IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කරුණාරත්න දිවුල්ගනේ නිල් දියවර මුදා හරියි

2016-03-03-ent-47


මේ සිහින හරි පුදුමයි 
බිඳ වැටි වැටී උපදින හැටී
සඳ තරු තියා සරසන හැටී
මේ සිහින හරි පුදුමයි

කිරි මව් නෙතක දරුවන් නමින්
බැඳි පෙම් සිතක උණුසුම් වෙමින්
බිඳ වැටෙන මුත් කඳුළක් වෙලා රහසින්
මේ සිහින උපදින අරුම දස දහසින්

නෙතු කඳුළකට සරණක් වෙමින්
සිත බිඳුණු තැන යළි දලූලමින්
නෙතු අගට විත් දැල්වෙන නිවෙන මොහොතින්
මේ සිහින ඇත බැඳ ජීවිතය හුයකින්.

 

මේ සිහින හරි පුදුමයි! පැලැනිවත්ත, පිළියන්දල පාරේ නිසංසල ඉමක පිහිටි නිවසේ විවේකීව සිටින මොහොතක කරුණාරත්න දිවුල්ගනේ නම් ගායන ශිල්පියාට සිතෙන්නේ එසේය.දශක පහකට වැඩි ජීවිතයේ ගෙවී ගිය හැම දවසක්ම පාහේ ඔහුටද එක් සිහිනයකි. ඔහුට පමණක් නොවේ. ඔබත් මාත් ඇතුළත්ව අප සියළු දෙනාටම ජීවිතයේ හැම දවසක්ම හැම සිදුවීමක්ම සිහිනයක් වැනිය.

ඒ සිහින හරි පුදුමයි!
දිවුල්ගනේ නම් දුෂ්කර ගම්මානයේ ඉපිද රජරට ගුවන් විදුලියට සම්බන්ධව ගීයක් දෙකක් ගායනා කරන්නට ලැබීමද ඔහුට සිහිනයක් වැන්න! මේ රජරට සේවයේදී විශාරද ගුණදාස කපුගේ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සහ විජයානන්ද ජයවීර මුණ ගැහීමත් ඔවුන් ඇසුරු කරන්නට ලැබීමත් ඔහුට සුන්දර සිහිනයකි. රජරට සේවයට ගැයූ ඇසට අසුවන මායිමේ, ගලින් ගලට අඩි තිය තියා, ඔබ මා හමුවුන, අතීතය සිහිනයක් පමණයි, හාදවෙලා යමං පණේ වැනි ගීත රජරට කලාපය තුළ අතිශය ජනප‍්‍රිය ගීත බවට පත්වීමද ඔහුට සිහිනයක් වැන්න!
ඒ සිහින හරි පුදුමයි!

මේ ගී රජරට සේවයෙන් බැහැරව, කොළඹ ඇතුළුව මුළු රට පුරාවට ගෙනයාමද එවකට සිහිනයක් විය. එහෙත් ඔහු බොහෝ මහන්සි වී මේ ගී කොළඹදී පටිගත කර පසුව ගුවන් විදුලියේ තැටිවලට නැංවීමට කටයුතු කළේය. එතැන් පටන් මේ හරවත් මනරම් ගීත කොළඹ ගුවන් විදුලියෙන්ද ප‍්‍රචාරය වෙමින් කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයකු සිටින බව රටට හෙළි දරව් කෙරිණි.
ඒ සිහින හරි පුදුමයි!

රජරට සේවයෙන් උන්හිටි ගමන් වැඩ තහනමකට ලක්වී ආපසු කොළඹට එන්නට සිදුවීමද ඔහුට සිහිනයක් සේය. එවිට රඹුකන සිද්ධාර්ථ හිමියන්ගෙන් ලැබුණු ආදරයද කරුණාවද දයාවද කරුණාරත්න දිවුල්ගනේට සිහිනයක් වැන්න! ඒ තරම් කරුණාවකින් තමන් රැුක බලාගන්නට බුද්ධ පුත‍්‍රයකුගේ ඉදිරිපත් වීම ඇත්තටම සිහිනයකි. ඒ සිහින හරි පුදුම නොවේද?

කැසට් පටය ජනප‍්‍රිය මාධ්‍යයක් බවට පත්වී රටපුරාවට අලූත් අලූත් කැසට් බිහිවෙද්දී දිවුල්ගනේටද කැසට් පටයක් නිර්මාණය වනු දකින්නට සිහිනයක් තිබිණි. සින්ග්ලංකා සමාගමේ රෝහණ වීරසිංහ කුලරත්න ආරියවංශ සහ ආනන්ද ගණේගොඩගේ අත හිත ඒ වෙනුවෙන් ලැබිණි. ඇසට අසුවන මායිමේ නම් වූ සිය පළමුවැනි කැසට් පටය සුරතට ගත් මොහොත ඔහුට ඇත්තටම සිහිනයකි. ඒ සමගම දිවුල්ගනේ මුළු රටටම සම්පතක් වී රටේම ආදරයට පාත‍්‍ර වීම සැබවින්ම සිහිනයකි.
ඒ සිහින හරි පුදුමයි!!!

ඉනික්බිති, ඔහුගේ හඬින් ගැයුණු මනරම් ගී ඇතුළත් කැසට්පට, සංගීත තැටි කීයක් නම් නිකුත් විණිද? නෙතට උළෙලක්, නිල් දියවර, තරු එළිය දිගේ, සංහිඳ පාමුළ.... සිංග් ලංකා සහ නිල්වලා ආයතන වලින් නිකුත් වුණු මේ ගී තැටි පෙළ ඇත්තටම සිහිනයන්ය.
ඒ සිහින හරි පුදුමයි!

රෝස තොල් සිඹිමි, සුදු ඇඳගෙන සඳ ඇවිදින්, මගේ දුවේ නුඹ අවදියෙන් නම්, නෙතට උළෙලක් විය එදා ඔබ, දෙවියනි ඔබත් මෙසේ නම් වැනි රසික ප‍්‍රසාදය දිනූ මනරම් ගීතාවලියක් බිහිකරන්නට ලැබීමද දිවුල්ගනේට දැනෙන්නේ සිහිනයක් ලෙසිනි. මේ විචිත‍්‍ර ගීතාවලිය ඔස්සේ ඔහුට මුණගැහුණු සමීප මිත‍්‍රයන් බවට පත්වුණු ගීත රචකයන් රැසකි. රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද චන්ද්‍රසේකර, යමුනා මාලිනී පෙරේදා, මහින්ද දිසානායක වැන්නෝ ඒ අතර ප‍්‍රධානය. ඔවුනතින් ලැබුණු පේ‍්‍රමයේ මනරම් අත්දැකීම් දිවුල්ගනේගේ සංසුන් හඬින් ගැයෙද්දී කී දහසක් රසිකයෝ පේ‍්‍රමය වෙනුවෙන් හඬාවැටෙත්ද?

"දිවුල්, මං අලූතින් සිංදුවක් ලිව්වා. මට හිතෙනවා ඒක ගැලපෙන්නේ ඔයාගෙ හඬට....” එක්තරා සැන්දෑවක දිවුල්ගනේගේ දුරකථනයෙහි රැඳුණ යමුනා මාලනී පෙරේරා කීවාය.
‘‘මොකක්ද සිංදුව?’’
‘‘ඉන්න මම කියන්නම්....’’

2016-03-03-ent-48-NEW

සයුරට සීමා වෙරළේ නම්
ගඟකට සීමා ඉවුරේ නම්
හිතකට සීමා කොහිවේදෝ
පෙමකට සීමා නොමවේනම්...

ගඟ කොපමණ කල් දිය රැක ගත්තත්
ඒ දියකඳ සයුරටය හුරූ
සයුරෙදි දිය රැළි හැපුණත් වෙරළේ
යළි එය ගඟ වෙත යෑම බොරූ

කාලය කොතරම් කෙනෙහිලි කෙරුවත්
හඳ බැඳි පෙම බිඳ ලෑම බොරූ
ඔබ කොතරම් කල් සිටියත් සඟවන්
මා ඔබගේ පෙම අයිතිකරූ

 

‘‘රෝහණට කියලා මෙලඩියක් දැම්මනම් ලස්සනට ඒවි.’’ දිවුල්ගනේ කීවේය.

සැබැවින්ම රෝහණ වීරසිංහගේ සංගීතයට ගැයුණු විට සයුරට සීමා මනරම් ගීතයක් විය. ඒ ගීතයද අද ඔහුට සිහිනයකි.
ඒ සිහින හරි පුදුමයි!

කරුණාරත්න දිවුල්ගනේ කලෙක උතුරුමැද පළාතේ ආණ්ඩුකාරයා වූයේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ ඒ පත්වීමද දිවුල්ගනේ පුදුමයට පත්කළ සිහිනයකි. එය එක් අතකින් කලාකරුවකුට කළ ගෞරවයකි. අනිත් පැත්තෙන් ඔහු පෙම් බැඳි රජරටට සේවය කරන්නට ඉඩ ලැබුණු අවස්ථාවකි.

විවේකයේදී සර්පිනාව වයමින් ගීතයක් මුමුණමින් ගත කළ ඒ කාලයද සිහිනයක් වැන්න!

සිය හිතමිතුරු මහින්ද චන්ද්‍රසේකර, මේ ආණ්ඩුකාර දිවුල්ගනේගේ ලේකම්වරයකු විය. ඔහු ගීත රචකයකු වූ බැවින් තැපෑලෙන් හෝ වෙන යම් ආකාරයකින් ලැබුණු ගී පද රචනයක ගුණ දොස් ගැන දිවුල්ගනේ විමසන්නේ මහින්දගෙනි.

‘‘අපි අලූත් ගී එකතුවක් කරමු.’’

රන්පත් ආයතනයේ හිමිකරු නිරූන් බුද්ධසිරි වරෙක දිවුල්ගනේට යෝජනා කළේ ඔහු ආණ්ඩුකාර පුටුවෙහි වාඩිවී සිටි යුගයේදීය. ඒ කැසට් හා සංගත තැටි යට ගොස් අන්තර්ජාලය උඩ ආ යුගයකි. ඕනෑම ගීතයක් මොහොතකින් අන්තර්ජාලය හරහා හුවමාරුවන්නට ගියේ ඇසිල්ලකි.

‘‘මේ කාලෙ සී.ඞී. එකක් කරන එක අපරාධයක්. කාටද විකුණන්නෙ?’’

දිවුල්ගනේ ඇසුවේය.

‘‘කතාව ඇත්ත. ඒත් මට ඕනෙ හොර සී.ඞී. එකකින් හරි මිනිසුන්ට හොඳ ගීත ටිකක් අහන්න ඉඩ දෙන්න. ඒ හින්ද ඔයා බය නැතුව සිංදු ටිකක් කරන්න.’’
බුද්ධසිරි කීවේය.

ඔහුගේ ඒ කතාව විශ්වාස කළ නොහැකි සිහිනයක් වැනිය.

ඒ සිහින හරි පුදුමයි!

ඉතිං ඔහු තම පරණෆයිල් කවරයක් පෙරළාගෙන ඔහුට ලැබුණු ගී පද මාලා කියවන්නට විය.

දුටුවාද තරුවක්
දුර ඈත ආකාසේ
සියක් වසකට පසු යළිත්
සමුගන්න අවුදින්
ඒ මමයි ඔබ රිදවූ පේ‍්‍රමයයි.

දුටුවාද කඳුළක්
වියළි ගිම්හානයේ
නෙත හෙලූ කඳුලකින් දෙඇස හරවා
සමුගන්න අවසරයි
ඒ මමයි ඔබ රිදවූ පේ‍්‍රමයයි.

දුටුවාද නෙළුමක්
හඬන වැව් තලයේ
දුක් තැවුල් විඳ නිවෙන්නට කලියෙන්
සමුගන්න ඇවිදින්
ඒ මමයි ඔබ රිදවූ පේ‍්‍රමයයි.



ඒ පදවැල ඔහුගේ හදවත කම්පනයට පත් කළේය. කොයිතරම් ද යත් ඒ මොහොතේම ඔහු මහින්ද චන්ද්‍රසේකරට ඒ පද වැල් පෙන්නුවේය. ‘‘හරි ලස්සනයි’’ මහින්ද කීවේය.

එහෙත් පද වැල මිස එය ලියූ රචකයකුගේ නම එහි සඳහන්ව නොතිබුණි. ගීතය ලියා තිබුණේද දිවුල්ගනේගේම අත් අකුරිනි. ‘‘කවුද ලිව්වෙ දන්නෙ නෑ.’’
‘‘අර සිංදුව මම ලියපු එකක්නෙ.’’

ඊට දින කිහිපයකට පසුව මහින්ද කීවේය.

"හරි පුදුමයි.” දිවුල්ගනේ තමන්ටම කියාගත්තේය.

ඒ අයුරින්, ඔහුගේ අලූත්ම ගී එකතුවට සිංදුවෙන් සිංදුව නිර්මාණය විය.

මහින්ද චන්ද්‍රසේකර, මහින්ද දිසානායක, පල්ලේගම හේමරතන හිමි, රඹුකන සිද්ධාර්ථ හිමි, කෝන්වැවේ අරියරතන හිමි, රත්න ශ්‍රී විජේසිංහ, යමුනා මාලනී පෙරේරා, කුමාර ලියනගේ, රවී සිරිවර්ධන, රජී වසන්ත වෙල්ගම, ශාමිල් හුසේන්, ආනමඩුවේ සුනිලා හෙට්ටිආරච්චි, මුනිපාල පන්නිල, තිලක් අතපත්තු, පොඩිරත්න අඟමලේ, සුරම්‍යා මාපිටිය, බණ්ඩාර බෙලිකැටිමුල්ල, නයනසේන වන්නිනායක, රෝහණ දන්දෙනිය ලියූ ගී පදරචනාවලින් දිවුල්ගනේගේ අලූත් ගී තැටිය සැරසිණි. රෝහණ වීරසිංහ, එච්.එම්. ජයවර්ධන, කරුණාරත්න විජේවර්ධන, දර්ශන වික‍්‍රමතුංග, අමිල දිල්ශාන්, කලිඳු වීරසිංහ හා ප‍්‍රසාද් සිරිවර්ධනගේ සංගීත නිර්මාණයෙන් මේ ගී එකතුව ලස්සන කළෝය.

මේ සිහින හරි පුදුමයි!

එම ගී එකතුව මේ මස විසිපස්වැනිදා සවස හතට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී දොරට වඩියි. ඒ වෙනුවෙන් පැවැත්වෙන ප‍්‍රසංගය නිල් දියවර ලෙස නම්කර තිබේ. රඹුකන සිද්ධාර්ථ හිමියන් සහ පේ‍්‍රමා කපුගේ ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන නිල් දියවර මුදාහැරීමේ උළෙලට සංගීතය සපයන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය.

හෙළ ගී කෙතට නිල් දියවර මුදා හැරීමේ මේ මහගු මංගල්‍යය ගැන හිතන විටද දිවුල්ගනේට හිතෙන්නේ මේ සිහින හරි පුදුමයි! කියාය.

මන්ද යත් මේ නිල් දියවර තවත් ඒක පුද්ගල ගී සරණියක උපත වන බැවිනි.

ඒක පුද්ගල ගී සරණියක් පවත්වන ලෙස සුවහසක් රසික ජනතාව දිවුල්ගනේගෙන් ඉල්ලා සිටියේ අදක ඊයෙක නොවේ. ඔහු ආණ්ඩුකාරයකු ලෙස ගී ලොවෙන් සමුගෙන සිටි වකවානුවේදීය.

මේ ඉටුවන්නේ අන්න ඒ සුන්දර සිහිනයද?


මේ සිහින හරි පුදුමයි!
මගේ දුකට ඔය දෑසේ
කඳුළු පිරෙනවා වාගේ
මගෙ සැපතට නුඹේ හිතේ සතුට පිරේනම්
මේ ගමරට සුන්දර වෙනවාද
මොනතරම්...

ඒ සිහින හරි පුදුමයි!


ශාන්ත කුමාර විතාන

sandalla

 

2016-03-03-ent-49



අදහස් (0)

කරුණාරත්න දිවුල්ගනේ නිල් දියවර මුදා හරියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1015 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2067 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1000 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 221 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2423 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1693 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24952 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site