මාර්තු මැද හා අප්‍රේල් මාසවලදී ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ කොරෝනා මර්ධන එන්නත් ලක්‍ෂ 15 ඉතිරි කොටස පොරොන්දු වූ වකවානුව ඇතුළත ශ්‍රී ලංකාවට නොලැබෙන බව වාර්තා වේ. තම සමාගමට අලුතෙන් ලැබී තිබෙන ඉල්ලීම් සහ සිය කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න මෙම එන්නත් ප්‍රමාදයට හේතුව බව ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම කියයි.
එන්නත් නිෂ්පාදන සැලසුම්වලට “බාධාවක්” ඇති බවත්, තම කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න, ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ එන්නත් තොගය “නුදුරු අනාගතයේ දීම” සැපයීමේ හැකියාව කෙරෙහි බලපාන බවත් සීරම් ආයතනය කියා සිටී. සීරම් ආයතනය විසින් මාර්තු 3 වන දින රාජ්‍ය ඖෂධ සංස්ථාවට හදිසියේම එවන ලද ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.
මෙම ලිපිය සන්ඩේ ටයිම්ස් මාධ්‍යවේදිනියක විසින් දක්නා ලදි.
කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා එන්නත් කරනු ලබන ‘ඇස්ට්‍රා-සෙනාකා’ එන්නතේ මාත්‍රා මිලියන 1.5 ක් සඳහා ඇමරිකානු ඩොලර් 5.25 ක් ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් ගෙවා තිබේ. ඉන් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රජා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා පෙබරවාරි අවසාන සතියේ දී ලබා ගන්නා ලදී.
ඉතිරි මාත්‍රා මිලියනය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාවේ සීරම් ආයතනය අපේක්‍ෂාවෙන් පසුවිය.
කෙසේ වෙතත්, සීරම් ආයතනය පවසා ඇත්තේ එන්නත සැපයීමේ තත්ත්වය පිළිබඳ “යාවත්කාලීන කිරීමක්” හෙවත් නැවත දැනුම්දීමක් කෙරෙන්නේ අප්‍රේල් මාසයේ මැද භාගයේදී බවයි. විකල්පයක් වශයෙන් මෙම ගිවිසුම අවලංගු කිරීම හෝ ගෙවා ඇති අත්තිකාරම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් සඳහා සහාය පළකිරීමටද සීරම් ආයතනය එකඟ වී තිබේ.
සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සී. පූනාවල්ල මහතා විසින් අත්සන් කරන ලද මෙම ලිපිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත එවා තිබේ.
“කොවිඩ් වයිරසයට එරෙහිව ලෝකයම සටන් වැදී සිටින මොහොතක, ඊට සහයෝගය දැක්වීම සඳහා, ඉන්දියානු සීරම් ආයතනය තවත් ගිවිසුම් ගණනාවට එළඹ සිටී. එම අතිරේක සැපයුම් සහ බැඳීම් සපුරාලීම සඳහා අපි අපගේ නිෂ්පාදන පහසුකම් පුළුල් කිරීම ආරම්භ කළෙමු. එහෙත් කණගාටුවට කරුණක් නම්, අපගේ එක් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් අපගේ මාසික නිෂ්පාදන නිමැවුම පුළුල් කිරීමට බාධා ඇතිවීමයි.”
“මෙම තත්වයන් යටතේ අපේක්ෂිත මාසවලදී ඔබට සැපයීමට සහතික වූ එන්නත් තොගය සැපයිය නොහැක.”
“එබැවින් ප්‍රමාද වී එන්නත් සැපයීම (ඒ සඳහා තවමත් කාලසටහනක් නොදනී) හෝ ඇණවුම අවලංගු කිරීම සහ අත්තිකාරම් මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් සීරම් ආයතනය ශ්‍රී ලංකාවෙන් මග පෙන්වීමක් ඉල්ලා සිටී” යයිද එම ලිපියේ සටහන් වෙයි.
සීරම් ආයතනයෙන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 10 ක් පමණ ඇණවුම් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුව සිටියේය.
ඉන්දියාවේ සීරම් ආයතනයෙන් යටකී ලිපිය එවන ලද්දේ බදාදාය. බ්‍රහස්පතින්දා සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී පූනාවල්ල මහතා සහ ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන එන්නත් කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ලලිත් වීරතුංග මහතා අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක නිරත වූහ.
කොරෝනා මර්දන එන්නත්වල හිඟය සම්බන්ධයෙන් ලලිත් වීරතුංග මහතා විසින් මතුකරන කාරණා සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණ.
සාකච්ඡාවේ අරමුණ වූයේ දකුණු ආසියාවේ සියලුම ජනතාවට වඩාත් සාධාරණ, පුළුල් සහ වේගවත් ආකාරයෙන් එන්නත ලබාගන්නේ කෙසේද යන්නයි.
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා එන්නතේ ඉතිරි කොටස ඉක්මනින් දෙන්න බෑ කියයි
සඳුන් Sunday, 07 March 2021 10:41 AM
මේ එන්නත සඳහා විශාල ඉල්ලුමක් යුරෝපයේ පවතිනවා. මිලියන 100ක ඇණවුමක් එක්සත් රාජධානිය විසින් සීරම් ආයතනයට ඉදිරිපත් කර ඇති අතර දැනටමත් මිලියන 10ක් එහි යැවීමට සූදානම් කොට ඇතිබව විදෙස් වාර්තාවල තිබෙනවා. මෙවන් විශාල ඇනවුම් කොවැක්ස් පහසුකම අනුව අඩු ආදායම් රටවලට ලැබීමට නියමිත එන්නත් වලට විශාල බලපෑමක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිඅරගෙන තිබෙනවා. ඔන්න මානව හිමිකම් ගැන මේ දවස්වල පාරම් බාන එක්සත් රාජධානිය ලෝකය ඉදිරියේ හැසිරෙන විදිය...
amara Sunday, 07 March 2021 11:19 AM
දැන් දණගහපල්ලකෝ මෝදිට...!!!
සාටකය Sunday, 07 March 2021 11:29 AM
නැගෙනහිර දෙන්නම්. ඕක ඉක්මනට දෙන්න.
Dhammika Sunday, 07 March 2021 11:36 AM
ලාබෙට ඉන්දියාවෙන් ගෙනැල්ලා වැඩේ ශේප් කරගන්න හිටියේ.. මේකෙන් කීයක් ගැහුවද දන්නේ නැහැ.. අපේ ආත්මාර්ථකාමී නායකයෝ.. හොඳ වැඩේ. දැන් ඉතින් බාගෙට බේත් විදලා රටේ මිනිස්සු මරාගෙන කාපල්ලා.
Rasika Sunday, 07 March 2021 01:33 PM
ඉන්දියාව කිසි විටකත් විශ්වාස කරන්න බැහැ.
ලලිතා Sunday, 07 March 2021 01:38 PM
ඉතින් රටටම දෙන්න මදි නිසා ඊයේ පෙරේදා ආ එන්නත් ප්‍රමාණයෙන් දිවයිනේ ප්‍රභූවරුන්ට දෙවන වටය විදියිද දන්නේ නැහැ.
sampath Sunday, 07 March 2021 04:29 PM
අපිව අමාරුවේ දැම්මා වත්ද?
Ratne Sunday, 07 March 2021 05:12 PM
කිසිදු ගැටළුවක් නැත, අපට ධම්මික පැනිය වැක්සීන් 2 වන මාත්‍රාව ලෙස භාවිතා කළ හැකිය.
Perera Sunday, 07 March 2021 09:18 PM
ඕක කෙටියෙන් කියනවානම් අනිවාර්යෙන් එන්නත් කල යුතු දෙවැනි මාත්‍රාව ලබාදෙන්න විදිහක් නැහැ කියන එකයි.
nalin Monday, 08 March 2021 03:45 AM
එහෙනම් ඉතින් හෙට ඉඳලා රාජපක්ෂ මාධ්‍ය වල කියයි එන්නත එකඑක සන්කූලතා තියෙනවා කියලා.. මොකද එන්නත ඔය කියන ඉක්මනට දෙන්න බෑ කියනවනේ...
dhamneth Monday, 08 March 2021 05:22 AM
ඔය කියන ගින්න හටගත්තේ අපි එන්නත් ඉල්ලීමට පෙරයි.
kumar (Gulf) Monday, 08 March 2021 05:41 PM
ලෝකේ බොහෝ රටවල පාවිච්චි කරන වඩා ආරක්ෂාකාරී චීන එන්නත ගන්නේ නැත්තේ ඇයි?
එරා Tuesday, 09 March 2021 06:05 AM
රාජපක්ෂ රජයේ දුර්වල විදේශ සබඳතාවයන් නිසා රටට වන අභාග්‍යය...