IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොරෝනා තොරතුරු වසංකළොත් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 

කෝවිඩ්-19  වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු  සඟවන   පුද්ගලයන්  අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා කීය.
 
සෞඛ්‍ය බලධාරීන්, පොලිස් නිලධාරීන්  මේ සම්බන්ධයෙන්  සේවක සේවිකාවන්, ආයතන ඇතැම් ප්‍රධානීන් හමුවීමට ගිය අවස්ථාවේ ඔවුන් තොරතුරු ලබාදීමට  මැලිකමක් දක්වන බවට තොරතුරු වාර්තා වී ඇති බවද   නියෝජ්‍ය පොලිස්පති   අජිත් රෝහණ මහතා පැවසීය.
 
මොවුන් සම්බන්ධයෙන් නීරෝධායන හා අපරාධ නීතිය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද  අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 
මේ සම්බන්ධයෙන්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  කර්මාන්ත ශාලාවේ  හෝ, එයට අනුබද්ධ ආයතනවල හෝ, නිවෙස්වල   ගිය අවස්ථාවල දී කිසියම් කෙනෙක්  යම් කරුණක් සඟවන්න උත්සහ ගන්නේ නම් එය නීතියෙන් වරදක් බවත්, මෙවැනි ක්‍රියා තුලින් මෙම අවදානම් තත්ත්වයෙන්  මිදීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
 
මෙම කර්මාන්ත ශාලාවල කැස්ස, උණ වැළදී සිටි පිරිස, නිවෙස්වලට ගිය පිරිස, නිවෙල්වල සිට පැමිණි පිරිස, සමීපව ගැවසුන පිරිස ආදී මෙම සියලු තොරතුරු  සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.
 
එවැනි තොරතුරු වසන් කර  විමර්ශනයේ   එම කරුණු හෙළි වුවහොත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා  සදහන් කළේය.
 
කිසිම දෙයක් නොසඟවා සෞඛ්‍ය බලධාරීන්ට  දැනුම්  දෙන ලෙසත්, මේ සදහා සෞඛ්‍ය  බලධාරීන්ට හා  පොලිසියට සියලු තොරතුරු ලබා දෙන ලෙසට  ඉල්ලා සිටින බවත්, එය ජාතික වගකීමක් බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

 



අදහස් (3)

කොරෝනා තොරතුරු වසංකළොත් අත්අඩංගුවට

de silva Monday, 05 October 2020 10:17 AM

මිනිස්සුන්ට තර්ජනය කළොත් මිනිස්සු බියවී සැඟවෙනවා. පරීක්ෂණ වැඩි කරන්න.

:       2       14

වීරවිජේ Monday, 05 October 2020 11:31 AM

ඇමතිවරයෙක් කරාට දඬුවම් නැද්ද? එතුමෙක් කළොත් ආණ්ඩුවට අරං උසස් වීමක් හම්බවෙනවද?

:       3       9

de silva Monday, 05 October 2020 07:37 PM

වැරදිලාවත් හෙට අනිද්දා තොණ්ඩමන් ඇමැතිගේ ළඟ නෑයෙක්ගේ අවමගුලකදී බලාගන්න පුළුවන් කොරෝනා නීති රකින හැටි. අජිත් රෝහණ මහත්තයෝ, පොදු ජනතාව මේ නීති උපරිමයෙන් ආරක්ෂා කරනවා. නීති කඩන්නේ දේශපාලකයන් සහ ලොකු නිලධාරියෝ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1289 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2103 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4593 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 798 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1786 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 1059 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23974 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site