IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කරත්ත රෝදෙටයි පුටුවටයි පණ එන්නත් බැරි නැතිලු

මහ මැතිවරණ නාමයෝජනා දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ අට දෙනකුට නාමයෝජනා දීම ප්‍රශ්නයක් වී ඇතැයි ජනපති කාර්යාල ආරංචි කියයි.

මේ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා  ප්‍රකාශයක් කිරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ අගමැති ද නාමයෝජනා ගැන අඟහරුවාදා (07) ප්‍රකාශයක් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපතිට දොස් කියා ඇතැයි ද දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදිය යුතුය යන ස්ථාවරයේ දැඩි ලෙසම කුමාරතුංග මහත්මිය සිටියාය.

මැතිවරණ කොමසාරිස්ට නාමයෝජනා බාර දීමේ අවසන් දිනට ලබන සඳුදා (06) ය. එහෙත් දේශපාලන පක්ෂ මේ සතිය අවසන් වීමට පෙර සියල්ල සකසා සිය නීතිවේදීන් මගින් අඩුපාඩු ද හදා නාමයෝජනා කටයුතු අවසන් කිරීමට නියමිතය.

මේ අතර නාමයෝජනා දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එරෙහි බලවේග ගැන වාර්තාවක් ජනපතිට ඉදිරිපත් කිරීමට කුමාරතුංග මහත්මියට දන්වා ඇතැයි ද දැනගන්නට තිබේ.

නාමයෝජනා පිළිබඳ කැපිලි කෙටිලි හා එකතු කිරීම් මැද්දේ මහින්ද රාජපක්ෂ පිළත් මෛත්‍රී පිලත් වෙන වෙනම නාමයෝජනා ද සකසා ඇතැයි කියති.

ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම එම විකල්ප වැඩපිළේ අරමුණ බව ද දැනගන්නට තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ පොදු පෙරමුණේ පුටුව ලකුණ ද, මහජන එක්සත් පෙරමුණේ කරත්ත රෝදය ද දෙපාර්ශ්වීය විකල්ප ලැයිස්තුවල ඇතැයි ද දේශපාලන ආරංචි කියයි.



අදහස් (0)

කරත්ත රෝදෙටයි පුටුවටයි පණ එන්නත් බැරි නැතිලු

වජිර Tuesday, 07 July 2015 02:02 AM

මට නම් ආදරේ හිතෙනවා දේශපාලුවෝ මහ ජනතාව ගැන හිතලා නාමයෝජනා වලට දඟලන විදිහ දැක්කහම! (නි)

:       0       0

අනිල් Tuesday, 07 July 2015 11:16 AM

නිශාන්ත කියන්නේ බත් කන හරක් කුලේ කෙනෙක්ද කොහෙද? මහින්ද මහතාට ලැබුණු බහුතර ඡන්ද සිංහල බෞද්ධ ඡන්ද. දෙමල මුස්ලිම් ඡන්ද මෛත්‍රීට නොලැබුනා නම්, අදටත් ජනපති මහින්ද. ඔයාගේ ටිකිරි මොලේට ඕක තේරෙන්නෙම නැද්ද? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 07 July 2015 02:36 AM

හරි නිශාන්ත මහත්තයෝ,මහින්ද මහත්තය පැරදුනා.ඒ පැරදුනේ සන්ධානයෙන් ඉල්ලලා.සන්ධානය වෙත ලැබුණු ලක්ෂ 58 ක ජනතා කැමැත්තක් ඇතුව.මෛත්‍රී මහත්තයා දිනුවා.ඒ සන්ධානය් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා හැටියට සන්ධානයේ ලක්ෂ 58 ක ජනතා කැමැත්ත නැතුව.එහෙමනම් සන්ධානයේ ඒ ජනතා කැමැත්ත නැති කෙනා කොහොමද සන්ධානයේ ජනතා කැමැත්ත ඇති කෙනාගේ තරඟ කිරීමට අභියෝගයක් වෙන්නේ? (නි)

:       0       0

ගාමිණී Wednesday, 08 July 2015 08:30 AM

අපිට බයක් සැකක් නැතිව ජීවත් වෙන්න ඉඩ හදල දුන්නේ මහින්ද. අපිට ඉස්සර රස්සාවට ගිහිල්ල ගෙදෙර එනකම් විස්වාසයක් තිබ්බද.? (ර)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 02:01 AM

‍මහින්ද රාජ්‍ය බලයත් තියෙද්දී එහෙම පැරදිලා දැන් මේ බලයත් නැතුව ඒ ගත්ත ඒවායෙන් 50% ක්වත් ගන්න බැහැ කියලා තේරෙන්නෙම නැද්ද? (නි)

:       0       0

අශෝක Monday, 06 July 2015 03:14 PM

මේ කවුරු කවුරුත් එක එක වෙස් අරගන එන්නේ අපිට තියන ආදරයකට නොවෙයි බල තණ්හාවට පමණි කියලා දැන්නම් ඡන්ද දායකයන්ට හොදට දැනෙනවා .(හේ)

:       0       0

දීප්ත Tuesday, 07 July 2015 03:40 AM

ජනතාවනි, අවදියෙන් සිටින්න. ඔබේ තීරණය බුද්ධිමත්ව ගන්න (නි)

:       0       0

චතුර Tuesday, 07 July 2015 03:51 AM

නිශාන්ත,ඔබතුමා නම් හීන ලෝකෙක කියලා පේනවා ඉන්නෙ. පහුගිය ඡන්ද ප්‍රතිඵල අරගෙන බලන්න. මෛත්‍රී මහතා දිනුවෙ ලක්ෂ 4කින්. වන්නි, යාපනය, මඩකලපුව, දිගාමඩුල්ල දිස්ත්‍රික්ක වලින් විතරක් වැඩි ඡන්ද ලක්ෂ 6.5ක්. දැන් අහන්න එපා ඒවා ලංකාවෙ දිස්ත්‍රික්ක නෙමෙයිද කියලා. (නි)

:       0       0

කපිල Tuesday, 07 July 2015 04:08 AM

කාට කරන්නද මේ දගලන්නේ.රටට කරපු දෙයක් නම් නැහැ.(ම)

:       0       0

මල්රාජ් Tuesday, 07 July 2015 02:33 PM

මහින්ද එන්නේ මොන ලකුනෙන්ද ? අපි ඡන්දෙ දෙන්නේ ඒකට. මහින්ද සමග ලක්ෂ 58 තාමත් ඉන්නවා කියන එක අමතක කරන්ඩ එපා. (නදී)

:       0       0

උදිත් Tuesday, 07 July 2015 04:54 AM

මහත්තයෝ, නිදහස ලබලා වසර 60ක් යනතුරු අධ්වේගී මාර්ග තිබුනද? වරායවල්, ගුවන් තොටුපළවල් හැදුවද? ජනාධිපතිලා 4ක් හිටියා. යුද්ධය නැතිකරලා අපිට නිදහසේ ජීවත්වෙන්න දුන්නේ කවුද? තව කොපමණ ජයග්‍රහණ තියෙනවද? (නි)

:       0       0

සුනිල් Tuesday, 07 July 2015 05:20 AM

කරත්ත රෝදය දැන් බකල් ගහනවා, පුටුවේ කකුල් කැඩිලා. ඉතින් පණ දුන්නත් ඇති වැඩක් තියෙනවද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 07 July 2015 03:25 PM

මෙතන අදහස් දාන සමහරක්ට මොළය නැහැ. ලක්ෂ 58 ක් දැන් නැහැ. මොකද සමහරක් අප්ප්චි මළා කියලා ඇවිල්ලා ඇමතිකම් ගත්තනේ! (නි)

:       0       0

රනුක Monday, 06 July 2015 07:26 PM

මහින්ද ජනාධිපතිතුමනි, ජනතාව ඔබ සමඟයි...!!! (නි)

:       0       0

ජානක Tuesday, 07 July 2015 09:07 AM

සන්ධානයේ ලොක්කා හිතනවා ද දන්නැ මහින්ද නැතුව අපි ජන්දේ දෙයි කියලා (ම)

:       0       0

නිශාන්ත Tuesday, 07 July 2015 01:21 AM

රනුක, ජනතාව මහින්ද සමඟ නම් ජනවාරි 8 පැරදුනේ කොහොමද? මෙච්චර කල් නිදගෙනද ඔයා හිටියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 947 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1097 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 186 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2011 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32244 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site