IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේන සේවකයන්ගෙන්

දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම සඳහා ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය යළි ඇතුළු වූයේ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි යුක්රේන ගුවන්සේවයේ ගුවන් යානා කාර්යමණ්ඩලයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවසූයේ මෙම කණ්ඩායම සීදුව ආසන්නයේ හෝටලයක පසුගිය සැප්තැම්බර් මාසය මුලදී නවාතැන් ගෙන සිටි බවයි.

ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා එසේ පැවසීය.

''නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසගෙන් හෝ වයිරසය ඇති බව හඳුනානොගත් පිරිසගේ පැමිණීම නිසා කොරෝනා වයිරසයේ දෙවනි රැල්ල යළිත් රටට පැමිණියා වෙන්න පුලුවන්. නමුත් දැනට තහවුරු වන කරුණු අනුව වඩාත් පිළිගන්න පුලුවන් වන්නේ යුක්රේන ගුවන් සේවයට අයත් යානා කාර්යමණ්ඩලයෙන් වයිරසය පැමිණි බවයි'

යුක්රේන ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ 11දෙනෙක් ඉකුත් සැප්තැම්බර් 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ව සීදුව හෝටලයක නිරෝධායනය කෙරිණි. ඔවුන් නික්මයාමට පෙර හෝටල් පරිශ්‍රයෙහි සමුගැනීමේ සාදයක් පැවති අතර, ඊට බාහිර පුද්ගලයන් ද සහභාගී වූ බව වාර්තා වී තිබේ.

මෙම කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සැප්තැම්බර් 13වැනි දින තහවුරු විය. ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි. පසුව එම හෝටලයේ සේවකයන් 5දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැණිනි.

-6844



අදහස් (16)

කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේන සේවකයන්ගෙන්

පුරවැසියා Thursday, 07 January 2021 03:27 PM

සර් මේක රත්තරන් ආකාරයක්... දැන් මේ දෙවැනි රැල්ලෙන් කී දෙනෙක් හම්බ කරගන්නවද? ඒ මදිවට අළුත් වයිරස් ප්‍රභේද සහිත තුන්වන රැල්ලේ ජෛව සාම්පල මේ දවස්වල යුක්රේනයෙන් ආනයනය කරනවා.

:       3       87

බණ්ඩාර Thursday, 07 January 2021 06:07 PM

දෙවන රැල්ලේ පළමු රෝගියා ලෙස වාර්තා වෙන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සුපර්වයිසර්වරියක්... එතකොට එයට ගියේ කොහොමද? මට හිතෙන්නේ මේ දොස්තරට නියෝග ලැබිලා තියෙනවා බ්‍රැන්ඩික්ස් එක ෂේප් කරන්න.

:       0       0

Padmapriya Thursday, 07 January 2021 06:53 PM

කොහොම වුණත් ලංකාවට කොරෝනා ගෙන්නගෙන හැමෝටම බෙදලා දුන්නයි. ජයවේවා..!!! මෙහෙමත් මෝඩ රැළක්...

:       0       0

chandima Thursday, 07 January 2021 07:53 PM

මේ විශේෂඥයෝ චීනයට යැව්වා නම් මුලින්ම කොරෝනා ආපු තැනත් කියනවා. මාරයි, පුරාවිද්‍යාඥයෝ වගේ... ඒත් අපේ කරුමෙට ලෙඩේට බේතක් හොයාගන්න මෙලෝ උනන්දුවක් නැහැ. විශේෂඥ විභාගය පාස්වෙලා තියෙන්නේ ලෙඩේ ආපු තැන හොයන්න මිසක් ලෙඩේට බෙහෙත් කරන්න නොවේ වෙන්න ඇති. අධ්‍යක්ෂක කෙනෙක්නේ...

:       0       0

pwsenev Thursday, 07 January 2021 08:07 PM

අහා ! ඒකයි මේ ඒ ගොල්ලොම ගෙන්නන්නේ? දැනුයි මට තේරුම් ගියේ..

:       0       0

ravin Thursday, 07 January 2021 10:15 PM

බොරු කතන්දර හදන්නෙපා ඩොක්ටර්. දෙවන රැල්ල ඇතිකළේ බ්‍රැන්ඩික්ස් කාරයින්. එ්ත් ආණ්ඩුව ඒක හැංගුවා.

:       0       0

naagahananda Friday, 08 January 2021 12:46 AM

එහෙම යුක්රේනයෙන් කියලා දන්නවානම් මොකටද තව යුක්රේනයේ අයව මෙහෙට ගෙන්නලා සැප දීලා යවන්නේ මේ දවස්වල?

:       0       0

ranjith Friday, 08 January 2021 12:52 AM

මේකට මූලික වුණේ කවුද? මිනුවන්ගොඩ රැල්ල තවම හෙව්වේ නැහැ.

:       0       0

Dewa Friday, 08 January 2021 01:43 AM

සර්ලා මේවා ගැන දැනගෙන නේද ඕවා කියන්නේ..? කට්ටිය ගේන්න දීලා තියෙන්නේ..

:       0       0

rocky Friday, 08 January 2021 01:46 AM

හි හි..!!! යුක්රේන් එක්ක ජාවාරම් කරන ජාති හිතෛෂී පින්වතුන්ගේ වාසනා උදාව!!! ඕවාට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ.

:       0       0

sharm warn Friday, 08 January 2021 03:45 AM

හරිම අපූරුයි.. අවුලක් නැහැ. විද්‍යාගාර මීයන් සඳහා යොදාගැනීමට 68 ලක්ෂයක් හරක් ඉන්න නිසා හොඳ නියැදියක් තිබෙනවා. පරීක්ෂණ ප්‍රතිඵල තමයි අපිත් බලාගෙන ඉන්නේ. අර බැසිල් ලොක්කා කිව්වනේ කොහොමද බෝ වෙන්නේ කියලා?

:       0       0

ana Friday, 08 January 2021 06:12 AM

යුරේකා... යුරේකා... යුරේකා...

:       0       2

wicky Friday, 08 January 2021 06:19 AM

බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග සහ නිමල් ලාංසා කියන විදිහට සංචාරකයින්ගෙන් අපට බෝ වෙනවද කියලා අත්හදා බැලීමක්නේ කරන්නේ.

:       0       2

Nuwan Friday, 08 January 2021 07:44 AM

ඒකනේ විද්වත් මණ්ඩල වල අනුමැති සහ සර්ගේ විද්‍යානුකූල චින්තන ශක්තිය නිසා තුන්වන රැල්ල හොයාගන්න ලේසි වෙන්න යුක්රේනයෙන් කෙලින්ම ගෙවන්නේ තමුන්ගේ ඩිල් යාළුවට කියලා...

:       0       7

Rata Perata Friday, 08 January 2021 07:48 AM

නන්දසේනගේ ටිකිරි මොලේ තමයි මොලේ.. ආදාහන, භූමදාන සද්ද අස්සේ පැණි බෙදනවා. වයිරස් ආනයනය කරනවා. සීනිවලින් බිලියන ගණන් ගහනවා. බාර් ලයිසන් 5ක් දෙනවා. අපේ උරුමයන් විනාශ කරනවා. කැලෑ කපනවා. රාජපක්ෂ පවුලට සෞභාග්‍යෙය් දැක්ම නියමෙට වැඩ කරනවා.

:       0       7

qatar sita Sunday, 10 January 2021 08:54 AM

මේවා දැන දැනද අර රොතු පිටින් ලංකාවට ගෙන්න ගන්නේ යුක්රේන්වලින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 618 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1529 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 753 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 679 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 990 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 482 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site