IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


කොරෝනාවට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000 ක ආධාර

(ඩයනා උදයංගනී)

කොවිඞ් 19 වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් (රුපියල් කෝටි 7,000) වටිනා ණය හා ආධාර ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඉකුත් මැයි මස 22 වැනිදා වන විට ලැබී ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 173.6 ක් වන අතර ප්‍රදාන ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75 හා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2ක් වටිනා භාණ්ඩ මෙරටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලෝකයේ විවිධ රටවලින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලොක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන හා රටවල් මෙම ණය හා ආධාර ලබාදීමට එකඟ වී ඇතත්තවමත් එම ආධාර රජයට ලැබී නැතැයි ද අමාත්‍යවරයා කීවේය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම සමහර මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය සේවා හා භාණ්ඩ ලබාගැනීමෙන් පසු බිල්පත් ඉදිරිපත් කළ යුතු බව කී ඇමතිවරයා මේවා තවමත් ගිවිසුම් පමණක් යැයි ද කීවේය.

කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා ලැබුණු විදේශ ණය ආධාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී ගුණවර්ධන මහතා ඒවා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ආකාරය මෙන්ම වැය කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව කියා සිටියේය. 

 



අදහස් (25)

කොරෝනාවට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000 ක ආධාර

Achira Thursday, 02 July 2020 03:21 PM

ජනතාවට රුපියල් 5000 දීපු වැඩබැරි ආණ්ඩුවම ගහයි...

:       43       212

Sunil Wickramarachchi Thursday, 02 July 2020 04:45 PM

ඵහෙනම් ඉතින් අහවලාට මරු ඇති නේද...? ළඟදීම ඵයා ඵයාගේ රටට යයි ඒ සල්ලිත් අරන්... මොකද සේරම දේපල තියෙන්නෙත් ඇමෙරිකාවේනේ..!!!

:       33       565

Perera Thursday, 02 July 2020 05:51 PM

ඕවා ගැන කියනකොට මට මතක් වුණේ අර සුනාමි වලට ලැබුණු ආධාරයි, හෙල්පින් හම්බන්තොට ගිණුමයි.

:       14       172

binkunndaa Thursday, 02 July 2020 06:23 PM

මේවත් ඉතින් සුනාමි ආධාර වගේ පවුලේ සාමාජිකයින්ගේ, ලංකාවේ හා පිටරට ගිණුම්වලට යන සේ වැඩ බලාගනියි.

:       12       582

Kamal Koyrala Thursday, 02 July 2020 06:29 PM

නැව ඇවිල්ලා.., හොරු කියලා දන්න නිසා තමයි ඉදිරිපත් කරන්න කියලා තියෙන්නේ... විනිවිද භාවය සවිස්තරාත්මකව මහජනයාට දැනගන්න සැලැස්වුවා නම් තමයි හොඳ...

:       0       74

රොෂාන් Thursday, 02 July 2020 06:33 PM

ආධාර ටිකට සොරිම තමයි...

:       9       225

බද්රානි Thursday, 02 July 2020 07:52 PM

කොරෝනා ආධාරෙටත් ඉතින්, සුනාමි ආධාරෙට සිද්ධ වුණු දේට වඩා අමුතු යමක් සිද්ධ වෙනවද මේ සිරි ලංකාවේ?

:       20       184

Champa Thursday, 02 July 2020 09:00 PM

ලංකාවට දෙන, දුන්නා කියන ආධාර ගැන විපක්ෂෙට තියෙන අමාරුව ජනතාවට තියෙන පාටක් පේන්නේ නැහැ. නමුත් පැහැදිලිවම පේන වෙන දෙයක් තියෙනවා. එක්කෝ මහින්දව පරද්දන්න ගේමක් යනවා. මැද පෙරදිග ශ්‍රී ලාංකිකයින්ට කරන කුඩම්මාගේ සැලකිල්ල එකක්. ඒකෙන් මහින්දගේ ඡන්ද කැඩෙනවා. දෙවෙනි එක එම්සීසී ගිවිසුම හරියටම මේ වෙලාවෙම ඇද ගත්ත එක. ඒකෙනුත් ඡන්ද කැඩෙනවා. හැබැයි පෙනෙන විදිහට, ඒ කියන්නේ පක්ෂ අතරේ වැඩි කලබලයක් නැති එකෙන් පෙනෙන්නේ ජනාධිපති ප්‍රමුඛව වේලාසනම මැකෝ එක්ක ඩීල් එකක් දමාගෙන තියෙන බව. ඒක වහන්න මිනිස්සුන්ට පෙන්නන්න හදනවා මැකෝ පොහොට්ටුවට එරෙහි බව... මහින්දගේ ඡන්ද අඩු කළොත් ඒකට හේතුත් වේලාසනම හදාගෙන මේ දවස්වල ජනතාවට පෙන්වනවා. ඉහත 2ට අමතරව ජනාධිපතිගේ පින්තූරේ දාන්න එපා කියපු එක සහ මැකෝ එක්ක බොරු රණ්ඩුවක් ඇදගෙන තියෙන එක... සියලු පක්ෂ දේශපාලකයින් එකිනෙකාගේ පිට කසාගැසීමේ අනුපාතය අනුව පෙනෙන ඡන්ද ප්‍රතිඵලය නම්, මේ පක්ෂ ඔක්කොම දාගත්ත ඩීල් එකේ හැටියට එක්තරා ප්‍රතිශතයකට අනුව ආසන ගාන බෙදා ගන්න බව... සිනහවට කාරණය නම් සියලු දේශපාලකයෝ හිතා ඉන්නවා ජනතාවට මේක තේරෙන්නේ නැහැ කියලා. මේ බොරුව වෙනුවෙන් තමයි මහජන මුදල් කෝටි 1000ක් නහස්ති කරන්නේ...

:       15       3

banda Thursday, 02 July 2020 09:25 PM

දැන්මම හම්බ වුණානම් ඡන්දෙට බඩු බෙදන්න තිබුණා.

:       6       76

සරත් Thursday, 02 July 2020 09:34 PM

මොනවා කියනවද කියලා තේරුම් ගන්න අපහසුයි. සල්ලි ලැබුණා කියනවා, ආයේ කියනවා ගිවිසුම් ගැහැව්වට සල්ලි ලැබුනේ නෑ කියනවා. බඩු අරගෙන බිල් දෙන්න කියනවා. ඕවගේ විනිවිද භාවයත් ඔය විදිහටම වෙයිද මන්දා?

:       3       317

Nishan Thursday, 02 July 2020 11:40 PM

වෙන ආණ්ඩු කාලවල අහන්න නොලැබුණු කතා තමයි මේ පොරොන්දු වුණාට තවම දුන්නේ නෑ. බිල්පත් ඉල්ලනවා වගේ කතා. පාලකයින් ලැජ්ජා වෙන්න ඕනෑ. එයාලගේ කැරැට්ටුව හොඳ නැති නිසා තමයි මෙහෙම කොන්දේසි පිට ආධාර දීලා තියෙන්නේ. එහෙම නොවුණා නම් මේ ආධාර මහජනතාවට නොලැබී පාලකයින්ගේ පුද්ගලික ගිණුම්වලට යන්න ඉඩ තිබුණා. මේ ආණ්ඩුව බලයේ ඉන්නකන් මෙහෙම කොන්දේසි දානවා දකින්න පුලුවන් වෙයි.

:       11       135

නිමල් Thursday, 02 July 2020 11:47 PM

එ් කියන්නේ කෝටි 14000කට එහා හම්බවෙලා..

:       6       62

rashmika dahanayaka Thursday, 02 July 2020 11:58 PM

"ඒවා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ආකාරය මෙන්ම වැය කිරීමට බලාපොරොත්තු " මේ විදිහට කියන්නේ හොරු මෙතන ඉන්න එක නේද? මේ මුදල්වලට විතරක් නොවෙයි, රටේ මහජනයාගේ මුදල් විනිවිදබවින් වැයකිරීම රජයයන් සතු පරම යුතුකමකි. මේ මුදල් ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ බූදලයක් නොවෙයි.

:       2       108

appachchi Friday, 03 July 2020 01:21 AM

මේ සැරේ ඒකෙන් කීයක් සාක්කුවේ දාගන්නද කල්පනාව... සුනාමි සල්ලිවලට කළ දේ සරත් එන්. සිල්වා කිව්වේ...

:       8       223

sandeepa ranasingha Friday, 03 July 2020 01:44 AM

"කොරෝනා මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොපමණ මුදලක් ලැබුණාද?"- රනිල් ආණ්ඩුවෙන් අසයි. මෙහෙම අහන්න කොන්ද පණක් තිබුණේ එජාප නායකයෙකුට පමණි. ඇසුව නිසා කිව්වා. ඇසුවේ නැතිනම් මොන විනිවිද භාවයක්ද තියෙන්නේ? අහන්න ඉස්සෙල්ලා කියන්න කොන්දක් තියෙන්න එපැයි.

:       30       216

ලුම්බිණි Friday, 03 July 2020 02:17 AM

කොරෝනාවට මුහුණ දෙන්නත් ණය ගත්තද?

:       0       2

යසෝමා Friday, 03 July 2020 02:42 AM

මුලින්ම කිව්වා එක ඩොලර් එකක්වත් ලැබුනේ නෑ කියලා.. ඒක හින්දා 5000 දෙනා එ්ක පරක්කු වෙනවා කිව්වා. දැන් කියනවා බඩු අරගෙන බිල් දුන්නම දෙනවා කියලා. කට්ටිය හරි ගාණට බිල් දාලම භාණ්ඩ හා සේවා අරගෙන ඔය සල්ලි ටික අරගනියි.

:       0       212

eresh S kumara Friday, 03 July 2020 03:09 AM

ඉතින් දැන් තියෙන්නේ ICU ටිකක් වැඩිපුර හදන එක...

:       0       31

sharm warn Friday, 03 July 2020 03:47 AM

මෙයා දුන්නා කියනවා.. තව කෙනෙක් දුන්නේ නැහැ කියනවා.. අනේ අර රෝහිත අබේගුණවර්ධන කියන කෙනාට මේ ලිපිය කියවලාවත් ඉගෙන ගන්න කියන්න. විදේශ ආධාර දෙන්නේ කොහොමද කියලා දැනගන්න. සල්ලි දැක්කාම පෙරේතකමින් ඇස් අන්ධ කරගෙන පල්හෑලි කියවන්නේ නැතිව වගකීමෙන් කතා කරන්න. දැන් ආයෙමත් කියයිද දන්නේ නැහැකීයක්වත් ලැබුණේ නැහැ කියලා...

:       0       276

Amula Friday, 03 July 2020 03:49 AM

හොඳ හොද්ද නේද අප්පච්චි...?

:       2       343

Jaya Friday, 03 July 2020 04:34 AM

ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක්?

:       1       174

kamal Friday, 03 July 2020 05:28 AM

ඕකත් සුනාමි ගිණුමට දාන්න.

:       1       140

Buddika Friday, 03 July 2020 06:18 AM

සල්ලි කන්දරාව දකිද්දී පැණි බේරෙනවා නේද අප්පච්චි? සල්ලිවලට කොච්චර ආසද ඉස්සර ඉඳලම... රෝහිත අබේගුණවර්ධන හිතන් ඉන්නේ විදේශ ප්‍රධානයන් ණය එන්නේ මුහුදින් සහ ගුවනෙන් කියලා. මේවගේ අයද පාර්ලිමේන්තු යවන්නේ? ඡන්දෙ දෙන අය හරක්නේ...

:       1       372

Hafeel Friday, 03 July 2020 06:54 AM

අප්පච්චිට සුනාමිය මතක් වෙනවා ඇති. අනේ සුනාමි අරමුදලට වෙච්චදේ මේකට නොවේවා...!! කොහොමටත් මේක ණය... නමුත් ණය ආධාර කියලා අමුතු නමක් තියලා...

:       1       325

Prasad Friday, 03 July 2020 03:28 PM

අයියා සුනාමි.., මල්ලි කොරෝනා...

:       0       442

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 948 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 689 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1187 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1017 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1443 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


දේශබන්දු කමිටුවේ සහයට සී අයි ඩී යෙන් හතරක්
2025 අප්‍රේල් මස 27 434 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 929 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 406 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site