IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කීර්තිය උගසට තබමින් ශී‍්‍ර ලංකා පිල පිටියට බසී

”ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දකුණු අපි‍්‍රකානු ‘ඒ’ කණ්ඩායමටත් පුළුවන්” යයි කෙප්ලර් වෙසල්ස් ප‍්‍රකාශ කිරීමත් සමගම ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් හඬ නැංවීමට ඉදිරිපත් වූවෝ දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකතයාගේ පරිණත බව ප‍්‍රශ්න කිරීමට උත්සුක වූහ. එහෙත් සෙන්චූරියන්හිදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය දින තුනකින් අවසන් වීමත් සමගම ඒ සියල්ලෝම හිස් සගවාගෙන ගියහ. අද (26 වැනිදා) ඩර්බන් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම කිංග්ස්මේඞ් පිටියට පිවිසෙන්නේ මෙතෙක් කලක් ඉතා අසීරුවෙන් මෙන්ම මහත් වැරවෑයමින් ගොඩනගා ගන්නා ලද තමන්ගේ සියලූ කීර්තිය උගසට තබා තිබියදීය. මේ ලෝක කුසලාන අවසන් මහ තරගයට කී‍්‍රඩා කිරීමෙන් යන්තම් මාස 9 කට පසුවය. එබැවින් අද තරගයේදී ජයග‍්‍රාහී ඉසව්වක් කරා යාමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අපොහොසත් වුවහොත්, පිට පිටම අත්කරගන්නා සිවුවැනි ටෙස්ට් තරගාවලිය පරාජය  කරා ඔවුන් ඇදී යාම කිසිවකුට වළක්වාගත නොහැකිය. එක්දින තරගාවලිත් ඊට එකතු කරන්නේ නම් එය පිට පිටම ලබන්නාවූ හත්වැනි තරගාවලි පරාජය වනු ඇත. කිසිවකුට නැතැයි කිව නොහැකි, මේ සියලූ සංඛ්‍යාත්මක දත්ත තිබියදීත්, මේ අඳුරු අගාධයෙන් මිදී කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තමන්ගේ ශක්‍යතාවන් මේ යයි පෙන්වීමේ හැකියාව ශී‍්‍ර ලංකා පිලට තවමත් තිබේ. ඒ සඳහා තරගය පැවැත්වෙන්නේ කොහේද යන්න ගැටළුවක් නොවේ. ශී‍්‍ර ලංකා පිලේ බරපතළම අර්බුදය වන්නේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීමයි. එබැවින් අද ආරම්භ වන තරගයේදී කිසියම් වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකියයි ශී‍්‍ර ලංකා කළමණාකරු අනුර තෙන්කෝන් මහතා දුරකතනයෙන් කළ විමසීමකදී පැවසීය. ශී‍්‍ර ලංකා පිලේ පිතිහරඹය ශක්තිමත් කරලීමට නම් දැනට ඇති හොඳම විසඳුම වන්නේ කඩුලූ රකින්නා ලෙස දිනේෂ් චන්දිමාල් ටෙස්ට් පිටියට හඳුන්වා දීමයි. තවමත් ටෙස්ට් තරග වලට සහභාගි වී නැතත්, අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ මේ වන විටත් කැපී පෙනෙන දස්කම් දක්වා ඇති චන්දිමාල් ඉන්දියාවට සහ එංගලන්තයට එරෙහිව එක්දින අන්තර්ජාතික ශතක දෙකක් ලබාගැනීමට සමත් වී සිටී. ඔහු මෙම ශතක දෙකම ලබාඇත්තේ ශී‍්‍ර ලංකාවෙන් පිටතදී වීම, පිතිකරුවකු වශයෙන් චන්දිමාල්ගේ හැකියාවන් සනාථ කරන්නකි. චන්දිමාල් සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුර තෙන්නකෝන් මහතා පැවසූවේ අද තරගය සඳහා චන්දිමාල්ට හොඳ අවස්ථාවක් ඇති බවයි. මේ වන විට පළමු පෙළ තරග 35 කදී ලකුණු 58.52 ක සාමාන්‍යයක් පවත්වාගෙන යන චන්දිමාල්ගේ හොඳම පළමු පෙළ ඉනිම වන්නේ මීට වසර කිහිපයකට ඉහත කොළඹ එස්. එස්. සී. පිටියේදී නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව ලබාගත් ලකුණු 244 යි. සාමාන්‍යයෙන් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන නමුත් මේ වන විට පිතිකරු ලයිස්තුවේ ඉහළින් වඩාත් ස්ථාවර වී සිටින කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි පිතිකරුවන්ට බාධාවන් නොවන පරිදි, පිතිකරු ලයිස්තුවේ පහළින් කී‍්‍රඩා කිරීමට චන්දිමාල්ට සිදුවනු ඇත. කෙසේ වෙතත් සිය බරපතළම දුර්වලතාව වන හොඳින් පන්දුව දකිමින් සිටියදී අවදානම් සහගත පහර ගැසීමට යාම නිසි ලෙද පාලනය කරගැනීමට චන්දිමාල් සමත් වෙතොත් එය වඩාත් යහපත් ප‍්‍රතිඵල ගෙනෙනු ඇත. ශී‍්‍ර ලංකා ටෙස්ට් පිතිකරුවන් අතරේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම අංක 3 පිතිකරුවන් දෙදෙනා වන අසංක ගුරුසිංහ සහ කුමාර් සංගක්කාර දෙදෙනාම සිය ටෙස්ට් දිවිය ආරම්භ කළේද කඩුලූ රකින්නන් ලෙස පිතිකරු ලයිස්තුවේ පසුපෙළට එක්වෙමිනි. සෙන්චුරියන් තරගයේදී ලකුණු 114 කට කඩුලූ 3 ක් දවාගනිමින් ධෛර්යවත් පන්දු යැවීමක නිරත වූ නමුත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු වශයෙන් ඉදිරියට යාමේ හැකියාවෙන් යුතු තිසර පෙරේරා තවමත් තමන් වෙනුවෙන් සාධාරණය ඉටුකළ බවක් පෙනෙන්නට නැත. පන්දුව දැකීමේත්, පිත්ත හැසිරවීමේත් අනුයාත කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් විශිෂ්ට නිපුණතාවකින් යුතු වන නමුත් ඉතාමත් තීරණාත්මක අවස්ථා ගණනාවකදීම තිසර පෙරේරා සිය කඩුල්ල නිකරුණේ පූජා කරනු දක්නට ලැබිණ. අද තරගයේදී ඔහුට සිය ස්ථානය අහිමි වන්නේ නම් ඒ මෙම දුර්වලතාව නිසාය. ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටින ධම්මික ප‍්‍රසාද්ද තිසර පෙරේරාට බෙහෙවින්ම සමාන වන නමුත් පන්දු යැවීමේදී තරමක් වේගවත් කී‍්‍රඩකයෙකි. පිතිකරුවකු වශයෙන්ද ධම්මික ප‍්‍රසාද් සතුව පළමු පෙළ ශතකයක් තිබේ. කෙසේ වෙතත් කිසිවකුට තේරුම්ගත නොහැක්කේ ශී‍්‍ර ලංකා තේරීම් කමිටු නිලධාරීන්, දිල්හාර ප‍්‍රනාන්දු සමග ඉවසීමෙන් යුතුව යන ගමනයි. දශකයකට වැඩි ටෙස්ට් අත්දැකීම් ඇති නමුත් සෙන්චූරියන් තරගයේදී  ඕවර 28 ක් යවමින් ලකුණු 114 ක් දුන් දිල්හාර දවාගත්තේ එකම කඩුල්ලක් පමණි. ඩර්බන් තණතීරුව වේග පන්දු යවන්නන්ට තවත් පරාදීසයක් වේයැයි පවතින අනුමානය නිසා මෙම තරගයේදී වේග පන්දු යවන්නන් සිවු දෙනකු යොදා ගැනීම සම්බන්ධයෙන්ද දින කිහිපයකට පෙර කතා බහක් පැවතිණ. එවන් අදහසක් පැවතියද, කණ්ඩායමේ දැනට දග පන්දු යවන්නන් දෙදෙනකු සිටින අතර අජන්ත මෙන්ඩිස් මාස හතකින් ටෙස්ට් තරගයකට සහභාගි වී නැත. දකුණු අපි‍්‍රකානු පිල මාස හතක පමණ විරාමයකින් පසුව, ටෙස්්ට් තරගයක සහභාගි වූයේ මීට සති කිහිපයකට ඉහතදී  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිවය. ඊට අමතරව වසර තුනකික් පමණ දකුණු අපි‍්‍රකානු පිලක් සිය මවු බිමේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. ඩර්බන් නුවර කිංග්ස්මේඞ් කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානුවන් අවසන් වරට ටෙස්ට් තරගක් ජයගත්තේ වසර 2008 බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වන අතර මෙම සියලූ තත්ත්වයන් හමුවේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සැකසීමට දකුණු අපි‍්‍රකානුවන් උත්සුක වුවහොත් එය පුදුමයට කරුණක්ද නොවේ. පළමු ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල අසරණ කර දැමූ දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නා වන වර්නන් පිලැන්ඩර් පෙරේදා සිය දණහිසේ ආබාධයකට ලක්ව සිටි නමුත් ඔහුට අද පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා කී‍්‍රඩා කළ හැකි බවද රොයිටර් වාර්තා සඳහන් කරයි. දිනේෂ් චන්දිමාල්



අදහස් (0)

කීර්තිය උගසට තබමින් ශී‍්‍ර ලංකා පිල පිටියට බසී

Nadeera kumari Monday, 26 December 2011 10:11 AM

අපේ කණ්ඩායමට ජය වේවා.

:       0       0

අභිමන්ත Monday, 26 December 2011 10:49 AM

අද දිනමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 522 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 261 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 355 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1032 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 588 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3893 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site