(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය මේ දක්වා වැය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
රජය මේ දක්වා මිලදී ගෙන ඇති එන්නත් ප්‍රමාණය අසූ හත් ලක්ෂ අනූ පන් දහස් අට සිය තිහකි.
මෙයට අමතරව එන්නත් තිස් තුන් ලක්ෂ හැට හතර දහස් එක සියයක් මෙරටට ප්‍රදාන වශයෙන් ලැබී ඇත .
මේ අනුව මෙරටට මේ දක්වා ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය එක්කෝටි විසි එක් ලක්ෂ පනස් නව දහසකි .
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනූ එකක්ද මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක්ද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දහසක්ද ස්පුට්නික් එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූදහසක්ද ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පහළොස් දහස් අටසිය තිහක්ද මෙරටට මේ දක්වා ලැබී ඇතැයිද ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහ
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇ
සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරුන් දෙදෙනකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයට අද (25) පැමිණ බුවනෝස් අයර්ස් හි අගරදගුරු සහ ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා එන්නත්වලට මුදල් වැයවුණේ මෙහෙමයි
Narada Monday, 26 July 2021 12:35 PM
ඔබගේ දුෂ්කර කර්තව්‍යයට ස්තුතියි.. ගොඩාක් දෙනා එය අගයකොට සලකන්නේ නැහැ.
සෙනවිMonday, 26 July 2021 01:25 PM
ඔබ කියන දුෂ්කර කාර්ය කුමක්ද? ජයසුමන මහතා කියන දේ අදහන්න පුළුවන්ද? දැන් කියනවා ඔලිම්පික් නිසා ජපානයෙන් ගේන එන්නත් තොගය පමා වෙනවලු. ජපානයට ඔලිම්පික් ආවේ අද ඊයේද?. වරක් ඔහු පැණියක් ගැන කතා කළා. හිතනවද අපි මෝඩයෝ කියලා...
Don perera Monday, 26 July 2021 01:52 PM
මේ අය කියන ඕනෙම දෙයක් පිළිගන්න ජාතියක්... මෝඩ රැළක්...
DonTuesday, 27 July 2021 01:53 AM
විවිධ ජාතිවලින් මිනිස්සුන්ට ගහද්දී ලොකු අසාධාරණයක් වෙනවා.
Asanga Monday, 26 July 2021 01:59 PM
රටේ බොහෝ කුහකයින් මේවා අගයන්නේ නැහැ. ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි අගය කළ යුතු දේ අගය කළ යුතුයි. පාට, පක්ෂ, නොබලා...
බමුණු.Monday, 26 July 2021 03:13 PM
මේ අය කියන්නේ අගයන්න පුළුවන් දේවල්ද? වාරකන් කාලෙට කැස්බෑවන් ඇවිත් ගල්පර වල වැදී මැරෙනවා කිව්වේ මෙයානේ... ඉතින් කොහොමද අගයන්නේ? කොහොමද කියන ඒවා විශ්වාස කරන්නේ. අසංගලා වගේ අය ඔය කතා විශ්වාස කරන්න. ඒකට කමක් නැහැ. ඒත්, මෝඩකමට අනිත් අයට බනින්න එපා....
Malika Monday, 26 July 2021 02:44 PM
මේ අයගේ වැඩවලට විරුද්ධ මත ප්‍රකාශ කළ පමණින් කුහකයින් කියා සලකන්න එපා. මෙයාලගේ නාට්‍ය දර්ශන, බොරුවලට රැවටිලා දැන් එපාම වෙලා ඉන්නේ. මම ඇතුලු තව බොහෝ අය ඇස්ට්‍රාසෙනිකා එන්නත් එනකම් දැන් මාස 5ක් බලන් හිටියා. හැමදාම කියනවා අද ආවලු, හෙට එනවලු. ඒත් ආපු දෙයක් නම් තාම නෑ. දැන් අපිට ගහපු එන්නතේ බල බිඳිලා නම් මොකද වෙන්නේ...? මේවාට කව්ද උත්තර දෙන්නේ...? කතා කරන අය දේශද්‍රෝහි කියලා හංවඩු ගහන්න එපා. ඒ අයගේ පැත්තෙනුත් හිතා බලන්න. බොරුවෙන් හැමදාම හැමෝම රවටන්න බැහැ.
ගමේ එකාලා Monday, 26 July 2021 03:11 PM
මොන දේශපාලුවන් ද හරියට ඇත්තක් කියන්නේ..? බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවපු එකමනේ කෙරුවේ... අන්තිමට අපි රැවටුණු එකයි සිද්ද වුනේ...