IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


කොරෝනා එන්නතෙන් 1000 ක ගරානාවක්

(බී.ජානක)

කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු අද (6) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.


මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය සහායකයෙකු එන්නත ලබාගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්  රුපියල් 1000 බැගින් අය කරගෙන එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි මරදාන පොලිසිය කියයි.

මොහු මෙම ජාවාරම  එන්නත් ලබාදීම ආරම්භ කල  මුල් වකවානුවේ සිටම සිදුකරගෙන ගොස් ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරින් විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මෙම  ජාවාරම වැටලීම අද (06) බස්නාහිර  පළාත් බුද්ධි කොට්ඨාශයේ තොරතුරු මත මරදාන පොලිස් ස්ථානාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් සැකකරු මුදල් ලබා ගන්නා අවස්ථාවේදි  මරදාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

අත් අඩංගුවට පත් වන අවස්ථාවේදී මෙම සැකකරු සන්තකයේ තිබී එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් ලබා ගන්නා ලද  රුපියල් 20000ක පමණ  මුදලක් තිබී හමුවී ඇත



අදහස් (7)

කොරෝනා එන්නතෙන් 1000 ක ගරානාවක්

Aziz Saturday, 06 March 2021 04:14 PM

පුදුම වෙන්න දෙයක් නැහැ.

:       0       0

Raveendra Sunday, 07 March 2021 02:04 AM

මෙම "නිවට පාහරයාට" නමක් නොමැතිද? නම කාර්යාල කාර්ය සහායකද? මෙය තනියම කළ නොහැක.. අභ්‍යන්තරයෙන් තවත් නිවටයන් මෙයට දායකත්වය සපයනවා විය හැකියි.

:       0       0

SL Sunday, 07 March 2021 02:21 AM

කරුණාකර නම් ගම් ඡායාරූප ප්‍රසිද්ධ කරන්න. මේ රාජ්‍ය සේවකයින්ගේ පඩි නඩි ගෙවන්නේ ඔවුන්ගෙන් කෙරෙන්න ඕනේ සේවයට. එය අමතක කර මෙවැනි අයගේ දරුවන්ට කවන්න, උගන්වන්න මහජනයාගෙන් කප්පම් ඉල්ලීම්වලට සාධාරණ දඬුවම් ලැබිය යුතුයි.

:       0       0

රට වැසියා Sunday, 07 March 2021 06:34 AM

කොරෝනා රේස් එකෙනුත් අපි පරාදයි! - රටක්, ජාතියක් විදියට අපි ෆේල් නේද? - අනිත් රටවල් දිහා බලලාවත් අපි හැදෙමුද?

:       0       0

Prase Sunday, 07 March 2021 07:23 AM

සෞඛ්‍ය ඇමැතිට කොන්දක් තිබේ නම් ජොබ් එකෙන් අයින් කරලා, ජොබ් එකක් නැති හොඳ මනුස්සයෙක් දාන්න. කාලය නාස්ති නොකර...

:       0       0

Rata Perata Sunday, 07 March 2021 08:37 AM

කොරෝනාවෙන් ගරන එක රටේ මහ එකාගේ ඉඳලා තියෙනවා. හැමදාම ඉතින් ලොක්කෝ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. පොඩි එකෙක් අල්ලගෙන මහා ප්‍රසිද්ධියක් දෙනවා. කොවිඩ් අරමුදල් කියලා සල්ලි එකතු කළා බිලියන ගාණක්... ඒක ගැන දැන් කතාවක් වත් නැහැ. ඒත් බෙහෙත් පිටරටවල්වලින් පිනට දෙනකම් ඉන්නවා. මේ වගේ අසාර්ථක පාලනයක් කවදාවත්ම තිබුණේ නැහැ.

:       0       0

sampath Monday, 08 March 2021 04:18 PM

විජයගේ පරම්පරාවේ ලොකු, පොඩි, සැම එකම විදිහයි... ජාන කියන ඒවා හරිම පුදුමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දු කමිටුවේ සහයට සී අයි ඩී යෙන් හතරක්
2025 අප්‍රේල් මස 27 8 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ය


ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ
2025 අප්‍රේල් මස 27 294 0

භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි


‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘
2025 අප්‍රේල් මස 27 610 7

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම


විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 560 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 1121 5

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි
2025 අප්‍රේල් මස 27 1446 1

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 916 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 400 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 557 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site