බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඊයේ විවෘත කෙරිණි.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ දුම්රිය ඊයේ සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බවය. ඒ අනුව සියලුම දුම්රිය මාර්ගවල දෛනිකව ධාවනය කරනු ලැබූ සියලුම දුම්රිය සේවා පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ධාවනය කිරීමට නියමිතය.
‘‘වෙච්ච දේට වඩා කරගත්ත දේ මදැයි’’ යනුවෙන් කියමනක් අපේ ජන වහරේ එයි. එයින් කියැවෙන්නේ අහඹු සිදුවීමකට සොයන ලද විසඳුමක් අහඹු සිදුවීමෙන් වූ විනාශයට වඩා වැඩි විනාශයක් අත්පත් කරගත් බවකි. අහඹු සිදුවීමෙන් පසුව එය මනා සංයමයකින් යුතුව වග විභාග කර නිවැරැදිම විසඳුම තෝරා එය ක්‍රියාත්මක කිරීමෙන් අහඹු සිදුවීමේ විනාශය අවම කරගත හැකිවනු ඇත.
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් රට තිබෙන්නේ ඉතා අනතුරුදායක තැනකය. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් අටදහසකට අාසන්නය. කොරෝනා මරණ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිවරිය ද කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ කොරෝනා අනතුර දිනෙන් දින තියුණු වෙමින් තිබෙන බවය.
කරුණු කාරණා එපරිදි වුවද මෙම තත්ත්වය හමුවේ ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් එය කොරෝනා වයිරසයටත් වඩා භයානක තත්ත්වයක් නිර්මාණය කිරීම ඒකාන්තය. රට එක අතකින් චිකාගෝවක් බවට පත්වීමත් අනෙක් අතින් විශාලා මහනුවරක් වීමත් වැළැක්විය නොහැක. එහෙයින් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙමින් කොරෝනා මාරාන්තික වයිරසයට මුහුණ දීමය. එය එතරම් අසීරු හා දුෂ්කර අභියෝගයක් ද නොවේ. බුද්ධිය අවශ්‍ය වන්නේ එයටය. රටක අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් වියදම් ලෙස නොසැලකේ. එය සැලකෙන්නේ ආයෝජනයක් ලෙසය. අධ්‍යාපනයේ වටිනාකම ගණන් බලා තිබෙන්නේ එසේය. එහෙයින් කවර දුෂ්කර තත්ත්වයක් තුළ වුවද අතිශයින්ම හිතුවක්කාර කොන්දේසිවලට යටත් වෙමින් වුවද රටේ අධ්‍යාපන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. එසේ නොවුණහොත් එහි ආදීනව අනාගත පරම්පරා කීයකට බලපානු ඇද්දැයි ගණනය කළ නොහැකි තරම්ය.
මේ වනවිට බස්නාහිර පළාතෙත් රටේ හුදකලා කෙරුණු ගම්මානවල පිහිටි පාසල් හැර සෙසු පළාත්වල පාසල් විවෘතව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල පාසල් පෙබරවාරි 15 වැනිදා වනවිට විවෘත කළ හැකි බවය. අප රටක් වශයෙන් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළ යුතු වන්නේ එසේය.
නිවෙසේ දී තම දරුවා නිසි පරිදි රැකබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමය. පාසලේ ගේට්ටුවෙන් ඇතුළුවන දරුවා නිසි පරිදි රැකබලා ගැනීම ගුරුවරයාගේ වගකීමය. ගුරුවරයා එය මෙතෙක් ඉටු නොකරණ ලද වගකීමක් ද නොවේ. එහෙත් මෙවර එහි වෙනසක් තිබේ. ඒ මාරාන්තික වයිරසයක් ඉදිරිපිට දරුවා රැක බලා ගැනීමය. දරුවාට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දී අනතුරෙහි බරපතළකම නිවැරැදිව වටහා දී සෞඛ්‍යාරක්ෂිත වටපිටාවකට දරුවා යොමු කිරීමේ හැකියාව ගුරුවරයා සතුව වේ. අවශ්‍යවන්නේ එම හැකියාව උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරීමය. එය එසේ වුවහොත් ‘‘රණ විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘සුව විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘ගුරු විරුවා ද’’ බිහිවනු ඇත.
සියවසකින් පමණ පසුව පැමිණි මාරක වසංගතය හමුවේ පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබෙන්නේ අපගේ හැකියාවය. අපගේ ධාරිතාවය. දුෂ්කර මොහොතක දී අප ක්‍රියාත්මක වන ආකාරය කෙසේද? යන්නය. එහෙයින් එළැඹ ඇත්තේ අතපය හකුලාගෙන උකටලීව පසුවන මොහොත නොව අභියෝගයට අභියෝග කිරීමේ මොහොතය. මෙහිදී අප සාර්ථක වන්නේ නම් මුළු ජීවිත කාලය පුරාවටම අපට වඩාත් ජයග්‍රාහී ලෙස ජීවත් වීමේ හැකියාව අත්වීම නියතය. නිසැකය. ඒකාන්තය.
(***)
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා උවදුර අබියස අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයාම