නදී)

:       0       0

ඉන්දි Wednesday, 09 July 2014 03:24 AM

මිනිස්සුන්ට තියෙන්නේ රජයට බල කරනවා මිසක අනෙක් ආගම් වලට ගහන එක නෙමේ. රජය පියවරක් ගන්නේ නැත්නම් ඡන්දෙදි රජය පරදවන්න ඕනා (නදී)

:       0       0

වසුදා Tuesday, 08 July 2014 01:15 PM

අනේ කාලේ (දී)

:       0       0

මහේෂ්‍ Wednesday, 09 July 2014 10:23 AM

එසේ අපහාසයක් වන්නට ප්‍රකාශ කළ දේ කුමක්දැයි අපිට දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

නාරද Tuesday, 08 July 2014 01:18 PM

අනිත් ආගම් වලට අපහාස වන දේ ඇතුලත් පොතකට අපහාස කලා කියන කතාව විහිළුවක්!(දී)

:       0       0

උත්පල Tuesday, 08 July 2014 01:20 PM

ලංකා තිලක් ඔබ හරි (දී)

:       0       0

රසිකා Wednesday, 09 July 2014 03:34 AM

බුදු දහමේ පැහැදිලි කිරීම් ගැඹුරින් තේරුම් නොගත් සුළුපිරිසක් මේ. ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගෙන නිවන් මගට යොමුවේවා. (නදී)

:       0       0

කෝසල Tuesday, 08 July 2014 01:20 PM

එතකොට අර මුස්ලිම් කට්ටියක් බුදුහාමුදුරුවෝ මිනිමස් වැලදුව කියල ලොකු දේශනයක් කලේ, (දී)

:       0       0

ජාති පුත්‍ර Wednesday, 09 July 2014 03:38 AM

අපි ඔබ වහන්සේ සමගයි. (නදී)

:       0       0

විජේ Tuesday, 08 July 2014 01:20 PM

අනිත් ආගම්වලටත් තමන්ගේ ආගම වගේ සලකන්න පුළුවන් නම් හොඳයි (දී)

:       0       0

සම්පත් Wednesday, 09 July 2014 03:38 AM

සම තැන දීල බලන්න මොකද වෙන්නේ කියලා. (නදී)

:       0       0

නුවන්තක Wednesday, 09 July 2014 03:39 AM

මේ සිද්ධවෙන දේවල් දැක්කහම ලොකු දුකක් ඇතිවෙනවා (නි)

:       0       0

එරංග Wednesday, 09 July 2014 03:40 AM

ඇයි අපි ආගම් විවේඡනය කරන්නේ? (නි)

:       0       0

අරෝෂ් Wednesday, 09 July 2014 03:44 AM

කවුරු කළත් අන්‍ය ආගම් වලට අපහාස කිරීම වැරදියි (නි)

:       0       0

සුසිර Wednesday, 09 July 2014 10:42 AM

කව්රු මොකට විරුද්ධව පොත් ලිව්වත් අපිට කමක් නැහැ. හැබැයි මේ රට කොටවන්නේ නැතිව. අනාගත දරු පරම්පරාවක අගය නොතේරෙන අය මෙතන ජරාව වපුරනවා. එහි ඵල භුක්ති විඳින්න වෙන්නේ අපේ දරු පරම්පරාවටයි. මෙහෙම අයට මනුෂ්‍ය ආත්මයක් ලැබිල තියෙන්නේ අපේ පවට. (නදී)

:       0       0

ජුගපිටිය Tuesday, 08 July 2014 01:27 PM

කතාව ඇත්තද කිය ඕනේ ඉස්සෙල්ලා (දී)

:       0       0

පිටිගල Wednesday, 09 July 2014 10:51 AM

මම උපතින්ම පරම්පරාගත සිංහල බෞද්ධයෙක්. මගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් ඕනෑම තැනක පෙනී ඉන්නවා. අනුන්ගේ ආගම් වලින් මට වැඩක් නැහැ ඒ ආගම හරි උනත් වැරදි උණටත් ඒ ගැන මම උනන්දු නැහැ. මම කාටවත් නින්දා අපහාස කරන්නේ නැහැ. හැබැයි මගේ ආගමට ජාතියට රටට විරුද්ධ ඕනෑම යකෙකුට මම බයත් නැහැ. මගේ රට, ජාතිය ආගම වෙනුවෙන් මැරෙන්න උනත් මම ඉදිරිපත් වෙන්නත් බය නැහැ. සිංහල ජාතිය, බුද්ධාගම ශ්‍රී ලංකාවේ තව දහස් වසරක් බැබලේවා!. (නදී)

:       0       0

කුමාරන Wednesday, 09 July 2014 03:53 AM

සියලු ආගම් වලට අපි ගරුකරමු (නි)

:       0       0

නාමල් Tuesday, 08 July 2014 01:30 PM

හාමුදුරුවනේ සැලෙන්න එපා (දී)

:       0       0

නීශා Wednesday, 09 July 2014 04:01 AM

හැම ආගමකින්ම උගන්වන්නේ යහපත් දේවල් (නි)

:       0       0

නිලන්ග Wednesday, 09 July 2014 04:07 AM

හැම ආගමක්ම එක‍ සේ සළකා කටයුතු කරනවා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ (නි)

:       0       0

අචිනි Wednesday, 09 July 2014 04:08 AM

සියලු ආගම් වලට එක සේ සැළකිය යුතුයි (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 09 July 2014 04:09 AM

සියල්ලටම වැඩිය හොඳයි, තමාගෙන් තම ආගමට තමාගෙන් වියයුතු යුතුකම් හරි හැටි සිදුවුණාදැයි හොයා බලා ඒවාට සුදුසු පිළියම් යොදන එක. එතකොට මේ වගේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. (නි)

:       0       0

ෆර්සානා Wednesday, 09 July 2014 04:11 AM

මම මේ ඉන්නේ ලංකාවේද කියලා හිතෙනවා වෙලාවකට (නි)

:       0       0

අනුර Wednesday, 09 July 2014 04:12 AM

හැගීමක් ඇති කිසිම කෙනෙක් තමන්ගේ දෙමවුපියන්ට වගේම ආගමට අපහාස කරනවා ඉවසන්නෙ නැහැ. මේවා හරිම සංවේදි කරුණු. අපි හැමෝම හිතට ගන්න ඕනෑ බුද්ධිමත්ව සංවේදීව මේවට මුහුණ දෙන්න. (නි)

:       0       0

හේවාවසම් Wednesday, 09 July 2014 11:17 AM

අපි සියලු ආගම් වලට ගරුකරන්නට පුරුදු වෙමු. එවිට ප්‍රශ්න පැනනොනඟී (නි)

:       0       0

මනුක Tuesday, 08 July 2014 01:51 PM

එතකොට බදු හිමියන්ට කියපු ඒවා අපහස නෙමේද? (අ)

:       0       0

හිමාල් Wednesday, 09 July 2014 04:13 AM

අපිට නම් තවත් අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නැහැ. ඉවසීමෙන් සියලු දෙනාම වැඩකරන්න (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 08 July 2014 02:00 PM

සිංහල බෞද්ධයෝ වහාම එකතුවව් (අ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 09 July 2014 04:14 AM

කරුණාකරලා බුද්ධිමත්ව කටයුතු කරන්න (නි)

:       0       0

කලීල් Wednesday, 09 July 2014 04:20 AM

ඇයි මෙහෙම කරන්නේ? (නි)

:       0       0

සරෝජා Wednesday, 09 July 2014 04:22 AM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

කාන්ති Wednesday, 09 July 2014 04:23 AM

ඉවසීම තමයි සෑම දෙයකටම වැඩිය වැදගත් වෙන්නේ (නි)

:       0       0

හේෂාන් Wednesday, 09 July 2014 04:24 AM

හරිම කණගාටුයි මේ සිද්ධවෙන‍ දේවල් දැක්කහම. (නි)

:       0       0

ඩී. උපුල් Tuesday, 08 July 2014 02:19 PM

දැන්ම අවදි නොවුනොත් සිංහලයා නපුංසක ජාතියක් වෙනවා ළඟදීම (අ)

:       0       0

පිටිගල Wednesday, 09 July 2014 11:57 AM

ලංකා තිලක් ඔබට ස්තුතියි. ඇත්ත සඳහන් කලාට. (නදී)

:       0       0

හසන්ත Wednesday, 09 July 2014 04:42 AM

අපි සියලු ආගම් සමඟ සමගියෙන් සිටීමයි කළයුත්තේ (නි)

:       0       0

හැරිසන් Wednesday, 09 July 2014 04:56 AM

කවුරුවත් කාටවත් අපහාස කරන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

ලකී Wednesday, 09 July 2014 04:56 AM

හිමිනමකට කවදාවත් බොරු කියන්න බැහැ.හැබැයි කියලා තියෙන්නේ බොරුවක් නම් ඉතින් සුදුසු දඩුවමකට මුහුණදිය යුතුයි නේද? (නි)

:       0       0

සලීත් Wednesday, 09 July 2014 04:59 AM

අදහස් දාලා තියෙන හැටි බැලුවම පෙනෙනවා සමහරක් කට්ටියගේ හිත්වල මොනවද තියෙන්නේ කියලා (නි)

:       0       0

ඉනෝකා Wednesday, 09 July 2014 05:04 AM

ඇයි අපි මේ විදියට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නේ? (නි)

:       0       0

නුවන් Wednesday, 09 July 2014 05:04 AM

අන්‍ය ආගම් වලට අපහාස කිරීම නම් වැරදියි (නි)

:       0       0

ශිහාඩ් Wednesday, 09 July 2014 05:09 AM

නොදන්නා දේ කතා නොකරනවා නම් කාටත් හොඳයි (නි)

:       0       0

සඳුනි Tuesday, 08 July 2014 03:21 PM

කවර ආගමකට වුවද අපහාස කරන්නේ නම් එය බරපතල වරදක්.මක් නිසාද යත් ආගම යනු ඉතා සංවේදී මාතෘකාවක් වන බැවිනි.(අ)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 09 July 2014 05:21 AM

සෑම ආගමකටම අපි ගරුකළ යුතුයි නේද? (නි)

:       0       0

ලක්ෂපාන Tuesday, 08 July 2014 03:39 PM

මෙයාල මේ දගලන්නේ මොකටද.(අ)

:       0       0

පෙරේරා Tuesday, 08 July 2014 03:58 PM

ලක්ෂපාන! ඉල්ලගෙන කන්න මිසක් වෙන මොනාටද. (අ)

:       0       0

චාමර Wednesday, 09 July 2014 05:22 AM

සත්‍යය සැමදා ජයගන්නවා. බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සමින්ද Wednesday, 09 July 2014 05:22 AM

කවුරු මොනවා කිවුවත්, කුමක් සිදුවුණත් අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

අනුර Tuesday, 08 July 2014 04:18 PM

මම හිතන්නේ නැහැ

:       0       0

හිෂාන් Wednesday, 09 July 2014 01:51 PM

අදහස් සමහර ඒවා දැක්කහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Tuesday, 08 July 2014 04:21 PM

කිසිම ආගමකට නිග්‍රහ කිරීම තවත් ආගමක කෙනෙකු කිරීම , ඔහු තමන්ගේම ආගමට නිග්‍රහ කර ගැනිමක් වැනිය. තමන් උපතින් ලද ආගම දර්මය ජාතිය කවුරුත් සලකන්නේ උතුම් දෙයක් සැටියට . (දී)

:       0       0

කිරාන් Tuesday, 08 July 2014 04:25 PM

ඔබ වහන්සේ සමග අපි සැමදා සිටිනවා (දී)

:       0       0

කුලන් Tuesday, 08 July 2014 04:28 PM

කිසිම ආගමක පව් කරන්න කියලා තියෙනවාද? (දී)

:       0       0

අජිත් Wednesday, 09 July 2014 05:36 AM

අපි කුමක් කරමුද? (නි)

:       0       0

අනෝමා Wednesday, 09 July 2014 01:56 PM

අපි සෑම ආගමකටම ගරුකර සමගියෙන් සිටිමු (නි)

:       0       0

ප්‍රදී Tuesday, 08 July 2014 04:48 PM

දැන් ඉතින් මොනවා කරන්නද (දී)

:       0       0

මොහාන් Wednesday, 09 July 2014 02:02 PM

එහෙම කරන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 345 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2051 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1563 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 676 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 574 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 683 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site